Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ

Richard Dawkins, Evolution, Biology and Religion|පරිණාමය, ජීව විද්‍යාව සහ ආගම

ගොන්නුන්ට එරෙන මිනිස් මව්කිරි

Posted by dawkinssdodo මත අප්‍රේල් 5, 2011


චීනයේ බෙයිජිං කෘෂි විශ්වවිද්‍යාලයේ ජාන තාක්ෂණ විද්‍යාඥයින් පිරිසක් විසින් පලමු වරට මිනිස් ජාන එලදෙනුන්ට හඳුන්වා දීමෙන් මිනිස් මව්කිරි නිපදවන්නට සමත් වී තිබෙනවා. මෙසේ ජාන විකරනය (genetically modified) කරන ලද එලදෙනුන් 17ක් මේ පර්යේෂණයට යොදාගෙන තිබේ. ඇත්තටම මේ එළදෙනුන් ක්ලෝනිකරනය කරන ලද ජාන විකරනය කරන ලද සතුන්. මේ පිලිබඳ පර්යේෂණ පත්‍රිකාව ප්ලොස් වන් (PLoS ONE) සඟරාවේ පලවුනා. මිනිස් ප්‍රෝටීන වන ලයිසොසයිම්, ලැක්ටොෆෙරින් සහ ලැක්ටොඇල්බියුමින් අඩංගු ” මව්කිරි” නිපදවන්නට මේ එළදෙනුන්ට හැකි වූ බවයි පර්යේෂණ පත්‍රිකාවේ සඳහන් වන්නේ. මෙම ප්‍රෝටීන අලුත උපන් දරුවන්ගේ ප්‍රතිශක්තිය දියුනු කරමින් ආසාදන වලට එරෙහිව සටන් කරන්නට උදව්වනවා. මේ “මව්කිරි” වෙලඳපොලට නිකුත් කිරීමට තවත් අවුරුදු 10ක් පමණ ගත විය හැකියි. ඒ මිනිස් පරිභෝජනයට සුදුසු දැයි පර්යේෂණ කර මේ මව්කිරි වල ආරක්ෂිත බව නිට්ටාවට නිශ්චය කර ගත යුතු නිසා.

ක්ලෝනීකරනය (cloning) කරන ලද මිනිස් ජාන හොල්ස්ටයින් කිරි එළදෙනුන්ගේ ඩී.එන්.ඒ (DNA) වලට හඳුන්වා දීමෙන් පසු, එලෙස ජාන විකරණය කරන ලද කළල, දාරක එළදෙනුන් තුල වර්ධනය කිරීමෙනුයි මේ පර්යේෂණය සිදු කෙරුනේ.

PLoS ONE සහ Daily Telegraph ඇසුරෙනි.

පින්තූරය Daily Telegraph පුවත්පතෙන් උපුටා ගැනින.

6 Responses to “ගොන්නුන්ට එරෙන මිනිස් මව්කිරි”

  1. hare :-) said

    සති කීපෙකට කලින් මම බ්ලොග් ලිපියක දැක්කා මව් කිරි අඩංගු අයිස් ක්‍රීම් නිෂ්පාදන නිපදවලා තියෙනව කියලා. අදාල සටහන ලියල තිබුණෙ මව් කිරි විකුණන් කෑමට විරුද්ධව. ඒ එක්කම ඒකට අදහස් දක්වල තිබුණ අයත් මව් කිරි විකිනීමට විරුද්ධව නිර්නාමිකව සෑහෙන්න දෙසල තිබුණ. එළ දෙනුන්ගෙන මව්කිරි ගන්නව කියල දැනගත්තම කට්ටියට මොනව වෙයිද මන්දා…

    • dawkinssdodo said

      ජාන විකරණය කරන ලද ආහාර (GM Food) ගැන ලොකු බියක් තිබෙනවා. එහෙත් නියමාකරයෙන් නිපදවා තිබේ නම් ජාන විකරණය කල ආහර වල අහිතකර බවක් තිබෙන්න බැහ. මව්කිරි හරකුන්ගෙන් නිපදවා ඉන් අයිස්ක්‍රීම් නිපදුවත් කට්ටිය විරුද්ධ වෙයි. ඒ මේ බිය නිසා.

  2. GM Food ගැන තියන බිය පුහුබියක්ම පමණයි කියල කියන්න බැහැ. මොකද GM Food නිසා අත්වෙන අහිතකර ප්‍රතිපල නිරීක්ෂණයට තරම් තවමත් කාලයක් ගිහින් නැහැ කියලයි මම හිතන්නේ. හොඳයි මෙහෙම හිතන්න.අපි තිරිඟු පලදාව වැඩි කරල , පලිබෝධකයින්ට වඩාත් හොඳින් මුහුණ දෙන නව තිරිඟු විශේෂයක් හදනව. කිසිම නෑකමක් නැති විශේෂ දෙකක ජාන වලින් කියල හිතන්න. එතකොට ඒ අලුත් තිරිඟු විශේෂයේ මලක් මහ විනාශකාරී වල්පැලිටියක ( ආසන්න නෑදැකම් තියන ශාකයක්) මලක් සමඟ මුහුවෙලා අර පලිබෝධ වලට ඔරොත්තු දෙන ගුණය සහිත වල්පැලෑටි නිපදවෙන්න බැරිද?

    ඒ වගේම තවත් දෙයක් , මිනිස් ජාන , එන්සයිම වලට හඳුන ගන්න බැරි ආගන්තුක දේවල් ශරීරයෙන් ප්‍රතික්ශේස කරනව. එහෙමත් නැතිනම් ඒව සමඟ විවිධ ප්‍රතික්‍රියා කරනව නේ.එහෙම වෙලා සමහර පිලිකා වර්ග ඇති වෙනව නේ. හිතන්න මිනිස් ආහාර මාර්ග පද්ධතියට ඇතුලු වෙන GM Food කියන්නෙත් මිනිස් එන්සයිම වලට හදුනා ගැනීමට අපහසු ආගන්තුක දෙයක් නෙමෙයිද? ඉතින් එයින් භයානක ප්‍රතිපල ඇති වෙන්න බැරිද?

    ආරෝවකට කීව නෙමෙයි … ඇත්තටම දැන ගන්නයි අහන්නේ…

    • dawkinssdodo said

      ඇත්ත. නියමාකාරයෙන් නොකලොත් GM FOOD නිසා පාරිසරික ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්. ඒවගේම ඒ පිටුපස ලාබ ලැබීම සඳහා කරන වෙනස්කම් මොනවාද කියන එකත් වැදගත්.

      එහෙත් ජානයක් වෙනස් කිරීම නිසා නිපදවන ප්‍රෝටීනයක් නම් බොහෝ විට ආහාර මාර්ගයේදී පෙප්ටඩ්යිඩ සහ ඇමයිනෝ අම්ල බවට ජීර්ණය වන නිසා GM FOOD නිසා පාරිභෝජනය කරන අයට හානි වෙන්න තියෙන ඉඩ අඩුයිනේ?

  3. […] […]

  4. ස්තූතියි ඩෝ ඩෝ ……..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: