Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ

Richard Dawkins, Evolution, Biology and Religion|පරිණාමය, ජීව විද්‍යාව සහ ආගම

යට ඇඳුම් සහ රසායනික අවි | Fart with confidence

Posted by dawkinssdodo මත නොවැම්බර් 1, 2013



අධෝවාත හෙවත් පඩ යනු යවන කෙනා පමණක් නොව අවට සිටින්නන්ද මහත් අපහසුතාවයට පත්කරන්නකි. එංගලන්තයේ සෞඛ්‍යාරක්ෂක පාරිභෝජන භාණ්ඩ නිපදවන සමාගමක් පඩ ගඳ නිෂ්ක්‍රිය කළහැකි යට ඇඳුමක් නිෂ්පාදනය කර තිබේ. මේ සඳහා උපයෝගී කරගෙන ඇත්තේ රසායනික අවි භාවිතයේදී විශවායු පෙරීමට යොදාගන්නා අමුද්‍රව්‍යයකි. මෙම යට ඇඳුම් සෝර්ෆ්ලෙක්ස් (Zorflex) නමින් හැඳින්වෙන මේ අධි-උරාගැනීමේ ගුණයෙන් යුතු සක්‍රිය කාබන් වලින් නිමවා ඇති “පඩ-පෙරන” යකින් සන්නද්ධ කර තිබේ. සාමාන්‍ය පඩයක ගඳ මෙන් 200 ගුණයක ගඳක් මේ පඩ-නිෂේධක යට ඇඳුමට සම්පූර්ණයෙන්ම නිෂේධනය කල හැකි බව නිෂ්පාදකයෝ පවසති. යට ඇඳුම සේදීමෙන් නැවත එය සක්‍රිය කරගත හැක. මෙම නිෂ්පාදනය ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධ රෝගවලින් පීඩා විඳින්නන්ට මහත් අස්වැසිල්ලක් වනු ඇත. විලාසිතා ආකාර කීපයකින් මේ පඩ-නිෂේධක යට ඇඳුම් වෙළඳපොළට හඳුන්වා දී ඇත්තේ Shreddies නම් සමාගමයි.

Soletron.com වෙතින් උපුටා ගන්නා ලදි

11 Responses to “යට ඇඳුම් සහ රසායනික අවි | Fart with confidence”

  1. milan said

    මාරයිනේ

  2. අයියා යෙතකොට ශද්දෙට තමා මොකද කරනවා? 😀

  3. MEMA NISHPADANAYE PATENT BALA PATHRAYA MA SATHUYA, MAGE AWASARAYAK NOMATHIWA MEYA WELANDA POLATA YEWEEMA GENA MAMA NEETHI MAGATA BAHIMI.

  4. තනි අලියා said

    ඔච්චර භයානක රසායනික අවියකට විසඳුමක් හොයාගත්තනං දෙයියනේ අනිත්ව කජුද? 😀

  5. එහෙනං දැන් නිදහසේ පඩිත හැකි

  6. click here for greatest information on Bill Granger anywhere

ප්‍රතිචාරයක් ලබාදෙන්න