Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ

Richard Dawkins, Evolution, Biology and Religion|පරිණාමය, ජීව විද්‍යාව සහ ආගම

Archive for ජනවාරි, 2012

ඩොලර් දහසේ ජිනෝම තරඟය

Posted by dawkinssdodo මත ජනවාරි 30, 2012



ඩොලර් 1000කට අඩුවෙන් මුලු මානව ජීනෝමයම විකේතනය කිරීමේ තරඟය තවත් ත්‍රීවු කරමින් Life Technologies සමාගම Ion Proton Sequencer නමින් නව කේතන යන්ත්‍රයක් (Sequencing Machine) මේ වසරේදී වෙළඳ පොළට එක් කරන බව ප්‍රකාශ කර තිබේ. මෙමගින් දිනකට අඩු කාලයක් තුළ ඩොලර් 1000 ක් වැනි මුදලකින් එක් පුද්ගලයෙක්ගේ මුලු ජිනෝමයම විකේතනය කරන්නට හැකියැයි එම සමාගම පවසයි. මෙම යන්ත්‍රයේ පූර්වජයා ලෙස සැලකෙන, ඔවුන්ගේම සොයුරු සමාගමක් වන Ion Torrent මගින් නිෂ්පාදිත පුද්ගලික ජිනෝම යන්ත්‍රය (Personal Genome Machine) වෙළඳපොළේ ඉතා ජනප්‍රිය යන්ත්‍රයක් විය. ක්ෂේත්‍රයේ අනෙක් දැවැන්තයා වන Illumina සමාගම තම “ජීනොමය-දවසකින්” තරඟ කරුවා ලෙස HiSeq 2500 යන්ත්‍රය නම් කර තිබේ.


මේ පිටුපස ඇති පණිවිඩය නම් ජිනෝම කේතනය තව දුරටත් පර්යේෂණාගාරයට සීමාවුවක් නොවන බවයි. ජෛව තාක්ෂණික ලෝකයේ දැන් සිදුවන විශාලම සංක්‍රමණය නම් පර්යේෂණාගාරයෙන් සායනයට මේ තාක්ෂණය ඇතුළුවීමයි. පර්යේෂණ මට්ටමේ ජිනෝම කේතනයන් මිලියනයක් පමණ වසරකට සිදු කිරීමට නියමිත අතර සායනික මට්ටමේ ජිනෝම කේතනයන් බිලියනයක් පමණ සිදුකිරීමට නියමිතය.


ජෛව-තාක්ෂණ කර්මාන්තය මේ සංක්‍රාන්තියට සූදානම් වන්නේ කේතනයේ ප්‍රමිතිය, ඉන් නිපදවෙන දත්ත ක්‍රමානුකූලව සැකසීම, සහ එම දත්ත සායනික මට්ටමෙන් අර්ථ දැක්වීමට අවශ්‍ය නව මෘදුකාංග වැඩිදියුණු කිරීමෙනි.

කැලිෆෝර්නියාවේ මෙවැනි සේවා සපයන ආයතනයක ප්‍රධානියා පවසන්නේ, විශාල පර්යේෂණායතන වැනි ගනුදෙනුකරුවන්ට ඩොලර් 4000 කට මුලු ජිනෝමයම කේතනය කරදිය හැකි බවයි. දැනට පියයුරු පිළිකා සහ ඩිම්බ පිළිකා සඳහා ඇති ජානමය අවදානම මැනීමට කරන සායනික මට්ටමේ කේතනයකටද අය කරන්නේ මේ සමාන මුදලකි.


මේ සමඟ නිපදවෙන අති විශාල ප්‍රමාණයේ දත්ත ගබඩා කිරීම සහ ඒවා විශ්ලේෂණය කිරීමට සුදුසු පරිගණක-මෘදුකාංග වේදිකාවක අවශ්‍යතාවයද මතු වී තිබේ. ඇමේසන් සහ ගූගල් මගින් දැනටමත් නිපදවා ඇති Cloud Computing යටිතල පහසුකම් මේ සඳහා යොදා ගත හොත් සායනික දත්ත විශ්ලේෂණය සඳහා වෙනම පරිගණක මධ්‍යස්ථානයක අවශ්‍යතාව මඟ හරවා ගත හැකි වේයයි විශ්වාස කෙරේ.


මේ පිළිබඳව අවධානය යොමු කරන NextBio සමාගම Cloud Computing තාක්ෂණය යොදාගෙන දැනට පුද්ගලික සහ මහජන දත්ත මධ්‍යස්ථාන වල ගබඩා කර ඇති සියලුම ජිනෝම දත්ත අර්ථ විවරණය කිරීම ආරම්භ ඇත. මෙම ව්‍යාපෘතියේ එක් අරමුණක් වන්නේ රෝගින්ගෙන් ලබා ගන්න සියලු අණුක ජීව-පැතිකඩ දත්ත, මිනිස් සහ සත්ව පර්යේෂණ සමඟ සම්බන්ද කිරීමයි.


Life Technologies සමාගමෙන්ද පරිගණක දත්ත සම්බන්ධයෙන් වැදගත් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. Doctor-in-a-Box නමින් හැඳින්වෙන මෙය නිදහස් මෘදුකාංගයක් ලෙස නිපදවන බැවින් වාර්ෂික බලපත් අනවශ්‍ය වන අතර මුදලකින් තොරව පර්යේෂණ සහ සායනික කටයුතුවලට යොදාගත හැකි වෙනු ඇත. මෙමගින් බහු-ජාන බලපෑම් ඇති සංකීර්ණ රෝග පිළිබඳ නිගමනයන් කිරීමටද අපේක්ෂා කෙරේ.


Bio Techniques සහ Nature news ඇසුරෙනි.


පුද්ගලික ජිනෝම යන්ත්‍රය ගැන සවිස්තර සටහනක් කලකට පෙර අරුණි ශපීරෝ විසින් සිංහල බ්ලොග් අවකාශයට එක් කර තිබුණි

Posted in Biology, Cell biology, DNA, Gene, Molecular Biology, Physiology and Medicine, Science | Tagged: , , , , , , , | 4 Comments »

දැල්වී-නිවී පරිසර අනතුරු හඟවන බැක්ටිරියා

Posted by dawkinssdodo මත ජනවාරි 27, 2012


පරිසර දූෂණය අද දවසේ කතා නොකරම බැරි මාතෘකාවක්. ජාන වෙනස් කල E. coli බැක්ටීරියාවන් යොදාගෙන පරිසරයට ආසනික් එක් කල විට එසැනින් එක විට ආලෝකයක් නිකුත් කරන්නට සමත් බැක්ටීරියා සමූහයක් වර්ධනය කරන්නට කැලිෆෝනියාවේ සැන් ඩියේගෝ විශ්ව විද්‍යාලයේ (University of California San Diego) ආතර් ප්‍රින්ඩල් (Arthur Prindle) ඇතුළු පර්යේෂකයින් පිරිසක් සමත් වී තිබේ. මේ ක්‍රමය නිසා අනාගතයේ දිනක ලාභදායි, අතේ ගෙන යා හැකි, විෂ රසායන සහ රෝග කාරක විෂ බීජ සොයා ගත හැකි පරිසර සංවේදක නිර්මාණයට මග පැදෙනු ඇත.


“බැක්ටීරියා කොලනියක් එක විට ආලෝකය දැල්වූ විට අප පුදුම වුණා” යැයි පර්යේෂකයෝ පවසති. අභියෝගය වුණේ කොලනි කිහිපයක් එක විට ප්‍රතිචාර දැක්වීමට සම මුහුර්ත (synchronize) කර ගැනීමයි. බැක්ටීරියාවන් තම අසල්වාසීන් සමඟ අහාර හෝ අනතුරක් ගැන සන්නිවේදනය කිරීමට අණු පිට කිරීම මෙහිදී උපයෝගී කරගනු ලැබීය. පර්යේෂකයින් මෙම අභියෝගය ජය ගත්තේ ජාන වෙනස් කල E.coli බැක්ටීරියාවන්ට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් (Hydrogen peroxide ) නිපදවා වාතයට මුසු කරන්නට සැලැස්වීමෙනි. බැක්ටීරිය කොලනි, තීරු සහ පේළි වලට සකස් කරමින් “ජීව පික්සල්” (Bio pixels) ක්ෂුද්‍ර-ද්‍රාව්‍ය චිපයක් තුළ නිපදවන්නටත් ඔවුන් සමත් විය. එමඟින් LCD තිරයක පික්සල් හා සමාන පෙනුමක් ලබා දීමට මේ පර්යේෂකයන්ට හැකි විය.


එක් ජීව පික්සලයක බැක්ටීරීයාවන් 5000ක පමණ කොලොනියක් වෙතැයි කියති. එක් එක් කොලනිය හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වායුව මගින් ක්ෂුද්‍ර චිපය තුළ සන්නිවේදනය කරති.


මෙමගින් ජලයේ හෝ පසේ ඇති ආසනික්, කැඩ්මියම්, බැර ලෝහ සහ රෝගකාරක ජීව විශේෂ සොයා ගැනීමට හැකිවෙනු ඇතැයි පර්යේෂකයෝ බලපොරොත්තු වෙති.


මේ පර්යේෂණ පත්‍රිකාව Nature සඟරාවේ පළවිය.

Posted in Biology, Cell biology, DNA, Molecular Biology, Science, Uncategorized | Tagged: , , , , | 6 Comments »

ස්ත්‍රී සුරතාන්තය? මොළයේ සිදුවන්නේ කුමක්ද?

Posted by dawkinssdodo මත ජනවාරි 25, 2012


මෑතකදී රට්ගර්ස් විශ්ව විද්‍යාලයේ (Rutgers University) විද්‍යාඥයින් පිරිසක් ස්ත්‍රී මොළය සුරතාන්තයට (orgasm) එළඹෙන ආකාරය, එය විඳගන්නා අවස්ථාව සහ ඉන් ඉවත්වන ආකාරය ස්ත්‍රී මොළයේ ස්කෑන් ඡයාරූප එකතුවක් පණගැන්වීමෙන් (animation) ලොව පළමු ස්ත්‍රී මොළයේ සුරතාන්ත සිතියම චිත්‍රපටයට නගන්නට සමත් වී තිබේ. fMRI තාක්ෂණය යොදාගත් මේ පර්යේෂණයට දායක වු අය අතර ප්‍රධාන තැනක් ගන්නේ ඊට සහභාගිවෙමින් පර්යේෂකයන් නීරීක්ෂනය කරද්දී MRI යන්ත්‍රයක වැතිරී සුරතාන්තයට තමාවම උත්තේජනය කරගත් කේට් සුකෙල්ය (Kayt Sukel).


කේට් සුකෙල් MRI යන්ත්‍රය අබියස.


සුරතාන්තයට පත් වන පුද්ගලයන් අධ්‍යයනය කිරීමෙන් සුරතාන්තයට පත් විය නොහැකි රෝග වලින් පීඩා විදින අයගේ මොළයේ ක්‍රියාකාරීත්වය වටහාගන්නට මහාචාර්ය බැරී කොමිසාරුක් (Barry Komisaruk) ඇතුළු විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.


සෑම තත්පර දෙකකටම වරක් ගත් ස්කෑන් ඡයාරූප ආධාරයෙන් නිමවූ විනාඩි පහක චිත්‍රපටියෙන් පෙන්වන්නේ මොළයේ ප්‍රදේශ 80 ක පමණ ක්‍රියාකාරීත්වය වෙනස්වන ආකාරයයි. තද රතු පැහැයෙන් පෙන්වන්නේ ක්‍රියාකරීත්වය අඩු අවස්ථාවන් වන අතර, කහ සුදු පැහැයෙන් පෙන්වනේ ක්‍රියාකාරීත්වය වැඩි අවස්ථාවන්ය.


සංවේදන බාහිකයේ ලිංගික ප්‍රදේශයෙන් ඇරඹෙන ස්ත්‍රී සුරතාන්තය පසුව හැඟීම් සහ දිගුකාලීන මතකය සම්බන්ද කොටස් වලට පැතිරේ. ක්‍රමයෙන් සුරතාන්තය එළඹෙත්ම, අනුමෂ්තිෂ්කයේත් පූර්ව මොළයේත් ක්‍රියාකාරීත්වය ඉහළ යනු දැකිය හැකියි. දැඩි පේශි ආතතියත් සමඟ ක්‍රියාකාරීත්වය ඉහළම අගයක් ගන්නේ හයිපොතැලමසයේය. මේ සමඟ ඔක්සිටෝසින් ස්‍රාවය නිසා සතුටුදායක හැඟීමක් සමඟ ගර්භාෂය සංකෝචනය වීම සිදුවේ. Nucleus accumbens නැමැති ප්‍රීතිය හා සම්බන්ධ ප්‍රදේශයකද ක්‍රියාකාරීත්වය ඉහළම අගයක් ගනී.


සුරතාන්තයෙන් පසු මොළයේ එම ප්‍රදේශ ක්‍රමයෙන් සන්සුන් වනු දැකිය හැක.


මේ ක්‍රමය මොළයේ එක් එක් ප්‍රදේශවල සම්බන්ධතාව අධ්‍යයනය කිරීමට සුදුසුම එකක් බව මහාචාර්ය කොමිසාරුක් පවසයි. මේ ක්‍රමය මගින් සුරතාන්තයෙන් තොර රෝගී තත්වයන් (Anorgasmia) ගැන වැටහීමක් ලබාගත හැක්කේ, එම රෝගී තත්ව වලදී මෙම අනුක්‍රමයෙන් මොළයේ සිදු වන ක්‍රියාවලිය අඩපණවන අවස්ථාවන් හඳුනා ගත හැකි බැවිනි.


වොෂින්ටනයේ පසුගිය නොවැම්බරයේ පැවැති වාර්ෂික ස්නායුවිද්‍යා සම්මන්ත්‍රණයේදී මේ පර්යේෂණ ප්‍රතිඵල හෙළිදරව් කෙරුණි.


කේට් සුකෙල්ගේ පොත, Dirty Minds: How Our Brains Influence Love, Sex and Relationships, පෙබරවාරියේදී නිකුත් වීමට නියමිතයි.


The Guardian ඇසුරෙනි.

Posted in Biology, Philosophy, religion, Science, sex | Tagged: , , , , , , | 25 Comments »

විකිපීඩියාව විසි හතර පැයකට අක්‍රියයි.

Posted by dawkinssdodo මත ජනවාරි 18, 2012

Imagine a World
Without Free Knowledge

For over a decade, we have spent millions of hours building the largest encyclopedia in human history. Right now, the U.S. Congress is considering legislation that could fatally damage the free and open Internet. For 24 hours, to raise awareness, we are blacking out Wikipedia
LEARN MORE

Posted in Culture, Freedom of expression, Life, Uncategorized | Tagged: , | 8 Comments »

රිචඩ් ඩෝකින්ස් ගාල්ලේදී ඔබ හමුවන වගයි !

Posted by dawkinssdodo මත ජනවාරි 12, 2012

ගාලු සාහිත්‍ය උත්සවයට පැමිනෙන රිචඩ් ඩෝකින්ස් ජනවාරි 20 වැනි දින 2.30 ට තම ජීවිතය සහ තම විවාදාත්මක වෘත්තිය පිලිබඳ දේශනයක් පැවැත්වීමට නියමිතයි. වැඩිදුර විස්තර ගාලු සාහිත්‍ය උත්සව වෙබ් අඩවියෙන්.


කවුද
මේ රිචඩ් ඩෝකින්ස්?

ඩෝකින්ස් නිර්මාණය කල මීම යනු මොනවාද

Posted in Biology, Culture, Evolution, Language, Life, Philosophy, religion, Richard Dawkins, Science | Tagged: , , , , , , | 11 Comments »

නොබෙල් ත්‍යාගලාභීහු තම අත්දැකීම් සමඟ..

Posted by dawkinssdodo මත ජනවාරි 8, 2012

වසර 2011 දී නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබූ විද්‍යාඥයන්, සම්මානයෙන් ලැබුණු කීර්තිය, ප්‍රසිද්ධිය, පිළිබඳ තම හැඟීම් එකිනෙකා හා බෙදා හදා ගත් අවස්ථාවකි මේ. ඔවුන්ට නව නිර්මාණාත්මක අදහස් පහළවන්නේ කුමන ආකාරයක පරිසරයකද, සමූහ සාකච්ඡාවන් සහ අනෙකුත් පුද්ගලයන් සමඟ කෙරෙන අදහස් හුවමාරුව වැදගත්ද, ඔවුන් කිසිවෙක් නොබෙල් ත්‍යාගය ඉලක්ක කර තම පර්යේෂණ මෙහෙයවූවාද වැනි රසවත් තොරතුරු මේ සංවාදයේ පළමු විනාඩි දහයට ඇතුළත්.

මුලු සංවාදයම ස්වීඩනයේ ජාතික රූපවාහිනි වෙබ් අඩවියෙන් ජනවාරි 18 දක්වා නැරඹිය හැකියි.



පසු ගිය වසරේ නොබෙල් ත්‍යාගලාභීන් ගැන සම්පූර්ණ විස්තර, විඩියෝ ආදිය නොබෙල් කමිටු වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.


විඩියෝ උපුටාගැනීම ස්වීඩනයේ ජාතික රූපවාහිනී සේවයෙනි.
සියලු කතෘ හිමිකම් ස්වීඩනයේ ජාතික රූපවාහිනිය සතුය.

Posted in Biology, Economics, Physics, Physiology and Medicine, Science, Uncategorized | Tagged: , , , | 4 Comments »