Archive for the ‘Science’ Category
Posted by dawkinssdodo on මාර්තු 30, 2012
විචාරයේ රැළිය පිළිබඳ සවිස්තර ලිපියක් පළකිරීම ගැන අරුණි ශපීරෝට ස්තුතිවන්ත වෙමි. පහළින් ඇත්තේ රිචඩ් ඩෝකින්ස් වොෂින්ටනයේ පැවැත්වූ කථාවේ විඩියෝවකි. ඊටත් පහළින් ඇත්තේ ලෝරන්ස් ක්‍රවුස් (Lawrence Krauss) විසින් ආගම සමග ඇමරිකානු දේශපාලනයට ඇති සමීප සබැඳියාවත්, ඩෝකින්ස්ගේ “දෙවියන් අදහන්නන්ට අවමන් කරන්න, සමච්ච්ලයට ලක්කරන්න” යනුවෙන් කල විවාදාත්මක ප්‍රකාශයත් ගැන කරන පැහැදිලි කිරීමකි. ලෝරන්ස් ක්‍රවුස් විශ්වවේදය (Cosmology) පිළිබඳ න්‍යායික භෞතික විද්‍යාඥයෙකි. ඔහුගේ A Universe from Nothing: Why There is Something Rather Than Nothing නැමැති පොත ඉමහත් ප්‍රසිද්ධියට පත් වූ අතර, ඔහු ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයෙක් ලෙස සේවය කරයි
——-
Posted in Atheism, Charles Darwin, Evolution, Freedom of expression, Philosophy, religion, Richard Dawkins, Science, Secularism | Tagged: agnostic, Atheism, Lawrence Krauss, reason rally, Richard Dawkins, secularism, Washington DC | 4 Comments »
Posted by dawkinssdodo on මාර්තු 22, 2012

වයස 70 වෙන්නට පෙර පිරිමින්ගෙන් 80% කගේ කොණ්ඩය හැලී තට්ටය පෑදෙයි. පෙන්සිල්වේනියා සරසවියේ පර්යේෂකයන් පිරිසක් Microarray තාක්ෂණය මගින් තට්ටය පෑදෙන සමේ ජාන ප්‍රකාශනය (Gene Expression) හැදැරීමෙන් තට්ටය පාදන්නට මූලික වන ජානයක් (Prostaglandin D2 synthase, PTGDS) සොයාගන්නටත් එහි mRNA සහ ප්‍රෝටීන (PGD2) මට්ටම් ඉතා ඉහළ අගයකින් තට්ටය පෑදෙන සමේ තිබෙන බව පෙන්වා දෙන්නටත් සමත් විය. Science සඟරාවේ පළවු මේ පර්යේෂණ පත්‍රිකාවේ වැඩිදුරටත් කරුණු දක්වමින් ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම ජානය අක්තිරික්තයක් ලෙස ප්‍රකාශනය වන (over expression) මීයන්ගේ ලොම් සියල්ල හැලී යන බවයි. “මෙම ප්‍රෝටීනය රෝම කූපයේ ඇති සංඥා- ග්‍රාහකයකට (signaling receptor) බැඳීමෙන් රෝම/ කෙස් වර්ධනය නිෂේධනය කරනවා” මහාචාර්ය කොට්සාරෙලිස් පවසයි. රෝම කූප වර්ධනය සම්බන්ධ අණුක ජීව – සංඥා පත (Signal transduction/ Molecular signaling) ඉලක්ක කරගත් ඖෂධ දැනටමත් නිපදවීම ආරම්භ කර තිබේ.
Science සහ BBC ඇසුරිනි.
