Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ

Richard Dawkins, Evolution, Biology and Religion|පරිණාමය, ජීව විද්‍යාව සහ ආගම

Archive for මැයි, 2009

කෙන් මිලර්, සුපිරි නිර්මාපකයා සහ ඩෝවර් පාසැල

Posted by dawkinssdodo මත මැයි 8, 2009


පෘතුවිය මත අප දකින ජීවය පරිණාමයේ ප්‍රතිපලයක් පමණක් නොව සුපිරි බුද්ධියක හෝ සුපිරි නිර්මාපකයෙක්ගේ (Intelligent Designer) බවට මතයක් ගොඩනැගෙනවා ඇමරිකාවේ (1990-2005). මේ මතයට එකඟ වන උගත් ජීව විද්‍යාඥයින් පිරිසක් ඉතාම තාර්කික සහ විද්‍යාත්මක යැයි හැගෙන පසු බිමක් තුල මේ මතය තව තවත් වර්ධනය කරනවා ජීව විද්‍යාත්මක අර්තකතන දෙමින්. මේ සදහා බරපැන දරන්නේ ඩිස්කවරි ඉන්ස්ටිටියුට් (Discovery Institute) නම් ක්‍රිස්තියානි ආයතනයක්. of pandas and people, darwins black box මේ සම්බන්ද්යෙන් නුකුත් වූ පොත් කිහිපයක්.

Irreducible complexity – පරිපූර්න සංකීර්ණත්වය (වඩා හොඳ සිංහල යෙදුමක් අවශ්‍යයි ) මේ “මැවුම් විද්‍යා” කඳවුරෙන් ඉදිරිපත්කල එක් අභියෝගාත්මක මතයක්. මයිකල් බිහිගේ පුරෝගාමීත්වයෙන් ඉදිරිපත් වූ මේ මතයෙන් කියවෙන්නේ ” අත්‍යාවශ්‍ය ඒකක කීපයක් එක් වීමෙන් ගොඩනැගුන සංකීර්ණ ජීව විද්‍යාත්මක පද්දතියක් එහි උප කොටස් එකක් හෝ ඉවත් කල විට එහි නියම ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය කිරීමට අපොහොසත් බව” යි. බිහි මෙහිදී උදහරනයක් ලෙස යොදා ගන්නව මී කතුර. මී කතුරෙ එක් උප කොටසක් ගැලවුවහොත් එය වැඩ කරන්නේ නැහැ. ඒවගේම ස්වභාවික වරණයෙන් ජීවින් පරිනාමය වන්නට විදිහක් නැහැ, ඇයි? ජීව විද්‍යාත්මක පද්දතියක් පරිණාමය වන්නට බැහැ. එය එහි කාර්යය නියමාකාරයෙන් ඉටුකරන්නේ සියලු උපකොටස් ඇති විට පමණක් නිසා, පරිණාම ක්‍රියාවලියේ එන අතරමැදි අවස්තාවලට පැවැත්මක් නැහැ.

නමුත් මෙහි මුලික තර්කයම වැරදියි. මේ මතයෙන් අනුමානය කෙරෙන්නේ ජීවී පද්දතියක “අත්‍යාවශ්‍ය” යැයි කියන කොටස් සෑම අවස්තාවකමටම පරිනාමීය කාලය පුරාවටම අත්‍යාවශ්‍ය බවයි.මේක ඇත්තක් නම්, අනුක්‍රමික වශයෙන් කොටස් පරිනාමිකව “දියුනු”(වෙනස්)වෙන්න බැහැ තමයි. නමුත් පරිණාමයේදි පෙරහනක් ලෙස ක්‍රියා කරන්නේ පරිසරයයි. වෙනස්වන තත්ව අනුව අවශ්‍යතා වෙනස් වෙනව. එතනදී නව අවශ්‍යතාවන්ට හොඳින්ම අනුවර්තන තිබෙන ජීවියා / පද්දතිය වඩා වාසි දායක තැනක ඉන්නව තම ජාන ඊලඟ පරම්පරාවට ගෙනයන්න.

මේ නිසාම මේ මැවුම්වාදී මතය නිර්-ආගමික විද්‍යාඥයින්ගේ සහ පලමු පංතියේ විද්‍යා සංගම් කිහිපයකගේ විහිලුවට ලක්වෙනව “මැවුම් විද්‍යාව” (Creation science ) හෝ “සාවද්‍ය විද්‍යාව” (Pseudo science) ලෙස.

මේ අතර ඩෝවර් හි පැසැල් අධිකාරිය මේ සුපිරි නිර්මාපකය ගැන විද්‍යා විෂයක් ලෙස උගන්වන්නට තීරනය කරනවා පරිණාමයට විකල්ප මතවාදයක් ලෙස. සිසුන්ගේ දෙමාපියන් මීට විරුද්ධව උසාවි යනව (2005).

