Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ

Richard Dawkins, Evolution, Biology and Religion|පරිණාමය, ජීව විද්‍යාව සහ ආගම

මරණයට ඇති අයිතිය| Right to Die – බීට්ල් ට තල්ලුවක්!

Posted by dawkinssdodo මත අගෝස්තු 27, 2012


සංවේදී පාඨකයින් මෙහි දක්වා ඇති හෝ මෙහි නම් කරන සිනමා පට/විඩියෝ බැලිමේදී සැලකිලිමත් වන්න!!

බීටල් විසින් මැතකදී ලියන ලද අසා මිනිසෙක් මළ පුවත අද..හඬමි සතුටින් පළමු වර මම යන සටහන මරණයට ඇති අයිතිය පිළිබඳ අපේ කියවීම නැවතත් ප්‍රශ්න කිරීමට යොමු කරවයි. ඒ පිළිබඳ සාකච්ඡාවක අවශ්‍යතාවය මතු කිරීම අගනේය.


කැනේඩියානු සිනමා කරුවෙකු වන ජෝන් සරිට්ස්කි (John Zaritsky) මේ පිළිබඳ ඉතාම (අ?)සංවේදී සිනමාපටයක් (Right to Die?/The Suicide Tourist) නිර්මාණය කරමින් පවසන්නේ මරණය සිදුවන අවසන් මොහොත නොපෙන්වීම අවංක ව්‍යායාමයක් නොවන බවයි. අවුරුදු 59 ක් වන ක්‍රේග් එවර්ට් (Craig Ewert) මාරාන්තික මාත්‍රාවක් ශරීර ගත කරගනිමින් මරණයට පත් වන ආකාරය මේ සිනමා පටයට ඇතුළත් කර තිබුණි.


ක්‍රේග් දෙදරු පියෙකි. උතුරු යෝර්ක්ෂයර් සිට ස්විට්සර්ලන්තයට ගොස්, එහි “ඩිග්නිටාස්” (Dignitas) නැමැති සංවිධානයේ ආධාරයෙන් තම ජීවිතය නැති කරගනිද්දී ස්නායු රෝගයකින් දැඩිව දුක් විඳිමින් සිටියේය. ඩිග්නිටාස් සංවිධානය මාරන්තික ලෙඩ රෝග සහ දැඩි මානසික සහ ශාරීරික පීඩා විඳින්නන්ට මරණය උදා කරගැනීම සඳහා උදව් වේ.


චිත්‍රපටය නිර්මාණය කිරීමේදී ඔහු ක්‍රේග් සහ බිරිඳට ඉතාම සමීප වූ බවත්, නිර්මාණය කිරීම ඉතාම සංවේදී එකක් වූ බවත් සරිට්ස්කි පවසා තිබිණ. බලාපොරොත්තු වූ පරිදිම මේ චිත්‍රපටයට ආධාරක දිවිනසා ගැනීම (Assisted-Suicide/Euthanasia) ට විරුද්ධ කාණ්ඩායම් වලින් දැඩි පීඩනයක් එල්ල විය.


ක්‍රේග් ගේ අවසාන මොහොත ඇතුළත් කිරීම අසංවේදී බවට චෝදනා එල්ල වුණු අතර, කොපි-කැට් දිවිනසා ගැනීම් මේ නිසා වැඩි වේ යැයි චෝදනා කෙරුණි.



සරිට්ස්කි ගේ මතය වූයේ මේ චිත්‍රපටය “ආධාරක දිවිනසා ගැනීමේ ලෝකයට” ප්‍රේක්ෂකයන් ගෙන යන බවත්, යම් කලෙක “ආධාරක දිවිනසා ගැනීම” නීතිගත වුවහොත් ඇති වන තත්වය ගැන අවබෝධයක් ලබා ගත හැකි බවත්ය. බටහිර රටවල 70% ක් පමණදෙනා මීට කැමති බව ඔහුගේ මතය විය.


දිවිනසා ගැනීම උත්කර්ෂයට නැංවීම හෙළා දැකිය යුතු බවත් නො එසේනම්, එය සදාචාරාත්මකව අභියෝගයට ලක්විය යුතු බවත් ප්‍රාදේශීය මංත්‍රීවරයෙක් වන ෆිල් විලිස් ගේ මතය විය.


ආධාරක-දිවිනසා ගැන්ම ප්‍රචාරණය කිරීම නිසා විෂාදයෙන් පෙළෙන සහ දුර්වල පුද්ගලයන් මේ නිසා අනතුරෙහි හෙලා ඇති බව ගබ්සා-විරෝධී සංවිධානයක මතය විය. මෙය ඉතා භයානක ආදර්ශයක් දෙන බවත් දුර්වල අය අනතුරෙහි හෙලීමක් බවත් එවැනිම තවත් සංවිධානයක ප්‍රකාශිකාවක් තහවුරු කළේය.


ක්‍රේග් එවර්ට් ගේ බිරිඳ මේරි එවර්ට් ගේ මතය වූයේ මේ චිත්‍රපටය තම සැමියාට ගෞරවයක් බවයි.


“මම චිත්‍රපට කණ්ඩායමට පිටව යාමට කීවේ ක්‍රේග් මියගොස් පැය භාගෙකට පසුවයි. ඒ මට නිදහසේ අඬන්නට ඕනේ නිසායි. මිනිස්සු මේ චිත්‍රපටය නිසා මරණය ගැන කතා කරන්නට සිතන්නට පොළොඹවයි නම් එයයි ක්‍රේග් ගේ පැතුම වන්නට ඇත්තේත්” මේරි එවර්ට් පැවසුවේය.


2008 Telegraph ඇසුරෙනි.

12 Responses to “මරණයට ඇති අයිතිය| Right to Die – බීට්ල් ට තල්ලුවක්!”

  1. Anonymous said

    බෙදා ගැනීම ගැන ස්තූතියි. මේක බැලුවම මට මෙහෙම හිතුණා.

    ජීවිතයේ අනියතභාවය ගැනත්, වෙනස්වීම ගැනත්, චේතනාව කර්මයට වඩා ප්‍රධානය කියන කාරණාව ගැනත් සියල්ලන්ටම වඩා හොඳින් දන්නේ බෞද්ධයින්. නමුත් මේ සියල්ලේ ප්‍රායෝගික යොදාගැනෙම් සම්බන්ධයෙන් අන්ත පසුගාමී වන්නේද ඔවුන්මයි! මේ සිද්ධියට සම්බන්ධ සියළු දෙනා මෙහිදී ඉන්නේ අපට වඩා බොහෝ ඉදිරියෙන්. මේවගේ දෙයක් ලංකාවෙ වෙන්න පුළුවන්ද හිතා බලන්න. පල්ලියටත් කලින් අපේ හාමුදුරුවරු සිවුරු උස්සාගෙන ඒවි.

    අපි ලෝකයට කොච්චර පසු පසින්ද ඉන්නේ?

  2. ක්ලින්ට් ඊස්ට්වුඩ් කියන්නේ මම කැමතිම සිනමා කරුවෙක්. ඔහු හදපු ෆිල්ම් වලින් මම කැමතිම ෆිල්ම්ස් දෙකක් තමයි මිස්ටික් රිවර් සහ මිලියන් ඩොලර් බේබි.

    මිලියන් ඩොලර් බේබි ෆිල්ම් එකේ කතානායිකාව ඔත්පලව ආයේ කවදාවත් නැඟිටගන්න බැරුව වැටිලා ඉන්නකොට ඉල්ලනවා “මම බොහෝම පොඩි තැනකින් පටන් ගත්තු කෙනෙක්, මම ජිවිතේ මට යා හැකි උපරිමයකට ආවා., මගේ ජිවිතේට ඒ ඇති මට මැරෙන්න දෙන්න” කියලා. මට බීට්ල්ගේ ලිපියයි ඩොඩොගේ ලිපියයි දෙකම කියෙව්වම මතක් වුනේ ඒ සීන් එක.

    Maggie Fitzgerald: I can’t be like this, Frankie. Not after what I’ve done. I’ve seen the world. People chanted my name. Well, not my name, some damn name you gave me. They were chanting for me. I was in magazines. You think I ever dreamed that’d happen? I was born two pounds, one-and-a-half ounces. Daddy used to tell me I’d fight my way into this world, and I’d fight my way out. That’s all I wanna do, Frankie. I just don’t wanna fight you to do it. I got what I needed. I got it all. Don’t let ’em keep taking it away from me. Don’t let me lie here ’till I can’t hear those people chanting no more.

    ඩොඩෝ සමහර විට ඒ ෆිල්ම් එක බලලත් ඇති.

  3. හ්ම් …………….