Posted in Biology, Cell biology, DNA, Gene, Genetic data, Molecular Biology, RNA, Science | Tagged: baldness, George Cotsarelis, Hair loss, Luis A. Garza, microarray, PDG2, PTGDS, receptor inhibition | 14 Comments »
Posted by dawkinssdodo on ජනවාරි 30, 2012

ඩොලර් 1000කට අඩුවෙන් මුලු මානව ජීනෝමයම විකේතනය කිරීමේ තරඟය තවත් ත්‍රීවු කරමින් Life Technologies සමාගම Ion Proton Sequencer නමින් නව කේතන යන්ත්‍රයක් (Sequencing Machine) මේ වසරේදී වෙළඳ පොළට එක් කරන බව ප්‍රකාශ කර තිබේ. මෙමගින් දිනකට අඩු කාලයක් තුළ ඩොලර් 1000 ක් වැනි මුදලකින් එක් පුද්ගලයෙක්ගේ මුලු ජිනෝමයම විකේතනය කරන්නට හැකියැයි එම සමාගම පවසයි. මෙම යන්ත්‍රයේ පූර්වජයා ලෙස සැලකෙන, ඔවුන්ගේම සොයුරු සමාගමක් වන Ion Torrent මගින් නිෂ්පාදිත පුද්ගලික ජිනෝම යන්ත්‍රය (Personal Genome Machine) වෙළඳපොළේ ඉතා ජනප්‍රිය යන්ත්‍රයක් විය. ක්ෂේත්‍රයේ අනෙක් දැවැන්තයා වන Illumina සමාගම තම “ජීනොමය-දවසකින්” තරඟ කරුවා ලෙස HiSeq 2500 යන්ත්‍රය නම් කර තිබේ.
මේ පිටුපස ඇති පණිවිඩය නම් ජිනෝම කේතනය තව දුරටත් පර්යේෂණාගාරයට සීමාවුවක් නොවන බවයි. ජෛව තාක්ෂණික ලෝකයේ දැන් සිදුවන විශාලම සංක්‍රමණය නම් පර්යේෂණාගාරයෙන් සායනයට මේ තාක්ෂණය ඇතුළුවීමයි. පර්යේෂණ මට්ටමේ ජිනෝම කේතනයන් මිලියනයක් පමණ වසරකට සිදු කිරීමට නියමිත අතර සායනික මට්ටමේ ජිනෝම කේතනයන් බිලියනයක් පමණ සිදුකිරීමට නියමිතය.
ජෛව-තාක්ෂණ කර්මාන්තය මේ සංක්‍රාන්තියට සූදානම් වන්නේ කේතනයේ ප්‍රමිතිය, ඉන් නිපදවෙන දත්ත ක්‍රමානුකූලව සැකසීම, සහ එම දත්ත සායනික මට්ටමෙන් අර්ථ දැක්වීමට අවශ්‍ය නව මෘදුකාංග වැඩිදියුණු කිරීමෙනි.
කැලිෆෝර්නියාවේ මෙවැනි සේවා සපයන ආයතනයක ප්‍රධානියා පවසන්නේ, විශාල පර්යේෂණායතන වැනි ගනුදෙනුකරුවන්ට ඩොලර් 4000 කට මුලු ජිනෝමයම කේතනය කරදිය හැකි බවයි. දැනට පියයුරු පිළිකා සහ ඩිම්බ පිළිකා සඳහා ඇති ජානමය අවදානම මැනීමට කරන සායනික මට්ටමේ කේතනයකටද අය කරන්නේ මේ සමාන මුදලකි.
මේ සමඟ නිපදවෙන අති විශාල ප්‍රමාණයේ දත්ත ගබඩා කිරීම සහ ඒවා විශ්ලේෂණය කිරීමට සුදුසු පරිගණක-මෘදුකාංග වේදිකාවක අවශ්‍යතාවයද මතු වී තිබේ. ඇමේසන් සහ ගූගල් මගින් දැනටමත් නිපදවා ඇති Cloud Computing යටිතල පහසුකම් මේ සඳහා යොදා ගත හොත් සායනික දත්ත විශ්ලේෂණය සඳහා වෙනම පරිගණක මධ්‍යස්ථානයක අවශ්‍යතාව මඟ හරවා ගත හැකි වේයයි විශ්වාස කෙරේ.
මේ පිළිබඳව අවධානය යොමු කරන NextBio සමාගම Cloud Computing තාක්ෂණය යොදාගෙන දැනට පුද්ගලික සහ මහජන දත්ත මධ්‍යස්ථාන වල ගබඩා කර ඇති සියලුම ජිනෝම දත්ත අර්ථ විවරණය කිරීම ආරම්භ ඇත. මෙම ව්‍යාපෘතියේ එක් අරමුණක් වන්නේ රෝගින්ගෙන් ලබා ගන්න සියලු අණුක ජීව-පැතිකඩ දත්ත, මිනිස් සහ සත්ව පර්යේෂණ සමඟ සම්බන්ද කිරීමයි.
Life Technologies සමාගමෙන්ද පරිගණක දත්ත සම්බන්ධයෙන් වැදගත් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. Doctor-in-a-Box නමින් හැඳින්වෙන මෙය නිදහස් මෘදුකාංගයක් ලෙස නිපදවන බැවින් වාර්ෂික බලපත් අනවශ්‍ය වන අතර මුදලකින් තොරව පර්යේෂණ සහ සායනික කටයුතුවලට යොදාගත හැකි වෙනු ඇත. මෙමගින් බහු-ජාන බලපෑම් ඇති සංකීර්ණ රෝග පිළිබඳ නිගමනයන් කිරීමටද අපේක්ෂා කෙරේ.
Bio Techniques සහ Nature news ඇසුරෙනි.
පුද්ගලික ජිනෝම යන්ත්‍රය ගැන සවිස්තර සටහනක් කලකට පෙර අරුණි ශපීරෝ විසින් සිංහල බ්ලොග් අවකාශයට එක් කර තිබුණි
Posted in Biology, Cell biology, DNA, Gene, Molecular Biology, Physiology and Medicine, Science | Tagged: Doctor-in-a-Box, Genome sequencing, HiSeq 2500, Illumina, Ion Proton Sequencer, Life Technologies, NextBio, sequencing machines | 4 Comments »
Posted by dawkinssdodo on ජනවාරි 27, 2012
පරිසර දූෂණය අද දවසේ කතා නොකරම බැරි මාතෘකාවක්. ජාන වෙනස් කල E. coli බැක්ටීරියාවන් යොදාගෙන පරිසරයට ආසනික් එක් කල විට එසැනින් එක විට ආලෝකයක් නිකුත් කරන්නට සමත් බැක්ටීරියා සමූහයක් වර්ධනය කරන්නට කැලිෆෝනියාවේ සැන් ඩියේගෝ විශ්ව විද්‍යාලයේ (University of California San Diego) ආතර් ප්‍රින්ඩල් (Arthur Prindle) ඇතුළු පර්යේෂකයින් පිරිසක් සමත් වී තිබේ. මේ ක්‍රමය නිසා අනාගතයේ දිනක ලාභදායි, අතේ ගෙන යා හැකි, විෂ රසායන සහ රෝග කාරක විෂ බීජ සොයා ගත හැකි පරිසර සංවේදක නිර්මාණයට මග පැදෙනු ඇත.
“බැක්ටීරියා කොලනියක් එක විට ආලෝකය දැල්වූ විට අප පුදුම වුණා” යැයි පර්යේෂකයෝ පවසති. අභියෝගය වුණේ කොලනි කිහිපයක් එක විට ප්‍රතිචාර දැක්වීමට සම මුහුර්ත (synchronize) කර ගැනීමයි. බැක්ටීරියාවන් තම අසල්වාසීන් සමඟ අහාර හෝ අනතුරක් ගැන සන්නිවේදනය කිරීමට අණු පිට කිරීම මෙහිදී උපයෝගී කරගනු ලැබීය. පර්යේෂකයින් මෙම අභියෝගය ජය ගත්තේ ජාන වෙනස් කල E.coli බැක්ටීරියාවන්ට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් (Hydrogen peroxide ) නිපදවා වාතයට මුසු කරන්නට සැලැස්වීමෙනි. බැක්ටීරිය කොලනි, තීරු සහ පේළි වලට සකස් කරමින් “ජීව පික්සල්” (Bio pixels) ක්ෂුද්‍ර-ද්‍රාව්‍ය චිපයක් තුළ නිපදවන්නටත් ඔවුන් සමත් විය. එමඟින් LCD තිරයක පික්සල් හා සමාන පෙනුමක් ලබා දීමට මේ පර්යේෂකයන්ට හැකි විය.
එක් ජීව පික්සලයක බැක්ටීරීයාවන් 5000ක පමණ කොලොනියක් වෙතැයි කියති. එක් එක් කොලනිය හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වායුව මගින් ක්ෂුද්‍ර චිපය තුළ සන්නිවේදනය කරති.
මෙමගින් ජලයේ හෝ පසේ ඇති ආසනික්, කැඩ්මියම්, බැර ලෝහ සහ රෝගකාරක ජීව විශේෂ සොයා ගැනීමට හැකිවෙනු ඇතැයි පර්යේෂකයෝ බලපොරොත්තු වෙති.
මේ පර්යේෂණ පත්‍රිකාව Nature සඟරාවේ පළවිය.
Posted in Biology, Cell biology, DNA, Molecular Biology, Science, Uncategorized | Tagged: Arthur Prindle, Bacteria, bio pixel, E.Coli, microfluidic chip | 6 Comments »
Posted by dawkinssdodo on ජනවාරි 25, 2012
මෑතකදී රට්ගර්ස් විශ්ව විද්‍යාලයේ (Rutgers University) විද්‍යාඥයින් පිරිසක් ස්ත්‍රී මොළය සුරතාන්තයට (orgasm) එළඹෙන ආකාරය, එය විඳගන්නා අවස්ථාව සහ ඉන් ඉවත්වන ආකාරය ස්ත්‍රී මොළයේ ස්කෑන් ඡයාරූප එකතුවක් පණගැන්වීමෙන් (animation) ලොව පළමු ස්ත්‍රී මොළයේ සුරතාන්ත සිතියම චිත්‍රපටයට නගන්නට සමත් වී තිබේ. fMRI තාක්ෂණය යොදාගත් මේ පර්යේෂණයට දායක වු අය අතර ප්‍රධාන තැනක් ගන්නේ ඊට සහභාගිවෙමින් පර්යේෂකයන් නීරීක්ෂනය කරද්දී MRI යන්ත්‍රයක වැතිරී සුරතාන්තයට තමාවම උත්තේජනය කරගත් කේට් සුකෙල්ය (Kayt Sukel).

කේට් සුකෙල් MRI යන්ත්‍රය අබියස.
සුරතාන්තයට පත් වන පුද්ගලයන් අධ්‍යයනය කිරීමෙන් සුරතාන්තයට පත් විය නොහැකි රෝග වලින් පීඩා විදින අයගේ මොළයේ ක්‍රියාකාරීත්වය වටහාගන්නට මහාචාර්ය බැරී කොමිසාරුක් (Barry Komisaruk) ඇතුළු විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.
සෑම තත්පර දෙකකටම වරක් ගත් ස්කෑන් ඡයාරූප ආධාරයෙන් නිමවූ විනාඩි පහක චිත්‍රපටියෙන් පෙන්වන්නේ මොළයේ ප්‍රදේශ 80 ක පමණ ක්‍රියාකාරීත්වය වෙනස්වන ආකාරයයි. තද රතු පැහැයෙන් පෙන්වන්නේ ක්‍රියාකරීත්වය අඩු අවස්ථාවන් වන අතර, කහ සුදු පැහැයෙන් පෙන්වනේ ක්‍රියාකාරීත්වය වැඩි අවස්ථාවන්ය.
සංවේදන බාහිකයේ ලිංගික ප්‍රදේශයෙන් ඇරඹෙන ස්ත්‍රී සුරතාන්තය පසුව හැඟීම් සහ දිගුකාලීන මතකය සම්බන්ද කොටස් වලට පැතිරේ. ක්‍රමයෙන් සුරතාන්තය එළඹෙත්ම, අනුමෂ්තිෂ්කයේත් පූර්ව මොළයේත් ක්‍රියාකාරීත්වය ඉහළ යනු දැකිය හැකියි. දැඩි පේශි ආතතියත් සමඟ ක්‍රියාකාරීත්වය ඉහළම අගයක් ගන්නේ හයිපොතැලමසයේය. මේ සමඟ ඔක්සිටෝසින් ස්‍රාවය නිසා සතුටුදායක හැඟීමක් සමඟ ගර්භාෂය සංකෝචනය වීම සිදුවේ. Nucleus accumbens නැමැති ප්‍රීතිය හා සම්බන්ධ ප්‍රදේශයකද ක්‍රියාකාරීත්වය ඉහළම අගයක් ගනී.
සුරතාන්තයෙන් පසු මොළයේ එම ප්‍රදේශ ක්‍රමයෙන් සන්සුන් වනු දැකිය හැක.
මේ ක්‍රමය මොළයේ එක් එක් ප්‍රදේශවල සම්බන්ධතාව අධ්‍යයනය කිරීමට සුදුසුම එකක් බව මහාචාර්ය කොමිසාරුක් පවසයි. මේ ක්‍රමය මගින් සුරතාන්තයෙන් තොර රෝගී තත්වයන් (Anorgasmia) ගැන වැටහීමක් ලබාගත හැක්කේ, එම රෝගී තත්ව වලදී මෙම අනුක්‍රමයෙන් මොළයේ සිදු වන ක්‍රියාවලිය අඩපණවන අවස්ථාවන් හඳුනා ගත හැකි බැවිනි.
වොෂින්ටනයේ පසුගිය නොවැම්බරයේ පැවැති වාර්ෂික ස්නායුවිද්‍යා සම්මන්ත්‍රණයේදී මේ පර්යේෂණ ප්‍රතිඵල හෙළිදරව් කෙරුණි.
කේට් සුකෙල්ගේ පොත, Dirty Minds: How Our Brains Influence Love, Sex and Relationships, පෙබරවාරියේදී නිකුත් වීමට නියමිතයි.
The Guardian ඇසුරෙනි.
Posted in Biology, Philosophy, religion, Science, sex | Tagged: Barry Komisaruk, Brain activity, female orgasm, fMRI, Kayt Sukel, Nan Wise, Neuroscience | 23 Comments »
Posted by dawkinssdodo on ජනවාරි 12, 2012


ගාලු සාහිත්‍ය උත්සවයට පැමිනෙන රිචඩ් ඩෝකින්ස් ජනවාරි 20 වැනි දින 2.30 ට තම ජීවිතය සහ තම විවාදාත්මක වෘත්තිය පිලිබඳ දේශනයක් පැවැත්වීමට නියමිතයි. වැඩිදුර විස්තර ගාලු සාහිත්‍ය උත්සව වෙබ් අඩවියෙන්.
කවුද මේ රිචඩ් ඩෝකින්ස්?
ඩෝකින්ස් නිර්මාණය කල මීම යනු මොනවාද
Posted in Biology, Culture, Evolution, Language, Life, Philosophy, religion, Richard Dawkins, Science | Tagged: Evolution, Galle Literary festival, god delusion, Lalla Ward, Magic of reality, Richard Dawkins, Sri Lanka | 11 Comments »
Posted by dawkinssdodo on ජනවාරි 8, 2012
වසර 2011 දී නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබූ විද්‍යාඥයන්, සම්මානයෙන් ලැබුණු කීර්තිය, ප්‍රසිද්ධිය, පිළිබඳ තම හැඟීම් එකිනෙකා හා බෙදා හදා ගත් අවස්ථාවකි මේ. ඔවුන්ට නව නිර්මාණාත්මක අදහස් පහළවන්නේ කුමන ආකාරයක පරිසරයකද, සමූහ සාකච්ඡාවන් සහ අනෙකුත් පුද්ගලයන් සමඟ කෙරෙන අදහස් හුවමාරුව වැදගත්ද, ඔවුන් කිසිවෙක් නොබෙල් ත්‍යාගය ඉලක්ක කර තම පර්යේෂණ මෙහෙයවූවාද වැනි රසවත් තොරතුරු මේ සංවාදයේ පළමු විනාඩි දහයට ඇතුළත්.
මුලු සංවාදයම ස්වීඩනයේ ජාතික රූපවාහිනි වෙබ් අඩවියෙන් ජනවාරි 18 දක්වා නැරඹිය හැකියි.
පසු ගිය වසරේ නොබෙල් ත්‍යාගලාභීන් ගැන සම්පූර්ණ විස්තර, විඩියෝ ආදිය නොබෙල් කමිටු වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.
විඩියෝ උපුටාගැනීම ස්වීඩනයේ ජාතික රූපවාහිනී සේවයෙනි.
සියලු කතෘ හිමිකම් ස්වීඩනයේ ජාතික රූපවාහිනිය සතුය.
Posted in Biology, Economics, Physics, Physiology and Medicine, Science, Uncategorized | Tagged: Nobel minds, Nobel prize, round table discussion, SVT | 4 Comments »
Posted by dawkinssdodo on දෙසැම්බර් 16, 2011

නිර්-ආගමික කඳවුරේ අති ප්‍රබලයෙකු වූද, දක්ෂ කථිකයෙක් සහ අසහාය ලේඛකයෙක් වු ක්‍රිස්ටෝෆ’ හිචන්ස් (Christopher Hitchens) සදහටම නෙතු පියා ගත්බව වැනිටි ෆෙයා (Vanity Fair) සඟරාව හෙළි කළේය. මියයන විට අවුරුදු 62 ක් වූ හිචන්ස් අන්නස්‍රෝතයේ පිළිකාවකට ප්‍රතිකාර ලබමින් සිටියේය. 1970 දී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් පිටවී පුවත්පත් කලාවේදියෙක් ලෙස තම ජීවන වෘත්තිය ඇරඹීය. පසුව නිව්යෝක් නගරයට සංක්‍රමණය වූ හිචන්ස් වැනිටි ෆෙයාර් සඟරාවේ කතෲ වරයෙක් ලෙස වැඩ ඇරඹීය.
“පත්තර පිටු මතත්, බාර් එකේදීත් එකසේ බැබළුණු, දරුණු බුද්ධිමතෙක්” ලෙස ඔහු හැදින්වුයේ වැනිටි ෆෙයා සඟරාවෙහි සගයෙකි.
සල්මන් රුෂ්ඩිගේ “සැටනික් ව’සස්” (Satanic verses) කෘතිය මුද්‍රණය වන තුරා වූ සිද්ධිදාමය පුරාවටම රුෂ්ඩි වෙනුවෙන් පෙනී සිටිමින් ඔහු තුළ වූ ලෙංගතු මිතුරා ලොවට පෙන්වීය. “සුබ ගමන් මගේ සුමිතුර! විශිෂ්ට හඬක් නිහඩ වී ඇත, විශිෂ්ට හදවතක් නැවතී ඇත්තේය “යනුවෙන් රුෂ්ඩි තම කනගාටුව පළකළේය
රිචඩ් ඩෝකින්ස් ඔහු හැඳින්වූයේ “අපේ කාලයේ සිටි හොඳම කථිකයා මෙන්ම දෙවියන් වහන්සේ ඇතුළු සියලු ප්‍රජා පිඩකයන්ට එරෙහි සටනේ වීර සටන්කරුවෙක්” ලෙසයි.
2007 දී පළවූ “ද ගෝඩ් ඉස් නොට් ග්‍රේට්” (The God is not great)කෘතිය නිසා ඔහු එක්සත් ජනපදය තුළ ඉමහත් ප්‍රසිද්ධියට පත් විය.
පිළිකාවක් ඇතිබව රෝග විනිශ්චයෙන් තහවුරු වූ පසුව ද, හිචන්ස් තම දැඩි නිර්-ආගමික ස්ථාවරය වෙනස් කළේ නැත.
BBC ඇසුරෙනි
Posted in Atheism, Freedom of expression, Language, Philosophy, religion, Richard Dawkins, Science | Tagged: Atheism, Christopher Hitchens, religion, Richard adwkins, Salman Rushdi, Satanic verses, science | 8 Comments »
Posted by dawkinssdodo on සැප්තැම්බර් 13, 2011

චැනල් ෆෝ (Channel four) යනු ශ්‍රී ලාංකිකයන්ට ආගන්තුක චැනලයක් නොවෙයි. The Great Global Warming Swindle යනු චැනල් ෆෝ හි මාටින් ඩ’කින් (Martin Durkin) විසින් 2007 දී පෘතුවි තාපනය (Global Warming) පිළිබඳ නිපදවූ විවාදාත්මක රූපවාහිනි වැඩසටහනක්. දේශගුණික විපර්යාසය (Climate Change) පිළිබඳ විද්‍යාත්මක මතය, පර්යේෂණ සඳහා ලැබෙන අරමුදල්, දේශපාලන කරුණු, ආදිය මගින් අනියම් බලපෑමකට ලක්වන බව මේ වාර්තා චිත්‍රපටයෙන් ඉදිරිපත් කරන එක් අදහසක්. එලෙසම මානව-මූලික පෘතුවි තාපනය (anthropogenic global warming/ man-made global warming) පිළිබඳ විද්‍යාත්මක ප්‍රජාවේ සම්මුතියක්, එකඟත්වයක් තිබේද යන්නත් දැඩිව ප්‍රශ්න කෙරෙන චිත්‍රපටයක්.
පෘතුවි තාපනය සැක කරන්නන් අතර මෙය ජනප්‍රිය වුවද දේශගුණික විද්‍යාඥයින් ගෙන් දැඩි විරෝධයක් එල්ල විය. චැනල් ෆෝ වාර්තා චිත්‍රපටි අංශයේ ප්‍රධානියාට අනුව ” මානව මූලික කාබන් ඩයොක්සයිඩ් නිසා පෘතුවි තාපනය සිදු වන බව නොපිළිගන්නා විද්‍යාඥයින් අති-සුළුතරයකගේ මතය ප්‍රකාශ කිරීම වෙනුවෙන්” නිපදවූ විවාදාත්මක චිත්‍රපටයකි. චිත්‍රපටයේ විවේචකයින් ගේ තර්ක වුයේ “දත්ත වැරදි ලෙස අර්ථ දැක්වීම, දත්ත ප්‍රබන්ධ කිරීම, සහ IPCC (Intergovernmental Pannel on Climate Change) හි මතය වැරදි ලෙස අර්ථ දැක්වීම” යි. මාටින් ඩ’කින් චිත්‍රපටයේ එන වැරදි තුනක් පසු විකාශන වල නිවැරදි කල මුත් ඉන් චිත්‍රපටයේ මූලික අදහසට බලපෑමක් නොවු බව ප්‍රකාශ කළේය.
කුමන විවාද තිබුණද මේ චිත්‍රපටයේ නගන සමහර ප්‍රශ්න ඉතාම සිත්ගන්නා අයුරින් තාර්කිකව ඉදිරිපත් කර තිබේ. උදාහරණයක් ලෙස චිත්‍රපටයේ එන James Shikwati නැමති ආර්ථික විද්‍යඥයා ගේ අදහස වන්නේ අප්‍රිකාවේ ෆොසිල ඉන්ධන භාවිතයට විරුද්ධ වීම අප්‍රිකානු සිහිනය මරාදැමීමක් බවයි. අපිට කියනව “ඔබේ සම්පත් වලට අත තියන්න එපා, ඔබේ තෙල් වලට අත තියන්න එපා, ඔබේ ගල් අඟුරු වලට අත තියන්න එපා කියල” ඒක සිය දිවි නසා ගැනීමක්, ඔහු පවසයි.
තවත් අවධානය දිනාගන්නා කරුණක් නම්, පෘතුවි තාපනය සහ දේශගුණික විපර්යාස පිළිබඳ පර්යේෂණ සඳහා ලැබෙන ආධාර ක්‍රමයෙන් වැඩිවී අද හොඳින්ම මූල්‍ය ආධාර ලැබෙන පර්යේෂණ අංශ බවට මේවා පත්ව ඇති බවයි. එනිසා ඒ වටා දහස් ගණනකගේ ජීවන වෘත්තීන් ගොඩනැගී තිබේ. මෙනිසාම මේ මතයට විරුද්ධ මත දරන විද්‍යාඥයින් මර්දනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව චිත්‍රපටයෙන් කියවේ.
බ්‍රිතාන්‍ය විකාශන පාලනාධිකාරියට (Office of Communication (Ofcom)) මේ වාර්තා චිත්‍රපටය සම්බන්දයෙන් පැමිණිලි 265ක් ලැබුණි. අපක්ෂපාතීත්වය පිළිබඳ විකාශන නීති කඩ කෙරී ඇති බව පාලනාධිකාරිය තීන්දු කළද ඉන් එහා ක්‍රියාමාර්ගයක් නොගැනුණි. පාලනාධිකාරියේ මතය වූයේ “චිත්‍රපටයේ අන්තර්ගතය සැලකිය යුතු මට්ටමකින් ප්‍රේක්ෂකයන් නොමඟ යවා ඔවුන්ට හානියක් සිදුකර නැති” බවයි.
Wikipedia ඇසුරෙනි.
Posted in Climate change, Culture, Global Warming, Physics, Science | Tagged: Channel four, Climate change, global warming, IPCC, Martin Durkin, ofcom, The Great Global Warming Swindle | 6 Comments »
Posted by dawkinssdodo on සැප්තැම්බර් 9, 2011
ස්වීඩනයේ කැරොලින්ස්කා වෛද්‍ය විද්‍යාලයේදී පිළිකාවක් නිසා ශ්වසන මාර්ගය පලුදු වූ පුද්ගලයෙකුට ලොව පළමු කෘතිම අවයවය බද්ධ කෙරුණි. ඒ කෘතිම ශ්වාස නාලයකි. මරණයට නියම වී සිටි පිළිකා රෝගියාට මේ නවතම තාක්ෂණය නිසා තම ජීවිතය බේරාගන්නට හැකිවුණි.
ලංඩනයේ යුනිවසිටි කොලේජ් හි මහාචාර්ය ඇලෙක්ස් සෙෆාලියන් (Alex Seifalian) ඇතුළු පර්යේෂකයන් පිරිසක් මේ කෘතිම ශ්වාස නාලය නිමවීමට දායකවූ නැනෝ-සංයෝග ද්‍රව්‍යයට පේටන්ට් පතක් ලබාගැනීමට සමත් වී තිබේ. මේ විශේෂ ද්‍රව්‍යයෙන් නිමවන ලද ශ්වාසනාල ආකෘතියේ ඉතා කුඩා සිදුරු මිලියන ගණනක් තිබීම එය සාර්ථකවීමට අත්‍යාවශ්‍ය සාධකයකි.
මෙහිදී පළමුව රෝගියාගේ ඇට මිදුළු වලින් ලබාගන්නා වෘද්ධ මූලික ජනක සෛල (Adult stem cells) ජීව ප්‍රතික්‍රියාකාරකයක් තුළ වර්ධනය කරවයි. ඉහත කී නැනෝ-සංරචිත ද්‍රව්‍යයෙන් නිමවුණු ශ්වාසනාල අකෘතිය ජීව ප්‍රතික්‍රියාකාරකය තුළට ඇතුල් කර දින දෙකක් තබනු ලැබේ. සිදුරු සහිත ආකෘතිය තුළත්, ඒ වටාත් රෝගියාගේ ජනක සෛල වර්ධනය වී අවසානයේ රෝගියාගේ සෛල වලින්ම නිපදවෙන ශ්වාසනාලයක් බවට පත්වේ.
දායකයෙකු අනවශ්‍ය නිසා මෙම ක්‍රමය භාවිතා කරන්නන්ට දායකයෙකු ලැබෙනතුරු බලා සිටිය යුතු නැත. ඒ නිසාම රෝගියාගේ ශරීරය මගින් ප්‍රතික්ෂේප කිරීමේ අවදානමක්ද නැත. මේ නිසා ප්‍රතිදේහ නාශක (Immuno-suppressants) ඖෂධ භාවිතා කිරීම අනවශ්‍යයි.
මේ ක්‍රමය මගින් විනාඩි 20ක් තුළ ගැහෙන ධමනියක් නිර්මාණය කල හැකියි. ධමනි ශිරා පමණක් නොව කන්, නාස් සහ සම ආදියද මේ මගින් නිර්මාණය කල හැකි බව පැවසේ.
BBC ඇසුරෙනි.
Posted in Biology, Cell biology, Gene, Molecular Biology, Science, Stem cells | Tagged: Alex Seifalian, bio reactor, cancer, karolinska University Hospital, nanocomposite material, stem cells, trachea, university college london | 5 Comments »