Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ

Richard Dawkins, Evolution, Biology and Religion|පරිණාමය, ජීව විද්‍යාව සහ ආගම

දෙවියන් වහන්සේ / අල්ලාහ් ට කොකා පෙන්නන බස්

Posted by dawkinssdodo මත අගෝස්තු 6, 2010


“ප්‍රබෝධමත් සහ සාමකාමී” නිර් ආගමික (Atheist) පණිවිඩය මහාබ්‍රිතාන්‍යයේ බස් රථ දැන්වීම් හරහා ජනතාව අතරට “ගෙන යෑමේ ව්‍යායාමයයි- Atheist Bus Campaign/ නිර් ආගමික බස් ව්‍යාපාරය. මෙය ක්‍රියාවට නැගුනේ බ්‍රිතාන්‍ය ප්‍රහසන ලේඛිකා Ariane Sherine සමඟ බ්‍රිතාන්‍යය මානවවාදී ව්‍යාපාරය (British Humanist Association) සහ රිචඩ් ඩෝකින්ස් ගේ නිල සහයෝගය ඇතුව 2008 ඔක්තෝබර් 21. එහි පලමු ඉලක්කය වුනේ “There’s probably no God. Now stop worrying and enjoy your life/ දෙවියෙක් නැත, දැන් බිය නොවී ජීවිතය සතුටින් විඳින්න” යන පාඨය රැගත් බස් රථ 30ක් ලංඩනය තුල සති හතරක් ධාවනය කිරීමට පවුම් 5500ක මුදලක් රැස්කිරීමයි. මුදල් එකතු වුනේ මහ ජනතාවගේ පරිත්‍යාග වලින්. 2008 ඔක්තෝබර් 24 වන විට පවුම් ලක්ෂයක් මහජනතාව විසින් පරිත්‍යාග කර හමාරයි.


2009 ජනවාරියේ පලමු බස් දැන්වීම් ප්‍රදර්ශනය වුනා. බස් 800ක් පමණ මුලු බ්‍රිතාන්‍යය පුරා ධාවනය වෙනවා මේ දැන්වීම් සමඟ. ඊට අමතරව මේ වගේ දැන්වීම් 1000ක් ලංඩනයේ උමං දුම්රිය ස්තාන වල ප්‍රදර්ශනය කරන්නට සැලසුම් කර තියෙනවා.

වොෂින්ටනයේ මෙවැනිම බස් රථ දැන්වීම් ව්‍යාපාරයක් ඇරඹුනා, බ්‍රිතාන්‍යය ව්‍යාපාරයෙන් ආභාෂය ලබමින්. එහි පාඨය වුනේ “Why believe in a God? Just be good for goodness’ sake ” ඔස්ට්‍රේලියාවේ මීට සමගාමී ව්‍යාපාරයක් ඇති කිරීමට කටයුතු යොදා තිබුනත් මතභේදකාරී කරුණු ප්‍රදර්ශනයට බස් සමාගම් කැමැති වී නැහැ. ඉතාලියේත්, ස්පාඤ්ඤයේත්, ජ’මනියේත්, කැනඩාවේත්, නවසීලන්තයේත්, ස්වීඩනයේත් මීට සමගාමී ව්‍යාපාර ඇරඹුනා.

මේ බස් රථ එකක්වත් කිසිම අනතුරකට ලක් නොවී ධාවනය වූ බවයි කියවෙන්නේ.

මේ වොෂින්ටනයේ දැන්වීම


මේ ඉතාලියේ දැන්වීම


මේ ජ’මනියේ දැන්වීම

දෙවියන්/ අල්ලා පිලිබඳ ජීව විද්‍යාත්මක විග්‍රහය??

8 Responses to “දෙවියන් වහන්සේ / අල්ලාහ් ට කොකා පෙන්නන බස්”

  1. Atheism in Sri Lankan context is something new and most of the people haven’t even heard the word Atheist. This is the first time I saw your blog and we are in a much similar effort to promote Secularism in Sri Lanka.

    If you haven’t seen the Secular Sri Lanka (SSL) web site please do visit the site at http://www.secularsrilanka.com

    We have a secular community there; lot of sites, blogs, forums and social networking tools (YouTube, Twitter, Facebook, etc…) integrated to a common goal. And also I recommend you to visit Religurd ( religurd.wordpress.com ) it’s another site promoting Atheism in Sri Lanka.

    Currently most of the articles at SSL are written in English and we’ve been looking for authors who are capable of writing posts in Sinhala and Tamil languages. Since you have the ability of writing blog posts in Sinhala we would definitely like you to have you in our authors list.

    If you are interested of contributing articles / blog posts to SSL please do let us know

  2. ලංකාවේ මේ වගේ දෙයක් කලා නම්? මුළු ලෝකයේම පෙන්නපු “The Davinci Code” තහනම් කරපු රටනෙ මේ….

  3. නිර්නාමික said

    Moda booruwo tikak banzz..munta dewio sure naha kiyanne manusskama 0 kiyana ekane,,munge enjoy math drwaya saha kaamaya thamai ithin..kaalakanni.

  4. Shammi said

    Hey, Don’t you read your comments anymore? I can’t imagine why you didn’t recommend this site to me. “Just some random shit I’ve accumulated over the years” Hmm…???

  5. T said

    “Atheist” යනු “නිර් ආගමික” ට වඩා “අදේවවාදී” යන්න බව මගේ හැගීමයි. Atheism සහ Secularism යනු පැහැදිළිව දෙකකි. Secularism යනු “නිර් ආගමික” යන්නට වඩා ගැලපෙන පදයයි.

    මට බෞද්ධයෙකු වශයෙන් අදේව වාදියෙකු වීමට පුලුවනි. හේතුව බුද්ධාගම දෙවියන් පිලිබද විශ්වාසය පදනම් කරගත් ආගමක් නොවීම නිසා.නමුත් මම Secular නෑ.

  6. T said

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: