දෙවියන් දෙවෙනිවීම
Posted by dawkinssdodo මත මැයි 29, 2010
මානව ජාන ව්‍යාපෘතියේදී whole genome shot gun sequencing යොදා ගනිමින් ඊට පෞද්ගලික අංශයෙන් දායකවූ ක්‍රේග් වෙන්ටර් ලොව පලමු කෘතිම සෛලය නිපදවලා. මේ පුවත පලකල Science සඟරාව පවසන්නේ මෙය ජෛව විද්‍යාවේ නොමැකෙන සංධිස්තානයක් ලකුනු කරනු ඇති බවයි.
කෘතිමව නිපදවනු ලැබූ DNA අනුවක් ධාරක සෛලයකට ඇතුලත් කිරීමයි මෙහෙදී සිදුවී ඇත්තේ.ඉන් පසුව එම සෛලය ඒ කෘතිම DNA අනුවට අනුගත වෙමින් තම පෙනුමත් චර්යාවත් වෙනස් කරගත් බව පැවසෙනව.
සමහරු මීට එරෙහිව මත පල කරමින් මෙහි වඩා අනතුරුදායක පැත්තක් ඇති බව පෙන්වා දෙනවා. ඒ දැනටමත් තුරන් වී ඇති වයිරස මෙන්ම නව ජීව ආයුද නිපදවීමට මේ ක්‍රමය උදව්වක් වන නිසා.
ක්‍රේග් වෙන්ටර් පවසන්නේ, කෘතිමව නිපදවූ DNA අනුවක පාලනයට සෛලයක් සම්පූර්නයෙන් නතුවූ පලමු අවස්තාව මෙය බවයි. ඖෂධ, ඉන්ධන සහ හරිත වායු ප්රහාරනයටත් මේ ක්‍රමය යොදාගත හැකි බවයි කියවෙන්නෙ. මේ ක්‍රමය තවත් කාර්මික විප්ලවයකට මඟ පාදනු ඇති බවයි වෙන්ටර් පවසන්නේ.
කෙසේ වෙතත් දෙවියන් මැව්වායයි කියන සෛලවලට වඩා නිවැරදි, ප්‍රයෝජනවත් සෛලයක් මිනිසුන් විසින් නිපදවීම, මිනිසුන් දෙවියන්ට ඇඳීමක් නෙවෙයිද??
බ්ලොග් ගඩොල් said
මේක සිරා නිපදවීමක්!අණුක ජීව විද්‍යාවේ නව පෙරලියක්.මෙහි යාන්ත්‍රණය කුමක්ද?
dawkinssdodo said
මේක ටිකක් සංකීර්ණ මෙතඩ් එකක්, අවුරුදු 15ක් මේ සඳහා වැඩ කරල.
//To complete this final stage in the nearly 15 year process to construct and boot up a synthetic cell, JCVI scientists began with the accurate, digitized genome of the bacterium, M. mycoides. The team designed 1,078 specific cassettes of DNA that were 1,080 base pairs long. These cassettes were designed so that the ends of each DNA cassette overlapped each of its neighbors by 80bp. The cassettes were made according to JCVI’s specifications by the DNA synthesis company, Blue Heron Biotechnology. //
dawkinssdodo said
http://www.jcvi.org/cms/press/press-releases/full-text/article/first-self-replicating-synthetic-bacterial-cell-constructed-by-j-craig-venter-institute-researcher/
More info from above link.
රවා said
කැගැස්සෙනවා… මෙක ඇහුනාම.. ඇත්තටම 100 % කෘතිමව නොවුනට.. මෙ මගින් විශාල විනාසයක මුල්ගල වෙයිද… දැන් මිනිස්සු කෘතිමව සෛලයත්, එහි ක්‍රියාකරිත්වයත්, ප්රචාරණයත් පාලනය කරනවා.. මෙක ජාන ඉංජිනෙරු තක්ෂනයෙ විශාල ඉදිරි පිම්මක් උනත්.. අයහපතට යොදා ගත්තොත් විශාල විනාශයක්.. ස්භාවධර්මය විසින් තනපු මිනිසා දැන් ස්භාවධර්මෙටම අභියොග කරන මට්ටමට ඇවිල්ලා..දැන් මිනිස්සු හැප්පෙන්න යන්නෙ එච්චර හොද කෙනෙක් එක්ක නෙමෙ…
dawkinssdodo said
I dont think you have to worry that much. If one need to develop bio-weapons the existing technology is more than enough to do harm. There are many many scientific bodies monitoring specially Craig Venter, and ethical implications of this method.