Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ

Richard Dawkins, Evolution, Biology and Religion|පරිණාමය, ජීව විද්‍යාව සහ ආගම

Posts Tagged ‘science’

ඇත්තක අරුමය – රාවයෙන් විද්‍යා සාහිත්‍යයට තල්ලුවක්

Posted by dawkinssdodo මත ජූලි 12, 2013

 

 

රාවය ප්‍රකාශන විසින් රිචඩ් ඩෝකින්ස්ගේ The Magic of reality නැමැති පොතේ සිංහල පරිවර්තනය “ඇත්තක අරුමය” නමින් එළිදක්වා තිබේ. පරිවර්තනය ප්‍රවීණ මාධ්‍යවේදී විජයානන්ද ජයවීර විසිනි. විද්‍යාව සහ විද්‍යාත්මක විධි ක්‍රමය ගැන ප්‍රශ්න කෙරෙන ලාංකීය වටපිටාවක ප්‍රකාශකයන් මේ පොත හඳුන්වන්නේ විද්‍යාව සහ විද්‍යාත්මක ප්‍රවේශය පිළිබඳ ලි‍යැවුන හොඳම පොතක් ලෙසයි. පොත එළිදැක්වීමට සමගාමීව “ඇත්තක අරුමය සහ හේතුවාදී සාහිත්‍යය” යන මැයෙන් දේශනයක් ජූලි 19 සවස 4ට ආචාර්ය එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවැත්වේ. දේශනය පවත්වන්නේ ප්‍රවීණ විද්‍යා ලේඛක එස්. එම්. බන්දුසීල විසිනි.

 

ra1

ra2

Posted in Biology, Culture, Evolution, Language, Philosophy, Richard Dawkins, Science | Tagged: , , , , , , , , | 6 Comments »

සුබ ගමන් මගේ සුමිතුර! විශිෂ්ට හඬක් නිහඩ වී ඇත, විශිෂ්ට හදවතක් නැවතී ඇත්තේය.

Posted by dawkinssdodo මත දෙසැම්බර් 16, 2011



නිර්-ආගමික කඳවුරේ අති ප්‍රබලයෙකු වූද, දක්ෂ කථිකයෙක් සහ අසහාය ලේඛකයෙක් වු ක්‍රිස්ටෝෆ’ හිචන්ස් (Christopher Hitchens) සදහටම නෙතු පියා ගත්බව වැනිටි ෆෙයා (Vanity Fair) සඟරාව හෙළි කළේය. මියයන විට අවුරුදු 62 ක් වූ හිචන්ස් අන්නස්‍රෝතයේ පිළිකාවකට ප්‍රතිකාර ලබමින් සිටියේය. 1970 දී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් පිටවී පුවත්පත් කලාවේදියෙක් ලෙස තම ජීවන වෘත්තිය ඇරඹීය. පසුව නිව්යෝක් නගරයට සංක්‍රමණය වූ හිචන්ස් වැනිටි ෆෙයාර් සඟරාවේ කතෲ වරයෙක් ලෙස වැඩ ඇරඹීය.


“පත්තර පිටු මතත්, බාර් එකේදීත් එකසේ බැබළුණු, දරුණු බුද්ධිමතෙක්” ලෙස ඔහු හැදින්වුයේ වැනිටි ෆෙයා සඟරාවෙහි සගයෙකි.


සල්මන් රුෂ්ඩිගේ “සැටනික් ව’සස්” (Satanic verses) කෘතිය මුද්‍රණය වන තුරා වූ සිද්ධිදාමය පුරාවටම රුෂ්ඩි වෙනුවෙන් පෙනී සිටිමින් ඔහු තුළ වූ ලෙංගතු මිතුරා ලොවට පෙන්වීය. “සුබ ගමන් මගේ සුමිතුර! විශිෂ්ට හඬක් නිහඩ වී ඇත, විශිෂ්ට හදවතක් නැවතී ඇත්තේය “යනුවෙන් රුෂ්ඩි තම කනගාටුව පළකළේය


රිචඩ් ඩෝකින්ස් ඔහු හැඳින්වූයේ “අපේ කාලයේ සිටි හොඳම කථිකයා මෙන්ම දෙවියන් වහන්සේ ඇතුළු සියලු ප්‍රජා පිඩකයන්ට එරෙහි සටනේ වීර සටන්කරුවෙක්” ලෙසයි.


2007 දී පළවූ “ද ගෝඩ් ඉස් නොට් ග්‍රේට්” (The God is not great)කෘතිය නිසා ඔහු එක්සත් ජනපදය තුළ ඉමහත් ප්‍රසිද්ධියට පත් විය.


පිළිකාවක් ඇතිබව රෝග විනිශ්චයෙන් තහවුරු වූ පසුව ද, හිචන්ස් තම දැඩි නිර්-ආගමික ස්ථාවරය වෙනස් කළේ නැත.


BBC ඇසුරෙනි

Posted in Atheism, Freedom of expression, Language, Philosophy, religion, Richard Dawkins, Science | Tagged: , , , , , , | 8 Comments »

ජීවයේ ආරම්භය : ස්ව ප්‍රතිවලිත RNA අණු?

Posted by dawkinssdodo මත අප්‍රේල් 13, 2011

පින්තූරය Wiki යෙන් උපුටා ගැනින.

ජීවය ආරම්භ වීමේදී ඉතාම තීරණාත්මක සාධකයක් වන්නට ඇත්තේ ආදිකල්පික RNA “ජෙනෝමය”ක් ප්‍රතිගුණනය කල හැකි RNA අණු මතුවීමයි. “DNA” සහ ප්‍රෝටීන මත පදනම් වූ ලෝකයට පෙර තිබුනා යැයි අනුමාණ කෙරෙන්නෙ “RNA ලෝකයක්”. සාමාන්‍යයෙන් RNA අණුව, DNA අණුවෙන් ප්‍රෝටීනයක් සැදීම සඳහා අනුපිටපතක් ලෙස ක්‍රියා කරනවා.

කේම්බ්‍රිජ් සරසවියේ අණුක ජීව විද්‍යාඥයින් පිරිසක් කෘතිම RNA එන්සයිමයක් (RNA පොලිමරේස් රයිබොසයිමයක්; RNA polymerase ribozyme ) නිපදවා තිබෙනවා RNA ස්වයං පිටපත් නිපදවිය හැකි. R18 නැමැති එක් එන්සයිමයක් යොදාගෙන ආරම්භ කල පරීක්ෂණය පසුව එම එන්සයිමයේම අහඹු සුලු වෙනස්කම් සහිත ක්ලෝන මිලියන 50 ක් දක්වා පුලුල් කරමින්, RNA පිටපත් කිරීමේ ශක්‍යතාව ඇති වඩා හොඳ එන්සයිම තෝරා ගැනුනා. මේ ක්‍රියාවලිය නැවත නැවත කිපවරක් සිදුකිරීමෙන් වඩ වඩා ක්‍රියාශීලි සහ පිටපත් කිරිම නිවැරදි එන්සයිම නිපදවන්නට ඔවුන් සමත් වුනා.

සියලුම ඵලදායි අහඹු විකෘති (Random mutations) තෝරා ගත් පසු, ස්වයං ප්‍රතිවලිත වීමේ කාර්යයට උදව් විය හැකි මේ සියලු විකෘති, එක් අනුවක් තුලට එකතුකිරීමයි ඔවුන් කලේ. හොලිගර් සහ වොච්නර් ඇතුලු පර්යේෂක කණ්ඩායම නිපදවූ tC19Z නැමැති එන්සයිමය RNA ස්වයං ප්‍රතිවලිත කල හැකි අනුවක්.

R18 නැමැති RNA පොලිමරේස රයිබොසයිමයට පිටපත් කල හැකිව තිබුනේ නියුක්ලියෝටයිඩ 14 ක් පමණයි. මෙය අණුක පරිණාමිකව ගත්කල පැහැදිලි කල හැක්කක් නෙවෙයි. නව tC19Z එන්සයිමය නියුක්ලියෝටයිඩ 95 ක් පිටපත් කිරීමට සමත්. එපමණක් නොව එයට වෙනත් RNA එන්සයිමයක් පවා පිටපත් කල හැකියි. පලමු ස්ව-ප්‍රතිවලිත විය හැකි අණුව මතුවූ පසු එය වටා සහායක අණු සදාගන්නට හැකිවීම නිසා වඩා සංකීර්ණ අණු කරා පරිණාමික ක්‍රියාවලිය වේගවත් වන්නට ඇති බවයි ඔවුන්ගේ අදහස. හොලිගර් ඇතුලු කණ්ඩායම මේ සිදුකර ඇත්තේ ස්ව-ප්‍රතිවලිත විය හැකි RNA එන්සයිමයක් පර්යේෂනාගාරය තුල පරිණාමය වීමට සැලැස්වීමයි.

RNA ලෝකය නිමාවට පත්වන්නට ඇත්තේ සක්‍රිය RNA අණු, පෙප්ටයිඩ මගින් ප්‍රතිස්ථාපනය කල පරිවර්තන (Translation) ක්‍රියාවලියත් සමඟයි.

Science සහ daily galaxy ඇසුරෙනි.

Posted in Biology, Cell biology, Charles Darwin, DNA, Evolution, Gene, RNA, Science | Tagged: , , , , , , , , , , , , , , , , | 2 Comments »

පසුගිය වසරේ පෙරලිකාර විද්‍යාත්මක සොයාගැනීම – First Quantum Machine

Posted by dawkinssdodo මත ජනවාරි 26, 2011


මෙතෙක් කල් මෙලොව නිපදවුනු හැම යන්ත්‍රයක්ම නිව්ටෝනියානු චලිත නියම වලට අනුව ක්‍රියාමත්මක වු ඒවායි. පසුගිය වසරේ නිපදවුනු ඉතාම කුඩා යන්ත්‍රයක් ක්‍රියාකරන්නේ විකාර රූපී කොන්ටම් භෞතික විද්‍යා නියමයන්ට අනුව බවයි කියවෙන්නේ. සාමාන්‍යයෙන් කොන්ටම් භෞතික විද්‍යා නියමයන්ට අනුගතව ක්‍රියාකරන්නේ අණු, පරමාණු සහ උපපරමාණුක අංශු පමණයි. මේ ප්‍රාක්-කොන්ටම් යන්ත්‍රය නොයෙකුත් පර්යේෂන උපකරණ ගනනාවකට දොර විවර කරන අතරම සමහර විට “යතාර්ථය” පිලිබඳ අපේ දැකීම ප්‍රශ්න කරන්නට සමත් වනු ඇති.


එහෙත් මේ පලමු වතාවට මිනිසුන් සෑදු වස්තුවක චලිතය තුල කොන්ටම් යාන්ත්‍රනයට අනුගත වූ අවස්තාවක්.


ඉතා කුඩා නැනෝමීටර් ප්‍රමාණයේ පලලකින් සහ මයික්‍රෝමීටර් දිගකින් යුත් අර්ධසන්නායකයක් යොදාගෙනයි මීට කලින් පර්යේශණ කෙරුනේ. මෙවැනි දණ්ඩකට (ද්‍යෝලකය ) නියත සංඛ්‍යාතයක කම්පනය විය හැකියි, හරියට ගිටාරයක තතක් වගේ. කොන්ටම් යාන්ත්‍රනයට අනුව මෙවැනි දණ්ඩකට ශක්තිය කුට්ටි වශයෙන් උරාගැනීම හෝ පිටකිරීම කලහැකියි. ශක්ති කුට්ටි වල ප්‍රමාණය එහි සංඛ්‍යාතයට සමානුපාතිකයි. එහෙත් මේ වගේ කොන්ටම් චලිතයක් නිරීක්ෂනය කිරීමට නම් පලමුව මේ දණ්ඩ එහි ශක්තියේ අවම අගයට (ground state) ගෙන ආ යුතුයි. ඒ සඳහා මේ දණ්ඩ නිරපේක්ෂ උෂ්ණත්වය දක්වා සීත කල යුතුයි. එවිට දන්ඩේ දෝලන සංඛ්‍යාතය මැනීමට අපහසු වන තරම් කුඩා අගයක් ගන්නවා.


මීට විසඳුමක් ලෙස දණ්ඩක් වෙනුවට කිමිදුම් තට්ටුවකට සමාන ඉතා කුඩා උපකරනයක් ඇලුමිනියම් නයිට්‍රයිට් වලින් නිමවා ඒ උඩ ඇලුමිනියම් ආලේපනය කර නිපදවාගන්නට සමත් වුනා ඇමරිකානු පර්යේශණ කණ්ඩායමක්. එය කම්පනය වන්නේ එහි ගනකම වෙනස් කරමින් “හීනි” හෝ “මහත්” වෙමින්. තත්පරයට චක්‍ර හය බිලියනයක වේගයෙන් කම්පනය වෙද්දී ඇතිවන විද්‍යුත් ක්ශේත්‍රය මැනීම වඩා පහසුයි. ඉතාම වැදගත් දේ තමයි මේ විද්‍යුත් ක්ශේත්‍රය උපයෝගී කරගෙන මේ යාන්ත්‍රික උපකරණය ඉලෙක්ට්‍රොනික උපකරණයක් වන “ෆේස් කියුබිට්” (phase kubit) හා බද්ධ කිරීම. ෆේස් කියුබිට් යනු එක් අධි-ශක්ති අවස්තාවකත් එක් අඩු-ශක්ති අවස්තාවකත් පැවතිය හැකි අධිසන්නායක වලල්ලක්.


Science සඟරාව ඇසුරෙනි.


වැඩිදුර විස්තර

Posted in Philosophy, Physics, Science | Tagged: , , , , , , , , , | Leave a Comment »