Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ

Richard Dawkins, Evolution, Biology and Religion|පරිණාමය, ජීව විද්‍යාව සහ ආගම

Archive for the ‘Uncategorized’ Category

දැල්වී-නිවී පරිසර අනතුරු හඟවන බැක්ටිරියා

Posted by dawkinssdodo on ජනවාරි 27, 2012


පරිසර දූෂණය අද දවසේ කතා නොකරම බැරි මාතෘකාවක්. ජාන වෙනස් කල E. coli බැක්ටීරියාවන් යොදාගෙන පරිසරයට ආසනික් එක් කල විට එසැනින් එක විට ආලෝකයක් නිකුත් කරන්නට සමත් බැක්ටීරියා සමූහයක් වර්ධනය කරන්නට කැලිෆෝනියාවේ සැන් ඩියේගෝ විශ්ව විද්‍යාලයේ (University of California San Diego) ආතර් ප්‍රින්ඩල් (Arthur Prindle) ඇතුළු පර්යේෂකයින් පිරිසක් සමත් වී තිබේ. මේ ක්‍රමය නිසා අනාගතයේ දිනක ලාභදායි, අතේ ගෙන යා හැකි, විෂ රසායන සහ රෝග කාරක විෂ බීජ සොයා ගත හැකි පරිසර සංවේදක නිර්මාණයට මග පැදෙනු ඇත.


“බැක්ටීරියා කොලනියක් එක විට ආලෝකය දැල්වූ විට අප පුදුම වුණා” යැයි පර්යේෂකයෝ පවසති. අභියෝගය වුණේ කොලනි කිහිපයක් එක විට ප්‍රතිචාර දැක්වීමට සම මුහුර්ත (synchronize) කර ගැනීමයි. බැක්ටීරියාවන් තම අසල්වාසීන් සමඟ අහාර හෝ අනතුරක් ගැන සන්නිවේදනය කිරීමට අණු පිට කිරීම මෙහිදී උපයෝගී කරගනු ලැබීය. පර්යේෂකයින් මෙම අභියෝගය ජය ගත්තේ ජාන වෙනස් කල E.coli බැක්ටීරියාවන්ට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් (Hydrogen peroxide ) නිපදවා වාතයට මුසු කරන්නට සැලැස්වීමෙනි. බැක්ටීරිය කොලනි, තීරු සහ පේළි වලට සකස් කරමින් “ජීව පික්සල්” (Bio pixels) ක්ෂුද්‍ර-ද්‍රාව්‍ය චිපයක් තුළ නිපදවන්නටත් ඔවුන් සමත් විය. එමඟින් LCD තිරයක පික්සල් හා සමාන පෙනුමක් ලබා දීමට මේ පර්යේෂකයන්ට හැකි විය.


එක් ජීව පික්සලයක බැක්ටීරීයාවන් 5000ක පමණ කොලොනියක් වෙතැයි කියති. එක් එක් කොලනිය හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වායුව මගින් ක්ෂුද්‍ර චිපය තුළ සන්නිවේදනය කරති.


මෙමගින් ජලයේ හෝ පසේ ඇති ආසනික්, කැඩ්මියම්, බැර ලෝහ සහ රෝගකාරක ජීව විශේෂ සොයා ගැනීමට හැකිවෙනු ඇතැයි පර්යේෂකයෝ බලපොරොත්තු වෙති.


මේ පර්යේෂණ පත්‍රිකාව Nature සඟරාවේ පළවිය.

Posted in Biology, Cell biology, DNA, Molecular Biology, Science, Uncategorized | Tagged: , , , , | 6 Comments »

විකිපීඩියාව විසි හතර පැයකට අක්‍රියයි.

Posted by dawkinssdodo on ජනවාරි 18, 2012

Imagine a World
Without Free Knowledge

For over a decade, we have spent millions of hours building the largest encyclopedia in human history. Right now, the U.S. Congress is considering legislation that could fatally damage the free and open Internet. For 24 hours, to raise awareness, we are blacking out Wikipedia
LEARN MORE

Posted in Culture, Freedom of expression, Life, Uncategorized | Tagged: , | 8 Comments »

නොබෙල් ත්‍යාගලාභීහු තම අත්දැකීම් සමඟ..

Posted by dawkinssdodo on ජනවාරි 8, 2012

වසර 2011 දී නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබූ විද්‍යාඥයන්, සම්මානයෙන් ලැබුණු කීර්තිය, ප්‍රසිද්ධිය, පිළිබඳ තම හැඟීම් එකිනෙකා හා බෙදා හදා ගත් අවස්ථාවකි මේ. ඔවුන්ට නව නිර්මාණාත්මක අදහස් පහළවන්නේ කුමන ආකාරයක පරිසරයකද, සමූහ සාකච්ඡාවන් සහ අනෙකුත් පුද්ගලයන් සමඟ කෙරෙන අදහස් හුවමාරුව වැදගත්ද, ඔවුන් කිසිවෙක් නොබෙල් ත්‍යාගය ඉලක්ක කර තම පර්යේෂණ මෙහෙයවූවාද වැනි රසවත් තොරතුරු මේ සංවාදයේ පළමු විනාඩි දහයට ඇතුළත්.

මුලු සංවාදයම ස්වීඩනයේ ජාතික රූපවාහිනි වෙබ් අඩවියෙන් ජනවාරි 18 දක්වා නැරඹිය හැකියි.



පසු ගිය වසරේ නොබෙල් ත්‍යාගලාභීන් ගැන සම්පූර්ණ විස්තර, විඩියෝ ආදිය නොබෙල් කමිටු වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.


විඩියෝ උපුටාගැනීම ස්වීඩනයේ ජාතික රූපවාහිනී සේවයෙනි.
සියලු කතෘ හිමිකම් ස්වීඩනයේ ජාතික රූපවාහිනිය සතුය.

Posted in Biology, Economics, Physics, Physiology and Medicine, Science, Uncategorized | Tagged: , , , | 4 Comments »

Extinct නොවන බ්ලොග් එකක්!

Posted by dawkinssdodo on නොවැම්බර් 10, 2011


තේරුමක් රහිත ආගමික මතවාද නිරුවත් කරමින්, ප්‍රශ්න කරමින් සහ නිර්දය ලෙස විවේචනය කරමින් අලංකාර සරල සුගම බසකින්, ඔබට මට සමීප ශෛලියකින් ලියවෙන, පරිණාමවාදය සහ විද්‍යාත්මක විධික්‍රමය ගැන සිංහල පාඨකයා දැනුවත් කරන බ්ලොග් එකක් බ්ලොග් අවකාශයට එකතු වෙලා.


Voice of Thambu නමින් ලියැවෙන මේ බ්ලොග් එක ඔබ තාමත් කියවා නැත්නම් හඳුන්වා දීමටයි මේ කෙටි සටහන. ඩෝකින්ස්ගේ ඩෝඩෝ මෙන් අවාරෙට වැටන පොල් මෙන් යාවත්කාලීන වන බ්ලොග් එකක් නොවන, ඩෝඩෝ ගේ රළු රචනා විලාසයෙන් බැහැරවූ, නිර්මාණාත්මක බසකින් ලියවෙන Voice of Thambu බ්ලොග් එකට උණුසුම් සුබ පැතුම්.


කිසිම ආගමික මතවාදයකට, දර්ශනයකට පක්ෂග්‍රාහී නොවී, පරිණාමවාදය, දැනුම නිර්මාණය, ඥානවිභාගය, සුසමාදර්ශ ආදී නොයෙකුත් දේ සම්බන්ධයෙන් බ්ලොග් අවකාශය ආලෝකමත් කරන්නට තාඹුට හැකිවේවා යන්න ඩෝ ඩෝ ගේ අවංක පැතුමයි.

Posted in Uncategorized | 11 Comments »

ජ්‍යොතිෂය බොරු වෙයි ???

Posted by dawkinssdodo on අප්‍රේල් 6, 2011


පෘතුවියට සාපේක්ෂව හිරුගේ පිහිටීම ග්‍රහ රාහියක් තුල දිස්වන අයුරු- Wikiයෙන් උපුටාගැනින.

මෑතකදී මිනසෝටාහී ග්‍රහ වස්තු සමාජයේ පර්යේෂකයින් පිරිසක් ග්‍රහ රාශි චක්‍රය (Zodiac) නිර්ණය කරන ගණන් මිමි නැවත ගණනය කර බැලුවා. ආදී බැබිලෝනියානුවන් නිමවන ලද ග්‍රහ රාශි චක්‍රය අනුව, යමෙකුගේ ග්‍රහ රාශිය තීරණය කෙරෙන්නේ හිරු එම පුද්ගලයා ඉපදුන අවස්තාවේ සිටි ග්‍රහ රාශිය අනුවයි. එහෙත් කාලයත් සමඟ හඳේ ගුරුත්වාකර්ශන බලය නිසා පෘථිවියේ එහි අක්ෂයට සාපේක්ෂ පිහිටීම වෙනස් වී තිබෙනවා. මේ නිසා ග්‍රහ රාශි චක්‍රය එක් මසකින් ඉදිරියට පැන තිබෙනවා. ඒ අනුව ජ්‍යෙතිශඥයෙක් හිරු සිටින්නේ මීන රාශියේ යැයි කීවත් ඇත්තටම හිරු සිටින්නේ මීන රාශියේ නෙවෙයි.

මේ අනුව බැබිලෝනියානු ග්‍රහ රාශි චක්‍රයෙන් ඉවත් කරන ලද රාශියක් වන ඔෆියුකස් (Ophiuchus) රාශිය නැවත ඇතුලත් කිරීමට ඉඩ ලැබෙනවා. බැබිලෝනියානුවන් මෙම රාශිය ඉවත් කලේ රාශි දොලහක් පමණක් ඔවුන්ට අවශ්‍ය නිසායි. එපමණක් නොව තුලා (Libra) රාශිය ග්‍රහ රාශි චක්‍රයට එකතුකරනු ලැබුවේ ජුලියස් සීසර්ගේ කාලයේදීයි.

පහලින් පෙන්වන්නේ නව ග්‍රහ රාශි චක්‍රය අවුරුද්දක් තුල බෙදෙන ආකාරයයි. එහි රාශි 13 ක් තිබෙනවා. බැබිලෝනියානුවන් ඉවත් කල ඔෆියුකස් රාශිය නැවතත් ග්‍රහ රාශි චක්‍රයට ඇතුලත් කර තිබෙනවා.

මේ අනුව නව ග්‍රහ රාශි වෙනස්වන ආකාරය

මකර රාශිය: ජනවාරි 20 – පෙබරවාරි 16
කුම්භ රාශිය: පෙබරවාරි 16 – මාර්තු 11
මීන රාශිය: මාර්තු 11 – අප්‍රේල් 18
මේෂ රාශිය: අප්‍රේල් 18 – මැයි 13
වෘෂභ රාශිය: මැයි 13 – ජූනි 21
මිථුන රාශිය: ජූනි 21 – ජූලි 20
කටක රාශිය: ජූලි 20 – අගෝස්තු 10
සිංහ රාශිය: අගෝස්තු 10 – සැප්තැම්බර් 16
කන්‍යා රාශිය: සැප්තැම්බර් 16 – ඔක්තෝබර් 30
තුලා රාශිය: ඔක්තෝබර් 30 – නොවැම්බර් 23
වෘශ්චික රාශිය: නොවැම්බර් 23 – නොවැම්බර් 29
**ඔෆියුකස් රාශිය: නොවැම්බර් 29 – දෙසැම්බර් 17
ධනු රාශිය: දෙසැම්බර් 17 – ජනවාරි 20

මින් නිගමනය වන්නේ මෙතෙක් කල් කියූ ජ්‍යොතිෂ පලාපල සියල්ල වෙනස්විය යුතු බවද?

එසේත් නැත්නම් ජ්‍යොතිෂය යනු විධිමත් පදනමක් නැති අමූලික බොරුවක් බවද?

Posted in Uncategorized | 12 Comments »

රිච්ඩ් ඩෝකින්ස්, මැවුම්වාදය සහ පරිණාමය

Posted by dawkinssdodo on මැයි 8, 2009

රිච්ඩ් ඩෝකින්ස්  (Richard Dawkins) යනු සුප්‍රසිද්ධ පරිණාම ජීව විද්‍යාඥයෙක් පමනක් නෙවෙයි, ජනප්‍රිය විද්‍යා ගත් කතුවරයෙක්.  බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වන ඩෝකින්ස් උපත ලැබුවේ කෙන්යාවේ නයිරෝබිහිදි. ඔහුගේ (Selfish gene ) සුවිශේෂි අවධානයක් දිනාගන්නට සමත් වන කෘතියක්. Extended phenotype මේ ආකාරයේම නොමද පැසසුමට ලක් වූ තවත් නිර්මානයක්.

ඩෝකින්ස් නිමැවූ අපුර්ව සංකල්පයක් තමයි “මීම”  ( Meme ) . මෙයින් ඔහු ඩාවින්ගේ න්‍යායන් යොදගෙන මිනිස් විශ්වාස, සිතුවිලි ආදිය සහ සංස්කෘතික ඇදහිලි වල පැවැත්ම හෝ පැතිරීම පැහැදිලි කරනවා. ඔහුගෙ අදහස වන්නේ ඔනෑම සංස්කෘතික ලක්ශනයක් හෝ විශ්වාසයක් ( මැවුම්වාදී දෙවියන් සංකල්පය ඇතුලුව )  සමාජයක පවතින්නේ ඊට ජානයක් ආකාරයෙන් ප්‍රතිගුනනය විය හැකි නිසා.  ( පසුව “මීම” ගැන අපි තව දුරටත් කතා කරමු )

ඩෝකින්ස් අපට වැදගත් වන්නේ 1986 දී ඔහු විසින්  මැවුම්වාදයට එරෙහිව එලිදක්වනු ලැබූ Blind watchmaker නිසා. ඉන් පසු දිගින් දිගටම ඔහු විසින් නිර්මාණවාදයට, මැවුම්වාදයට සහ සියලු සුපිරි-දේවවාදීන්ට පහර එල්ල කලා. නිර්-ආගමිකයෙක් වන ඩෝකින්ස්ගේ විවාදාත්මකම පොත මෑතකදී නිකුත් කෙරුනු  God delusion.

අද ඩෝකින්ස් යනු මැවුම්වාදයට සහ සියලු දේවවාදීන්ට එරෙහි නොසැලෙන බලකනුවක්. 1995 දී ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් ඔහු “විද්‍යාව ප්‍රචලිත කිරීමේ මහාචාර්ය” තනතුරකට පත් කලේත්, ඔහු සතු විශේෂ හැකියාවන් හදුනාගත් නිසායි. ඩෝකින්ස් ඩෝඩෝ  යනුවෙන් මේ බ්ලොග් එක ලියවෙන්නේ ලාංකීය, සිංහල වෙබ් අඩවි, ෆෝරම් බ්ලොග් වල වැඩි වැඩියෙන් මැවුම්වාදය විද්‍යාත්මකව පිලිගත් සංකල්පයක් යන මතය ප්‍රවාරය කරන නිසායි. ඒ ආකාරයෙන්ම පරිණාමවාදය ගැන වැරදි මත, අමූලික බොරු සහ අතාර්කික, අවිද්‍යාත්මක අදහස් සිතාමතාම ප්‍රචාරය කිරීමේ සංවිධානාත්මක වෑයමක් තිබෙන බැව් පෙනෙන නිසායි.

කවුද මේ ඩෝඩෝ Read the rest of this entry »

Posted in Uncategorized | Tagged: , , , , | 4 Comments »

 
Follow

Get every new post delivered to your Inbox.