වයස 70 වෙන්නට පෙර පිරිමින්ගෙන් 80% කගේ කොණ්ඩය හැලී තට්ටය පෑදෙයි. පෙන්සිල්වේනියා සරසවියේ පර්යේෂකයන් පිරිසක් Microarray තාක්ෂණය මගින් තට්ටය පෑදෙන සමේ ජාන ප්රකාශනය (Gene Expression) හැදැරීමෙන් තට්ටය පාදන්නට මූලික වන ජානයක් (Prostaglandin D2 synthase, PTGDS) සොයාගන්නටත් එහි mRNA සහ ප්‍රෝටීන (PGD2) මට්ටම් ඉතා ඉහළ අගයකින් තට්ටය පෑදෙන සමේ තිබෙන බව පෙන්වා දෙන්නටත් සමත් විය. Science සඟරාවේ පළවු මේ පර්යේෂණ පත්‍රිකාවේ වැඩිදුරටත් කරුණු දක්වමින් ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම ජානය අක්තිරික්තයක් ලෙස ප්රකාශනය වන (over expression) මීයන්ගේ ලොම් සියල්ල හැලී යන බවයි. “මෙම ප්‍රෝටීනය රෝම කූපයේ ඇති සංඥා- ග්රාහකයකට (signaling receptor) බැඳීමෙන් රෝම/ කෙස් වර්ධනය නිෂේධනය කරනවා” මහාචාර්ය කොට්සාරෙලිස් පවසයි. රෝම කූප වර්ධනය සම්බන්ධ අණුක ජීව – සංඥා පත (Signal transduction/ Molecular signaling) ඉලක්ක කරගත් ඖෂධ දැනටමත් නිපදවීම ආරම්භ කර තිබේ.
Posts Tagged ‘receptor inhibition’
තට්ටෙ රහස සොයා ගැනෙයි!
Posted by dawkinssdodo මත මාර්තු 22, 2012
Posted in Biology, Cell biology, DNA, Gene, Genetic data, Molecular Biology, RNA, Science | Tagged: baldness, George Cotsarelis, Hair loss, Luis A. Garza, microarray, PDG2, PTGDS, receptor inhibition | 14 Comments »