Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ

Richard Dawkins, Evolution, Biology and Religion|පරිණාමය, ජීව විද්‍යාව සහ ආගම

Extinct නොවන බ්ලොග් එකක්!

Posted by dawkinssdodo මත නොවැම්බර් 10, 2011



තේරුමක් රහිත ආගමික මතවාද නිරුවත් කරමින්, ප්‍රශ්න කරමින් සහ නිර්දය ලෙස විවේචනය කරමින් අලංකාර සරල සුගම බසකින්, ඔබට මට සමීප ශෛලියකින් ලියවෙන, පරිණාමවාදය සහ විද්‍යාත්මක විධික්‍රමය ගැන සිංහල පාඨකයා දැනුවත් කරන බ්ලොග් එකක් බ්ලොග් අවකාශයට එකතු වෙලා.


Voice of Thambu නමින් ලියැවෙන මේ බ්ලොග් එක ඔබ තාමත් කියවා නැත්නම් හඳුන්වා දීමටයි මේ කෙටි සටහන. ඩෝකින්ස්ගේ ඩෝඩෝ මෙන් අවාරෙට වැටන පොල් මෙන් යාවත්කාලීන වන බ්ලොග් එකක් නොවන, ඩෝඩෝ ගේ රළු රචනා විලාසයෙන් බැහැරවූ, නිර්මාණාත්මක බසකින් ලියවෙන Voice of Thambu බ්ලොග් එකට උණුසුම් සුබ පැතුම්.


කිසිම ආගමික මතවාදයකට, දර්ශනයකට පක්ෂග්‍රාහී නොවී, පරිණාමවාදය, දැනුම නිර්මාණය, ඥානවිභාගය, සුසමාදර්ශ ආදී නොයෙකුත් දේ සම්බන්ධයෙන් බ්ලොග් අවකාශය ආලෝකමත් කරන්නට තාඹුට හැකිවේවා යන්න ඩෝ ඩෝ ගේ අවංක පැතුමයි.

11 Responses to “Extinct නොවන බ්ලොග් එකක්!”

  1. ස්තූතියි ඩෝඩෝ දැනුවත් කිරීමට,

  2. තනි අලියා said

    මාත් දැක්ක ඔ්ක! 🙂

  3. ඉතාම ස්තුතියි ඩෝකින්ස් ඩොඩො මේ ආර්ටිකල් එකට.. බ්ලොග් කලාවට ඉතාම අළුත් මම වගේ අයට මෙහෙම ලින්ක් කරන එක කියන්න බැරි තරම් ලොකු උදවුවක්.. මගේ සිත්ගත් බ්ලොග් ලිස්ට් එකක් නුදුරු කාලයෙදීම හදන්නම්.. ඔබේ බ්ලොග් වලට අනිවාර්යන්ම සුදුසු හැම අවස්ථාවකම රිෆර් කරන්නම්.. තවම අපි පොඩියිනෙ.. නැවතත් ස්තුතියි..

    • dawkinssdodo said

      ලොකු පොඩි බේදයක්, අලුත් පරණ බේදයක් බ්ලොග් කලාවේ මා දන්නා තරමින් නැත. මෙහෙම සිතන්නවත් එපා, අවශ්‍ය තැනදී ඔනෑම කෙනෙකු විවේචනයට ඉඩ හදාගන්න. බ්ලොග් එකක් යනු ශාස්ත්‍රීය හෝ ඇකඩමික් ලියවිල්ලක් නොවන නිසා රිෆර් කිරීම ද අනවශ්‍ය යයි සිතමි. ඔබට හොඳ ශෛලියකින් ලිවිය හැකි නිසාත්, ලියන්නට කාලය ඇතැයි සිතෙන නිසාත්, විද්‍යාව සහ පරිණාමවාදය ගැන දුර්මත නැති කරන්නට මගේ පැත්තෙන් පොඩි තල්ලුවක් දුන්නා පමණි.

      • ස්තුතියි.. ජාන සහ මීම ගැන ස්ටෝරියක් දැනට ලියාගෙන යනවා.. පුළුවන් උනොත් හෙට අනිද්දට දාන්නම්කො.. ඇත්ත.. ලොකු පොඩි භේදයක් නැහැ තම්යි.. දැන් “අවාරෙට පොල් වැටෙනව වගේ” ලිවුවට ඉස්සර ඔබේ බ්ලොග සෑහෙන්ඩ අප්ඩේට් වෙච්චි බවක් පේනව.. මොකද කියන්නෙ? ආයි ලියමුද ඉස්සර වගේ? 🙂

  4. charmi... said

    එළ…
    නියම බ්ලොග් එකක්….හැකි පමණින් බුකියෙත් ප්‍රචාරයක් දීල ගම්මු…

  5. නදී said

    නියමයි මමත් ඒ බ්ලොග් එක බලනව.

  6. http://www.cinelanka.net

  7. නිර්නාමික said

    අනේ ලියන්නකො අප්ප! අපට බලන්න දේවලුත් නෑනෙ? 😦 :””'(

    තියනව ඉතිං පෙරදිග කියාගන්න කට්ටියගෙ ෆොරටෝක්. එව්ව ඉතිං ලියන එකාටවත් වැඩක් නැතිකොට අපට ඇති වැඩේ මොකද්ද! 😀

charmi... වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න