Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ

Richard Dawkins, Evolution, Biology and Religion|පරිණාමය, ජීව විද්‍යාව සහ ආගම

නිර්-ආගමිකයන් පොර වීම.

Posted by dawkinssdodo මත ජනවාරි 16, 2011



අවුරුදු සියයකට හමාරකට පෙර “නිර්-ආගමිකයන්” යනු සුලුතරයක් පමනක් නෙවෙයි, ප්‍රධාන සමාජ දහරාවෙන් පිටමන් කරනු ලැබු කොන් කරනු ලැබූ පිරිසක්. සමහර විට නිර්-ආගමිකයන් වීම නිසා ජීවිතයෙන් වන්දිගෙවීමට පවා සිදු වුනා. වර්තමානයේදී නිර්-ආගමිකත්වය එතරම් ප්‍රති විරෝධයක් ඇති නොකරන, ඇතැම් ජනසමූහ වල ප්‍රධාන දැක්ම බවට පත්වු එකක්.


නව සහශ්‍රයේ නම් නිර්-ආගමිකයන් අති බහුල සමාජ සංරචකයක්. කොටින්ම එක් වෙබ් අඩවියක් ජනප්‍රිය, ප්‍රසිද්ධ, කීර්තිමත් නිර්-ආගමිකයන් වෙනුවෙන්ම තැනූවක්. කීර්තිමත් නිර්-ආගමිකයන් විවිධ ක්ශේත්‍ර වල විස්කම් දස්කම් දැක්වූ මාක් සුකර්බර්ග් (Facebook), ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් (ප්‍රංශ පාපැදි සවාරිය පිට පිට සත් අවස්ථාවක් ජයග්‍රහණය කර ඇත ) සහ ජෝඩි ෆොස්ට'(සුප්‍රසිද්ධ නිළිය) වැනි පුළුල් පරාසයක් නියෝජනය කරනවා. එහෙත් මින් බොහෝ දෙනෙක් යම් බලපෑමක් කල හැකි නිර්-ආගමිකයන් අතරට නොවැටෙන්නේ, බොහෝ නිර්-ආගමිකයන් මෙන් ඔවුන් තම නිර්-ආගමිකත්වය මහ ලොකු “බක්කක්” ලෙස නොසැලකීම නිසායි. දෙවියන්ගෙන් තොර ඔවුන්ගේ ජීවිත ඔවුන් සතුටින් ගෙවා දමන්නේ දෙවියන් සමඟ ජීවත් වන අයට ඔවුන්ගේ සතුට විඳගන්නට ඉඩදෙමින්.


තාමත් අප අතර සිටින, බලපුලුවන්කාර නිර්-ආගමිකයන්ගේ සුපිරි-ප්‍රාඥ ලැයිස්තුවට ඇතුලත් වීමට නම් දෙවියන් ප්‍රතික්ශේප කිරීම පමණක් ප්‍රමානවත් නැහැ, සක්‍රීයව මැදිහත් වී අන් අයත් දෙවියන් ඇදහීමෙන් ගලවා ගත යුතුයි. උදාහරණයක් ලෙස “බුල්ශිට්” රූපවාහිනී වැඩසටහන ඉදිරිපත් කරන පෙන් සහ ටෙලර් නිර්-ආගමිකත්වය ප්‍රචලිත කිරීමට යොදාගන්නේ ඔවුන්ගේ විනෝදාත්මක බවයි. එය “ජනප්‍රිය” ක්‍රමවේදයක් විනා උගත්, තර්කානුකූල මතවාදයක් දෙවියන්ට එරෙහිව, නිර්-ආගමිකත්වය වෙනුවෙන් ගොඩනැගීමක් නොවේ.


සැබෑ සක්‍රීය නිර්-ආගමිකයන්ගේ ලැයිස්තුවට ඇතුලත්වීමට නම් නිර්-ආගමිකත්වය ප්‍රචලිත කිරීමෙන් නොනැවතී උගත් මතවාද ඇසුරින් විද්වත් ලෙස නිර්-ආගමිකත්වය වෙනුවෙන් මතයක් ගොඩනැගීමට දායක විය යුතුයි. අන්න එවැන්නෙක් නිර්-ආගමික සුපිරි ප්‍රාඥයෙක් ලෙස හැඳින්විය හැකියි. ඔවුන් තම තම ක්ශේත්‍ර වල කැපී පෙනෙන උගතුන්. ඒ විද්වත් බව නිශ්චිතවම නිර්-ආගමිකත්වය ප්‍රචලිත කරන්නට හෝ දෙවියන් යනු තවුරු කල නොහැකි මනඃකල්පිතයක් බව පෙන්වන්නට යොදාගත් කීර්තිමත් පුද්ගලයින්.


එවැනි පුද්ගලයින් 25 දෙනෙකු superscholar.org ජාලය විසින් නම් කර තිබෙනවා. ඉදිරියේදී ඔවුන් පිලිබඳ විස්තර ගෙන එන්නයි ඩෝඩෝ ගේ අදිටන.

The 25 Most Influential Living Atheists From Richard dawkins.net

8 Responses to “නිර්-ආගමිකයන් පොර වීම.”

  1. sujeewa said

    [[බොහෝ නිර්-ආගමිකයන් මෙන් ඔවුන් තම නිර්-ආගමිකත්වය මහ ලොකු “බක්කක්” ලෙස නොසැලකීම නිසායි]]

    මා වඩාත් ම කැමති කෑල්ල. මා ඉන්නෙත් මෙතැනයි.

    මාත් නිර් ආගමිකයෙක්. කොටින් ම නිදහස් මතධාරියෙක් [නිදහස්ම මතධාරියෙකුට තමන් නිර් ආගමිකයෙකු ද යන්නත් ස්ථිර නැහැ. නමුත් පොදුවේ ගත විට මා ද නිර් ආගමිකයෙක් කීමේ වරදක් නැහැ]

    [[තාමත් අප අතර සිටින, බලපුලුවන්කාර නිර්-ආගමිකයන්ගේ සුපිරි-ප්‍රාඥ ලැයිස්තුවට ඇතුලත් වීමට නම් දෙවියන් ප්‍රතික්ශේප කිරීම පමණක් ප්‍රමානවත් නැහැ, සක්‍රීයව මැදිහත් වී අන් අයත් දෙවියන් ඇදහීමෙන් ගලවා ගත යුතුයි]]

    හැබැයි තම නිර් ආගමිකත්වය ආගමක් වගේ පතුරුවා ලීමේ වරදක් නැහැ. ආගමිකයන් කරන්නෙත් මේකමයි. “secular” කියා තද විශ්වාසයක එල්බ ගෙන සිටින්නන් ද මා සලකන්නේ ආගමිකයන් වශයෙන්. අනික එවුන අදහන දෙවියන්, සංසාරය, භවය වගේ දේවල් නැතිය කියා මොවුන් අදහනවා.

    හොඳ වැඩසටහනක් ඩෝඩෝ පටන් ගත්තේ. මාව හැකිනම් මුණු පොතෙන් එකතු කරගන්න. ඒ එක්කම ඔබේ අලුත් පෝස්ටයන් එහි දැනුවත් කරන්න. නැත්නම් මට ඊ මෙලයකින් දන්වන්න.

    • dawkinssdodo said

      Thanks for the reply!

    • SL said

      “[[තාමත් අප අතර සිටින, බලපුලුවන්කාර නිර්-ආගමිකයන්ගේ සුපිරි-ප්‍රාඥ ලැයිස්තුවට ඇතුලත් වීමට නම් දෙවියන් ප්‍රතික්ශේප කිරීම පමණක් ප්‍රමානවත් නැහැ, සක්‍රීයව මැදිහත් වී අන් අයත් දෙවියන් ඇදහීමෙන් ගලවා ගත යුතුයි]]

      හැබැයි තම නිර් ආගමිකත්වය ආගමක් වගේ පතුරුවා ලීමේ වරදක් නැහැ. ආගමිකයන් කරන්නෙත් මේකමයි. “secular” කියා තද විශ්වාසයක එල්බ ගෙන සිටින්නන් ද මා සලකන්නේ ආගමිකයන් වශයෙන්. අනික එවුන අදහන දෙවියන්, සංසාරය, භවය වගේ
      දේවල් නැතිය කියා මොවුන් අදහනවා”

      DITO

  2. @Dodo: This is Ritigala Jayasena. I made a comment on this post previously, but due to the sin of copy-paste, it might have ended up in spam-box. Would you kindly restore it?

  3. ගෝඨයිම්බර said

    මා පිලිගන්නා පරිදි ආගම යනු විශ්වාසයන් හා විශේශයෙන් ඇදහිලි පදනම් කරගත් මතවාද වේ.එහිදී දෙවියන් කෙන්ද්‍ර කරගනී.දෙවියන් පිහිට පතති.දෙවියන් එකම ගැලවුමද වේ.ඒ අනුව බලන කල මා හටනම් බුදුදහම ආගමක් නොවේ.එය ජීවන දැක්මකි.මා නිරාගමික බෞද්ධයෙකි.මා සිතන පරිදි සියලු සැබැ බෞද්ධයෝ නිරාගමිකයන් වෙති.නමුත් එය ඔබලාගේ නිරාගමිකත්වය නම් නොවන බව මට සිතේ.

    මට ප්‍රශ්න කිහිපයක් තිබේ.නිර් ආගමිකත්වය පිළිබද පැහැදිලි අර්ථ කතනයක් තාමත් මේ වෙබ් අඩවිය හරහා ලැබී නැත.නිර් ආගමිකයන් විශ්වාසයන් බැහැර කරන්නෝද?එසෙත් නැත්නම් නිර් ආගමිකයන් දෙවියන් පමණක්(දෙවියන් කේන්ද්‍ර කර ගත් මතවාද )පමණක් බැහැර කරන්නෝද?ඔබලා දකින නිරාගමික කුලකය අර්ථ දක්වන ලෙස ඉල්ලා සිටිමි.

  4. දැනට සිටින තවත් සුප්‍රකට නිර් ආගමිකයකු මතක් කර දෙන්න කැමතියි. ඒ තමයි එක්සත් ජනපදයේ ජනප්‍රිය මාධ්‍යවේදී බිල් මෝ ( Bill Maher ).
    මොහු මාධ්‍යවේදියකු මෙන්ම ප්‍රහසන කතෘ වරයකු ද වේ. මොහු තම නිර් ආගමික චින්තනය වඩාත්ම ප්‍රචලිත කළේ ඔහුගේ ” Religulous ” වාර්තාමය චිත්‍රපටයෙනි. මෙම චිත්‍රපටයේදී මොහු දැනට ලොව ප්‍රකට ආගම් ( ක්‍රිස්තියානි, ඉස්ලාම්, යුදෙව්, මෝමන්…) ඉතා දක්ෂ ලෙස ගවේශණය කරන්නේ එම කරුණු වලට යම් හාස්‍ය රසයක් ද එක් කරමිනි.
    නිදහස් මතධාරී සියළු දෙනාට මෙව නැරඹීමට වටින චිත්‍රපටයක් බව මාගේ අදහස යි.
    සම්පූර්ණ චිත්‍රපටය මෙම ලින්ක් එකෙන් නැරඹිය හැකිය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

 
%d bloggers like this: