Author Archive
Posted by dawkinssdodo මත දෙසැම්බර් 18, 2013
Posted in Uncategorized | 1 Comment »
Posted by dawkinssdodo මත නොවැම්බර් 1, 2013
අධෝවාත හෙවත් පඩ යනු යවන කෙනා පමණක් නොව අවට සිටින්නන්ද මහත් අපහසුතාවයට පත්කරන්නකි. එංගලන්තයේ සෞඛ්‍යාරක්ෂක පාරිභෝජන භාණ්ඩ නිපදවන සමාගමක් පඩ ගඳ නිෂ්ක්‍රිය කළහැකි යට ඇඳුමක් නිෂ්පාදනය කර තිබේ. මේ සඳහා උපයෝගී කරගෙන ඇත්තේ රසායනික අවි භාවිතයේදී විශවායු පෙරීමට යොදාගන්නා අමුද්‍රව්‍යයකි. මෙම යට ඇඳුම් සෝර්ෆ්ලෙක්ස් (Zorflex ) නමින් හැඳින්වෙන මේ අධි-උරාගැනීමේ ගුණයෙන් යුතු සක්‍රිය කාබන් වලින් නිමවා ඇති “පඩ-පෙරන” යකින් සන්නද්ධ කර තිබේ. සාමාන්‍ය පඩයක ගඳ මෙන් 200 ගුණයක ගඳක් මේ පඩ-නිෂේධක යට ඇඳුමට සම්පූර්ණයෙන්ම නිෂේධනය කල හැකි බව නිෂ්පාදකයෝ පවසති. යට ඇඳුම සේදීමෙන් නැවත එය සක්‍රිය කරගත හැක. මෙම නිෂ්පාදනය ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධ රෝගවලින් පීඩා විඳින්නන්ට මහත් අස්වැසිල්ලක් වනු ඇත. විලාසිතා ආකාර කීපයකින් මේ පඩ-නිෂේධක යට ඇඳුම් වෙළඳපොළට හඳුන්වා දී ඇත්තේ Shreddies නම් සමාගමයි.
Soletron.com වෙතින් උපුටා ගන්නා ලදි
Posted in Uncategorized | 11 Comments »
Posted by dawkinssdodo මත අගෝස්තු 22, 2013
මිනිසුන්ට වර්ණදේහ යුගල 23 ක් තිබේ. ඩවුන්ස් සින්ඩ්‍රෝමය (Down’s Syndrome ) ඇතිවන්නේ 21 වැනි වර්ණදේහයේ අක්තිරික්ත පිටපතක් නිසායි. මේ හේතුවෙන් ඉගෙනීමේ දුර්වලතා, ඇල්සයිමර් රෝගයට ගොදුරු වීමේ අවදානම, රුධිරාබාධ සහ හෘදය ආශ්‍රිත ආබාධ ඇතිවේ.
ජාන චිකිත්සාවේදී මෙතෙක් කල් යොදාගන්නා ලද්දේ තනි ජානයක් නිහඬ කිරීම හරහා ජාන සම්බන්ධ ප්‍රවෙණිගත රෝග වලට ප්‍රතිකර්ම සෙවීමයි. මැසචුසෙට්ස් සරසවියේ සෛල විද්‍යාඥයින් තනි ජානයක් එක් කිරීමෙන් අක්තිරික්ත 21 වැනි වර්ණදේහයම නිහඬ කරන්නට සමත් වී තිබේ. මෙමගින් රෝගකාරක සෛලීය සහ අණුක ජීව සංඥා පත හඳුනාගෙන ඉලක්ක ප්‍රතිකර්ම නිර්මාණය කල හැකිවෙතැයි පර්යේෂකයෝ බලාපොරොත්තුවෙති.
මෙහිදී සෛල විද්‍යාඥයින්ගේ ප්‍රවේශය වූයේ ස්වභාවිකව ගැහැණු මැමේලියානු සෛලවල දක්නට ලැබෙන X වර්ණදේහ දෙකින් එකක් නිහඬ කිරීමේ ක්‍රමවේදය ඩවුන්ස් සින්ඩ්‍රෝමය පෙන්වන සෛල තුළ ක්‍රියාත්මක කිරීමයි. ස්වාභාවික ගැහැණු මැමේලියානු සෛලවල X වර්ණදේහ දෙකින් එකක XIST (X Inactive Specific Transcript ) ජානය සක්‍රිය වීම මගින් එම සක්‍රිය ජානය ඇති X වර්ණදේහය පමණක් නිහඬ කෙරේ. නිහඬ කිරීම සිදුවන්නේ සක්‍රිය වුණු XIST ජානය මගින් නිපදවන RNA අනු මගින් එම වර්ණදේහය වසා ගැනීම නිසා අනෙකුත් ජාන වල ජාන ප්‍රකාශනයට බාධා පැමිණවීමෙනි.
ඩවුන්ස් සින්ඩ්‍රෝමයෙන් පෙළෙන පුද්ගලයෙක්ගෙන් ලබාගත් සෛල වල 21වැනි වර්ණදේහ පිටපත් තුනෙන් එක් පිටපතකට XIST ජානය ඇතුළත් කල සෛල විද්‍යාඥයින් එම ජානය ඩොක්සිසයික්ලින් නම් සුලභව භාවිතාකරන “අණුක ජීව ස්විචයක්” හරහා අවශ්‍ය විටෙක පමණක් සක්‍රිය කල හැකි අයුරින් නිමවන ලදි. ඩොක්සිසයික්ලින් සෛල වර්ධනය වන මාධ්‍යයට එක් කල විට 21 වැනි අක්තිරික්ත වර්ණදේහයේ පවතින, (සින්ඩ්‍රෝමයට තුඩු දෙන) ජාන ප්‍රකාශනය සැලකිය යුතු ලෙස අඩුවිය. මෙම නව වර්ණදේහ “නිහඬ” කිරීම සිදුකර ඇත්තේ විවිධ පටක වලට විශේෂණය විය හැකි මූලික වර්ධක සෛල (Induced Pluripotent Stem cells ) වල බැවින් විවිධ අවයව වලට ඩවුන්ස් සිඩ්‍රෝමය බලපාන ආකාරය හැදැරීමට හැකිවනු ඇත. මෙම ක්‍රමයේ අවාසියක් වන්නේ 21 වැනි වර්ණදේහයේ සියලුම ජාන සක්‍රිය XIST මගින් අකර්මණ්‍ය නොවේ නම් එමගින් පර්යේෂණ දත්ත අවුලට පත්වීමට ඇති හැකියාවය.
මෙම පර්යේෂණය නේචර් සඟරාවේ පළවිය.
BBC සහ Nature News ඇසුරිනි.
Posted in Cell biology , DNA , Gene , Genetic data , Molecular Biology , Physiology and Medicine , Science , Stem cells | Tagged: chromosome silencing , Downs syndrome , Gene expression , trisomy 21 , X inactivation , XIST | 8 Comments »
Posted by dawkinssdodo මත ජූලි 19, 2013
මිනිසුන්ගේ “අසාමාන්‍ය” ලිංගික චර්යාවන් අප පිළිකුලෙන් ප්‍රතික්ෂේප කළද, ඇත්ත නම් ඒ බොහෝ චර්යාවන් සත්ව ලෝකය තුළ දක්නට හැකි වීමය.
ප්‍රේම සම්බන්ධතා මෙන්ම ලිංගික ක්‍රියාවන්ද ඉතා සංකීර්ණය. අති සාර්ථක පෙම් සබදතා පවා වරදවා වටහාගැනීම් වලින් පලුදු වීමේ අවදානම ඉතාම ඉහළය. එවන් පසුබිමක, ඔබේ ලිංගික ෆැන්ටසිය සාමාන්‍ය සංස්කෘතික සීමාවන්ගෙන් පරිබාහිර අසම්මත එකක් බව ඔබේ සහකරුට කියන්නට සිදුවුවහොත්??
එහෙත් රහසක් එළි කරන්නටයි මේ සූදානම. සමාජ නිර්ණායක අනුව “අසම්මත” යැයි ගැනෙන “සාමාන්‍ය” ලිංගික චර්යාවෙන් අපගමනය වූ බොහෝ ලිංගික ක්‍රියාකාරකම් සත්වලෝකයේ යම් විශේෂයක එදිනෙදා “සාමාන්‍ය” ලිංගික චර්යාවන් බවට ඔබට චකිතයකින් තොරව සහතික විය හැකියි. නිදන කාමරයේ ආහාර සමඟ කරන සෙල්ලම් හෝ අසාමාන්‍ය තැන් වලදී කරන ලිංගික එක්වීම් ආදිය නොව ඊටත් එහා සංස්කෘතික සහ සමාජීය මායිම් බිඳ දමන්නට ඔබ සුදානම් නම් ඔබට බොහෝවිට සත්ව ලෝකය තුළ එය දැනටමත් සිදුවන බව පෙනෙනු ඇත.
උදාහරණයක් ලෙස ජිරාෆයන් ගන්න. පිරිමි ජිරාෆයා තමාට සුදුසු සහකාරිය තෝරාගන්නේ ඇයගේ මුත්‍රා “රස බැලීමෙනි”! ගැහැණු ජිරාෆිය මේ මුත්‍රා පරීක්ෂණයට අවනත වන බවයි පර්යේෂකයන් වන ඩේවිඩ් ප්‍රැට් සහ ව’ජිනියා ඇන්ඩ’සන් පෙන්වා දෙන්නේ. ජිරාෆයා තම හොම්බ ජිරාෆියගේ නිතඹේ අතුල්ලන විට ජිරාෆිය මුත්‍රා දහරාවක් විදී. ජිරාෆයා මේ මුත්‍රා දහරාවට මුව තබා මුත්‍රා රස විඳියි. යම් ලෙසකින් ජිරාෆිය පිරිමි සතෙකුට විශේෂ ආකර්ෂණයක් ඇත්නම් (හොම්බෙන් ඇනීමකින්, ඇතිල්ලීමකින් තොරව ) පිරිමි සතා තමා ළඟින් යන විට මුත්‍රා කරනු ඇත. Urolagnia හෙවත් රන් දිය දහර (Golden showers) යනුවෙන් හඳුන්වන ලිංගික චර්යාව තව දුරටත් මිනිසුන්ගේ නිර්මාණයක් නොවන බව පෙනේ.
ජිරාෆයන්ගේ සමාජ තීරණ මුත්‍රා මත නිර්ණය වෙද්දී හිපපොටේමසයන් මළපහ මත විශ්වාසය තබයි. මළපහ-වැස්සේ කෘත්‍ය සහ අරමුණ තාමත් අවබෝධ කරගෙන ඇත්තේ අඩ වශයෙන් බවයි, ජීව විද්‍යාඥ රිචඩ් එස්ටීස් ගේ මතය. ප්‍රමුඛ පිරිමි සතා තම ප්‍රදේශයේ මායිම් ලකුණු කිරීමට මළපහ කරන බව පැහැදිලි කරුණකි. ඇල්බ’ටා සරසවියේ ඊ.එල්. කාර්ස්ටඩ් සහ ආර්. ජේ හඩ්සන් විස්තර කරන ආකාරයට ප්‍රමුඛ හිපපොටේමසයා ගං ඉවුර මතට සරුසාර මළපහ ප්‍රමාණයක් දමන අතරම තම වලිගය දැඩිව වනමින් ඒ මළපහ මීටර් දෙකක් තරම් දුරට විසිරුවා හරියි. එහෙත් මළපහ විසුරුවා හැරීම තම බල ප්‍රදේශය ලකුණු කිරීමට පමණක් සීමා නොවන බව ඔවුන්ගේ මතයයි. ප්‍රමුඛ පිරිමි හිපපොටේමසයා ගැහැණු සතුන් වෙත පැමිණෙන විට ගැහැණු සතුන් ප්‍රතිචාර දක්වන්නේ පසෙකට හැරී හිස බිමට නවා නිතඹ උස්සා මළපහ කරන අතරම වලිගය සෙමෙන් වැනීමෙන්ය. මෙවැනි අවස්ථාවල මළපහ විසුරුවා හැරීම යටහත්පහත් බව සංකේතවත් කරයි. Coprophilia යනුවෙන් හැදින්වෙන මළපහ සම්බන්ධ මිනිස් ලිංගික චර්යාවන් ඇමරිකානු මනෝ චිකිත්සා සංගමයේ මානසික ආබාධ අත්පොතේ ද (DSM ) වර්ගීකරණය කර ඇතිමුත් රෝග විනිශ්චයේදී, මෙම ක්‍රියා සුවිශේෂී සායනික මට්ටමේ පිඩාවකට පත්කරන, හෝ සමාජ සහ වෘත්තීය ක්‍රියාකාරීත්වයන්ට හානි කරන විට පමණක් සලකා බැලේ.
ලිංගික ෆැන්ටසි, මුත්‍රා සහ මළපහ වලට පමණක් සීමා නොවේ. සමහරු ගොරහැඩි, කර්කශ ලිංගික ක්‍රියාවලට කැමැත්තක් දැක්වුවත් එක්තරා මෝරුන් විශේෂයක (Carcharhinus melanopterus) ලිංගික චර්යාවට සම කරන්නට නම් මිනිසුන්ට නොහැකි වනු ඇති. ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාඥ ඩග්ලස් ජේ. මැකාවුලේ ප්‍රධාන පර්යේෂකයන් විස්තර කරන අන්දමට පිරිමි මෝරා ගැහැණු මොරාගේ පසුපස වරල සපාකමින් තම ග්‍රහණයට නතු කර ගනී. මින් පිහිනීමේ වේගය මන්දනය වන අතර නැවතත් පිරිමි මෝරා ළය පෙදෙස සපාකමින් ගැහැණු මෝරාව ග්‍රහණය කර මුහුදු පහුලේ වැලි මතට යොමුකරවමින් තත්පර 68 කදී පමණ ලිංගික ක්‍රියාව නිමකරයි. මෝරුන් පිළිබඳ විද්‍යාඥයෙක් වන ඩේවිඩ් සිෆ්මන් ට අනුව “ලිස්සන සුලු පරිසරයකදී” සපාකෑම ලිංගික ක්‍රියාවලියේ අනිවාර්ය අංගයක් බවට පත්වේ. විශේෂ විශාල ගණනක ගැහැණු මෝරුන්ගේ සම ඝණකම් වන ආකාරයෙන් පරිණාමය වී ඇත්තේ මේ සපා කෑමට ඔරොත්තු දීම සඳහාය.
සත්ව ලෝකයේ සමූහ ලිංගික ක්‍රියා (Group sex) විද්‍යාමාන වන්නේ තවත් පරිණාමික උපායක් ලෙසය. දකුණු මැණිබෝටාවේ වෙසෙන සර්ප විශේෂයක් (Thamnophis sirtalis parietalis) සිසිර තරණ නිද්‍රාවෙන් පසු, දහස් ගණනින් පොළොව යටින් මතු වී, “සංවාස බෝලයක්” බවට පත්වේ. මෙහිදී සිදුවන්නේ ගැහැණු සර්පයා විසින් පිරිමි ආකර්ෂණය කරන ෆෙරමෝනයක් නිකුත් කරමින් සිය ගණනින් පිරිමි සර්පයින් තමන් වෙතට ගෙන්වා ගැනීමයි. සමහර පිරිමි සර්පයින් ගැහැණු සර්පයින් මෙන් වෙස්වලාගනිමින් ගැහැණු ෆෙරමෝන නිකුත් කරයි. මෙ නිසා තවත් පිරිමි සතුන් ආකර්ෂණය වීමෙන් ලිංගික ක්‍රියාවලිය උත්තේජනය කරන අතර අඩුකාලයක් තුළ ලිංගික ක්‍රියාවලිය අවසාන වන බැවින් විලෝපියන්ට ගොදුරක් වීමේ සම්භාවිතාව අඩුවේ. මෙම “පිරිමි-ගැහැණු වෙස් මාරුව” (Cross dressing ) සමහර මිනිසුන්ගේ ලිංගික චර්යාවේ කොටසකි.
නැගෙනහිර ඔස්ට්‍රේලියානු මුහුදු තීරයේ දැල්ලන් විශේෂයක් (Sepia plangon) මේ පිරිමි-ගැහැණු වෙස් මාරුව නව අන්තයකට ගෙනයයි. ගැහැණු සතා ආකර්ෂණය කර ගැනීමට පිරිමි සතා තම සමේ වර්ණක වලින් විශේෂ රටාවක් මවමින් අනඟ රැගුම් පායි. තරඟකාරී වෙනත් පිරිමි දැල්ලෙක් පැමිණි විට එම ප්‍රතිවාදී දැල්ලාට මුහුණලා ඇති පැත්තේ ඇති සමේ වර්ණක රටාව වෙනස් කරමින් තමන් ගැහැණු දැල්ලෙක් බව අඟවයි. නමුත් ගැහැණු දැල්ලාට තවමත් අනඟ රැගුම්-රටාව පෙනේ. ප්‍රතිවාදී දැල්ලා දකින්නේ ගැහැණු සතුන් දෙදෙනෙක් බැවින්ද, තරඟකාරීත්වයක් නොමැති බැවින්ද ජෝඩුව හැර යයි. මේ නිසා මුලින් ආ පිරිමි දැල්ලාගේ ලිංගික ක්‍රියාවලිය බාධාවකින් තොරව සම්පූර්ණ කර ගැනීමට ඉඩ ලැබේ.
අප ජීවත්වන සමාජය සමහර ලිංගික චර්යාවන් හෙළා දකිනු ඇත්තේ එවා විකාර, අසම්මත, අද්භූත, අශික්ෂිත හෝ නිකම්ම මෝඩ වැඩ ලෙස සැලකීමෙනි. එහෙත් විචාරශීලිව සත්ව ලෝකය නිරීක්ෂණය කරන්නෙකුට, මඳක් “සම්මතයෙන්” අපගමනය වූ මෙම මිනිස් චර්යාවන් තවත් නව දෘෂ්ටිකෝණයකින් දකින්නට ඉඩ හසර පාදනු ඇත්තේය. සමහරවිටෙක ඉතාම ඕනෑකමින් බැලුවොත් අප සහ අපේ මිනිස්-නොවන ඥාතී සත්වයන් සම්බන්ධ කරන රැහැනක සේයාවක් දකින්නට හැකිවනු නොඅනුමානයි. ඒ චර්යාවන් කොතරම් ඔබ පිළිකුලට පත්කළද, ඔබ පිළිගත් සදාචාරවාදී සම්මතයන්ට අභියෝගයක් වුවද ඒ අදිසි රැහැන ප්‍රතික්ෂේප කරන්නට ඔබට නොහැකිවනු ඇත.
මේ ලිපිය බී.බී.සී අඩවියේ පළවු ජේසන් ජී. ගෝල්ඩ්මන් විසින් ලියන ලද The wilder side of sex ඇසුරෙන් ලියැවුණි.
පින්තූරය – wikimedia.org
Posted in Atheism , Biology , Culture , Evolution , Freedom of expression , Life , Philosophy , religion , Science , sex | Tagged: BBC , Carcharhinus melanopterus , Coprophilia , Cross Dressing , DSM , Fetish , Golden showers , Group Sex , Jason G. Goldman , Paraphilia , Pheramones , Sepia plangon , Submission , Thamnophis sirtalis parietalis , Urolagnia | 18 Comments »
Posted by dawkinssdodo මත ජූලි 12, 2013
VIDEO
රාවය ප්‍රකාශන විසින් රිචඩ් ඩෝකින්ස්ගේ The Magic of reality නැමැති පොතේ සිංහල පරිවර්තනය “ඇත්තක අරුමය ” නමින් එළිදක්වා තිබේ. පරිවර්තනය ප්‍රවීණ මාධ්‍යවේදී විජයානන්ද ජයවීර විසිනි. විද්‍යාව සහ විද්‍යාත්මක විධි ක්‍රමය ගැන ප්‍රශ්න කෙරෙන ලාංකීය වටපිටාවක ප්‍රකාශකයන් මේ පොත හඳුන්වන්නේ විද්‍යාව සහ විද්‍යාත්මක ප්‍රවේශය පිළිබඳ ලියැවුන හොඳම පොතක් ලෙසයි. පොත එළිදැක්වීමට සමගාමීව “ඇත්තක අරුමය සහ හේතුවාදී සාහිත්‍යය ” යන මැයෙන් දේශනයක් ජූලි 19 සවස 4ට ආචාර්ය එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවැත්වේ. දේශනය පවත්වන්නේ ප්‍රවීණ විද්‍යා ලේඛක එස්. එම්. බන්දුසීල විසිනි.
Posted in Biology , Culture , Evolution , Language , Philosophy , Richard Dawkins , Science | Tagged: popular science , Rationalism , Ravaya , Richard Dawkins , science , science writing , Sinhala Science literature , translation , Vijayananda Jayaweera | 6 Comments »
Posted by dawkinssdodo මත සැප්තැම්බර් 25, 2012
මෙවැනි සටහනක් තබන්නට සිදුවනු ඇතැයි ඩෝ ඩෝ බලාපොරොත්තු වූයේ නැත. එහෙත් මීට පෙරද ඒ ශික්ෂණය, විනය අවශ්‍ය අවස්ථාවලදී බිඳ හෙළන්නට ඩෝඩෝ පසු බට වීද නැත.
FUTA සභාපති, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ඩොඩෝ කවදාවත් හමුවී නැත. ඩෝඩෝ රීඩ් මාවතෙන් විද්‍යා පීඨයට ඇතුල් වන විට නිර්මාල් බයිසිකලයක් පැදගෙන කළා පීඨයට ඇතුල්වනු ඩෝඩෝ දැක තිබේ. නිර්මාල් ගේ දේශපාලනය ගැන එකඟතාවයක් ඩෝ ඩෝට එදත් තිබුණේ නැත, අදත් නැත. නිර්මාල් ආචාර්ය උපාධිය ලබාගත්තේ නෙදර්ලනත්යේ සුප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයකිනැයි මැතකදී දැන ගතිමි.
FUTA ප්‍රකාශක, ආචාර්ය දේවක වීරකෝන් නම් ඩෝ ඩෝ ට අමුත්තෙක් නොවේ. ආචාර්ය දේවක ඩෝඩෝ ට “පරිණාමික ව්‍යුහවේදය” ද “සත්ව කායකර්මය” ද ඉගැන්වූවා මතකය. සුප්‍රසිද්ධ ඇමරිකානු විශ්ව විද්‍යාලයකින් “අණුක ජීව ප්‍රතිශක්තිවේදය” පිළිබඳ ආචාර්ය උපාධියක් සතු දේවක ලංකාවේදී පර්යේෂණ කරන්නේ අලි-මිනිස් ගැටුම ගැනය. දේවක නම් වලියට බර පොරක් නොවේ.
අරගලයක් කිරීමෙහි ඇති අභියෝගය දන්නේ අරගල සංවිධානය කල, ඊට මුහුණ දුන් මිනිසුන්ය. විවිධ මත දරන්නවුන් එක මතයක් වෙනුවෙන් ඒකරාශී කිරීම, සංවිධානය කිරීම පහසු කටයුත්තක් නොවේ. අරගල කිරීමෙහි ප්‍රති විපාක බොහෝ විට සුන්දර ඒවා නොවේ. (සුප්‍රසිද්ධ කොලේජ් හවුසියේ උප-කුලපති කාර්යාලයට කැඳවා කන් පිරෙන්නට උප-කුලපති ගෙන් අසාගත් වාර ගණන එකකට වැඩි බව ඩෝඩෝට මතකය.)
ලංකාවේ අධ්‍යාපනයේ සිදුව ඇති කඩා වැටීම විග්‍රහ කිරීමට අමුතුවෙන් අටුවා ටීකා ටිප්පණි කීම අනවශ්‍යය. පවතින ක්‍රමය තුළ අධ්‍යාපනයට ප්‍රතිපාදන සැපයීම කල යුත්තේ රජයෙනි. රජයේ ප්‍රතිපාදන වෙන්කරන අනෙක් අංශ හා සසඳා බැලූ කල මෙවැනි අරගලයක් සාධාරණීකරණය කල නොහැක්කේ උරග මොලයක් ඇතියෙකුට පමණි.
ඒ අධිෂ්ඨානයේ මිනිසුන්ට ජය!
සහෘද සටහන්.
FUTA
Rear Gate
ඊ මේල් කවිකාරිගේ කතන්දර
Lanka Poster
Cult
kathika
Vikalpa
Posted in Uncategorized | 5 Comments »
Posted by dawkinssdodo මත අගෝස්තු 27, 2012
සංවේදී පාඨකයින් මෙහි දක්වා ඇති හෝ මෙහි නම් කරන සිනමා පට/විඩියෝ බැලිමේදී සැලකිලිමත් වන්න!!
බීටල් විසින් මැතකදී ලියන ලද අසා මිනිසෙක් මළ පුවත අද..හඬමි සතුටින් පළමු වර මම යන සටහන මරණයට ඇති අයිතිය පිළිබඳ අපේ කියවීම නැවතත් ප්‍රශ්න කිරීමට යොමු කරවයි. ඒ පිළිබඳ සාකච්ඡාවක අවශ්‍යතාවය මතු කිරීම අගනේය.
කැනේඩියානු සිනමා කරුවෙකු වන ජෝන් සරිට්ස්කි (John Zaritsky ) මේ පිළිබඳ ඉතාම (අ?)සංවේදී සිනමාපටයක් (Right to Die?/The Suicide Tourist ) නිර්මාණය කරමින් පවසන්නේ මරණය සිදුවන අවසන් මොහොත නොපෙන්වීම අවංක ව්‍යායාමයක් නොවන බවයි. අවුරුදු 59 ක් වන ක්‍රේග් එවර්ට් (Craig Ewert ) මාරාන්තික මාත්‍රාවක් ශරීර ගත කරගනිමින් මරණයට පත් වන ආකාරය මේ සිනමා පටයට ඇතුළත් කර තිබුණි.
ක්‍රේග් දෙදරු පියෙකි. උතුරු යෝර්ක්ෂයර් සිට ස්විට්සර්ලන්තයට ගොස්, එහි “ඩිග්නිටාස්” (Dignitas ) නැමැති සංවිධානයේ ආධාරයෙන් තම ජීවිතය නැති කරගනිද්දී ස්නායු රෝගයකින් දැඩිව දුක් විඳිමින් සිටියේය. ඩිග්නිටාස් සංවිධානය මාරන්තික ලෙඩ රෝග සහ දැඩි මානසික සහ ශාරීරික පීඩා විඳින්නන්ට මරණය උදා කරගැනීම සඳහා උදව් වේ.
චිත්‍රපටය නිර්මාණය කිරීමේදී ඔහු ක්‍රේග් සහ බිරිඳට ඉතාම සමීප වූ බවත්, නිර්මාණය කිරීම ඉතාම සංවේදී එකක් වූ බවත් සරිට්ස්කි පවසා තිබිණ. බලාපොරොත්තු වූ පරිදිම මේ චිත්‍රපටයට ආධාරක දිවිනසා ගැනීම (Assisted-Suicide/Euthanasia ) ට විරුද්ධ කාණ්ඩායම් වලින් දැඩි පීඩනයක් එල්ල විය.
ක්‍රේග් ගේ අවසාන මොහොත ඇතුළත් කිරීම අසංවේදී බවට චෝදනා එල්ල වුණු අතර, කොපි-කැට් දිවිනසා ගැනීම් මේ නිසා වැඩි වේ යැයි චෝදනා කෙරුණි.
VIDEO
සරිට්ස්කි ගේ මතය වූයේ මේ චිත්‍රපටය “ආධාරක දිවිනසා ගැනීමේ ලෝකයට” ප්‍රේක්ෂකයන් ගෙන යන බවත්, යම් කලෙක “ආධාරක දිවිනසා ගැනීම” නීතිගත වුවහොත් ඇති වන තත්වය ගැන අවබෝධයක් ලබා ගත හැකි බවත්ය. බටහිර රටවල 70% ක් පමණදෙනා මීට කැමති බව ඔහුගේ මතය විය.
දිවිනසා ගැනීම උත්කර්ෂයට නැංවීම හෙළා දැකිය යුතු බවත් නො එසේනම්, එය සදාචාරාත්මකව අභියෝගයට ලක්විය යුතු බවත් ප්‍රාදේශීය මංත්‍රීවරයෙක් වන ෆිල් විලිස් ගේ මතය විය.
ආධාරක-දිවිනසා ගැන්ම ප්‍රචාරණය කිරීම නිසා විෂාදයෙන් පෙළෙන සහ දුර්වල පුද්ගලයන් මේ නිසා අනතුරෙහි හෙලා ඇති බව ගබ්සා-විරෝධී සංවිධානයක මතය විය. මෙය ඉතා භයානක ආදර්ශයක් දෙන බවත් දුර්වල අය අනතුරෙහි හෙලීමක් බවත් එවැනිම තවත් සංවිධානයක ප්‍රකාශිකාවක් තහවුරු කළේය.
ක්‍රේග් එවර්ට් ගේ බිරිඳ මේරි එවර්ට් ගේ මතය වූයේ මේ චිත්‍රපටය තම සැමියාට ගෞරවයක් බවයි.
“මම චිත්‍රපට කණ්ඩායමට පිටව යාමට කීවේ ක්‍රේග් මියගොස් පැය භාගෙකට පසුවයි. ඒ මට නිදහසේ අඬන්නට ඕනේ නිසායි. මිනිස්සු මේ චිත්‍රපටය නිසා මරණය ගැන කතා කරන්නට සිතන්නට පොළොඹවයි නම් එයයි ක්‍රේග් ගේ පැතුම වන්නට ඇත්තේත්” මේරි එවර්ට් පැවසුවේය.
2008 Telegraph ඇසුරෙනි.
Posted in Atheism , Culture , Life , religion , Science | Tagged: Assisted Suicide , Craig Ewert , Euthanasia , John Zaritsky , PBS , Right to Die , Sky TV , Suicide Tourist | 12 Comments »
Posted by dawkinssdodo මත අගෝස්තු 21, 2012
මෑතකදී පළවු මාතලන්ගේ විවාහක බේබද්දන් වෙනුවෙන් පළකරන ලද වටිනා උපදෙස් මාලාව මේ සටහනට පූර්විකාවක් විය.
තාරුණ්‍යයෙන් අගතැන්පත් ඔවුහු ලිංගික තෘප්තිය සොයමින් වට පිටාවේ ගැවසෙන සුකොමලියන් ඉදිරියේ අනඟ රැඟුම්, ඉඟි බිඟි පෑවේ වරක් දෙවරක් නොවේ. එහෙත් ඔවුන් එක වරක් දෙවරක් නොව දහ-දොළොස්වතාවක්ම මන බඳින රූමතියන් විසින් ප්‍රතික්ෂේප කෙරිණ. ඔවුන් කළේ ඒ ලිංගිකව ප්‍රතික්ෂේප වීමෙන් ඇති වූ තුවාලය, වේදනාව මද්‍යසාර වලින් සෝදා හැරීමයි.
මේ අපි දන්නා කවුරුන් හෝ ගැන කතාවක් නොව, Drosophila melanogaster නමින් හැඳින්වෙන පලතුරු මැස්සන් යොදා කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයකි.
පලතුරු මැස්සන් මද්‍යසාර බීමෙන් පසු ඔවුන්ගේ මොළයේ “විපාක/ප්‍රදාන” පත (Reward system ) සක්‍රිය වී ඔවුන්ට “ප්‍රමෝදාත්මක” හැඟීමක් ඇතිවන බව පර්යේෂකයෝ මීට පෙර දැන සිටියහ. එසේම, සමාජ අන්තර් ක්‍රියා යනු, මේ “විපාක/ප්‍රදාන” පත උද්දීපනය කරවන අත්දැකීම් අතර ඉහළම ප්‍රීතියක්, ප්‍රමෝදයක් ලබාදෙන අත්දැකීමක් බවද ඔවුහු දැන සිටියහ. මේ ද්වි-ආකාර විපාක/ප්‍රදාන පත පද්ධතීන් එකිනෙකට සම්බන්ධ ද යන ප්‍රශ්නයට උත්තර සෙවීම මේ පර්යේෂණයේ අරමුණ විය.
පර්යේෂණයෙන් තහවුරු වූයේ, මැස්සියන් සමග ලිංගිකව එක් වීමට නොලැබුණ පලතුරු මැස්සන් මද්‍යසාර අඩංගු ආහාර තෝරා ගන්නා බවයි. මෙහි අනපේක්ෂිත සොයා ගැනීමක් වන්නේ ලිංගිකව එක් වීමට ලැබුණු පලතුරු මැස්සන් විසින් මද්‍යසාර අඩංගු ආහාර ප්‍රතික්ෂේප කිරීමයි.
නියුරෝපෙප්ටයිඩ් එෆ් (Neuropeptide F- NPF) යන ප්‍රෝටීනය පලතුරු මැස්සන්ගේ මද්‍යසාර වලට ඇති කැමත්ත නිර්ණය කරන්නක් බව තහවුරු වී තිබූ සාධකයකි. ලිංගිකව ප්‍රතික්ෂේපිත පලතුරු මැස්සන්ගේ NPF ග්‍රාහකය (NPF receptor- NPFR) සාමාන්‍ය මැස්සෙකුට වඩා අඩක්ම අඩුවී තිබුණි. NPF ග්‍රාහකය කෘතිමව අඩුකල විට ලිංගික තෘප්තිය ලැබූ මැස්සන්ද මද්‍යසාර වැඩියෙන් බොනු දක්නට ලැබුණි.
සමාජ-අන්තර් ක්‍රියාවන් NPF හරහා අණුක-ජීව ක්‍රියාවලියක් බවට පරිවර්තනය වීමත් මොළයේ අඩංගු NPF ප්‍රමාණය මද්‍යසාර වලට ලොල් බව තීරණය කරන, චර්යාව මෙහෙයවන සාධකයක් වීමත්, මේ පර්යේෂණයේ සිත් ගන්නා ප්‍රතිඵලයන්ය.
නියුරොපෙප්ටයිඩ් වයි (Neuropeptide Y- NPY ) යන මැමේලියානු සමජාත ප්‍රෝටීනය (homologue ), නින්ද, ලිංගික උනන්දුව, මද්‍යසාර භාවිතය, කාංසාව සහ ආතතිය ට සම්බන්ධ චර්යා හසුරුවන මොළයේ විවිධ ප්‍රදේශ වලට බලපාන අණුවකි.
Science ඇසුරෙනි
Posted in Biology , Cell biology , Evolution , Gene , Life , Molecular Biology , Philosophy , Science , sex | Tagged: addiction , alcohol , behavior , Neuropeptide , NPF , NPFR system , NPY , Reward system , sex , Sexual rejection , Shohat-Opir S | 17 Comments »
Posted by dawkinssdodo මත ජූලි 16, 2012
Dawkinsia Singhala විශේෂයේ ඡායාරූපයක්
ශ්‍රී ලාංකීය විද්‍යාඥයෝ නව මත්ස්‍ය ගණයකට ලෝක ප්‍රසිද්ධ පරිණාම විද්‍යාඥයෙකු සහ නිර්-ආගමික ව්‍යාපාරයේ ප්‍රබලයෙක් වන රිචඩ් ඩෝකින්ස්ගේ නම තබා තිබේ. අවුරුදු 8 ක කාලයක් තුළ කෙරුණු පර්යේෂණය තුළ මේ නැවත-වර්ගී කරණයට DNA, සැකිලි පද්ධතිය සහ ව්‍යුහ විද්‍යාව උපයෝගී කරගනු ලැබීය. මෙම මත්ස්‍ය ගණයට විශේෂ 9 ක් අයත්වේ.
“ඩෝකින්සියා” (Dawkinsia ) යනුවෙන් නම් කල මේ ගණය මීට පෙර වර්ගීකරණය තිබුණේ මත්ස්‍ය විශේෂ 120ක් පමණ අයත් වන පුන්ටියස් (Puntius) ගණයටය. පර්යේෂක කණඩායමේ ප්‍රධාන පර්යේෂක රොහාන් පෙතියාගොඩ ඉන්දියාව සහ ලංකාවේ තුළ කෙරුණු පුළුල් ගවේශණයකින් පෙන්වා දෙන්නේ, මේ මත්ස්‍යයින් අතර විවිධත්වය කලින් සිතුවාට වඩා විශාල බවයි.
“ඩෝකින්ස් ගේ රචනා නිසා විශ්වය කොතරම් ලස්සන විස්මිත තැනක්ද යන්න කිසිම ආගමකට නොහැකි අයුරින් විස්තර කිරීම ඩෝකින්ස් ගේ නම මෙම මත්ස්‍ය ගණයට තැබීමට හේතු වූ එක කරුණක්” යැයි පෙතියාගොඩ පවසයි.
“ඩෝකින්සියා ගණය හැමටම කරන මතක් කිරීමක් වෙයි පරිණාමයේ අලංකාරය සහ සරලත්වය පිළිබඳව. පරිණාමය පමණයි සිතාගත නොහැකි තරම් වූ ජීවයේ විවිධත්වයට ඇති එකම සහේතුක පැහැදිලි කිරීම.” පෙතියාගොඩ තව දුරටත් පැවසුවේය.
SOURCE
Research Article
පින්තූරය – The Telegraph
Posted in Biology , Cell biology , classification , Culture , DNA , Gene , Molecular Biology , Richard Dawkins , Science | Tagged: Dawkinsia , Dawkinsia Singhala , Fresh water Fish , Genus , ichthyologist , Richard Dawkins , Rohan Pethiyagoda , Species | 7 Comments »
Posted by dawkinssdodo මත මාර්තු 30, 2012
විචාරයේ රැළිය පිළිබඳ සවිස්තර ලිපියක් පළකිරීම ගැන අරුණි ශපීරෝට ස්තුතිවන්ත වෙමි. පහළින් ඇත්තේ රිචඩ් ඩෝකින්ස් වොෂින්ටනයේ පැවැත්වූ කථාවේ විඩියෝවකි. ඊටත් පහළින් ඇත්තේ ලෝරන්ස් ක්‍රවුස් (Lawrence Krauss ) විසින් ආගම සමග ඇමරිකානු දේශපාලනයට ඇති සමීප සබැඳියාවත්, ඩෝකින්ස්ගේ “දෙවියන් අදහන්නන්ට අවමන් කරන්න, සමච්ච්ලයට ලක්කරන්න” යනුවෙන් කල විවාදාත්මක ප්‍රකාශයත් ගැන කරන පැහැදිලි කිරීමකි. ලෝරන්ස් ක්‍රවුස් විශ්වවේදය (Cosmology) පිළිබඳ න්‍යායික භෞතික විද්‍යාඥයෙකි. ඔහුගේ A Universe from Nothing: Why There is Something Rather Than Nothing නැමැති පොත ඉමහත් ප්‍රසිද්ධියට පත් වූ අතර, ඔහු ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයෙක් ලෙස සේවය කරයි
VIDEO
——-
VIDEO
Posted in Atheism , Charles Darwin , Evolution , Freedom of expression , Philosophy , religion , Richard Dawkins , Science , Secularism | Tagged: agnostic , Atheism , Lawrence Krauss , reason rally , Richard Dawkins , secularism , Washington DC | 5 Comments »