Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ

Richard Dawkins, Evolution, Biology and Religion|පරිණාමය, ජීව විද්‍යාව සහ ආගම

Posts Tagged ‘Max Planck Institute for Psycholinguistics in Nijmegen’

භාෂා ජානය මොළය වර්ධනයට උපකාරී වේද ?

Posted by dawkinssdodo මත සැප්තැම්බර් 7, 2011


FOXP2 ජානය හඳුනාගනු ලැබුවේ වසර 2001 දී ය. ඒ වචන උච්චාරණය සහ තේරුම්ගැනීමේ දුබලතාවය පෙන්වු පවුලක් අධ්‍යනය කිරීමේදීය. මේ ජානය මිනිස් භාෂාව පරිණාමය වීමේදී විශේෂ භූමිකාවක් රඟ දක්වන්නට ඇතිබව විද්‍යාඥයෝ අනුමාන කළහ. සමහර සත්ව විශේෂ වල “සන්නිවේදනය” හෝ “භාෂණය” ට පවා මේ ජානය වැදගත් බව පෙන්වා දී තිබේ. සීබ්‍රා ෆින්චයන් අතර මේ ජානය විසින් නිපදවන ප්‍රෝටීනය, සාපේක්ෂව අඩු කුරුල්ලන් ට “කුරුලු ගීත” ඉගෙනීමට නොහැකි බව වෙනත් පර්යේෂකයන් පිරිසක් පෙන්වා දී තිබේ.

නෙදර්ලන්තයේ මැක්ස් ප්ලෑන්ක් පර්යේෂණාගාරයේ ස්නායූ-ජාන විශේෂඥයින් පිරිසක් මීයන්ගේ කළල මොළ, අධි සාන්ද්‍ර FOXP2 ප්‍රෝටීන ද්‍රාවනයක ගිල්වමින් එමගින් සක්‍රීය වන සහ අක්‍රීය වන අනෙකුත් ජාන ගැන නිරීක්ෂණය කළහ. තවත් ජාන 160 ක් මෙමගින් සක්‍රීය වූ අතර 180ක් අක්‍රීය විය. මේ ජානය අණුක ජීව-සඥා පත (Molecular signaling pathways) වල කේන්ද්‍රීය ප්‍රෝටීනයක් බවට අනුමාන කරන්නට මෙනිසා හැකිවී තිබේ.

නියුරෝනයක් තවත් නියුරෝනයක් සමඟ සම්බන්ධ වන උපාංග වර්ධනය, මේ ප්‍රෝටීනය අඩුවුවහොත්, සැලකිය යුතු ලෙස අඩාල වන බවත් පෙන්වා දී තිබේ. මේ නියුරෝනික උපාංග මොළය වර්ධනයේදී සහ ඉගෙනීමේදී විශාල කාර්‍යභාරයක් ඉටුකරයි. එහෙත් තවමත් FOXP2 ජානය මිනිස් භාෂණයට දායක වන අයුරු පැහැදිලි නැත. FOXP2 ජානය රහිත මීයන් මූලික චාලක හැකියාවන්ගේ දුර්වලතා පෙන්වන බැවින් මේ ජානය භාෂා හැකියාවට වඩා චාලක අංශයට බලපාන්නක් විය හැකියි.

කතා කිරීම යනු ඉතාම සංකීර්ණ තොල් සහ දිව චලනය කිරීම් වලින් අනූන ඉතාම අභියෝගාත්මක ක්‍රියාදාමයක්!

සයිමන් ෆිෂර් (Simon Fisher) ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමේ මේ සොයාගැනීම කීර්තිමත් PLoS Genetics සඟරාවේ පළවිය.

Science ඇසුරෙනි.

ඡායාරූපය Simons Foundation Autism Research Initiative න් උපුටා ගැනින.

Posted in Biology, Cell biology, DNA, Gene, Language, Molecular Biology, Science | Tagged: , , , , , , , , | 3 Comments »