Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ

Richard Dawkins, Evolution, Biology and Religion|පරිණාමය, ජීව විද්‍යාව සහ ආගම

සුබ ගමන් මගේ සුමිතුර! විශිෂ්ට හඬක් නිහඩ වී ඇත, විශිෂ්ට හදවතක් නැවතී ඇත්තේය.

Posted by dawkinssdodo මත දෙසැම්බර් 16, 2011




නිර්-ආගමික කඳවුරේ අති ප්‍රබලයෙකු වූද, දක්ෂ කථිකයෙක් සහ අසහාය ලේඛකයෙක් වු ක්‍රිස්ටෝෆ’ හිචන්ස් (Christopher Hitchens) සදහටම නෙතු පියා ගත්බව වැනිටි ෆෙයා (Vanity Fair) සඟරාව හෙළි කළේය. මියයන විට අවුරුදු 62 ක් වූ හිචන්ස් අන්නස්‍රෝතයේ පිළිකාවකට ප්‍රතිකාර ලබමින් සිටියේය. 1970 දී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් පිටවී පුවත්පත් කලාවේදියෙක් ලෙස තම ජීවන වෘත්තිය ඇරඹීය. පසුව නිව්යෝක් නගරයට සංක්‍රමණය වූ හිචන්ස් වැනිටි ෆෙයාර් සඟරාවේ කතෲ වරයෙක් ලෙස වැඩ ඇරඹීය.


“පත්තර පිටු මතත්, බාර් එකේදීත් එකසේ බැබළුණු, දරුණු බුද්ධිමතෙක්” ලෙස ඔහු හැදින්වුයේ වැනිටි ෆෙයා සඟරාවෙහි සගයෙකි.


සල්මන් රුෂ්ඩිගේ “සැටනික් ව’සස්” (Satanic verses) කෘතිය මුද්‍රණය වන තුරා වූ සිද්ධිදාමය පුරාවටම රුෂ්ඩි වෙනුවෙන් පෙනී සිටිමින් ඔහු තුළ වූ ලෙංගතු මිතුරා ලොවට පෙන්වීය. “සුබ ගමන් මගේ සුමිතුර! විශිෂ්ට හඬක් නිහඩ වී ඇත, විශිෂ්ට හදවතක් නැවතී ඇත්තේය “යනුවෙන් රුෂ්ඩි තම කනගාටුව පළකළේය


රිචඩ් ඩෝකින්ස් ඔහු හැඳින්වූයේ “අපේ කාලයේ සිටි හොඳම කථිකයා මෙන්ම දෙවියන් වහන්සේ ඇතුළු සියලු ප්‍රජා පිඩකයන්ට එරෙහි සටනේ වීර සටන්කරුවෙක්” ලෙසයි.


2007 දී පළවූ “ද ගෝඩ් ඉස් නොට් ග්‍රේට්” (The God is not great)කෘතිය නිසා ඔහු එක්සත් ජනපදය තුළ ඉමහත් ප්‍රසිද්ධියට පත් විය.


පිළිකාවක් ඇතිබව රෝග විනිශ්චයෙන් තහවුරු වූ පසුව ද, හිචන්ස් තම දැඩි නිර්-ආගමික ස්ථාවරය වෙනස් කළේ නැත.


BBC ඇසුරෙනි

8 Responses to “සුබ ගමන් මගේ සුමිතුර! විශිෂ්ට හඬක් නිහඩ වී ඇත, විශිෂ්ට හදවතක් නැවතී ඇත්තේය.”

  1. බොහොම කලකින් , දුක්බර ආරංචියකුත් අරන් ඇවිත්……
    තමාට පිළිකාවක් කීවම , ඇත්තටම අපි කාගේ හෝ සරණක් සොයනවා.දොස්තරවරුන්ට මිනිසුන්ට සුව කරන්න බැරි ලෙඩක් වුනාම නොපෙනෙන දෙවියන් , ගුප්ත බලවේග හෝ තමාගේ ආගම දහම තදින් වැලඳගන්න , ඒ දහමේ හැසිරෙන්න මිනිසුන්ට මතක් වෙනවා.ඒ තමන් ඉතාම අසරණ අඩියට වැටිල ඉන්න නිසා, හිතට යම් සහනයක් බලාපොරොත්තුවෙන්…

    ඒ අතින් මොහු නම් හරිම තද ගති ස්වභාව ,එහෙම කියන්නත් බැහැ ,තමන්ගෙ තියෙන දැඩි ස්ථාවරය වෙනස් නොකර තමාගේ ආත්ම ශක්තියෙන් නැඟී සිටිය පුදුම මිනිසෙක්…..

    පුද්ගලික ප්‍රශ්ණයක්…
    ඇයි දැන් ලියන එක අඩු කරල. ඔබය කියවන අපිට ඒක අසාධාරණයක් නේද…

  2. තනි අලියා said

    සොඳුරු සිත කියන දේම තමයි මටත් කියන්න තියෙන්නෙ.

    පිලිකාව නිසාවත් ස්ථාවරය වෙනස් කරනොගත් ඔහු වීරයෙක්. අැත්තෙන්ම මම එතුමාව දන්නේ දැනුයි. එ් ගැන ලැජ්ජ වෙමි!

    කියමනක් තියනවනෙ කාගෙද මට මතක නෑ. යුගයේ දරුණුම ඛේදවාචකය නරක මිනිසුන්ගේ ක්‍රියකාරීත්වය නොව යහපත් මිනිසුන්ගේ නිහඬතාවය ද මොකද්ද කියල. කරුණු කාරනා දන්න ඔයාල වගේ අය නිහඬව සිටීම දුකක්නෙ 😦 😦 😦

  3. dawkinssdodo said

    සොඳුරු සිත සහ තනි අලියා,

    දිරිමත් කිරීමට සහ ප්‍රතිචාර වලට අසීමිත තුති! මේ දිනවල මගේ සම්පූර්ණ අවධානය ලැබිය යුතු ඉතාම වැදගත් වැඩක් බාධක කීපයක් මැද කරන්න වෙලා. සමවෙලා රැඳී සිටින්න මා සමග.

  4. මේ දුක්බර මොහොතේ එතුමාට පිදිය හැකි උසස් ගෞරවයක් නම් එතුමාගේ “ගොඩ් ඉස් නොට් ග්‍රේට්” හි අතිශයින් ධෛර්‍ය කරවන සුළු අවසාන ඡේදය ඔබ හා බෙදා ගැනීම යයි සිතමි

    <<>>

  5. “මිථ්‍යාව සහ ම්ලේච්ඡත්වය තවමත් රජ කරනා පෙදෙස් වල සිටින, මා නොහඳුනන අයගේ අතට ද මගේ මේ කුඩා පොත පත් වෙතැයි සිතමි. ඔවුන්ව, පැරණි හොඳ කියමනක් ඇසුරෙන් දිරිමත් කිරීමට කැමැත්තෙමි. ඇත්තෙන්ම සැඩ සුළඟෙහි එතී අප වෙත හමා එන්නේ මෙය මිස වෙනත් කිසිදු ගොරහැඬි දේශනාවක් නොවේ.

    “විචාරයේ හඬ මෘදු වේ, එහෙත් නොපසුබට වේ”

    මෙම කියමනේ ද මා දන්නා සහ නොදන්නා අරගලකරුවන්ගේ සිත් සහ ජීවිත වල ද අපගේ මූලික විශ්වාසය තබමු”

    -ක්‍රිස්ටෝපර් හිචන්ස් (ගොඩ් ඉස් නොට් ග්‍රේට් – අවසාන පරිඡේදය )

Buddhika Thambugala වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න