Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ

Richard Dawkins, Evolution, Biology and Religion|පරිණාමය, ජීව විද්‍යාව සහ ආගම

තට්ටෙ රහස සොයා ගැනෙයි!

Posted by dawkinssdodo මත මාර්තු 22, 2012




වයස 70 වෙන්නට පෙර පිරිමින්ගෙන් 80% කගේ කොණ්ඩය හැලී තට්ටය පෑදෙයි. පෙන්සිල්වේනියා සරසවියේ පර්යේෂකයන් පිරිසක් Microarray තාක්ෂණය මගින් තට්ටය පෑදෙන සමේ ජාන ප්‍රකාශනය (Gene Expression) හැදැරීමෙන් තට්ටය පාදන්නට මූලික වන ජානයක් (Prostaglandin D2 synthase, PTGDS) සොයාගන්නටත් එහි mRNA සහ ප්‍රෝටීන (PGD2) මට්ටම් ඉතා ඉහළ අගයකින් තට්ටය පෑදෙන සමේ තිබෙන බව පෙන්වා දෙන්නටත් සමත් විය. Science සඟරාවේ පළවු මේ පර්යේෂණ පත්‍රිකාවේ වැඩිදුරටත් කරුණු දක්වමින් ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම ජානය අක්තිරික්තයක් ලෙස ප්‍රකාශනය වන (over expression) මීයන්ගේ ලොම් සියල්ල හැලී යන බවයි. “මෙම ප්‍රෝටීනය රෝම කූපයේ ඇති සංඥා- ග්‍රාහකයකට (signaling receptor) බැඳීමෙන් රෝම/ කෙස් වර්ධනය නිෂේධනය කරනවා” මහාචාර්ය කොට්සාරෙලිස් පවසයි. රෝම කූප වර්ධනය සම්බන්ධ අණුක ජීව – සංඥා පත (Signal transduction/ Molecular signaling) ඉලක්ක කරගත් ඖෂධ දැනටමත් නිපදවීම ආරම්භ කර තිබේ.

Science සහ BBC ඇසුරිනි.

14 Responses to “තට්ටෙ රහස සොයා ගැනෙයි!”

  1. තනි අලියා said

    තට්ටෙත් molbio වලට යටයි! 😀
    කඅහෙද මෙච්චරකල් ගිහිං හිටියෙ??????????

  2. hare :-) said

    එහෙනං තට්ටයන්ට හොඳ කලක් යයි තව කාලෙකින් 🙂

  3. arunishapiro said

    තට්ටය පෑදෙන නිසා බෙහෙත් කරන්නට ගිහින් දුන් බෙහෙත් නිසා වෙනත් හිසේ අමාරු ඇති වූ අය ලංකාවේ ද ඉන්නවා. පොඩ්ඩක් පරිස්සමෙන්.

    ජානුගත ව නැතිව අකාලෙට කොණ්ඩෙ හැලෙනවා නම් ආතතිය හසුරුවාගන්න වෙනත් අභ්‍යාසයක යෙදෙනවා මිසක බෙහෙත් වලට ඉක්මණින් බහින්න හොඳ නැහැ.

  4. abeetha said

    කෝ මේ කතන්දර…. 😀

  5. පූසා said

    මගේ ලොම් හැලෙන කාලේ වෙනකොට ඔය ක්‍රීම් එක මාකට් එකට ඇවිත් තියෙයි! 😀

  6. ka2e said

    මොන පිස්සුද………….? තට්ටේ පෑදෙන්නේ වැඩිපුර මොලේ පාවිච්චි කරනකොට. ඒකනේ මගේ මෙච්චර තට්ටේ

  7. Ra said

    ඔය ප්‍රතිකාර වලට පුළුවන්ද අල්ලේ කෙස් පැල කරන්න? 🙂

ප්‍රතිචාරයක් ලබාදෙන්න