    මගේ පියා මිය ගියේ මොළයේ වර්ධන වුනු ගැටිත්තක් හේතුවෙන්.ඔහු හොඳ ශක්තිවන්ත පුරුශයෙක්. හොඳ උස මහත දේහධාරියෙක්. හිටි ගමන්ම ඔහුට කතා කරන වචන අමතක වෙන්නට ගත්තා. දැඩි සේ තරහ යන්න ගත්තා. පෑනට පොතට කියන්නෙ මොකක් ද කියල පවා හදුන ගන්න බැරි වුනා. අන්තිමට කරාපිටිය රෝහලේ දි කරපු සැත්කමකට පසුව ඔහුව ගෙදර එවුවෙ ඔහුගෙ අවසානය එය බව නොකියා කියමින්. එවක ඔහුට වයස 56යි.එදා සිට ක්‍රමයෙන් ඔහුට ඇවිද ගන්න බැරි වුනා.වචන කතා කරන්න බැරි වුනා…..ටිකෙන් ටික කිසිවක් කරකියා ගත නොහැකි පුද්ගලයෙක් වුනා.

    වෙච්චි දේ හිතා ගන්න බැරි වෙච්චි අපි දවසින් දවස මැරි මැරි ඉපදුනා කීවොත් හරියට හරි.ඒත් අපිට ඕනි වුනා ඔහු වේදනා විදිමින් හරි අපේ ගෙදර ඇඳක සැතපිලා ඉන්නව දකින්න. ( අපේ තාත්ත ඉන්නව කියන හැඟීම අපිට දැනෙන නිසා ) ඒත් …. ඔහු වින්ද වේදනාව දැන් සිහිවෙද්දි මට දැනෙනවා ඔහු එහෙම තියාන ඉන්න අපේ හිත් කැමැති වුනේ අපේ තියන ආත්මාර්ථකාමි කමට නෙද කියලා.

    ඔහු මරණය වැළඳ ගන්න ආසාවෙන් හිටි බව මම දන්නවා.ඔහු ඒ බව මටත් අම්මාටත් නොයෙක් වර නොයෙක් විදිහට අඟවලා තිබ්බා.හ්ම්.
    ඔහු මිය ගිය දිනේ දැනුන දුක දරා ගන්න බැරි වුනත් ඔහුට ඒ මිය යෑම සැනසීමක් ගෙනත් දෙන්න ඇති.

    අපි හැඟීම් වලට වහල් වෙලා තවත් කෙනෙක් වේදනාවක් සහිතව අපි ළඟ රදවා ගන්න දරණ උත්සාහය කොයි තරම් නම් අමානුෂික ද?

    හිතවත් ඩෝඩෝ…….

    ඔබට බොහොමත් ස්තූතියි………..

    ඒවගේම ක්‍රේග් ගේ බිරිඳට ……. ඇය ගත් පියවර ගැන මගේ හිතේ තියෙන්නෙ බොහොම සංවේදී ගරුකිරීමක්.

    ක්‍රේග් ඔබගේ ආගම අනුව ඔබ යළි යළිත් ඉපදේ නම් කිසිදාක මෙවන් දරුණු වේදනාත්මක රෝගාබාධ වලට ගොදුරු නොවේ වා යන්න මගේ පැතුමයි.

    • dawkinssdodo said

      ස්තුතියි හැඟීම් බර ප්‍රතිචාරයට.
      සමාවෙන්න මේ ලිපිය නිසා ඔබේ පියාගේ මරණය පිලිබඳ වේදනාකාරී මතකයන් නැවත ඇවිස්සුනා නම්. ඔබේ පියාට අත්වු අවසානය ගැන ඉතාම කණගාටුයි. 😦

      • ඔහු ඊට කලින් මැරුනා නම්… එහෙමත් නැති නම් ශල්‍යාගාරයේ දී ඔහු ගෙ අවසන් හුස්ම ගියා නම් කොයි තරම් හොඳද කියල දැන් මට හිතෙනවා. ඒත් අපිට මේ දුකමයි.ඒත් මගේ තාත්තට වේදනා විදින්න වෙන්නෙ නැහැ එහෙම වුනා නම්.

        බැරිවෙලාවත් මට එහෙම ලෙඩක් හැදුනොත් වේදනා විඳිනවට වඩා මැරෙනෙක දාහෙන් සම්පතයි. මැරෙන්නෙ එක පාරයි. ඒත් වේදනාව අපිව නොමරා මරනව.

        කණගාටු වෙන්න එපා. මේ වගේ දේව්ල ලියන්න ඔබවැනි අය ඉන්නෙකත් කොයි තරම් හොඳද….

        බුද්ධා ධර්මය අදහන අය සියදිවි නසා ගන්න බයයි. මොකද ඉන් පසු ඇති වෙන ප්‍රතිඵලය වඩාත් නරක දෙයක් වෙන්න පුලුවන් නිසා. ඒත් වේදනාවක් විඳිමින් මිය යන අයගේ හිතට අවසානයේ මොන මොන වගේ දේ හිතෙනව ඇද්ද. අනේ මන්දා. දැන් නම් මයෙ ඔලුව විකාරයක් වගේ….

        කමක් නැහැ. ඔබ අපට හිතන්න දෙයක් හැමදාමත් ලියනවට ස්තූතියි ඩෝඩෝ.

  4. පුරවැසියා අයිති රජයට නම් ඉතින් වෙන මොනා කරන්න ද රජය කියන දෙයක් කරමින් සිටිනවා හැරෙන්නට.

    ඒත් එහෙම නොකියන රජයක් පත් කරගන්නට හැකි වූ දා ට!!!! එදා ට මරණයට ඇති අයිතිය ගැන කතා කරන්න පුළුවන් වේවි.

    මිනිසා අයිති ආගමික සංස්ථාවට නම් ඉතින් වෙන මොනා කරන්න ද ආගමික සංස්ථාව කියන දෙයක් කරමින් සිටිනවා හැරෙන්නට.

    ඒත් සංස්ථාව කියන ආගම එපා කියලා යන්න හැකි වූ දාට!!! එදා ට මරණයට ඇති අයිතිය ගැන එයාට කතා කරන්න පුළුවන් වේවි.

    ලංකාවේ බුද්ධාගම අදහන අය හින්දු දහම කොතැනක දී අත්හැර බුද්ධාගම කොතැනින් පටන් ගන්නවා ද යන්න මුලින් ම පහදා ගත යුතුයි. හින්දු දහමෙන් බුද්ධාගම පැහැදිලිව වෙනස් වෙන තැන වූ ‘මනෝපුබ්බං ගමා ධම්මා’ සෑහෙන්න උපකාරී වෙයි ඒකට.

    මම හිතන විදියට, බුද්ධාගමේ ජීවිතයෙන් පැනලා යන්න සියදිවිනසා ගැනීම (escapism suicide) සහ සමාජයේ බලපෑම් නිසා සියදිවිනසා ගැනීම් (ජපානයේ හරාකිරි; ආගම වෙනුවෙන් හෝ දේශපාලන අරමුණක් වෙනුවෙන් දිවි පිදීම (martyr)) වැරදි වූවාට වේදනාකාරී මරණයක් නියමිත වී සිටිය දී තමන් විසින් සම්මා දිට්ඨියෙන් කැමැත්තෙන් මරණය කැඳවා ගැනීම වැරදි වෙන්නේ නැහැ.

    බුද්ධාගමේ එන සස ජාතකයේ හාවෙක් ගිනි මැළයකට පැනලා බ්‍රාහ්මණයෙක්ගේ ආහාරයක් බවට කැමැත්තෙන් පූජා වෙනවා. ඒක කියැවෙන්නේ පාරමිතා පුරන්නක් හැටියට. සිරිසඟබෝත් හිස දන් දුන්නාලු නේද? ඒත් ඒවා පූජා වූවාට, ඉන් අවසන් ඵලය එනම් පින් එක් රැස් කරගන්නේ ‘සියදිවිනසා’ ගත් හාවා සහ සිරිසඟබෝ නේද?!!!!

    ත්‍රිපිටකයේ චන්න, ගෝධික සහ වක්කලී යන තුන් නම රෝගාබාධ වලින් දැඩි වේදනා විඳින නිසා තම ජීවිත නැති කරගත් අය. ඔවුන් තිදෙනා ගෙන් එක් අයෙක් වත් මරණයට පෙර ‘අර්හත්’ නොවූ අය. ඒත් පසුකාලීන බුදු දහම පිළිගන්නේ එවැනි අවස්ථාවක දී මරණය කැඳවා ගැනීම අර්හත් වහන්සේලාට කැප වුවත් සාමාන්‍ය අයට අකැප යන්නක් ලෙසින්. පසු කාලීනව අර සම්මා දිට්ඨිය කියන එක දෙන්නෙ අර්හත් අයට විතරයි!!!

    • dawkinssdodo said

      බොහොමත්ම ස්තුතියි අරුණි අලුත් යමක් එක් කලාට. විවිධ පැති වලින් මේ ගැන බැලු හැටි අපූරුයි. මේ ගැන විස්තරාත්මක ලිපියක් හොඳටම ලියන්න පුලුවන් ඔබ වගේ කෙනෙක්ටයි. වඩා විස්තරාත්මක විශ්ලේශණාත්මක ලිපියක් ඔබෙන් ලියැවේ යයි සිතමි.

      • වසර තුනක් පුරා ඇමෙරිකන් කැම්පස් වල මම උගන්වලා තියෙන bio-medical ethics පාඨමාලාවේ විද්‍යාව, ආගම, දේශපාලනය, සමාජය යනාදී පැතිකඩ වලින් විමසූ එක මාතෘකාවක්. ඔව්, ඒ වෙනුවෙන් ම පටන් ගන්න බ්ලොගයක් පුරවන්න තරම් විස්තර තිබුණත්, සිංහලෙන් කියවන්නා එවැනි අධ්‍යාපනික උත්සාහයකට සූදානම් නැහැ යන්න මගේ පුද්ගලික මතයයි. ඒක වෙනස් වෙච්ච දවසක බලමු.

      • Alchemiya said

        සමාජයීය ජීවිතයක් ගතකරන මිනිසා වැනි සත්ත්‍වයෙක්ට තමන්ගේ ජීවිතය තමන්ට අයිති නැති බවයි මගේ හැඟීම. මම තනිව ජීවත් වෙන සතෙක් නෙවෙයි. මගේ ජීවිතයට බද්ධ වෙලා ඉන්න මගේ බිරිඳ, දරුවො, දෙමාපියො, නෑදෑයො ආදිය නිසා මට මගේ ජීවිතය 100% ක් අයිති නැහැ. ඒ නිසා අකාලයේ සියදිවි නසා ගැනීම වැරැද්දක් ලෙසයි මම හිතන්නෙ.
        නමුත් අසාධ්‍ය රෝගයක් වැනි නැවත් ගොඩ ගැනීමට නොහැකි අවස්ථාවක එවැනි තීරණයක් ගැනීම වරදක් නොවන බවයි මගෙත් හැඟීම.

        නමුත් අපි ආගම ගැන සිතන්නෙ ආගම අදහන්නෙ හරිම සංවෘතව… අපි හිතන්නෙ තමන් අදහන ආගම තමයි සර්ව සම්පූර්ණ කියලා.. බුදු දහම දර්ශනයක් නොවී අන්තවාදී ආගමක් වෙන්නේ මෙන්න මේ වගේ පටු අදහස් ඇති අන්තවාදීන් නිසා. ආගම් තියෙන්නෙ අයිති කරගන්න නෙවෙයි. බෙදා හදාගෙන එකිනෙකාගෙන් ඉගෙන ගන්න… මේ තත්ත්‍වයෙන් මිදිලා ආගම් දිහා විවෘත මනසකින් බලන්න මිනිසා පුරුදු වෙන තාක් කල් අපි ගල් යුගයෙ ගත කරාවි.
        අරුණි අක්කා කිවුවා වගේ අධ්‍යාපනික උත්සාහයකට එන්න අපේ බොහොම දෙනා උත්සාහ කරන්නෙ නැහැ. ඒකයි මිනිස්සු සරළ කතන්දර සහ විකාරරූපි දේ වලට ඇදිලා යන්නෙ (මොළය හොළවලා බලන්න කම්මැලියි) ඉතින් ඒ වගේ පරිසරයක් ඇති දවසක අපි හැමෝටම බුද්ධිමත් සංවාදයක යෙදෙන්න පුළුවන් වේවි.

        ධාතු වඩම්මලා ඡන්ද දිනන්න උත්සාහ කරන රටක එහෙම වෙන්න කල්පයක් විතර යාවි.

    • sharanga said

      Buddhist morals aren’t consequentialist. If that’s the case, it’d actually be a sane religion. But then there aren’t any sane religions.

      I am a consequentialist. So I can kill a person if there is a good reason to do so. But religions don’t have consequentialist morals. Their moral are deontological. Religions, including Buddhism, don’t tell people thou shalt not kill unless there’s a good reason, they tell people thou shalt not kill. Buddhism cannot condone Euthanasia without contradicting itself, no matter what Sirisangabo did, who had a special-cosmic-licence to kill himself.

      Imagine someone forcefully modified your brain, so now it seems like killing your wife is the compassionate thing to do, that killing her is the moral thing to do, and letting her live is a grave sin. So when you kill your wife, it’d be an act of pure compassion. Now, would the Buddhist say he gained some “kusal” by doing that?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: