Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ

Richard Dawkins, Evolution, Biology and Religion|පරිණාමය, ජීව විද්‍යාව සහ ආගම

ජීවයේ ආරම්භය : ස්ව ප්‍රතිවලිත RNA අණු?

Posted by dawkinssdodo මත අප්‍රේල් 13, 2011


පින්තූරය Wiki යෙන් උපුටා ගැනින.

ජීවය ආරම්භ වීමේදී ඉතාම තීරණාත්මක සාධකයක් වන්නට ඇත්තේ ආදිකල්පික RNA “ජෙනෝමය”ක් ප්‍රතිගුණනය කල හැකි RNA අණු මතුවීමයි. “DNA” සහ ප්‍රෝටීන මත පදනම් වූ ලෝකයට පෙර තිබුනා යැයි අනුමාණ කෙරෙන්නෙ “RNA ලෝකයක්”. සාමාන්‍යයෙන් RNA අණුව, DNA අණුවෙන් ප්‍රෝටීනයක් සැදීම සඳහා අනුපිටපතක් ලෙස ක්‍රියා කරනවා.

කේම්බ්‍රිජ් සරසවියේ අණුක ජීව විද්‍යාඥයින් පිරිසක් කෘතිම RNA එන්සයිමයක් (RNA පොලිමරේස් රයිබොසයිමයක්; RNA polymerase ribozyme ) නිපදවා තිබෙනවා RNA ස්වයං පිටපත් නිපදවිය හැකි. R18 නැමැති එක් එන්සයිමයක් යොදාගෙන ආරම්භ කල පරීක්ෂණය පසුව එම එන්සයිමයේම අහඹු සුලු වෙනස්කම් සහිත ක්ලෝන මිලියන 50 ක් දක්වා පුලුල් කරමින්, RNA පිටපත් කිරීමේ ශක්‍යතාව ඇති වඩා හොඳ එන්සයිම තෝරා ගැනුනා. මේ ක්‍රියාවලිය නැවත නැවත කිපවරක් සිදුකිරීමෙන් වඩ වඩා ක්‍රියාශීලි සහ පිටපත් කිරිම නිවැරදි එන්සයිම නිපදවන්නට ඔවුන් සමත් වුනා.

සියලුම ඵලදායි අහඹු විකෘති (Random mutations) තෝරා ගත් පසු, ස්වයං ප්‍රතිවලිත වීමේ කාර්යයට උදව් විය හැකි මේ සියලු විකෘති, එක් අනුවක් තුලට එකතුකිරීමයි ඔවුන් කලේ. හොලිගර් සහ වොච්නර් ඇතුලු පර්යේෂක කණ්ඩායම නිපදවූ tC19Z නැමැති එන්සයිමය RNA ස්වයං ප්‍රතිවලිත කල හැකි අනුවක්.

R18 නැමැති RNA පොලිමරේස රයිබොසයිමයට පිටපත් කල හැකිව තිබුනේ නියුක්ලියෝටයිඩ 14 ක් පමණයි. මෙය අණුක පරිණාමිකව ගත්කල පැහැදිලි කල හැක්කක් නෙවෙයි. නව tC19Z එන්සයිමය නියුක්ලියෝටයිඩ 95 ක් පිටපත් කිරීමට සමත්. එපමණක් නොව එයට වෙනත් RNA එන්සයිමයක් පවා පිටපත් කල හැකියි. පලමු ස්ව-ප්‍රතිවලිත විය හැකි අණුව මතුවූ පසු එය වටා සහායක අණු සදාගන්නට හැකිවීම නිසා වඩා සංකීර්ණ අණු කරා පරිණාමික ක්‍රියාවලිය වේගවත් වන්නට ඇති බවයි ඔවුන්ගේ අදහස. හොලිගර් ඇතුලු කණ්ඩායම මේ සිදුකර ඇත්තේ ස්ව-ප්‍රතිවලිත විය හැකි RNA එන්සයිමයක් පර්යේෂනාගාරය තුල පරිණාමය වීමට සැලැස්වීමයි.

RNA ලෝකය නිමාවට පත්වන්නට ඇත්තේ සක්‍රිය RNA අණු, පෙප්ටයිඩ මගින් ප්‍රතිස්ථාපනය කල පරිවර්තන (Translation) ක්‍රියාවලියත් සමඟයි.

Science සහ daily galaxy ඇසුරෙනි.

2 Responses to “ජීවයේ ආරම්භය : ස්ව ප්‍රතිවලිත RNA අණු?”

  1. ස්වයං ප්‍රතිවලිත ‍වෙන්න පුලුවන් DNA වලට කියලයි මම ඉ‍ගෙන ‍ගෙන තිබ්බෙ. අනික ඔය වර්ග දෙකට ආවේණික වෙන භෂ්ම කාණ්ඩත් වෙනස් නේද. මටනම් මේ වගේ දේවල් ඇහුවම සතුටක් වගේම අනියත බියකුත් හිතට එනවා.
    ප්‍රතිකාර සොයා නොගත් භයානක ලෙඩ රෝග වලට මේ අනුසාරයෙන් ප්‍රතිකාර සොයා ගන්න පුලුවන් නම් කොච්චර හොඳද. ඉංග්‍රීසියෙන් තියෙන මෙවැනි ලිපි , සිංහලෙන් ලියන ඔබට තුති….

  2. blog gadol said

    අලුත් ආරංචියක්. බොහොම ස්තුතියි.

blog gadol වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න