පරිණාමික විද්‍යාඥයින් එකඟ වනවා වානරයන් සහ මිනිසුන් අයත් වන හොමිනොයිඩෙ (Hominoidea) කුලයටත් පුරා ලෝක වඳුරන් (old world monkeys) අයත්වන ස’කොපිතිකොයිඩෙ (Cercopithecoidea) කුලයටත් පොදු පූර්වජයෙක් සිටිය යුතු බව. මේ පොදු පූර්වජයා ඇතුලු වානරයන්, මිනිසුන් සහ පූර්ව ලෝක වඳුරන් අයත්වන සුළුගෝත්‍රය (Parvorder) හඳුන්වන්නේ කටාර්හීනි (Catarrhini) යන නමින් (පහල රූපය බලන්න). ජානමය සාක්ෂි අනුව මේ පරිණාමික බෙදීම (හොමිනොයිඩෙ සහ ස’කොපිතිකොයිඩෙ ) මීට අවුරුදු මිලියන 30-35 කට පෙර මුල් ඔලිගොසීන (Early Oligocene) සමයේ සිදුවන්නට ඇති බවයි අනුමාණ කෙරෙන්නේ. සවුදි අරාබියේ මක්කමට නුදුරු “අල් හිජාස්” ප්‍රාන්තයේ “හරාට් අල් උයාජ්ෆා” ප්‍රදේශයෙන් මේ පොදු පූර්වජයාට අයත් ෆොසිලයක් සොයා ගැනුනා. ඉයාඩ් සල්මූට් Iyad Zalmout නම් පුරාවිද්‍යාඥයා විසින් පුරාණ තල්මසුන් සහ ඩයිනසෝරයන්ගේ ෆොසිල සොයද්දී අහම්බෙන් මේ පොදු පූර්වජ පාර්ශ්වික හිස් කබල ඔහුගේ නෙත ගැටුනේ 2009 දීයි. මිචිගන් සරසවිය හා සවුදි පාෂාණ විමර්ෂන මධ්‍යස්ථානය (Saudi Geological Survey) සමඟ එක්ව මේ ෆොසිලය ඉන් දින කීපයකට පසුව සුරක්ෂිත කෙරුනා. මේ සොයාගැනීම ප්‍රසිද්ධියට පත් කෙරුනේ 2010 දී Nature සඟරාවේ පර්යේෂණ පත්‍රිකාවක් පත්‍රිකාවක් ලෙසයි. මේ පොදු පූර්වජයා නම් කර තිබෙන්නේ සාඩානියස් හිජාසෙන්සිස් (Saadanius hijazensis) යන නමින්. අරාබි භාෂාවෙන් සාඩාන් (Arabic: سَعدان) යනු වානරයන් සහ වඳුරන්. විශේෂ නාමය හිජාසෙන්සිස්, තබා තිබෙන්නේ ෆොසිලය සොයාගත් අල් හිජාස් ප්‍රදේශය සිහිකරමින්. Nature ඇසුරෙන් ලියවිණි.
කෙසේ වෙතත් මධ්‍ය සහ අවසාන ඔලිගොසීන සමය නිරූපනය කරන ෆොසිල සාක්ෂි වල දුලබ තාවය නිසා මේ පොදු පූර්වජයාගේ රූපාකාරය, ඔවුන් පරිණාමික උප-ශාඛා වලට බෙදී ගිය කාල වකවානුව ආදිය ගැන නිගමනය අපහසු වී තිබුනා. 
Archive for the ‘Transitional fossil’ Category
පරිණාමයට සාක්ෂි: මක්කමෙන් මතුවූ සාඩානියස් හිජාසෙන්සිස්
Posted by dawkinssdodo on අප්‍රේල් 1, 2011
Posted in Biology, Charles Darwin, Evolution, Fossil evidence, Genetic data, religion, Science, Transitional fossil | Tagged: Apes, Catarrhini, Cercopithecoidea, Evolution, Hominoidea, Iyad Zalmout, old world monkeys, Oligocene, Saadanius hijazensis, Saudi Geological Survey | 2 Comments »
පරිණාමයට සාක්ෂි- ටික්ටාලික් රොසියේ
Posted by dawkinssdodo on ජූලි 31, 2010
පරිණාමයට විරුද්ධව ගෙන එන එක ජනප්‍රිය තර්කයක් තමයි, අතරමැදි ජීවී කාණ්ඩ එහෙමත් නැත්නම් අන්තර් කාණ්ඩ (intermediate fossil) නියෝජනය කරන ෆොසිල හෝ සත්වයන් දක්නට නොමැති කම. මේවාට සංක්‍රමණික , නැත්නම් සංක්‍රාන්ති ෆොසිල (transitional fossil) කියලත් කියන්න පුලුවන්. පරිණාමය වීමේදී එක් ජීවී කාණ්ඩයකින් තව කාණ්ඩයක් පැන නගින විට, එහෙමත් නැත්නම් අතු බෙදෙන විට මේ ජීවී කාණ්ඩ දෙකට අතරමැදි ලක්ෂන පෙන්වන සත්වයින් සිටිය බවට සාක්ෂි නැත්තේ ඇයි කියන ප්‍රශ්නය. සංක්‍රාන්ති ෆොසිල නැත්තේ ඇයි කියන එක නොදන්න කම නිසා පැන නගින ප්‍රශ්නයක්. සංක්‍රාන්ති ෆොසිල තියෙනව, හැබැයි සුළු ප්‍රමාණයක් පමනයි සොයාගෙන තියෙන්නේ. හැම සංක්‍රාන්ති අවස්තාවක්ම ෆොසිලයක් වෙලා සංරක්ෂිත සාක්ෂියක් බවට පත් වෙන්නෙත් නැහැ. ඒ නිසා තමයි මේවා නැතිවුනු පුරුක් (missing link) කියා හඳුන්වන්නෙත්.
2004 දී නීල් ශූබින් (Neil Shubin)ඇතුලු පර්යේශක පිරිස කැනඩාවේදී කල කැනීම් වලින් මතු වුණා මේකට නොසැලෙන අපූර්ව උත්තරයක්. ඒක අවුරුදු මිලියන 375 ක් පැරණි ෆොසිලයක්. ඩෙවෝනියන් යුගයේ අවසාන කාලයේ සිටි සත්ව කණ්ඩායමක්. මේ ෆොසිලය මාලුන් සහ උභය ජීවීන් අතර අතරමැදි අවස්තාවක් නියෝජනය කරනව.
ටික්ටාලික් රොසියේ (Tiktaalik roseae) නමින් හඳුන් වන මේ සත්ව කාණ්ඩය “මත්ස්‍යපාදිකයන්” (Fishapod) යනුවෙන් මුලින් හැඳින්වුයේත් මේ සතරපාදිකයන් (Tetrapod) සහ මත්ස්‍යයින් (Fish) අතර අතර මැදි අවස්තාවට කදිම උදාහරනයක් නිසායි.
ටික්ටාලික්ගේ වරල් මූලික මැණික් කටු අස්ථි සහ ඇඟිලි වලින් යුක්ත නිසා ඒවා බර දැරීමට පරිණාමය වූ එවා බව පැහැදිලියි. මේ වගේ ලක්ෂනයක් වෙනත් කිසිම මත්ස්‍ය ආකාර ෆොසිලයක තිබූ ලක්ෂනයක් නෙවේ.
ඊට අමතරව මේ මත්ස්‍ය ආකාර සත්වයා – ටික්ටාලික් ට ආදි ආකාර පෙනහලුත් කරමල් වලට අමතරව තිබුන බව කියැවෙනවා. අනිත් මත්ස්‍යයන්ට නොමැති විශේෂම ලක්ෂණය, පැහැදිලි බෙල්ලක් ටික්ටාලික්ට තිබීමයි.
වැඩිදුර විස්තර සඳහා කියවන්න-
http://en.wikipedia.org/wiki/Tiktaalik
http://en.wikipedia.org/wiki/Transitional_fossil
නීල් ශූබින්ගේ කතාව බලන්න-
Posted in Evolution, Fossil evidence, Richard Dawkins, Transitional fossil | Tagged: amphibians, devonian, fish, fishapod, intermediate fossil, missing link, Neil shubin, tetrapod, Tiktaalik rosea, transitional fossil | 16 Comments »
මිහිපිට සුවිශාලතම සංදර්ශනය – Dawkins’s New Book
Posted by dawkinssdodo on දෙසැම්බර් 28, 2009
මිහිපිට සුවිශාලතම සංදර්ශනය අන් කිසිවක් නොව විවිධාකාරවූද, සංකීර්ණවූද, ගිනිය නොහැකිවූද, එහෙත් සුන්දර නානාවිදවු ලෝකය පුරා පැතිර පවත්නා ජීවයයි. අහස, ජලය, ගොඩබිම ආදිය වසා පැතිරුන ලොකු, කුඩා, විවිධ ජීවී විශේෂයන්ගේ නොනවතින පැවැත්මයි. එලෙස ජීවය පවත්නේ අන් කිසිවක් නිසා නොව ස්වභාවික වරණය තුලින් ජීවය පරිණාමය වීම නිසායි. මේ පොත පරිණාමය සඳහා වන සාක්ෂි ගැනයි. පරිණාමය තවදුරටත් හිතලුවක් නොව සිය දහස්වාරයක් නොයෙකුත් විද්‍යාත්මක ක්ශෙත්‍ර තුල නැවත නැවත ඔප්පු වූ විද්‍යාත්මක සාධකයක් බව අප හැම දනිමු. මෙවැනි පොතක අවශ්‍යතාව තදින් දැනෙන්නේ ඇයි? උදාහරනයක් ලෙස ඇමරිකාවේ ජනගහණයෙන් 40% අදටත් පරිණාමය පිලිනොගන්නා අතර ලෝකය අවුරුදු 10,000 කට මෙපිටදී “නිර්මාණය” කල එකක් බව විශ්වාස කරයි. එය ඇමරිකානු විද්‍යා අධ්‍යාපනික ක්ශේත්‍රය ලැජ්ජාවට පත්කරන්නකි. මේ ජනගහණයෙන් බහුතරය පරිණාමවාදය සඳහා වන සාක්ෂි ගැන දැනුවත් වුයේ නම් මෙවැනි දේ විශ්වාස නොකරනු ඇත. මේ පොතේ ඉලක්කය පාඨකයින් වෙත පරිණාමවාදය සඳහා වන සාක්ෂි ගෙනහැර පෑමයි.
ඩාවින් දැන සිටි, ගෘහස්තකරණය කරන ලද හීලෑ (domesticated) සතුන්ගෙන්- කෘත්‍රිම වරණයෙන් ලැබෙන සාක්ෂි දෙස බලන්න. බල්ලන්ගේ සිට ගෝවා ගෙඩිය දක්වාත් ඌරන්ගේ සිට හරකුන් දක්වාත් කෘතිම වරණය තුලින් විශාල වෙනස්කම් ඉතා සුලු කාලයක් තුල ජනනය කිරීමට අප සමත්විය. අවුරුදු සියයක් හෝ අවුරුදු දහසක් යනු ජීවයේ ආරම්භයත් වර්තමානයත් අතර කාලය සලකන විට අසුරු සැනකි. මේ සා තරම් විශාල වෙනස්කම් අවුරුදු දෙතුන් සීයකින් ඇතිකල හැකිනම් අවුරුදු මිලියන 10ක් හෝ 100ක් තුල කෙතරම් විශාල වෙනස්කම් ජීවය තුල ජනනය විය හැකිද? පරිණාමයේදී අප කතා කරන්නේ එවැනි කාලාන්තරයක් ගැනයි. අප එවැනි කාලපරාසයක් තුල පරිණාමය සිදුවූ බව විශ්වාස කරන්නේ විකිරණශීලි කාල නිර්ණය (radioactive dating) ආදී ණූතන තාක්ෂනයෙන් ෆොසිල (Fossil-ජෛව පාෂාණ ධාතු ) වල වයස නිර්ණය කිරීමෙන්. ෆොසිල යනු පරිණාමය සඳහා වන සාක්ෂි අතරින් එක් වැදගත් සාක්ෂියකි. අණුක තලයේ (molecular level) සතුන් අතර සංසන්දනයන්, සතුන්ගේ නූතන භූගෝලීය පැතිරීම, පරිණාමය සිදුවූයේ නම් සතුන් පැතිරී සිටිය යුතු යැයි ඔබ අපේක්ෂා කරන ස්තාන වල ඇත්තටම එවැනි සතුන් හමුවීම, සතුන් අතර සහ-සම්බන්දතාවයන්, ඔවුන් තුල ඇති ජානමය අණු- ප්‍රෝටීන ආදිය ඇත්තෙන්ම පරිණාමය සිදුවුයේ නම් ඔබ අපේක්ෂා කරන ආකාරයෙන් පැවතීම ආදිය ෆොසිල වලටත් වඩා වැදගත් සාක්ෂි වේ. ඇත්තෙන්ම අද ලෝකය පුරා ජීවය පැතිර පවතින ආකාරයන් ඇතිවිය හැක්කේ පරිණාමය සත්‍ය නම් පමණි.
රිචඩ් ඩෝකින්ස් ඔහුගේ නව පොත (Greatest Show on Earth) අරබයා කරන ලද හැඳින්වීමක සිංහල පරිවර්තනයකි.
Posted in Biology, Cell biology, Evolution, Molecular Biology, religion, Richard Dawkins, Science, Transitional fossil | Tagged: Creation, evidence, Evolution, fossil, gene, greatest show on earth, protein, radioactive dating, Richard Dawkins | 1 Comment »
The Greatest Show on Earth: The Evidence for Evolution
Posted by dawkinssdodo on ජූලි 22, 2009
The Greatest Show on Earth සැප්තැම්බරයේ නිකුත්වේ “This is a magnificent book of wonderstanding: Richard Dawkins combines an artist’s wonder at the virtuosity of nature with a scientist’s understanding of how it comes to be.” “‘There is a grandeur in this view of life,’ said Darwin, speaking of evolution. There is no one better qualified to convey this grandeur than his worthy successor, Richard Dawkins, who writes with passion, clarity, and wit. This may be his best book yet.” “To call this book a defense of evolution utterly misses the point: The Greatest Show on Earth is a celebration of one of the best ideas humans have ever produced. It is hard not to marvel at Richard Dawkins’s luminous telling of the story of evolution and the way that it has shaped our world. In reading Dawkins, one is left awed at the beauty of the theory and humbled by the power of science to understand some of the greatest mysteries of life.” “Up until now, Richard Dawkins has said everything interesting that there is to say about evolution — with one exception. In The Greatest Show on Earth, he fills this gap, brilliantly describing the multifarious and massive evidence for evolution–evidence that gives the lie to the notion that evolution is “only a theory”. This important and timely book is a must-read for Darwin Year.” “Whether or not you accept evolution, you will understand it after reading Dawkins’s clear and fresh presentation of Evolution 101. His ability to explain science through choice analogies and metaphors (embryology as origami!) make accessible the newest research from paleontology to molecular biology, all the while capturing—and expressing—the excitement of the rapidly expanding field of evolutionary biology.” Look out, creationists. There’s a new sheriff in town, and he talks like an Oxford don … The author opens with guns a-blazing … (and) writes with terrific wit and considerable learning, but what is interesting here is his fire … Without the strictures of academia he relishes the opportunity to light into his opponents. Whether anyone will stand up to refute his notions remains to be seen, but for now Dawkins wins on points. A pleasure in the face of so much scientific ignorance – biology rendered accessible and relevant to the utmost degree .
1859 දී මුද්‍රණයෙන් පිටවූ චාල්ස් ඩාවින් ගේ “On the Origin of Species”, නැමැති සුප්‍රසිද්ධ නිර්මාණය මුලු මහත් සමාජයකම පදනම් , විශ්වාස එහි අක් මුල් වලින්ම වලින්ම දෙදරවා හැරි කෘතියක්. තම පරිණාමවාදී න්‍යාය නිසා ඇතිවිය හැකි කලබගෑනිය, ප්‍රකෝපකාරී ප්‍රතිචාරය ගැන ඩාවින් හොඳින් දැන සිටි මුත් අඩ සිය වසකට පසුවත් මේ පිලිබඳ තාමත් පවතින විසංවාද, මත ගැටුම් දුටුවේ නම් ඩාවින් ඇත්තෙන්ම පුදුමයට පත් වනු නොඅනුමානයි. පරිණමවාදය විද්‍යාත්මක සාධකයක් (scientific fact) ලෙස ලොව පුරා විසිරුනු විශිෂ්ඨ විද්‍යාඥයින් සියලු දෙනා පමනක් නොව දෙවධර්මාචරීන්ද අවිවාදයෙන් පිලිගන්නා කරුනක්. එහෙත් අවාසනාවකට මිනිසුන් මිලියන ගනණාවක් තාමත් පරිණාමවාදයේ වලංගු බව ප්‍රශ්න කරනවා. ඩෝකින්ස්ගෙ අලුත්ම පොතෙන් සුපිරි නිර්මානය පසු පස යන්නන් සහ ස්වභාවික වරණය හරහා වන පරිණාමය ප්‍රශ්න කරන්නන් ට හොඳින් උත්තර දෙනවා. හරියටම අපරාධයක් පසු පස ලුහු බඳින රහස් පරීක්ශකයෙක් මෙන් නොයෙකුත් ආකාරයේ විද්‍යාත්මක සාධක ස්තර ගනනාවක් තුලින් ඔබ ගෙන යමින් ඔහු ගොඩනගන මතවාද තර්ක ඇත්තෙන්ම යකඩින් නිමවූ කුඩුවක් මෙන් ශක්තිමත්. දැනටත් කුරුල්ලන් සහ කෘමීන් තුල දක්නට ලැබෙන ස්වභාවික වරණයේ සාක්ෂි, පරිණාමය හා අත්‍යවශ්‍යයෙන් බැඳුනු විකිරණශීලී කාල නිර්නය මගින් පරිනාමික කාල පරාසයන් නිර්ණය ආදියේ සිට අනුක ජීව ජිද්‍යාව සහ ජාන විද්‍යාව මගින් පරිණාමය කිසිදු සැකයකින් තොරව තහවුරු වන ආකාරය ආදි නව විද්‍යා දැනුම් සම්භාරයක් ඔබ හමුවේ දිග හැරෙනු ඇත. “The Greatest Show on Earth”, මුද්‍රණයෙන් නිකුත්වන්නේ එවැනි පොතක අවශ්‍යතාව තදින්ම දැනෙන යුගයක බව රහසක් නොවේ. සංවිධානාත්මක ලෙස පරිණාමයට එරෙහි මතවාදයක් විශේෂයෙන්ම ඇමරිකාව තුල ගොඩනැගෙමින් තිබේ. ලෝකය පුරා පාසැල් තුල විද්‍යාවට හිමි තැන අහිමි කිරීමේ සැඟවුනු ප්‍රයත්නයන් එලිදකිමින් තිබේ. මේ බහුබූත- විකාර තර්ක සුනු විසුනු කර දමිය හැකි ආකාරයේ අසම-සම ශක්තිමත් විද්‍යාත්මක සාක්ෂි රැසක්, රිචඩ් ඩෝකින්ස් ඔබ හමුවේ තබයි. ස්වාභාවික ලෝකය ගැන ඇති ආදරයත්, විද්‍යාව එය අර්තකතනය කිරීමෙහි ලා රඟන අත්‍යාවශ්‍ය භූමිකාවත්, තම පාඨකයන් හා බෙදා හදා ගනී.
( http://richarddawkins.net/thegreatestshowonearth හි පලවූ ඉංග්‍රීසි ලිපියක සිංහල පරිවර්තනයකි.)
Reviews
—Matt Ridley, author of Nature via Nurture.
—V. S. Ramachandran
—Neil Shubin, author of Your Inner Fish
—Jerry Coyne, author of Why Evolution is True
—Eugenie C. Scott, Executive Director, National Center for Science Education
—Kirkus Review
Posted in Biology, Charles Darwin, Evolution, Fossil evidence, Molecular Biology, Richard Dawkins, Science, Transitional fossil | Tagged: Creation, Evolution, Fossil record, intelligent design, Meme, Natural selection, Richard Dawkins | 2 Comments »