කෙන් මිලර් මේ නඩුවේදී පරිණාමයට එරෙහිව ගෙන එන සියලු දුර්මත පරාජය කරනවා පමනක් නෙවෙයි, අප හා චිම්පන්සින් අතර ඇති අණුක ජීව විද්‍යත්මක සබඳතාවය ඔප්පු කර පෙන්වනවා. කෙන් මිලර් ගේ මේ විග්‍රහය රැගත් විඩියෝ පටය තරම් මැවුම්වාදීන් වෛර කරන තවත් යමක් නැහැ.



මේ පිලිබඳ ඉතාම හොඳ වාර්තාමය චිත්‍රපටයක් නිපදවා තිබෙනව පී බී එස් නොවා (The judgement day Intelligent designer on trial -PBS NOVA)– මගින්.

Posted in Biology, Cell biology, Charles Darwin, Evolution, Fossil evidence, religion, Science | Tagged: , , , , , , , | 5 Comments »

රිච්ඩ් ඩෝකින්ස්, මැවුම්වාදය සහ පරිණාමය

Posted by dawkinssdodo මත මැයි 8, 2009

රිච්ඩ් ඩෝකින්ස්  (Richard Dawkins) යනු සුප්‍රසිද්ධ පරිණාම ජීව විද්‍යාඥයෙක් පමනක් නෙවෙයි, ජනප්‍රිය විද්‍යා ගත් කතුවරයෙක්.  බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වන ඩෝකින්ස් උපත ලැබුවේ කෙන්යාවේ නයිරෝබිහිදි. ඔහුගේ (Selfish gene ) සුවිශේෂි අවධානයක් දිනාගන්නට සමත් වන කෘතියක්. Extended phenotype මේ ආකාරයේම නොමද පැසසුමට ලක් වූ තවත් නිර්මානයක්.

ඩෝකින්ස් නිමැවූ අපුර්ව සංකල්පයක් තමයි “මීම”  ( Meme ) . මෙයින් ඔහු ඩාවින්ගේ න්‍යායන් යොදගෙන මිනිස් විශ්වාස, සිතුවිලි ආදිය සහ සංස්කෘතික ඇදහිලි වල පැවැත්ම හෝ පැතිරීම පැහැදිලි කරනවා. ඔහුගෙ අදහස වන්නේ ඔනෑම සංස්කෘතික ලක්ශනයක් හෝ විශ්වාසයක් ( මැවුම්වාදී දෙවියන් සංකල්පය ඇතුලුව )  සමාජයක පවතින්නේ ඊට ජානයක් ආකාරයෙන් ප්‍රතිගුනනය විය හැකි නිසා.  ( පසුව “මීම” ගැන අපි තව දුරටත් කතා කරමු )

ඩෝකින්ස් අපට වැදගත් වන්නේ 1986 දී ඔහු විසින්  මැවුම්වාදයට එරෙහිව එලිදක්වනු ලැබූ Blind watchmaker නිසා. ඉන් පසු දිගින් දිගටම ඔහු විසින් නිර්මාණවාදයට, මැවුම්වාදයට සහ සියලු සුපිරි-දේවවාදීන්ට පහර එල්ල කලා. නිර්-ආගමිකයෙක් වන ඩෝකින්ස්ගේ විවාදාත්මකම පොත මෑතකදී නිකුත් කෙරුනු  God delusion.

අද ඩෝකින්ස් යනු මැවුම්වාදයට සහ සියලු දේවවාදීන්ට එරෙහි නොසැලෙන බලකනුවක්. 1995 දී ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් ඔහු “විද්‍යාව ප්‍රචලිත කිරීමේ මහාචාර්ය” තනතුරකට පත් කලේත්, ඔහු සතු විශේෂ හැකියාවන් හදුනාගත් නිසායි. ඩෝකින්ස් ඩෝඩෝ  යනුවෙන් මේ බ්ලොග් එක ලියවෙන්නේ ලාංකීය, සිංහල වෙබ් අඩවි, ෆෝරම් බ්ලොග් වල වැඩි වැඩියෙන් මැවුම්වාදය විද්‍යාත්මකව පිලිගත් සංකල්පයක් යන මතය ප්‍රවාරය කරන නිසායි. ඒ ආකාරයෙන්ම පරිණාමවාදය ගැන වැරදි මත, අමූලික බොරු සහ අතාර්කික, අවිද්‍යාත්මක අදහස් සිතාමතාම ප්‍රචාරය කිරීමේ සංවිධානාත්මක වෑයමක් තිබෙන බැව් පෙනෙන නිසායි.

කවුද මේ ඩෝඩෝ Read the rest of this entry »

Posted in Uncategorized | Tagged: , , , , | 4 Comments »