Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ

Richard Dawkins, Evolution, Biology and Religion|පරිණාමය, ජීව විද්‍යාව සහ ආගම

ජ්‍යොතිෂය බොරු වෙයි ???

Posted by dawkinssdodo මත අප්‍රේල් 6, 2011



පෘතුවියට සාපේක්ෂව හිරුගේ පිහිටීම ග්‍රහ රාහියක් තුල දිස්වන අයුරු- Wikiයෙන් උපුටාගැනින.

මෑතකදී මිනසෝටාහී ග්‍රහ වස්තු සමාජයේ පර්යේෂකයින් පිරිසක් ග්‍රහ රාශි චක්‍රය (Zodiac) නිර්ණය කරන ගණන් මිමි නැවත ගණනය කර බැලුවා. ආදී බැබිලෝනියානුවන් නිමවන ලද ග්‍රහ රාශි චක්‍රය අනුව, යමෙකුගේ ග්‍රහ රාශිය තීරණය කෙරෙන්නේ හිරු එම පුද්ගලයා ඉපදුන අවස්තාවේ සිටි ග්‍රහ රාශිය අනුවයි. එහෙත් කාලයත් සමඟ හඳේ ගුරුත්වාකර්ශන බලය නිසා පෘථිවියේ එහි අක්ෂයට සාපේක්ෂ පිහිටීම වෙනස් වී තිබෙනවා. මේ නිසා ග්‍රහ රාශි චක්‍රය එක් මසකින් ඉදිරියට පැන තිබෙනවා. ඒ අනුව ජ්‍යෙතිශඥයෙක් හිරු සිටින්නේ මීන රාශියේ යැයි කීවත් ඇත්තටම හිරු සිටින්නේ මීන රාශියේ නෙවෙයි.

මේ අනුව බැබිලෝනියානු ග්‍රහ රාශි චක්‍රයෙන් ඉවත් කරන ලද රාශියක් වන ඔෆියුකස් (Ophiuchus) රාශිය නැවත ඇතුලත් කිරීමට ඉඩ ලැබෙනවා. බැබිලෝනියානුවන් මෙම රාශිය ඉවත් කලේ රාශි දොලහක් පමණක් ඔවුන්ට අවශ්‍ය නිසායි. එපමණක් නොව තුලා (Libra) රාශිය ග්‍රහ රාශි චක්‍රයට එකතුකරනු ලැබුවේ ජුලියස් සීසර්ගේ කාලයේදීයි.

පහලින් පෙන්වන්නේ නව ග්‍රහ රාශි චක්‍රය අවුරුද්දක් තුල බෙදෙන ආකාරයයි. එහි රාශි 13 ක් තිබෙනවා. බැබිලෝනියානුවන් ඉවත් කල ඔෆියුකස් රාශිය නැවතත් ග්‍රහ රාශි චක්‍රයට ඇතුලත් කර තිබෙනවා.

මේ අනුව නව ග්‍රහ රාශි වෙනස්වන ආකාරය

මකර රාශිය: ජනවාරි 20 – පෙබරවාරි 16
කුම්භ රාශිය: පෙබරවාරි 16 – මාර්තු 11
මීන රාශිය: මාර්තු 11 – අප්‍රේල් 18
මේෂ රාශිය: අප්‍රේල් 18 – මැයි 13
වෘෂභ රාශිය: මැයි 13 – ජූනි 21
මිථුන රාශිය: ජූනි 21 – ජූලි 20
කටක රාශිය: ජූලි 20 – අගෝස්තු 10
සිංහ රාශිය: අගෝස්තු 10 – සැප්තැම්බර් 16
කන්‍යා රාශිය: සැප්තැම්බර් 16 – ඔක්තෝබර් 30
තුලා රාශිය: ඔක්තෝබර් 30 – නොවැම්බර් 23
වෘශ්චික රාශිය: නොවැම්බර් 23 – නොවැම්බර් 29
**ඔෆියුකස් රාශිය: නොවැම්බර් 29 – දෙසැම්බර් 17
ධනු රාශිය: දෙසැම්බර් 17 – ජනවාරි 20

මින් නිගමනය වන්නේ මෙතෙක් කල් කියූ ජ්‍යොතිෂ පලාපල සියල්ල වෙනස්විය යුතු බවද?

එසේත් නැත්නම් ජ්‍යොතිෂය යනු විධිමත් පදනමක් නැති අමූලික බොරුවක් බවද?

12 Responses to “ජ්‍යොතිෂය බොරු වෙයි ???”

  1. hare :-) said

    මම ජ්‍යෝතිෂ්‍යය කොහෙත්ම ගණන් ගන්නෙ නෑ. ඒත් ජ්‍යෝතිෂ්‍යය කියන්නෙ විශාල දත්ත සමුදායක තියෙන තොරතුරු ඇසුරු කරගනිමින් සමාන ලක්ෂන පෙන්වන අවස්ථාවක් විග්‍රහ කිරීමක්නම් ඒකෙදි නිවැරදි දෙයක් ප්‍රකාශ වෙන්න පුළුවන්. ඒක එහෙම නෙවෙයිනම් මම ඒ ගැන කියන්න දන්නෙ නෑ…😦

    මේ වීඩියෝවෙ කියන විධියට අන්තිමේදී අපි හිතන දේ තමයි අන්තිම තීරණයට මුල් වෙන්නේ. ඉර හඳ තරු කොයි තරම් වෙනස් වුණත් ඒක වෙනස් වෙන්නෙ නම් නෑ නේද?

  2. ඇත්තෙන්ම මමත් ජ්‍යෙතිෂය බැහැර කරනවා. මිනිසුන් මුලා කරන දෙයක් තමයි ජ්‍යෙතිෂය, මමත් මේ හම්බෙනකන් ඉන්නේ මගේ හදහනත් කෑලි කෑලා වලට ඉරන්න. අපිට සරණක් තියෙන අය. ඒ සරණ තමයි ගෙෘතම බුදුරජානන් වහන්සේ විසින් දෙව් මිනිස් ප්‍රජාවට දේශණාකොට වදාල. පරම ගම්භීර චතුරාර්‍ය සත්‍යප්‍රකාශිත ශ්‍රී සද්ධර්මය. සත්වයාගේ කෙලෙස් මුල් සිද බිද දමන, එකම මග. අප මේ කියන ජ්‍යෙතිෂයට මුලා නොවිය යුතුයි. ජ්‍යොතිෂය කියන්නේ අමු මිත්‍යා දෘශ්ඨියක්. මිත්‍යා දෘශ්ඨියෙන් මිදී සම්මා දිඨ්ටියට පැමිනෙන්න සියළු දෙනාට හැකි වේවා!!!!

  3. sam said

    තිරස්චීන විද්‍යා

  4. පෘථිවි අක්‍ෂයේ සිදුවන පූර්වායන ක්‍රියාව නිසා රාශි චක්‍රයේ පිහිටීම ක්‍රමයෙන් ඉදිරියට යාම සත්‍යයක් තියෙනවා.මෙම පූර්වායනය නිසාම තව වසර 2000 කින් පමන සූර්යයා මේෂ රාශියට එන්නේ මැයි මාසයේ දිනයක තමයි.නමුත් තාරකා විද්‍යාව ජ්‍යොතිෂය කියන්නේ දෙකක්.පෙරදිග ජ්‍යොතිෂයේ සලකන්නේ අයනය නැතිවයි(නිරයන) ඒ අනුව බලන විට රාශි චක්‍රයේ පිහිටීම පෘථිවියට සාපේක්‍ෂව නිසලයි.එමනිසා අළුත් අවුරුදු උදාව සෑමදාම යෙදෙන්නේ අප්‍රේල් 12,13,14 ආසන්න දිනයකදීයි. ඔය ලිපිය තාරකා විද්‍යාව අනුව නිවැරදියි.නමුත් ජ්‍යොතිෂයට සම්බන්ධ කරන්න බැහැ.ඔය කියන ඔෆියුකස් රාශිය අනිත් ලග්න දොලහට අයත් රාශි චක්‍රයේ වෘත්තයෙන් පරිභාහිරව ඇති රාශියක් .ජ්‍යොතිෂයේදී ලග්න දොලහට අයත් තරු රාශි තෝරා ඇත්තේ එකකට පසු එකක් පායන සේ වෘත්තාකාරව පිහිටි රාභි 12ක්.ජ්‍යොතිෂයට වෙනත් තරු රාශි සම්බන්ධ කොට නැත්තේ එනිසයි.

    • dawkinssdodo said

      ප්‍රතිචාරයට ස්තුතියි.

      @jhothishalanka
      ඔබ කියන්නේ ඇත්තටම භෞතිකව සිද්ධවෙන ක්‍රියාවලිය සහ පෙරදිග ජ්‍යොතිෂය අතර සම්බන්දයක් නැති බවද?

      • තාරකා විද්‍යාව අනුව ග්‍රහලෝක ගමන් කරන්නේ සූර්යයා එක් නාභියක් ලෙස පිහිටි ඉලිප්සාකාර පථයක.නමුත් ජ්‍යොතිෂයේදී සූර්යයා ඇතුළු ග්‍රහයන් පෘථිවිය වටා වෘත්තාකාර මාර්ගයක ගමන් කරන බව සලකා බලා කටයුතු කරනවා.බොහෝ දෙනා මෙදෙස බලන්නේ උපහාසයෙන්.සූර්යයා පොලොව වටේ ගමන් කරනවා යැයි සිතා සිටින මුග්දයන් ලෙස තමයි ජ්‍යොතිෂවේදින්ව හා ජ්‍යොතිෂය පිළිපදින්නන්ව සලකන්නේ.නමුත් චලනය වන වස්තු දෙකක් ආශ්‍රිත ගනනය කිරීමේදී සාපේක්‍ෂ චලිතය සලකා (එක් වස්තුවක් නිසල ලෙස සලකා ඊට සාපේක්‍ෂව අනික් වස්තුවේ චලිතය සලකා) ගනනය කිරීම් නවන විද්‍යාවේදීත් කරනවා.ජ්‍යොතිෂයේ තියෙන්නෙත් ඒ වගේ දෙයක්.
        භෞතික ක්‍රියාවලින් ජ්‍යොතිෂයට සම්බන්ධයි.ජ්‍යොතිෂයේ මූලික සංකල්පය නැගෙනහිර ක්‍ෂිතිජයයි.පෘථිවියේ ලක්‍ෂයකට අනුරූප නැගෙනහිර ක්‍ෂිතිජයේ ස්වභාවය මොහොතින් මොහොත වෙනස් වේ.දැන් ඇති තත්ත්වය තව මොහොතකින් වෙනස්වේ.දැන් ඇති තත්ත්වයට 100%ක් සමාන තත්ත්වයක් නැවත ඇති නොවේ.කුමන හෝ වෙනසක් ඇත.ජ්‍යොතිෂයට සම්බන්ධවන මුලික භෞතික ක්‍රියාවලිය මෙයයි.

  5. dawkinssdodo said

    සියලු ප්‍රතිචාර වලට ස්තුතියි.

  6. ජ්‍යොතිෂ . ….

    ඒ වචනය රහිතව , ඉර ,සඳ, තාරකා ගැන කතා කරොත් ඒ ඒ වස්තු මඟින් පෘථීවිය මත බලපෑම් තියෙනවා කියල අපි කවුරුත් පිළිගන්න වගේම විද්‍යාඥයන් සොයා ගෙන ඔප්පු කරල තියෙන දෙයක්. පුංචිම උදාහරණයක් විදිහට සඳේ බලපෑම නිසා ඇතිවෙන වඩ දිය බා දිය ගන්න පුලුවන්.

    ඒ වගේම සඳ මෝරපු කාලෙට පිස්සු හැදෙනවා කියන කතාවෙත් ඇත්තක් නැත්තෙම නැහැනේ.

    විද්‍යාව වුනත් අද හොයා ගෙන තියෙන දේ හොට හොයා ගන්න තවත් දෙයකින් විස්තාපනය වෙන්න පුලුවන්.

    මම නම් දකින්නේ ඈත අතීතයේ ග්‍රහ ලෝක හොයා ගෙන නැති යුගයේ පටන් තිබ්බ ජ්‍යොතිෂ , ඉතාම පැරණි විද්‍යාවක්… ජ්‍යොතිෂත් වෙනස් වෙන්න කාලය හරි.

