Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ

Richard Dawkins, Evolution, Biology and Religion|පරිණාමය, ජීව විද්‍යාව සහ ආගම

බීමත්කමට හේතුව ලිංගිකව..

Posted by dawkinssdodo මත අගෝස්තු 21, 2012




මෑතකදී පළවු මාතලන්ගේ විවාහක බේබද්දන් වෙනුවෙන් පළකරන ලද වටිනා උපදෙස් මාලාව මේ සටහනට පූර්විකාවක් විය.


තාරුණ්‍යයෙන් අගතැන්පත් ඔවුහු ලිංගික තෘප්තිය සොයමින් වට පිටාවේ ගැවසෙන සුකොමලියන් ඉදිරියේ අනඟ රැඟුම්, ඉඟි බිඟි පෑවේ වරක් දෙවරක් නොවේ. එහෙත් ඔවුන් එක වරක් දෙවරක් නොව දහ-දොළොස්වතාවක්ම මන බඳින රූමතියන් විසින් ප්‍රතික්ෂේප කෙරිණ. ඔවුන් කළේ ඒ ලිංගිකව ප්‍රතික්ෂේප වීමෙන් ඇති වූ තුවාලය, වේදනාව මද්‍යසාර වලින් සෝදා හැරීමයි.


මේ අපි දන්නා කවුරුන් හෝ ගැන කතාවක් නොව, Drosophila melanogaster නමින් හැඳින්වෙන පලතුරු මැස්සන් යොදා කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයකි.


පලතුරු මැස්සන් මද්‍යසාර බීමෙන් පසු ඔවුන්ගේ මොළයේ “විපාක/ප්‍රදාන” පත (Reward system) සක්‍රිය වී ඔවුන්ට “ප්‍රමෝදාත්මක” හැඟීමක් ඇතිවන බව පර්යේෂකයෝ මීට පෙර දැන සිටියහ. එසේම, සමාජ අන්තර් ක්‍රියා යනු, මේ “විපාක/ප්‍රදාන” පත උද්දීපනය කරවන අත්දැකීම් අතර ඉහළම ප්‍රීතියක්, ප්‍රමෝදයක් ලබාදෙන අත්දැකීමක් බවද ඔවුහු දැන සිටියහ. මේ ද්වි-ආකාර විපාක/ප්‍රදාන පත පද්ධතීන් එකිනෙකට සම්බන්ධ ද යන ප්‍රශ්නයට උත්තර සෙවීම මේ පර්යේෂණයේ අරමුණ විය.


පර්යේෂණයෙන් තහවුරු වූයේ, මැස්සියන් සමග ලිංගිකව එක් වීමට නොලැබුණ පලතුරු මැස්සන් මද්‍යසාර අඩංගු ආහාර තෝරා ගන්නා බවයි. මෙහි අනපේක්ෂිත සොයා ගැනීමක් වන්නේ ලිංගිකව එක් වීමට ලැබුණු පලතුරු මැස්සන් විසින් මද්‍යසාර අඩංගු ආහාර ප්‍රතික්ෂේප කිරීමයි.


නියුරෝපෙප්ටයිඩ් එෆ් (Neuropeptide F- NPF) යන ප්‍රෝටීනය පලතුරු මැස්සන්ගේ මද්‍යසාර වලට ඇති කැමත්ත නිර්ණය කරන්නක් බව තහවුරු වී තිබූ සාධකයකි. ලිංගිකව ප්‍රතික්ෂේපිත පලතුරු මැස්සන්ගේ NPF ග්‍රාහකය (NPF receptor- NPFR) සාමාන්‍ය මැස්සෙකුට වඩා අඩක්ම අඩුවී තිබුණි. NPF ග්‍රාහකය කෘතිමව අඩුකල විට ලිංගික තෘප්තිය ලැබූ මැස්සන්ද මද්‍යසාර වැඩියෙන් බොනු දක්නට ලැබුණි.


සමාජ-අන්තර් ක්‍රියාවන් NPF හරහා අණුක-ජීව ක්‍රියාවලියක් බවට පරිවර්තනය වීමත් මොළයේ අඩංගු NPF ප්‍රමාණය මද්‍යසාර වලට ලොල් බව තීරණය කරන, චර්යාව මෙහෙයවන සාධකයක් වීමත්, මේ පර්යේෂණයේ සිත් ගන්නා ප්‍රතිඵලයන්ය.


නියුරොපෙප්ටයිඩ් වයි (Neuropeptide Y- NPY) යන මැමේලියානු සමජාත ප්‍රෝටීනය (homologue), නින්ද, ලිංගික උනන්දුව, මද්‍යසාර භාවිතය, කාංසාව සහ ආතතිය ට සම්බන්ධ චර්යා හසුරුවන මොළයේ විවිධ ප්‍රදේශ වලට බලපාන අණුවකි.


Science ඇසුරෙනි

17 Responses to “බීමත්කමට හේතුව ලිංගිකව..”

  1. Yasith said

    Wenasak na baeluwama..thamat minissunge sathwa gathiya poddak tyenawa.

  2. එතකොට දේව්දාස් ගේ බේබදුබීම හරිම සාධාරණයි ,හේතු සහිතයි,විද්‍යාත්මකයි.
    එතකොට මේ ළඟදි ටැබා ගහල බයිකේක වේගයෙන් ගිහිල්ලා මැරුණු තිළිණ දුලාන්….
    මධ්‍යසාර නොබොන මිනිසුන් තද හිත් තියෙන අය. පිරිමි අය කැමැතිම දෙයක් නොකරම ඉන්න තරම් දැඩි හා ස්ථිර තීරණයක් ගැනීමෙන්ම ඒ බව පේනවා.
    බේබද්දො රටට ලෝකෙට ගෙදෙට්ට කරදරයක් ,
    ඒත්
    නොබොන මිනිහ හොඳයි , බේබද්ද නරකයි කියන්න මේ ලිපිය අනුව බැහැ.මොකද බේබදුකම පිරිමි අරන් ඇවිත් තියෙන්නේ ජාන වලින් නිසා. අපි/මම එයාලට සමාව දෙනවා.

    එතකොට ඩෝඩෝ……………..
    බීපු මිනිස්සු ලිංගිකත්වය වඩ වඩාත් බලාපොරොත්තු වෙන එක මැස්සන්ගෙන් පහදන්න පුලුවන් ද?

  3. තව දෙයක්..ජානමය පරීක්ෂණ වලට “ ඩ්‍රොසපිලා “ මැස්සව බොහෝ විට යොදා ගෙන තියෙනවා. ඒකට මොකක් හරි විශේෂිත හේතුවක් තිය ද?
    අනික …. එකම ප්‍රෝටීනය වුනත් මැස්සාගෙයි මිනිසාගෙයි ක්‍රියාකරන විදිහ වෙනස් වෙන්න බැරි ද? (ඒක නම් ටිකක් මෝඩ ප්‍රශ්ණයක් විත්තිය මටත් තේරෙනවා)

    • dawkinssdodo said

      //ජානමය පරීක්ෂණ වලට “ ඩ්‍රොසපිලා “ මැස්සව බොහෝ විට යොදා ගෙන තියෙනවා. ඒකට මොකක් හරි විශේෂිත හේතුවක් තිය ද?//
      මේක ඉතාම හොඳ ප්‍රශ්නයක්.

      හේතු ගොඩාක් තිබේ. පලවෙනි එක ඩ්‍රොසෆිලා අමාරුවක් නැතුව අර්තාපල් පේස්ට් එකක දාස් ගණනින් “වග” කරන්න පුලුවන්. ජාන විකෘති ඇති කරල බල ඉන්න ඕනේ කාල ඉතාම අඩුයි, සාපේක්ශව (අනිත් Animal Models වලට ). transgenic ජාන-විකරණය කරන ලද මීයෝ තියාගන්න යන වියදමෙන් 1/50 ක් තරම්.
      ඩ්‍රොසෆිලා GAL-UAS systems- (for over-expression studies) , සහ නොමිලේ ඔබට ඩ්‍රොසෆිලා ජාන විපරීත වර්ග (strains), ලබාගන්න පුලුවන් බ්ලූමින්ග්ටන් වලින්. ඩ්‍රොසොෆිලා ඇති කරන්න ඕනේ වෙන්නේ 25C, 30C ඉන්කියුබේටර් පමණයි. ඒවත් පරීක්ෂන තත්ව නියමාකරයෙන් පවත්ව ගන්න ඕනේ නිසා. පරීක්ක්ෂන වලදී හරිම හුරුබුහුටි සතෙක්.

      //එකම ප්‍රෝරෝටීනය වුනත් මැස්සාගෙයි මිනිසාගෙයි ක්‍රියාකරන විදිහ වෙනස් වෙන්න බැරි ද?//

      හුඟක් වෙලාවට ඒක එහෙම තමයි. ඩ්‍රොසෆිලා පර්යේෂණ වලින් අපට අනුමාන කරන්න පුලුවන් අණුක ජීව සංඥා පත මිනිස්සුන්ගෙත් එකම අනුපිලිවෙල ට වෙයි කියලා.
      එකම විදියට නෙවෙයි.

      ඒත් මිනිසුන්ට සායනික බේතක් , ප්‍රතිකාරයක් කරනවා නම් මානව ප්‍රෝටීනය හදාරා බොහෝ සායනික ආරකෂා තල (clinical trials-levels) පසු කරන්න ඔනේ.

      හොඳ උදාහරනයක් තමා ඩ්‍රොස්ෆිලාගේ NFkB signaling pathway සංඥා පතය. සමහර එවා සම්පූර්නයෙන් වෙනස්!

  4. ඒ මැස්සංගෙන් එකෙක්ට හරි මට වගේ හිතෙන්නත් ඇති සමහර විට! ඒ කිව්වේ “වදකාර කෙල්ලෙක් එක්ක යාළු වෙලා වද විඳිනවට වඩා සොට් එකක් දාලා සිංදුවක් කියං ඉන්න එක කොච්චර සැහැල්ලුවක්ද” කියලා!😀

  5. තනි අලියා said

    [මෙහි අනපේක්ෂිත සොයා ගැනීමක් වන්නේ ලිංගිකව එක් වීමට ලැබුණු පලතුරු මැස්සන් විසින් මද්‍යසාර අඩංගු ආහාර ප්‍රතික්ෂේප කිරීමයි.]

    එ් කියන්නෙ බීම නවත්තන්නනං අවශය පහසුකං සලසා දෙන්න ඔ්න!😀

  6. Maathalan said

    අනේ මෙක මම අදනේ දැක්කේ.. නමුත් ඉතින් ඕකත් සාපේක්ෂයි

  7. ඩොඩෝ, මේ නොදන්නා කට්ටිය, බීම හා බේබදුකම පටලවාගෙන වගේ. පිරිමින් විතරක් නොවේ බොන්නෙත්. මට ජිවිතයේ හමු වෙලා තියන ඉතාම සොඳුරු මිනිසුන් සියල්ලක්ම පාහේ “බොන” උදවිය කියලා කියන්න මා පැකිලෙන්නේ නැහැ. නොබොන සොඳුරු මිනිසුන්ද නැතුවා නොවේ. සමාජ ආතතියට බීම අවුරුදු 20,000 ක් ඈතට යන එකක්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: