දැල්වී-නිවී පරිසර අනතුරු හඟවන බැක්ටිරියා
Posted by dawkinssdodo මත ජනවාරි 27, 2012
පරිසර දූෂණය අද දවසේ කතා නොකරම බැරි මාතෘකාවක්. ජාන වෙනස් කල E. coli බැක්ටීරියාවන් යොදාගෙන පරිසරයට ආසනික් එක් කල විට එසැනින් එක විට ආලෝකයක් නිකුත් කරන්නට සමත් බැක්ටීරියා සමූහයක් වර්ධනය කරන්නට කැලිෆෝනියාවේ සැන් ඩියේගෝ විශ්ව විද්‍යාලයේ (University of California San Diego) ආතර් ප්‍රින්ඩල් (Arthur Prindle) ඇතුළු පර්යේෂකයින් පිරිසක් සමත් වී තිබේ. මේ ක්‍රමය නිසා අනාගතයේ දිනක ලාභදායි, අතේ ගෙන යා හැකි, විෂ රසායන සහ රෝග කාරක විෂ බීජ සොයා ගත හැකි පරිසර සංවේදක නිර්මාණයට මග පැදෙනු ඇත.
“බැක්ටීරියා කොලනියක් එක විට ආලෝකය දැල්වූ විට අප පුදුම වුණා” යැයි පර්යේෂකයෝ පවසති. අභියෝගය වුණේ කොලනි කිහිපයක් එක විට ප්‍රතිචාර දැක්වීමට සම මුහුර්ත (synchronize) කර ගැනීමයි. බැක්ටීරියාවන් තම අසල්වාසීන් සමඟ අහාර හෝ අනතුරක් ගැන සන්නිවේදනය කිරීමට අණු පිට කිරීම මෙහිදී උපයෝගී කරගනු ලැබීය. පර්යේෂකයින් මෙම අභියෝගය ජය ගත්තේ ජාන වෙනස් කල E.coli බැක්ටීරියාවන්ට හයිඩ්රජන් පෙරොක්සයිඩ් (Hydrogen peroxide ) නිපදවා වාතයට මුසු කරන්නට සැලැස්වීමෙනි. බැක්ටීරිය කොලනි, තීරු සහ පේළි වලට සකස් කරමින් “ජීව පික්සල්” (Bio pixels) ක්ෂුද්‍ර-ද්‍රාව්‍ය චිපයක් තුළ නිපදවන්නටත් ඔවුන් සමත් විය. එමඟින් LCD තිරයක පික්සල් හා සමාන පෙනුමක් ලබා දීමට මේ පර්යේෂකයන්ට හැකි විය.
එක් ජීව පික්සලයක බැක්ටීරීයාවන් 5000ක පමණ කොලොනියක් වෙතැයි කියති. එක් එක් කොලනිය හයිඩ්රජන් පෙරොක්සයිඩ් වායුව මගින් ක්ෂුද්‍ර චිපය තුළ සන්නිවේදනය කරති.
මෙමගින් ජලයේ හෝ පසේ ඇති ආසනික්, කැඩ්මියම්, බැර ලෝහ සහ රෝගකාරක ජීව විශේෂ සොයා ගැනීමට හැකිවෙනු ඇතැයි පර්යේෂකයෝ බලපොරොත්තු වෙති.
මේ පර්යේෂණ පත්‍රිකාව Nature සඟරාවේ පළවිය.
තනි අලියා said
නැවතත් mol biol පෙරමුණේ නේ.
දෙයියො කරන වැඩනෙ 😀 😀 😀
dawkinssdodo said
:):)
Ra said
නාථ දෙයියන්ගෙ ජොබ් එක ගහල යන වැඩක්! 🙂
dawkinssdodo said
😉
arunishapiro said
අන්න පොහොර වල ආයෙත් තියන දේවල් හොයන්න වෙලා: The petitioner – Centre for Environmental Justice – said Ms. Karunaratne had retained in her custody several containers of the allegedly contaminated fertiliser which were hazardous to the environment and to humans.
http://www.dailymirror.lk/news/16411-court-stops-release-of-fertiliser.html
නිශ්චිතව ම අහිතකර දෑ තියනවා ද නැද්ද කියන දෙකෙන් එකක් තීරණය වෙන විදියක විජට්ටුවක් ඉක්මණින් අවශ්‍යයි!
dawkinssdodo said
ඇත්ත. සම්පූර්නයෙන් එකඟයි.
ආසනික් විස ලංකාවට පමණක් සීමාවු එකක් නොවේ
http://www.telegraph.co.uk/health/healthnews/8440126/Arsenic-and-toxic-metals-found-in-baby-foods.html