    ඒ වගේම තමයි , ජ්‍යොතිෂ ට මේ දින වල මාධ්‍ය මඟින් ලබා දීල තියෙන ප්‍රමුඛතාව මම නම් දකින්නේ ජ්‍යොතිෂ නැති කිරීමේ එක පියවරක් විදිහටයි…

  7. මම පාසල් ගිහින් ඉවර උන අලුතම වගේ මට හාමුදුරු නමක් ආශ්‍රය කරන්න හම්ඹුනා. උන්වහන්සේ පිළිගත් ජෝතිෂ වේදියෙක්. මම උන්වහන්සේත් එක්ක තර්ක කරලා කීව මම ඔය ග්‍රහ බලපෑම් පිළිගන්නෙත් නැ ඕවා බොරු කියලා. මට කරුණු කොච්චර කීවත් පිළිගත්තේ නැ.ඒ දවස්වල අපි ටිකක් නහයට අහන්නේ නෑ නොවැ. මේ හාමුදුරුවෝ මට කීවා අපි පොඩ්ඩක් එලියට ගිහින් කතා කරමු කියලා මමත් උන්වහන්සේත් එක්කම එලියට ගියා. දැන් අපි දෙන්නම එළියේ ඉඳගෙන කතාව වෙලාව දවල් 11 විතර ඇති. ටික වෙලාවකින් අපි දෙන්නටම හොඳටම දාඩිය දාල මුනත් කලුවෙලා ගිහින්. දැන් හාමුදුරුවො අහනවා

    මොකද නිකන් මුනත් කලුවෙලා අමාරුවෙන් වගේ

    මම කීව ඇයි අප්පේ මෙතනට හොඳටම අවුව නොවැ

    එතකොට හාමුදුරුවෝ කියපි මහත්තයෝ ඉර කියන්නෙත් ජොතිශය අනුව එක ග්‍රහයෙක් ඉතින් මහත්තයාට ඇස්දෙකටම දැන් පේනවා නේද ග්‍රහයන්ගෙන් අපට බලපෑම් තියනවා කියලා. ඔය වගේ තමයි අනිත් ග්‍රහයෝත් උන්ගේ බලපෑම් අපිට පෙන්නේ නැ.ඒ උනාට නෑ කියලා අයින් කරන්න බෑ. කතාව ඇත්ත මට ඉතින් කට උත්තරත් නැ

    – උපුටා ගැනීම –

    http://mata-hitena-hati.blogspot.com/2011/10/blog-post_27.html

    • dawkinssdodo said

      ප්‍රතිචාරයට ස්තුතියි චානක,
      හිරු රැස් නිසා මෙලනින් වර්ණකය උත්තේජනය වී සම කලු පැහැවන බව නිවැරදිව විස්තර කලේ නූතන ජීව විද්‍යාවය. “බලපෑම” යනුවෙන් අදහස් කරන්නේ යන්න පැහැදිලි නැත. බලපෑම යනු පුලුල් වචනයකි. ඒ නිසාම ඒ වචන වලට මුවාවී නූගතුන් රවටා , අඳුරු අපැහැදිලි නොදන්නා බලවේග රාශියක් ක්‍රියාත්මක වේ යනුවෙන් මිනිසුන් මුලාකිරීමත් වෘත්තීය ජෞතිශවේදීන්ගේ උපක්‍රමයක්දයි නොදනිමි. විද්‍යාවේදී කෙරෙන්නේ හැකි තරම් සරලව සංසිද්ධි පැහැදිලි කිරීම විනා මෙවැනි විසුලු, ඕවර්ජෙනෙරලිසේශන් කිරීම නොවේ.

      • මම ජ්‍යෝතිශය හරි කීවා නෙවෙයි. මම ඒ ගැන හරියටම දන්නෙ නෑ එපමණයි.
        අපි දන්න චන්ද්‍රයාගේ හා සුර‍්රයයාගේ බලපෑම් නිසා දෛනිකව, මාසිකව , වාර්ෂිකව
        සහ වර්ෂ කීපයකට වරක් ඇතිවන (එල් නිනෝ- ලා නිනෝවැනි ) චක්‍ර තිබේ.
        ජ්‍යෝතිශය යනු එවැනි චක්‍ර ගැන යම්කිසි අධ්‍යයනයක් විය හැකියි.

        ළමා කාලයේ බලපෑම් පුද්ගලයාගේ ජීවිත කාලය පුරාම පවතින බවටත් මතයක් තියෙනවනෙ
        ළමා කාලයේ බලපෑම් දෙශගුණ විපර්යාස වැනි දේවල් ද ඇතුල් විය හැකියි.
        ජ්‍යෝතිශය හෝ මොනයම්ම ක්‍රමයකට හෝ ඒ ගැන පරිපූර්ණ දැනුමක් නැහැනෙ

        By the way If you are aware of Scientific Modeling , Astrology is a Statistical Model with 9 Dimension
        and Millions of sub dimensions derived from main 9 dimension. But I dont know whether how accurate is
        this model .

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: