මේ සටහන තැබෙන්නේ ඊට පූර්විකාවක් වු සොඳුරු සිත විසින් කරන ලද පාඨක ප්‍රතිචාරයක් නිසාය.
ඔවුන් අත නොතබා ඇති යමක් නොමැති තරම්ය. ඔබේ කෑම මේසය මත ඇති බත්, බණ්ඩක්කා, අබ, තෙල්, මල් ගෝවා ආදී සියල්ලම ඔවුන්ගේ ග්රහනයට යටත්ව ඇත්තේය. යම් බීජයකට අයිතිවාසිකම් කිව හැකි බව සම්මතය වූ පසු, එම බීජ පාවිච්චි කරන හැම වරකම ඒ වෙනුවෙන් කුලියක් අයකර ගත හැක. ඔවුන් මත යැපෙමින් හැම බෝගයක්ම වවන්නට සිදු වනු ඇත. ඔවුන් මත යැපෙමින් හැම බීජයක්ම පැලකරන්නට සිදුවනු ඇත. ශාක බීජ වල අයිතිය ඔවුන් සතු නම් අවසානයේ ආහාර වල අයිතිය, පාලනය ඔවුන් සතුවේ. ඒක තුවක්කු බෝම්බ වලට වඩා බලගතු උපක්රමික අවියක්. ලෝකය තුල විවිධ ජන සමූහ පාලනය කල හැකි හැකි හොඳම ක්‍රමය එයයි. කතාව ඇරඹෙන්නේ ධවල මන්දිරයෙනි. මොන්සැන්ටෝ (Monsanto) නම් සමාගම විසින් ධවල මන්දිරයේ එක්සත් ජනපද ප්‍රතිපත්ති සම්පාදකයන්ට බලපෑම් කිරීමේ අරුම පුදුම හැකියාව කතාවේ ඇරඹුමයි. උදාහරණයක් ලෙස අනූ ගනන් වල එක්සත් ජනපද ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ (FDA) නියෝජ්‍ය කොමසාරිස් ලෙස පත්වන පුද්ගලයා කලින් මොන්සැන්ටෝහී නීතිඥයෙක් ලෙස රැකියාව කල කෙනෙක්. මොහු ජාන විකරණය (GM, GE) කරන ලද ආහාර සහ බෝග එක්සත් ජනපදය තුල අනුමත කිරීම සඳහා තීරණාත්මකව මැදිහත්වනවා. ඔහුගේ සේවා කාලයෙන් පසු ඔහු නැවත එම සමාගමේම උප සභාපතිවරයා ලෙස වැඩ බාරගන්නවා.
මේ වගේ මොන්සැන්ටෝ සහ රාජ්‍ය ආයතන අතර ඇති ඉතා සමීප සම්බන්දතා වලට පිංසිද්ද වෙන්න ජාන විකරණය කල ආහාර සහ බෝග එක්සත් ජනපදය තුල විකිනෙන්නේ නියමාකාරයේ පරීක්ෂාවකින්, පර්යේෂණයකින්, ලේබලයකින් තොරව, පරිභෝජනයට සුදුසු බව පිලිබඳ සැක මතු කරමින්. අනිත් අතට එක්සත් ජනපදයේ මුලු ජාන විකරණය කරන ලද බීජ වලින් 90% ක්ම සපයන්නේ මොන්සැන්ටෝ. මොන්සැන්ටෝගේ අදිසි හස්තය නිසාම එක්සත් ජනපද ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය තම පාලනාධිකාරියේ විද්‍යාඥයින්ගේ අවවාද, අනතුරු හැඟවීම් පවා නොසලකා හැරියා. අල්ලස් දීම, නොමඟ යවන වෙලඳ දැන්වීම් සහ විද්‍යාත්මක පර්යේෂණ වල දත්ත සැඟවීම ඔවුන්ගේ අනිකුත් උපාය මාර්ගයි.
මේ Top documentary films හි පලවූ විස්තරයක පරිවර්තනයකි.
The world According to Monsanto වාර්තා චිත්‍රපටය ඔවුන් ගැන නිපද වූවක්.
Posts Tagged ‘GM food’
ජාන විකරණය කරන ලද ආහාර පිටුපස රහස: මොන්සැන්ටෝ
Posted by dawkinssdodo මත අප්‍රේල් 18, 2011
Posted in Biology, Cell biology, Culture, DNA, Freedom of expression, Gene, Genetic data, Life, Molecular Biology, RNA, Science | Tagged: agent orange, bovine growth hormone, GE food, GM food, Marie-Monique Robin, Monsanto, PCB, the world according to monsanto | 6 Comments »
ගොන්නුන්ට එරෙන මිනිස් මව්කිරි
Posted by dawkinssdodo මත අප්‍රේල් 5, 2011
චීනයේ බෙයිජිං කෘෂි විශ්වවිද්‍යාලයේ ජාන තාක්ෂණ විද්‍යාඥයින් පිරිසක් විසින් පලමු වරට මිනිස් ජාන එලදෙනුන්ට හඳුන්වා දීමෙන් මිනිස් මව්කිරි නිපදවන්නට සමත් වී තිබෙනවා. මෙසේ ජාන විකරනය (genetically modified) කරන ලද එලදෙනුන් 17ක් මේ පර්යේෂණයට යොදාගෙන තිබේ. ඇත්තටම මේ එළදෙනුන් ක්ලෝනිකරනය කරන ලද ජාන විකරනය කරන ලද සතුන්. මේ පිලිබඳ පර්යේෂණ පත්‍රිකාව ප්ලොස් වන් (PLoS ONE) සඟරාවේ පලවුනා. මිනිස් ප්‍රෝටීන වන ලයිසොසයිම්, ලැක්ටොෆෙරින් සහ ලැක්ටොඇල්බියුමින් අඩංගු ” මව්කිරි” නිපදවන්නට මේ එළදෙනුන්ට හැකි වූ බවයි පර්යේෂණ පත්‍රිකාවේ සඳහන් වන්නේ. මෙම ප්‍රෝටීන අලුත උපන් දරුවන්ගේ ප්‍රතිශක්තිය දියුනු කරමින් ආසාදන වලට එරෙහිව සටන් කරන්නට උදව්වනවා. මේ “මව්කිරි” වෙලඳපොලට නිකුත් කිරීමට තවත් අවුරුදු 10ක් පමණ ගත විය හැකියි. ඒ මිනිස් පරිභෝජනයට සුදුසු දැයි පර්යේෂණ කර මේ මව්කිරි වල ආරක්ෂිත බව නිට්ටාවට නිශ්චය කර ගත යුතු නිසා.
ක්ලෝනීකරනය (cloning) කරන ලද මිනිස් ජාන හොල්ස්ටයින් කිරි එළදෙනුන්ගේ ඩී.එන්.ඒ (DNA) වලට හඳුන්වා දීමෙන් පසු, එලෙස ජාන විකරණය කරන ලද කළල, දාරක එළදෙනුන් තුල වර්ධනය කිරීමෙනුයි මේ පර්යේෂණය සිදු කෙරුනේ.
PLoS ONE සහ Daily Telegraph ඇසුරෙනි.
පින්තූරය Daily Telegraph පුවත්පතෙන් උපුටා ගැනින.
Posted in Biology, Cell biology, Culture, Gene, Life, Molecular Biology, religion, Science | Tagged: Bin Yang, breast milk, cattle, china, China Agricultural University, genetically modified, GM food, Ning Li, State Key Laboratory for Agrobiotechnology | 6 Comments »