Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ

Richard Dawkins, Evolution, Biology and Religion|පරිණාමය, ජීව විද්‍යාව සහ ආගම

ජාන විකරණය කරන ලද ආහාර පිටුපස රහස: මොන්සැන්ටෝ

Posted by dawkinssdodo මත අප්‍රේල් 18, 2011




මේ සටහන තැබෙන්නේ ඊට පූර්විකාවක් වු සොඳුරු සිත විසින් කරන ලද පාඨක ප්‍රතිචාරයක් නිසාය.

ඔවුන් අත නොතබා ඇති යමක් නොමැති තරම්ය. ඔබේ කෑම මේසය මත ඇති බත්, බණ්ඩක්කා, අබ, තෙල්, මල් ගෝවා ආදී සියල්ලම ඔවුන්ගේ ග්‍රහනයට යටත්ව ඇත්තේය. යම් බීජයකට අයිතිවාසිකම් කිව හැකි බව සම්මතය වූ පසු, එම බීජ පාවිච්චි කරන හැම වරකම ඒ වෙනුවෙන් කුලියක් අයකර ගත හැක. ඔවුන් මත යැපෙමින් හැම බෝගයක්ම වවන්නට සිදු වනු ඇත. ඔවුන් මත යැපෙමින් හැම බීජයක්ම පැලකරන්නට සිදුවනු ඇත. ශාක බීජ වල අයිතිය ඔවුන් සතු නම් අවසානයේ ආහාර වල අයිතිය, පාලනය ඔවුන් සතුවේ. ඒක තුවක්කු බෝම්බ වලට වඩා බලගතු උපක්‍රමික අවියක්. ලෝකය තුල විවිධ ජන සමූහ පාලනය කල හැකි හැකි හොඳම ක්‍රමය එයයි. කතාව ඇරඹෙන්නේ ධවල මන්දිරයෙනි. මොන්සැන්ටෝ (Monsanto) නම් සමාගම විසින් ධවල මන්දිරයේ එක්සත් ජනපද ප්‍රතිපත්ති සම්පාදකයන්ට බලපෑම් කිරීමේ අරුම පුදුම හැකියාව කතාවේ ඇරඹුමයි. උදාහරණයක් ලෙස අනූ ගනන් වල එක්සත් ජනපද ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ (FDA) නියෝජ්‍ය කොමසාරිස් ලෙස පත්වන පුද්ගලයා කලින් මොන්සැන්ටෝහී නීතිඥයෙක් ලෙස රැකියාව කල කෙනෙක්. මොහු ජාන විකරණය (GM, GE) කරන ලද ආහාර සහ බෝග එක්සත් ජනපදය තුල අනුමත කිරීම සඳහා තීරණාත්මකව මැදිහත්වනවා. ඔහුගේ සේවා කාලයෙන් පසු ඔහු නැවත එම සමාගමේම උප සභාපතිවරයා ලෙස වැඩ බාරගන්නවා.

මේ වගේ මොන්සැන්ටෝ සහ රාජ්‍ය ආයතන අතර ඇති ඉතා සමීප සම්බන්දතා වලට පිංසිද්ද වෙන්න ජාන විකරණය කල ආහාර සහ බෝග එක්සත් ජනපදය තුල විකිනෙන්නේ නියමාකාරයේ පරීක්ෂාවකින්, පර්යේෂණයකින්, ලේබලයකින් තොරව, පරිභෝජනයට සුදුසු බව පිලිබඳ සැක මතු කරමින්. අනිත් අතට එක්සත් ජනපදයේ මුලු ජාන විකරණය කරන ලද බීජ වලින් 90% ක්ම සපයන්නේ මොන්සැන්ටෝ. මොන්සැන්ටෝගේ අදිසි හස්තය නිසාම එක්සත් ජනපද ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය තම පාලනාධිකාරියේ විද්‍යාඥයින්ගේ අවවාද, අනතුරු හැඟවීම් පවා නොසලකා හැරියා. අල්ලස් දීම, නොමඟ යවන වෙලඳ දැන්වීම් සහ විද්‍යාත්මක පර්යේෂණ වල දත්ත සැඟවීම ඔවුන්ගේ අනිකුත් උපාය මාර්ගයි.

මේ Top documentary films හි පලවූ විස්තරයක පරිවර්තනයකි.

The world According to Monsanto වාර්තා චිත්‍රපටය ඔවුන් ගැන නිපද වූවක්.

6 Responses to “ජාන විකරණය කරන ලද ආහාර පිටුපස රහස: මොන්සැන්ටෝ”

  1. ජානු වෙනස්කම් වලට භාජනය කරන ලද නොහොත් ජානු ඉංජිනේරු තාක්ෂණයට ලක් වූ නොහොත් genetically modified පහසුවට GM කියා හැඳින්වේ.

    GM ක්‍රමය සත්වයන් හා පැළෑටි දෙකටම යොදා ඇතත් සත්වයින්ට වඩා පැළෑටි වලට වැඩියෙන් යොදා ඇත. සත්වයින්ගේ හා පැළැටි වල DNA වලට ඊට ආවේනික නොවන DNA ඇතුල් කිරීමෙන් GM කිරීම සිද්ධ වේ.

    මිනිසා අළුත් DNA ලෝකයට පිරිනමා නැත. මෙතැන සිද්ධ වන්නේ ලොව පවතින DNA පවතින ආකාරයෙන් නොව සූක්ෂම වූ ලෙසකින් විවිධ වෙනස්කම් වලට භාජනය කර අත්හදා බැලීමයි.

    ආහාර සඳහා GM ක්‍රමය භාවිතා කිරීමට හේතු විවිධයි. සමහර ආහාරයක් ඊට භාජනය කරන්නෙ අනුභවය කිරීමෙන් ඇතිවන ආසාත්මිකතාවන් දුරලන්න. තවත් විටෙක ඊට ආහාරයක් භාජනය කරන්නෙ වෙළඳපොලේ රාක්කයේ ඒක වැඩි දවසක් තියාගන්න හැකියාව වර්ධනයට. අද සමහර ආහාර යම් යම් ලෙඩ රෝග නිවාරණය සඳහා GM ක්‍රමය යොදන පර්යේෂණ පැවැත්වෙනවා.
    දැනට තියන GM කරපුවා තමයි කපු, සෝයා බෝංචි, කැනෝලා, අර්තාපල් අල, වම්බටු, ස්ට්‍රෝබෙරි, තිරිඟු, තක්කාලි, සලාද කොළ, කැරට් වගේ දේවල්.

    දැන් මේ ක්‍රමයට පාත්‍ර වෙච්ච දේවල් ආහාර වල පමණක් නෙමෙයි තියෙන්නෙ. බෙහෙත්, එන්නත්, නිමි ආහාර ඇතුලට දාපු කුළුබඩු වල, සත්ව ආහාර යනාදි බොහොමයක තියෙනවා.

    හොඳ නරක ගැන බලමු:

    හොඳ:
    ආසාත්මිකතා හා හඳුනාගත් ලෙඩ වළක්වා/පාලනය කරගන්න පුළුවන්.

    වඩා ඉක්මණින් වැවෙනවා. ජනගහණයට ආහාර වැඩියෙන් සපයන්න පුළුවන්. ඉ‍ඩෝර ඇති පෙදෙස්වල, නිසරු බිම් වල, ඵලදායී ලෙස වැවෙන්න හදාගන්න පුළුවන්.

    GM ක්‍රමයෙන් ලැබෙන බීජ සම්ප්‍රදායික ක්‍රමයෙන් වවන බීජ වලට වඩා මිල අධිකයි. ඒත් ඒකට දාලා තියන තාක්ෂණය නිසා කෘමීන් බීජ අඩුවෙන් විනාස කරලා හා කෘමිනාශක අඩුවෙන් යොදලා වැඩියෙන් ඵලදායක බව ලැබෙනවා. ඒකෙන් කෘමිනාශක අඩුවෙන් භාවිතය, රසායන අඩු ආහාර, වගේම පරිසරයටත් හිතවාදී. පසේ සාරය වැඩියෙන් පාවිච්චි නොකරන්න, වතුර වැඩියෙන් උරා නොබොන්න, පරිසරයට වැඩියෙන් අහිතකර වායූ පිට නොකරන්න වැනි ආකාරයටත් GM බීජ හදලා තියෙන්නෙ.

    සම්ප්‍රදායික ආහාර වලට වඩා GM ක්‍රමයෙන් එන ආහාර පෝෂ්‍යදායී බවෙන්, ඛනිජ ධාතු හා විටමින් වලින් වැඩියි. රසයෙන් ද වැඩියි. කල්තබා ගැනීම ද දීර්ඝ නිසා ආහාර කුණු වී විනාශයට යෑමත් නරක් වූ ආහාර කෑමෙන් විෂ වීමත් අඩුයි.

    නරක
    දැන් මේ GM ක්‍රමයෙන් හදපු ආහාර තවමත් ලෝකයාට අළුත් නිසා (1990 දී තමයි ජනතාව විසින් පරිහරණය පටන් ගැනීම) දීර්ඝ කාලීන පරිභෝජනයෙන් මිනිසාට ඇති අවදානම නොදැනීම. ස්වභාවික ප්‍රතිශක්තියන්ට ඇති හැකියාවන් නැතිව යාවි ද, පිළිකා වැනි රෝග වැඩියෙන් වැළ‍ඳීමට හැකියාවක් ඇත් ද යනාදිය තවමත් මනින්නට නොහැකියාව.

    ගොඩක් රටවල GM ක්‍රමයට භාජනය වූ ආහාර වෙළඳපොලේ විකිණෙනවා. ඒත් එක පාරිභෝගිකයා නොදැනීම. නිෂ්පාදකයෝ GM ලේබල් එක වසන් කරනවා ජනමතය නිසා වෙළඳාමට පාඩු වෙයි කියලා. ඒකෙන් ජනතාවට තමන් විසින් තීරණය කිරීමේ හැකියාව නැතිව යාම.

    සත්ව ජානු පැළෑටි වලටත් පැළෑටි ජානු සත්වයින්ටත් මාරු කරන එක ගැනත්, මෙහෙම DNA වලට අතගහලා වෙනස්කම් කරන එක ගැනත් ආගමික කොටස් හා සම්ප්‍රදායිකත්වය අගයන අයත් විරුද්ධයි. ඒකෙන් පරිසරයේ ඇති සමබර බවට හානියක් ස්වභාවයෙන් නොව මිනිසා විසින් ඇඟිලි ගැසීම නිසා ඇතිවීමට ඔවුන් විරුද්ධයි.

    GM ක්‍රමයෙන් ආහාර නිෂ්පාදනය මහා පරිමාණයෙන් සිද්ධ කරන්න හැකියාවත්, ඒවා කරන්නට වැඩියෙන් තාක්ෂණ හැකියාව හා ආයෝජන හැකියාව ඇත්තේ ද ධනවත් රටවල් වලට නිසා දියුණු වෙන රටවල් වලට ධනවත් රටවල් මත ආහාර සඳහා යැපීමට සිද්ධ වෙනු ඇත. හැබැයි මේක අද බ්‍රසීලයේ වික්‍රමයෙන් පරාද කරන මතයක්. බ්‍රසීලය තාක්ෂණය හා මනා කළමනාකරණය නිසා ධනවත් රටවල් හා ගැටෙන්න සමත් වුණා. ඒ එක්කම පේනවා පොඩි රටකට අවශ්‍ය ආහාර කුඩා ඉඩම් ප්‍රමාණයකින් වඩා සූක්ෂමව නිෂ්පාදනයට හැකියාව. ඉතින් GM ක්‍රම අයිති ආයතන වලින් එහෙම වෙනසකට භාජනය වූ ආහාර බීජ ගැනීමට වියදම දරන්න නොහැකි තරමට ඔවුන් ඉහළ දමයි ද යන්න බොරු බයක්. මොකද තාක්ෂණය නැති අයට මිසක් වෙන කාට ද එයාලා විකුණන්නෙ? මොබයිල් දුරකතන වලින් කතා කරන්න ගෙවන මිල ගණන් වගේ වැඩියෙන් පිරිසක් පාවිච්චියට ගියාම මිල අඩුවෙනවා.

    ජනවාරි 17, 2011 දින මා ලියූ ‘බ්‍රසීලයේ සෝයා බෝංචි හා ලංකාවේ උක් වගාව’සටහනට මම දැමූ ප්‍රතිචාරයෙනි.

  2. අරුණි අක්කා ගේ අගනා කමෙන්ටුවත්, ඩෝ ඩෝ ගේ අගනා ලිපියත් කියෙවුවා. මිනිස්සු – මිනිස්සුන්ගෙම ජිවිතත් එක්ක සෙල්ලම් කරන එක කොයි තරම් නම් භයානක ද?

    ඖෂධ පැත්ත බැලුවහම නම් පිළිකා රොගියෙක් ට දවසක් හරි ජීවත් වෙන්න මේ ඖෂධ නිසා පුලුවන්. ඒ වගේම ජීඑම් නිසාම ඇති විය හැකි පිළිකා රෝගීන් ගනන කොතරම් ද?

    එහෙත් මතු කරන “ ආහාර අර්බුදය“ හමුවේ GM Foods තරම් විසඳුමක් නැති තරම්…..

    ” Change is inevitable. Progress is optional. “

  3. arunishapiro said

    @ සොඳුරු සිත,
    //ඒ වගේම ජීඑම් නිසාම ඇති විය හැකි පිළිකා රෝගීන් ගනන කොතරම් ද?//

    ඉන්දියාව ඇතුළු වෙනත් රටවල ඔවුන් විසින් ස්වාධීන විද්‍යානුකූල පර්යේෂණ පවත්වා සොයාගෙන ඇත්තේ ද GM ආහාර කෑම නිසා කිසිත් රෝග වැළඳෙන විදියක් නැති බවයි. ඉන්දියාවේ GM වම්බටු සම්බන්ධයෙන් ලොකු කලබැගෑනියක් වුනා.

    GM ආහාර කෑම නිසා පිළිකා රෝග වැළ‍ඳෙනවා යන්න විද්‍යාත්මකව තවමත් ඔප්පු කර නැති දෙයක්. විද්‍යාත්මක පර්යේෂණ පිට පර්යේෂණ පෙන්වන්නේ කිසිම බලපෑමක් නැති බවයි.

    ඉතින් එහෙම වැළඳිය නොහැකි රෝගයක් ගැන ගණන් බැලීමට යාම හා පවතින ආහාර හිඟය මඟ හරවා ගැනීම අතර වූ ගැටළුවක් තමයි පැන නැඟිය යුත්තේ. නමුත් පැන නැඟී ඇත්තේ මොන්සානෝ කොම්පැණිය තමන් නිපැද වූ විද්‍යාත්මක ක්‍රමය නිසා අල්ලා ගෙන සිටින ඒකාධිකාරයට විරුද්ධ වූ අප්‍රසාදයක්. නමුත් අද දිනයේ බ්‍රසීලය හා ආර්ජන්ටීනාව ද හෙමින් ඔවුන් නිපදවන GM වගා පටන් ගෙන. ඔවුන් ලෝක වෙළඳපොලට තම වගාවන් විකුණන ප්‍රමාණ වැඩිවෙන්න පටන් ගත්තම මොන්සානෝ වෙතට තියන අප්‍රසාදය හිමිහිට නැතිවෙලා ගිහින් හැමෝම GM ක්‍රම සොයා ගන්න පටන් ගනියි. මොකද විද්‍යාත්මක ක්‍රමයක වැදගත් බව එය මැජික් එකක් නොවීම. හැමටම ක්‍රියාවලිය නියමාකාරයෙන් කිරීම නිසා ප්‍රතිඵල එක සේ ලැබීම.

    2011 ජනවාරි මාසයේ ඇමෙරිකාව අළුත් නීති රැසක් කතාබහ කළා. GM වගාබෝග නිසා නැති වී යන ස්වභාවික වගාවන් රකිනු සඳහා ස්වභාවික වගාවන්ට යම් භූමි ප්‍රමාණයක් වෙන් කර දෙන්න. ඒවා වගා කරන භූමි වලට අක්කර කිසියම් ප්‍රමාණයක ඈතකින් පමණක් GM වගාබෝග වලට ඉඩකඩ දෙන නීතියක්.

    2010 දී GM වගාබෝග හෙක්ටයාර් මිලියන 148 ක් ලෝකයා රටවල් 29 ක වගා කරලා තියනවා. චීනයේ හෙක්ටයාර් මිලියන 3.5 ක්, ඉන්දියාවේ හෙක්ටයාර් මිලියන 9.4 ක්, බ්‍රසීලයේ හෙක්ටයාර් මිලියන 25.4 ක්, ආර්ජන්ටීනාවේ හෙක්ටයාර් මිලියන 22.9 ක්, කැනඩාවේ හෙක්ටයාර් මිලියන 8.8 ක් යනාදී වශයෙන්. ඒ සියල්ලම මොන්සානෝ නිපැද වූ ඒවා නොව ඒ ඒ රටවල් වලින් නිපදවා ගත් ඒවා.

    වඩාත්ම බහුල වගාව සෝයා බෝංචි. වඩාත්ම ජානු වෙනස් කිරීම සිද්ධ වෙන්නේ වල්පැළෑටි නාශක වලට ඔරොත්තු දීම සඳහා.

  4. dawkinssdodo said

    //GM ආහාර කෑම නිසා පිළිකා රෝග වැළ‍ඳෙනවා යන්න විද්‍යාත්මකව තවමත් ඔප්පු කර නැති දෙයක්. විද්‍යාත්මක පර්යේෂණ පිට පර්යේෂණ පෙන්වන්නේ කිසිම බලපෑමක් නැති බවයි.//

    මේක ඇත්ත. මූලික ජීව විද්‍යාව අනුව ජානයක වෙනස්කම් කෙලින්ම එලියට එන්නෙ ප්‍රෝටීනයක් විදියට. ප්‍රෝටීන ආහාරයක් විදියට ජීර්ණය වන්නක්. ප්‍රෝටීන ජීර්ණය වූ පසු අමැයිනෝ අම්ල වලින් පිලිකා හැදෙන්න පුලුවන්ද?

    ප්‍රෝටීන වල සංන්‍යාසය (Conformation) වෙනස්වීම නිසා හැදෙන රෝගයක් තිබෙනවා. ප්‍රියෝන නිසා හැදෙන CJD, mad cow disease.

  5. Ravi said

    සාමාන්‍යයෙන් මිනිස් ස්වභාවයක් තමයි, මිනිස් විතරක් නෙවෙයි ඇත්තටම සියලු සත්වයන්ටම මේ ගුණය පොදුයි, අලුත් සහ නොපුරුදු දේවල් වලට දක්වන බිය, අකමැත්ත නැත්නම් අසාත්මිකතාවය,

    ජාන වෙනස් කරන ලද, ආහාර සම්බන්ධව තියෙන්නෙත් මට හිතෙන්නෙ අන්න ඒ වගෙ අස්ථාන බියක්.ජාන වෙනස්කිරීමෙන් Modified Life බිහිකිරීමේ සීමාව කොතනද කියන එක නම් ඇත්තටම අපිට බොහොම ලඟදිම විසඳා ගන්න වෙන ගැටලුවක්.

    පුලුල් කතිකාවක් මගින් තීරණයකට එලඹෙන්න වෙනවා මිනිසා විසින් ස්වභාව ධර්මයට බලපෑම් කිරීමේ සහ වෙනස් කිරීමේ සීමාව කොතනද කියලා.

    නැත්නම් ලෝකය එච්.ජී. වෙල්ස් ගෙ Dr. Moreau’s Island වගේ වෙයි නිසැකවම.

    • dawkinssdodo said

      ඇත්ත. මොන්සැන්ටො ලාබ ලබාගැනීම සඳහා පරීක්ෂණ නියාමකාරයෙන් නොකර Fast track කිරීම නිසා සැක මතුවුනා. අනිත් එක Agent orange , PCB වගේ ඒවාට තියෙන සම්බන්දය උඩ මොන්සැන්ටෝ ගෙ විෂ්වසනීය බාවය ගැන සැක මතුවුනා. පලිබෝධනාශක සහ ජාන විකරණය බද්ද කිරීම නිසා සෞඛ්‍යයට බලපාන්නේ මොනවාද කියන එක අපැහැදිලි වුනා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: