Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ

Richard Dawkins, Evolution, Biology and Religion|පරිණාමය, ජීව විද්‍යාව සහ ආගම

Posts Tagged ‘Allah’

දෙවියන් වහන්සේ / අල්ලාහ් ට කොකා පෙන්නන බස්

Posted by dawkinssdodo මත අගෝස්තු 6, 2010

“ප්‍රබෝධමත් සහ සාමකාමී” නිර් ආගමික (Atheist) පණිවිඩය මහාබ්‍රිතාන්‍යයේ බස් රථ දැන්වීම් හරහා ජනතාව අතරට “ගෙන යෑමේ ව්‍යායාමයයි- Atheist Bus Campaign/ නිර් ආගමික බස් ව්‍යාපාරය. මෙය ක්‍රියාවට නැගුනේ බ්‍රිතාන්‍ය ප්‍රහසන ලේඛිකා Ariane Sherine සමඟ බ්‍රිතාන්‍යය මානවවාදී ව්‍යාපාරය (British Humanist Association) සහ රිචඩ් ඩෝකින්ස් ගේ නිල සහයෝගය ඇතුව 2008 ඔක්තෝබර් 21. එහි පලමු ඉලක්කය වුනේ “There’s probably no God. Now stop worrying and enjoy your life/ දෙවියෙක් නැත, දැන් බිය නොවී ජීවිතය සතුටින් විඳින්න” යන පාඨය රැගත් බස් රථ 30ක් ලංඩනය තුල සති හතරක් ධාවනය කිරීමට පවුම් 5500ක මුදලක් රැස්කිරීමයි. මුදල් එකතු වුනේ මහ ජනතාවගේ පරිත්‍යාග වලින්. 2008 ඔක්තෝබර් 24 වන විට පවුම් ලක්ෂයක් මහජනතාව විසින් පරිත්‍යාග කර හමාරයි.


2009 ජනවාරියේ පලමු බස් දැන්වීම් ප්‍රදර්ශනය වුනා. බස් 800ක් පමණ මුලු බ්‍රිතාන්‍යය පුරා ධාවනය වෙනවා මේ දැන්වීම් සමඟ. ඊට අමතරව මේ වගේ දැන්වීම් 1000ක් ලංඩනයේ උමං දුම්රිය ස්තාන වල ප්‍රදර්ශනය කරන්නට සැලසුම් කර තියෙනවා.

වොෂින්ටනයේ මෙවැනිම බස් රථ දැන්වීම් ව්‍යාපාරයක් ඇරඹුනා, බ්‍රිතාන්‍යය ව්‍යාපාරයෙන් ආභාෂය ලබමින්. එහි පාඨය වුනේ “Why believe in a God? Just be good for goodness’ sake ” ඔස්ට්‍රේලියාවේ මීට සමගාමී ව්‍යාපාරයක් ඇති කිරීමට කටයුතු යොදා තිබුනත් මතභේදකාරී කරුණු ප්‍රදර්ශනයට බස් සමාගම් කැමැති වී නැහැ. ඉතාලියේත්, ස්පාඤ්ඤයේත්, ජ’මනියේත්, කැනඩාවේත්, නවසීලන්තයේත්, ස්වීඩනයේත් මීට සමගාමී ව්‍යාපාර ඇරඹුනා.

මේ බස් රථ එකක්වත් කිසිම අනතුරකට ලක් නොවී ධාවනය වූ බවයි කියවෙන්නේ.

මේ වොෂින්ටනයේ දැන්වීම


මේ ඉතාලියේ දැන්වීම


මේ ජ’මනියේ දැන්වීම

දෙවියන්/ අල්ලා පිලිබඳ ජීව විද්‍යාත්මක විග්‍රහය??

Advertisements

Posted in Atheism, Evolution, Freedom of expression, religion, Richard Dawkins | Tagged: , , , , , , , , , , , , , | 8 Comments »

ගෝඩ් මීමය හෙවත් දෙවියන් වහන්සේ \ අල්ලාහ් විස්තර කිරීම

Posted by dawkinssdodo මත ජූලි 30, 2010



මීම් (Meme)  යනු ඩෝකින්ස් හැදු වචනයක්, ඔහුගේ  Selfish Gene කෘතියෙදී පලමු වරට මුද්‍රනය වුනු. මීම් (Meme) යනු ජීන් (Gene)  හා සමගාමී වීමට තැනූවක්. වචනය හැදුනේ ඉංග්‍රීසි -Imitation- අනුකරනය සහ ග්‍රීක මූලය වන -Mimeme- යන්නෙන්. ජානයකට ප්‍රතිවලිතවෙමින් (Replicate-දෙගුන වෙමින් මුල් ජානය ආකාරයේ ම අනු පිටපතක් නිර්මාණය )  ඊලඟ පරම්පරාවට ගමන් කරන්නට පුලුවන් බව අප හැම දන්නවා. එසේ ප්‍රතිවලිත වීමෙදී DNA අනුව විකෘති වීම නිසා තමයි නව එහෙත් සුලුවෙනස් කම් ඇතිවන්නෙ. මෙලෙස ජානයක් නොනැසී එක් පරම්පරාවකින් තව පරම්පරාවකට යනවා, සමහර විට වෙනස්කම් නිසා නව වඩා හොඳ ලක්ෂන (ඒ අවස්තාවේ පරිසරයට සාපේක්ශව ) ලැබෙනවා. නරක ලක්ෂනයක් (ආයිත් ඒ අවස්තාවේ බාහිර පරිසරය තමයි පෙරහනය!) නම් ප්‍රතික්ශේප වෙනවා. ඩෝකින් මේ ජානයක් වරණය වීම හා නැවත ප්‍රතිවලිත, හෝ ප්‍රගුනණය වීමට ඇති හැකියාව තමයි සුවිෂේශීම ලක්ෂනය විදියට දැක්කෙ.

මේ විශ්වයේ කොතැනක ජීවය තිබුනත් ඒ සඳහා අවශ්‍ය වන මූලිකම ලක්ෂනය නම් ප්‍රතිවලිත විය හැකි ඒකකයක් තිබීමයි. ජානය හෝ DNA අණුව තමයි අපේ ලෝකය සම්බන්දයෙන් මේ ප්‍රතිවලිත විය හැකි අණුව.

තවත් මේ විදියට ප්‍රතිවලිත විය හැකි ප්‍රතිගුනකයන් වර්ගයක් අපේ ඇස් ඉදිරිපිටම සිටින බව ඩෝකින්ස් නිරීක්ෂනය කලා. ඒ අන් කිසිවක් නොව මිනිස් සංස්කෘතිය තුල නිපදවෙන සංගීත කන්ඩ, විලාසිතා, අදහස්. එසේත් නැතිනම් මල්පෝච්චි වල හෝ ගොඩනැගිලි ආරුක්කු වල හැඩය.  මිනිස් සංස්කෘතිය තුල බිහිවෙන මේ නව ප්‍රතිගුණකය සංස්කෘතික දැනුම සම්ප්‍රේශනය කරන ඒකකයක්. අනුකාරකයක්. ඒ අනුකාරකය , නව ප්‍රති ගුනකය තමා මීමය (MEME).

ජානයක් ශුක්‍රානු සහ ඩිම්බ හරහා සිරුරෙන් සිරුරට පනිමින් ජාන සංචිතය (Gene pool-ජාන එකතුව) තුල ව්‍යාප්ත වෙනවා මෙන්, මීමය ත් මීම් සංචිතය (Meme pool)  තුල ව්‍යාප්ත වෙනවා මිනිස් මොලයෙන් මොලයට පනිමින්. ඉතා පුලුල් ලෙස සැලකුවොත් මේ මොලයෙන් මොලයට පැනීම සඳහා උදව් වෙන්නෙ අනුකරනය. උදාහරනයක් විදියට විද්‍යාඥයෙක් නව විද්‍යාත්මක න්‍යායක් ගැන කියෙව්වොත් හෝ ඇසුවොත්, ඔහු ඒක බෙදා හදා ගන්නවා තම සිසුන් සහ මිතුරන් සමග. මේ අදහස ගැන ඔහුගේ දේශන සහ පර්යේශන පත්‍රිකා වල සදහන් කරනවා. ඇත්තටම මේ අදහස පිලිගැනීමකට ලක්වුනොත් එය ව්‍යාප්ත වෙනවා මොලයෙන් මොලයට පනිමින්. ඇත්තටම සාරවත් මීමයක් ඔබ මගේ සිතේ තුල තැන්පත්කිරීම මගින් වෙන්නේ මගේ මොලය තුල මීම-අසාදනයක් (Meme infection) ඇති කිරීම, එසේත් නැතිනම් මීම-පරපොෂිතයෙක් ඇතුලු කිරීමයි. මෙසේ සිත් ඇදගන්නා, සමාජීයව අනුමත වන සියලු සංස්කෘතික දැනුම, හරියට වෛරසයක් වගේ එකිනකාගෙන් අනිකාට පැතිරෙනවා. බොබ් මාලිගේ සිංදුවක් ගත්තත්, මොසාට් ගේ හරි බීතොවන් ගේ හරි සංගීත කණ්ඩයක් ගත්තත් ඒක අප අතර පැතිරෙන්නෙ ඒක සාර්තක මීමයක් නිසා.

දෙවියන් වහන්සේ \ අල්ලාහ් ත් මේ වගේ මීමයක්. ඒක මීම පොකුනේ මතු වුනේ කොහොමද කියල හරියටම කියන්න බැරි වුනාට ඒක ඉතාම පැරණි මීමයක්. ඒක ප්‍රතිවලිත වෙන්නේ කොහොමද? කටින් කට පැතිරෙනවා වගේම ශුද්ධවූ පොත්පත්, ලේඛන, විශිෂ්ඨ සංගීතය සහ විශිෂ්ඨ සිත්තම් නිසා.  ඒ මීමයට අනෙක් මීමයන්ට වඩා වැඩි පැවැත්මක් (උන්නති  වටිනාකමක් -Survival Value) ලැබෙන්නේ ඇයි? වෙනත් වචන වලින් කිව්වොත් දෙවියන්\අල්ලාහ් කියන අදහසට මිනිස් සංස්කෘතිය තුල වැඩි ස්ථායි තාවයක් , ලැදියාවක් ලැබෙන්නේ ඇයි?? ඒ අඛණ්ඩ පැවැත්මට ඇති හැකියාව (උන්නති වටිනාකම) දෙවියන් \ අල්ලාහ් කියන මීමයට ලැබෙන්නෙ එහි ඇති සුවිශාල මනෝවිද්‍යාත්මක ආකර්ෂනය නිසා.

දෙවියන් වහන්සේ \ අල්ලාහ් කියන මීමය මෙලොව ඇති අසාධාරන කම්, අයුක්තිසහගත ක්‍රියා එලොවදී නැති කරන්නට පොරොන්දු දෙනවා. වැරදි කාරයන්ට දඩුවම් දෙන්න පොරොන්දු වෙනවා. අපේ පැවැත්ම සහ මරණය ගැන නැගෙන අති සංකීර්ණ ගැඹුරු ප්‍රශ්න වලට නොගැඹුරු, අවිචක්ෂණ, සීනිබෝල- උත්තර දෙනවා. ජීවිතයේ නොයෙක් අවිනිශ්චිත අමිහිරි අවස්තාවලදී අදිසි හස්තයක් අප ආරක්ෂා කරන බව මවාගන්නට උදව්වෙනවා. මේ නිසා තමයි අවුරුදු දහස් ගනණක් තිස්සේ මේ මීමය ඉතා සාර්තකව එකිනෙකාගේ මොල ආක්‍රමනය කරමින් පරම්පරා සිය දහස් ගනණක් තිස්සේ පැතිරෙන්නේ. දෙවියන් \ අල්ලාහ් කියන මීමය මේ තරම් හොඳින් පිටපත් වෙන්නෙත් ඒ නිසා. දෙවියන් \ අල්ලාහ් පවතින්නේ මීමයක් ලෙස , එහි ඉහල ආසාදන අගය, උන්නති අගය හේතුවෙන් මිනිස් සංස්කෘතිය තුල පමණයි.

මෙය ඩෝකින්ස් ගේ Selfish Gene කෘතියේ එන Memes: The new replicators පරිච්ඡේදය ඇසුරෙන් ලියවිණි.


Posted in Biology, Culture, Evolution, Meme, Philosophy, religion, Richard Dawkins, Science | Tagged: , , , , , , , , , , , , , , , | 11 Comments »