Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ

Richard Dawkins, Evolution, Biology and Religion|පරිණාමය, ජීව විද්‍යාව සහ ආගම

Archive for the ‘Stem cells’ Category

පළමු කෘතිම අවයවය රෝගියෙකුට සාර්ථකව බද්ධ කෙරේ

Posted by dawkinssdodo on සැප්තැම්බර් 9, 2011


ස්වීඩනයේ කැරොලින්ස්කා වෛද්‍ය විද්‍යාලයේදී පිළිකාවක් නිසා ශ්වසන මාර්ගය පලුදු වූ පුද්ගලයෙකුට ලොව පළමු කෘතිම අවයවය බද්ධ කෙරුණි. ඒ කෘතිම ශ්වාස නාලයකි. මරණයට නියම වී සිටි පිළිකා රෝගියාට මේ නවතම තාක්ෂණය නිසා තම ජීවිතය බේරාගන්නට හැකිවුණි.


ලංඩනයේ යුනිවසිටි කොලේජ් හි මහාචාර්ය ඇලෙක්ස් සෙෆාලියන් (Alex Seifalian) ඇතුළු පර්යේෂකයන් පිරිසක් මේ කෘතිම ශ්වාස නාලය නිමවීමට දායකවූ නැනෝ-සංයෝග ද්‍රව්‍යයට පේටන්ට් පතක් ලබාගැනීමට සමත් වී තිබේ. මේ විශේෂ ද්‍රව්‍යයෙන් නිමවන ලද ශ්වාසනාල ආකෘතියේ ඉතා කුඩා සිදුරු මිලියන ගණනක් තිබීම එය සාර්ථකවීමට අත්‍යාවශ්‍ය සාධකයකි.


මෙහිදී පළමුව රෝගියාගේ ඇට මිදුළු වලින් ලබාගන්නා වෘද්ධ මූලික ජනක සෛල (Adult stem cells) ජීව ප්‍රතික්‍රියාකාරකයක් තුළ වර්ධනය කරවයි. ඉහත කී නැනෝ-සංරචිත ද්‍රව්‍යයෙන් නිමවුණු ශ්වාසනාල අකෘතිය ජීව ප්‍රතික්‍රියාකාරකය තුළට ඇතුල් කර දින දෙකක් තබනු ලැබේ. සිදුරු සහිත ආකෘතිය තුළත්, ඒ වටාත් රෝගියාගේ ජනක සෛල වර්ධනය වී අවසානයේ රෝගියාගේ සෛල වලින්ම නිපදවෙන ශ්වාසනාලයක් බවට පත්වේ.


දායකයෙකු අනවශ්‍ය නිසා මෙම ක්‍රමය භාවිතා කරන්නන්ට දායකයෙකු ලැබෙනතුරු බලා සිටිය යුතු නැත. ඒ නිසාම රෝගියාගේ ශරීරය මගින් ප්‍රතික්ෂේප කිරීමේ අවදානමක්ද නැත. මේ නිසා ප්‍රතිදේහ නාශක (Immuno-suppressants) ඖෂධ භාවිතා කිරීම අනවශ්‍යයි.


මේ ක්‍රමය මගින් විනාඩි 20ක් තුළ ගැහෙන ධමනියක් නිර්මාණය කල හැකියි. ධමනි ශිරා පමණක් නොව කන්, නාස් සහ සම ආදියද මේ මගින් නිර්මාණය කල හැකි බව පැවසේ.

BBC ඇසුරෙනි.

Posted in Biology, Cell biology, Gene, Molecular Biology, Science, Stem cells | Tagged: , , , , , , , | 5 Comments »

 
Follow

Get every new post delivered to your Inbox.