Dawkinsia Singhala විශේෂයේ ඡායාරූපයක්
ශ්‍රී ලාංකීය විද්‍යාඥයෝ නව මත්ස්‍ය ගණයකට ලෝක ප්‍රසිද්ධ පරිණාම විද්‍යාඥයෙකු සහ නිර්-ආගමික ව්‍යාපාරයේ ප්‍රබලයෙක් වන රිචඩ් ඩෝකින්ස්ගේ නම තබා තිබේ. අවුරුදු 8 ක කාලයක් තුළ කෙරුණු පර්යේෂණය තුළ මේ නැවත-වර්ගී කරණයට DNA, සැකිලි පද්ධතිය සහ ව්‍යුහ විද්‍යාව උපයෝගී කරගනු ලැබීය. මෙම මත්ස්‍ය ගණයට විශේෂ 9 ක් අයත්වේ.
“ඩෝකින්සියා” (Dawkinsia) යනුවෙන් නම් කල මේ ගණය මීට පෙර වර්ගීකරණය තිබුණේ මත්ස්‍ය විශේෂ 120ක් පමණ අයත් වන පුන්ටියස් (Puntius) ගණයටය. පර්යේෂක කණඩායමේ ප්‍රධාන පර්යේෂක රොහාන් පෙතියාගොඩ ඉන්දියාව සහ ලංකාවේ තුළ කෙරුණු පුළුල් ගවේශණයකින් පෙන්වා දෙන්නේ, මේ මත්ස්‍යයින් අතර විවිධත්වය කලින් සිතුවාට වඩා විශාල බවයි.
“ඩෝකින්ස් ගේ රචනා නිසා විශ්වය කොතරම් ලස්සන විස්මිත තැනක්ද යන්න කිසිම ආගමකට නොහැකි අයුරින් විස්තර කිරීම ඩෝකින්ස් ගේ නම මෙම මත්ස්‍ය ගණයට තැබීමට හේතු වූ එක කරුණක්” යැයි පෙතියාගොඩ පවසයි.
“ඩෝකින්සියා ගණය හැමටම කරන මතක් කිරීමක් වෙයි පරිණාමයේ අලංකාරය සහ සරලත්වය පිළිබඳව. පරිණාමය පමණයි සිතාගත නොහැකි තරම් වූ ජීවයේ විවිධත්වයට ඇති එකම සහේතුක පැහැදිලි කිරීම.” පෙතියාගොඩ තව දුරටත් පැවසුවේය.
SOURCE
Research Article
පින්තූරය – The Telegraph