Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ

Richard Dawkins, Evolution, Biology and Religion|පරිණාමය, ජීව විද්‍යාව සහ ආගම

පරිණාමයට සාක්ෂි- ටික්ටාලික් රොසියේ

Posted by dawkinssdodo මත ජූලි 31, 2010



පරිණාමයට විරුද්ධව ගෙන එන එක ජනප්‍රිය තර්කයක් තමයි, අතරමැදි ජීවී කාණ්ඩ එහෙමත් නැත්නම් අන්තර් කාණ්ඩ (intermediate fossil) නියෝජනය කරන ෆොසිල හෝ සත්වයන් දක්නට නොමැති කම. මේවාට සංක්‍රමණික , නැත්නම් සංක්‍රාන්ති ෆොසිල (transitional fossil) කියලත් කියන්න පුලුවන්. පරිණාමය වීමේදී එක් ජීවී කාණ්ඩයකින් තව කාණ්ඩයක් පැන නගින විට, එහෙමත් නැත්නම් අතු බෙදෙන විට මේ ජීවී කාණ්ඩ දෙකට අතරමැදි ලක්ෂන පෙන්වන සත්වයින් සිටිය බවට සාක්ෂි නැත්තේ ඇයි කියන ප්‍රශ්නය. සංක්‍රාන්ති ෆොසිල නැත්තේ ඇයි කියන එක නොදන්න කම නිසා පැන නගින ප්‍රශ්නයක්. සංක්‍රාන්ති ෆොසිල තියෙනව, හැබැයි සුළු ප්‍රමාණයක් පමනයි සොයාගෙන තියෙන්නේ. හැම සංක්‍රාන්ති අවස්තාවක්ම ෆොසිලයක් වෙලා සංරක්ෂිත සාක්ෂියක් බවට පත් වෙන්නෙත් නැහැ. ඒ නිසා තමයි මේවා නැතිවුනු පුරුක් (missing link) කියා හඳුන්වන්නෙත්.


2004 දී නීල් ශූබින් (Neil Shubin)ඇතුලු පර්යේශක පිරිස කැනඩාවේදී කල කැනීම් වලින් මතු වුණා මේකට නොසැලෙන අපූර්ව උත්තරයක්. ඒක අවුරුදු මිලියන 375 ක් පැරණි ෆොසිලයක්. ඩෙවෝනියන් යුගයේ අවසාන කාලයේ සිටි සත්ව කණ්ඩායමක්. මේ ෆොසිලය මාලුන් සහ උභය ජීවීන් අතර අතරමැදි අවස්තාවක් නියෝජනය කරනව.
ටික්ටාලික් රොසියේ (Tiktaalik roseae) නමින් හඳුන් වන මේ සත්ව කාණ්ඩය “මත්ස්‍යපාදිකයන්” (Fishapod) යනුවෙන් මුලින් හැඳින්වුයේත් මේ සතරපාදිකයන් (Tetrapod) සහ මත්ස්‍යයින් (Fish) අතර අතර මැදි අවස්තාවට කදිම උදාහරනයක් නිසායි.

ටික්ටාලික්ගේ වරල් මූලික මැණික් කටු අස්ථි සහ ඇඟිලි වලින් යුක්ත නිසා ඒවා බර දැරීමට පරිණාමය වූ එවා බව පැහැදිලියි. මේ වගේ ලක්ෂනයක් වෙනත් කිසිම මත්ස්‍ය ආකාර ෆොසිලයක තිබූ ලක්ෂනයක් නෙවේ.
ඊට අමතරව මේ මත්ස්‍ය ආකාර සත්වයා – ටික්ටාලික් ට ආදි ආකාර පෙනහලුත් කරමල් වලට අමතරව තිබුන බව කියැවෙනවා. අනිත් මත්ස්‍යයන්ට නොමැති විශේෂම ලක්ෂණය, පැහැදිලි බෙල්ලක් ටික්ටාලික්ට තිබීමයි.

වැඩිදුර විස්තර සඳහා කියවන්න-
http://en.wikipedia.org/wiki/Tiktaalik
http://en.wikipedia.org/wiki/Transitional_fossil

නීල් ශූබින්ගේ කතාව බලන්න-

දෙවියන්/ අල්ලා පිලිබඳ ජීව විද්‍යාත්මක විග්‍රහය??

17 Responses to “පරිණාමයට සාක්ෂි- ටික්ටාලික් රොසියේ”

  1. blog gadol said

    ඔබ සතු පරිණාමය පිළිබද දැනුම විශිෂ්ටයි!! අගනා ලිපියක්

  2. awak said

    පරණ ලිපි වලට යන්න ලේසි ක්‍රමයක් නැති එක අඩුවක්. එහෙම ගැජට් එකක් දාන්න පුළුවන් නම් හොඳයි.

  3. Taboo Subjects said

    මේ එක්කම නැඟෙන අනෙක් ප්‍රශ්නය තමයි අද අතරමැදි ජීවීන් කිසිවක් දකින්නට නොලැබෙන්නේ ඇයිද යන්න. ඇයි මසුන් හා උභය ජීවීන් අතර අතරමැදියකු,අඩු ගණනේ එක ජීවීන් විශේෂයක් වත්, අද නැත්තේ? ඇයි ක්ෂීරපායින්, කුරුල්ලන්, උරගයන් සේ පැහැදිළිව වර්ගීකරණය කළ හැකි ජීවීන් පමණක් අපට හමුවන්නේ? මේ මැද ලින්ක එකක් වත් අද නැත්තේ ඇයි? පරිණාමය හැමදා සිදුවන ක්‍රියාවලියක් නම් මේ ලින්ක අදත් තියෙන්නට ඕනෑ නේද?

    යම් යම් වෙනස්කම් වලට පරිණාමය හේතු වන්නට ඇතැයි සිතිය හැකියි. (උදා: අප්‍රිකානු අලියාට ආසියානු අලියාව වඩා කුඩා ඇඟක්ද, විශාල කන්ද තිබීම පරිණාමයෙන් වූ දේවල් ලෙස භාර ගන්න කිසිම බාධවක් නැහැ.) නමුත් ඉතාම සරල ඇල්ගීවල සිට මිනිසා දක්වා ගමන පරිණාමයටම පවරන්නට තරම් මට තවම සාක්ෂ්‍ය මදි. මා කියන්නේ පරිණාමය සිදු නොවූ බවවත් එය බොරුවක් බව වත් නෙවෙයි. එහෙත් ඔය කියන අන්දමටම සිදුවුනාය කීම පිළිගන්නට තවම සාක්ෂ්‍ය මදි. නමුත් තියරියක් සේ පරිණාමය භාවිතාවට ඉන් බාධවක් නැහැ.

    • dawkinssdodo said

      ටැබූ, බොහොමත්ම ස්තූතියි ප්‍රශ්නයට.

      ක්ෂීරපායින් හෝ කුරුල්ලන් අතර අතරමැදි අවස්තා තියෙනවා නේද.
      උදාහරනයක් ලෙස තාරාහොට ප්ලැටිපසා හෝ පැසිපොව්වන්. මේ උදාහරණ කිසිසේත්ම පරිනාමික අතරමැදි අවස්තා නොවේ. නමුත් වර්ගීකරණය කරන සත්ව කාණ්ඩ වල ලක්ෂන පොදු පූර්වජයෙක් දෙසට ඇඟිල්ල දිගුකරනවා නේද.
      අනිත් කරුන නම් පරිනාමය සිදුවන්නේ ජීවී විශේෂයක් (Species) තුල නිසාත් ඒක සිදුවන කාලය අවුරුදු මිලියන ගනනක් නිසාත් අපිට නිරීක්ශනය කරන්න ලැබෙන්නේ විශේෂයක සුලු වෙනස්කම් පමනයි.

      වෙලාවක් ලැබුනු සැනින් මේ ගැන ලිපියක් ලියන්නම්.

  4. Taboo Subjects said

    අද සෛද්ධාන්තිකව විස්තර කෙරෙන්නේ රේඛීය පරිණාමයක් ගැන. නමුත් ෆොසිල හා අනෙකුත් සාක්ෂ්‍යවලින් ඔප්පුවන්නේ කොන්ටම් පරිණාමයක් පමණයි. මත්ස්‍යයාගේ කරමල එක පාරටම පෙනහැල්ලක් බවට පත්වෙනවා. මේ දෙක අතරමැද මොකක් තිබුනාද අප තවමත් දන්නේ නැහැ. තිත් ටිකක් යාකරලා රේඛාවක් හදා ගන්න පුළුවන් තමයි. නමුත් අනිවාර්යයෙන්ම එහෙම රේඛාවක් තිබුණාය කියා කියන්න බැහැ.

    නිකමට සංසන්දනය කරන්න මේක යම් යන්ත්‍රයක පරිණාමය සමඟ. අහස්යානය රයිට් සහෝදරයන්ගේ සරල මොඩලයේ සිට අද ඇති A380 දක්වා පෙන්වන්නේද මෙවැනිම කොන්ටම් පරිණාමයක්. නමුත් අප ඊට හේතුව දන්නවා. අහස්යානය සැලසුම්කළ ‘මැවුම්කරුවකු’ හිටියා.

    ම නැවත පැරණි මැවුම්කරුවාගේ සංකල්පය වෙත යනවා නෙවෙයි. නමුත් මේ සමානකම අපට කියන්නේ ජීවය අපට වඩා බෙහෙවින් දියුණු යම් පිරිසකගේ අඛණ්ඩ සැලසුමක් බවද? වෙන විදියකට කිව්වොත් අප සියළුදෙනාම කාගේ හෝ මැෂින්ද?

    • dawkinssdodo said

      ටැබූ, ඔබ මැවුම්වාදියක් නොවන බව මෙතන සඳන් කිරීමවත් අවශ්‍ය නෑ. ඒත් මේ වගේ සංවාදයක් ඇරඹීම නම් ඉතාම වටිනව.

      කරමල් එක පාරට පෙනහලු වුනේ නෑ. උභය ජීවීන් බලන්න. පෙනහලු පැන නගින්නේ කරමල් වලින් නෙවේ. පලමු මත්ස්‍ය ආකාර අත් කරගත්තේ මුඛයෙන් වාතය උරා බීමට. ඔවුන්ගේ ආහාර මාර්ගයේ මතුපිට සෛල ස්තරයෙන් වාතය උරාගැනීමයි වුනෙ. අදත් හුඟක් මාත්ස්‍යයින්ට මේක කරන්න පුලුවන්. ඒ ආහාර මාර්ගයේ කොටසක් තමයි පසුව විශේෂණය වෙන්නේ වාතය අල්ලාගන්න සරල කුටීරයක් බවට. පසුව මේ කුටීරය තවත් විශේෂනය වුනා මතුපිට වර්ගඵලය වැඩිකර ගෙන පෙනහලු බවට. තාමත් අපේ ආහාර මාර්ගයත් පෙනහලුත් අතර සම්බන්දය තියෙනව. එවැනි සම්බන්දයක් තාමත් තිබීමම නිර්මාණාත්මක අතින් දුර්වල තත්වයක්. කවුරු හරි සැලසුම් කාරයෙක් මේ පිටුපස ඉන්නවා නම් ඔහු අන්තිම දුර්වල සැලසුම්කරුවෙක්.

      අපිට අවුරුදු මිලියන ගානක කාල පරතරය තේරුම් ගැනීම අපහසුයි. ඒක අපිට තේරුමක් තියෙන ආකාරයට ග්‍රහනය කරගන්න බැහැ. ඒ එක්කම ඔක්කොම පරිණාමික අවස්තා ෆොසිල බවට පත්වෙල ආරක්ශා වෙලා අපි සොයාගන්නකන් පවතින්නේ නැහැ. මේ නිසායි අපිට රේඛීය ආකාරය උකහා ගන්න අපහසු. ඒ නිසාම තමයි මේක කාගේ හරි සැලසුමක් විදියට පේන්නෙ. අවුරුදු මිලියන ගනනක් තුල අසාර්තක මොඩල් දහස් ගන්නක් විනාස වෙනව අපි දකින්නෙ නැහැ. අසුරු සැනයකදී (අවුරුදු 2000) අපි දකින්නෙ ඔක්කොම වැඩකරන මොඩල. ඒ මොඩල් වල වැරදි හෝ උන්නති ලක්ශන නිසා ඒවයේ සාර්තක අසාර්තක බවවත් මේ අසුරු සැනය තුල අපිට පේන්නෙ නැහැ.

      මේ ගැනත් ලිපියක් ලියන්නම්, නැවතත් ස්තුතියි ඔබේ වටිනා මැදිහත් වීමට. දිගටම ප්‍රශ්න නගන්න. ඒක දිරිගැන්වීමක්.

    • evolution said

      we cannot say the living beigns should have a creator just because there is a producer or a manufacturer for a particular machine. there are several differences between the animals (including humans) and machines.
      1. animals change, they grow from infants to adults. machines do not.
      2. animals reproduce, machines dont.

  5. Taboo Subjects said

    සැලසුම්කරු/මැවුම්කරු දුර්වල බවට තර්කයක් නැහැ. අර කවුද මිනිස් සිරුර ගැන කිව්වා වගේ God must be a really bad architect to create a ‘pleasure zone’ just next to a ‘sewage system’.

    නිර්මාණයේ වැරදි තිබීමම එය පසුපස සැලසුම්ශිල්පියකු සිටි බවට සාක්ෂියක්. මන්ද කිසිම සැලසුම්කරුවකු 100%ක් නිවැරදි නැති නිසා. නමුත් පරිණාමය කියන්නේ survival of the fittest නම් අවසාන ඵලය නියත ලෙසම සර්වසම්පූර්ණ විය යුතුයි.

  6. dawkinssdodo said

    ටැබූ,

    ඔබ කියන්නෙ UNintelligent design ගැනද? එහෙමනම් එය ජීව විද්‍යාවට වඩා Exobiology / SETI/UFO වලට වැදගත් වේවි.

    Intelligent design ගැන මෙතනින් කියවන්න.

    https://dawkinssdodo.wordpress.com/2009/05/08/%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A-%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92-%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F/

    පරිණාමයට දිශාවක් නැහැ. එහි අවසන් ඉල්ලක්කයක්,හෝ අවසන් ඵලයක් නැහැ. අද අපි දකින සියලු ජීවීන් (මිනිසා ඇතුලුව ) සංක්‍රමණික ජීවීන් විදියට අර්ත දැක්වෙයි අනාගතයේ. අන්ත දෙකක්(END point) අතර අප දකින හැම ජීවියෙක්ම සංක්‍රමණිකයි. ඒත් ඒ අන්ත තීරණය වෙන්නේ අනාගතයේ අවම අවුරුදු මිලියනකින් පසු, නිරීක්ශකයෙක් අතින්. අන්ත අර්ත දක්වන්නේ අපි බව මෙතනදී මතක් කරගැනීම වැදගත්.

    උදා:
    (හෙට න්‍යෂ්ටික පිපිරීමක් වෙලා අධි විකිරණශීලි වායුගෝලයක් ඇති වුනොත් මේ ජීවීන් ඔක්කොම ප්‍රතික්ෂේප වෙලා ගැඹුරු මුහුදු පත්ලේ ජීවීන්ට අවස්තාවක් ඒවි තව අවුරුදු මිලියන් ගානක තුල වෙනත් ආකාරයකට පෘතුවිය මත ජීවය ගොඩනගන්න. )

    ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.

  7. evolution said

    you’re doing a great job here. most of the people in SL do not have a good knowledge about evolution. the educational institutes in the country do not pay attention on teaching these subjects to the students in the schools.

  8. How was Tiktaalik roseae turned into a false intermediate fossil by Darwinists?
    Many aspects of the Darwinist deception regarding Tiktaalik Roseae, for long years the subject of speculation by Darwinists, have been exposed. Darwinist fraud, which we have maintained on the agenda so many times, has once again been revealed with new aspects. It has again been seen that people are being misled by Darwinists; TIKTAALIK ROSEAE IS NOTHING MORE THAN A SPECIES OF ALLIGATOR:

    * There are various very important facts about Tiktaalik Roseae that need to be known. The Tiktaalik Roseae fossil, that has to date been comprehensive depicted with odd-looking legs and even its whole body, reconstructions of which have been prepared and these fantastical reconstructions put on display in museums, and which has for years been described as an intermediate fossil in books, in fact CONSISTS SOLELY OF A SKULL.
    * None of the bones added onto the skull belong to this life form at all, CONSISTING OF BONES BELONGING TO OTHER LIFE FORMS discovered in the same fossil-rich strata.

    * The fin fragments that have been attempted to be linked to this animal in fact belong to other fossil fishes living in the same strata. DELIBERATE ATTEMPTS HAVE BEEN MADE TO PORTRAY THESE AS BEING PART OF THE DISCOVERED SKULL. In this way, Tiktaalik Roseae has been turned into a false intermediate fossil.
    * Therefore, all the speculation about the animal’s skull and the other parts added onto it is FALSE.
    * All the characteristics of the skull are CHARACTERISTICS BELONGING TO ALLIGATORS: The eyes being close to one another and located on the top of the head, the flat skull, the skull being able to move independently of the body, the sharp teeth and its general appearance are all specific to the alligators. In appearance, the animal IS IDENTICAL TO THE ALLIGATOR SINANSIS SPECIES LIVING IN today’s China.

    * Indeed, one can see the fraud here from the account of the artist involved in the reconstruction of Tiktaalik Roseae. In reconstructing the fossil, the artist in question explicitly states that HE TOTALLY INVENTED THE CREATURE THROUGH THE POWER OF HIS IMAGINATION.
    * Furthermore, the same artist stated that he determined the tissues of the animal in question and had no qualms about stating that a great deal of speculation was needed in order to produce a living appearance from a single fossil remain.
    * As we have seen, it is not at all hard for a Darwinist artist under the influence of evolution to turn a skull with entirely alligator characteristics into a very strange-looking, false transitional form. The Tiktaalik Roseae deception that has been going on for so many years has been seen by millions by means of this simple deceptive technique.
    * Some people, lacking any great knowledge of the subject, may fall into the error of thinking that Darwinists behave scientifically, that an intermediate fossil has genuinely been found and that what is on display is what the animal really looked like. The fact is, however, that all that they have is an alligator skull, bones and fin fragments belonging to fish and other life forms discovered nearby the skull, and the power of imagination of an artist guided by tall tales of evolution. To sum up, Darwinists have deceived people yet again.
    * Tiktaalik Roseaeis a false transitional fossil brought to the fore by Darwinists out of an urgent need at a time when they are in the worst despair and have begun being defeated. Just as with the Ida, Ardiand Austrolapithecus Sediba deceptions, which have recently visited such terrible humiliation on Darwinists.
    * In fact,Tiktaalik Roseae is a perfect species of alligator, examples of which are still alive today. It lived 375 million years ago AND IS TOTALLY IDENTICAL TO THE LIVING SPECIES OF ALLIGATOR.
    * This life form is in fact A LIVING FOSSIL THAT COMPLETELY DEMOLISHES DARWINISM.

    * So long as Darwinist speculation persists we will of course continue to issue clarifications regarding their intermediate fossil frauds. But the real issue is that Darwinists HAVE STILL NOT BEEN ABLE TO ACCOUNT FOR HOW A SINGLE PROTEIN MIGHT HAVE EMERGED SPONTANEOUSLY. Evolution collapses right at the phase of the very beginning of life.
    * It is truly humiliating for Darwinists to offer deceptive accounts of a living thing whose fins turned into legs WHILE THEY ARE UNABLE TO EXPLAIN HOW A SINGLE PROTEIN MIGHT HAVE COME INTO EXISTENCE, WHEN THEY HAVE BEEN DEFEATED AT THE VERY BEGINNING OF LIFE.
    * More furore over yet another Darwinist deception has now blown up. But the deception has been completely exposed in all respects. Darwinists are left with no way out. Whenever they come up with a deception, that deception will inevitably be crushed. And we would once again remind the public that they are left speechless by even a single protein.
    * This is an immutable law of Allah. Our Lord reveals in one verse how falsehood will always be defeated:

    Rather We hurl the truth against falsehood and it cuts right through it and it vanishes clean away! Woe without end for you for what you portray! (Surat al-Anbiya’, 18)

  9. පරිණාමය මහ බොරුවක් අදටත්පිළිගන්න බැරි කාරණයක් මොකද වදුරගෙන් මිනිසා සැදුනානම් මිනිසාගෙන් පස්සසේ තව එකෙක් හැදුනේ නැත්තේ ඇයි ?……..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: