Archive for the ‘religion’ Category
Posted by dawkinssdodo on මාර්තු 30, 2012
විචාරයේ රැළිය පිළිබඳ සවිස්තර ලිපියක් පළකිරීම ගැන අරුණි ශපීරෝට ස්තුතිවන්ත වෙමි. පහළින් ඇත්තේ රිචඩ් ඩෝකින්ස් වොෂින්ටනයේ පැවැත්වූ කථාවේ විඩියෝවකි. ඊටත් පහළින් ඇත්තේ ලෝරන්ස් ක්‍රවුස් (Lawrence Krauss) විසින් ආගම සමග ඇමරිකානු දේශපාලනයට ඇති සමීප සබැඳියාවත්, ඩෝකින්ස්ගේ “දෙවියන් අදහන්නන්ට අවමන් කරන්න, සමච්ච්ලයට ලක්කරන්න” යනුවෙන් කල විවාදාත්මක ප්‍රකාශයත් ගැන කරන පැහැදිලි කිරීමකි. ලෝරන්ස් ක්‍රවුස් විශ්වවේදය (Cosmology) පිළිබඳ න්‍යායික භෞතික විද්‍යාඥයෙකි. ඔහුගේ A Universe from Nothing: Why There is Something Rather Than Nothing නැමැති පොත ඉමහත් ප්‍රසිද්ධියට පත් වූ අතර, ඔහු ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයෙක් ලෙස සේවය කරයි
——-
Posted in Atheism, Charles Darwin, Evolution, Freedom of expression, Philosophy, religion, Richard Dawkins, Science, Secularism | Tagged: agnostic, Atheism, Lawrence Krauss, reason rally, Richard Dawkins, secularism, Washington DC | 4 Comments »
Posted by dawkinssdodo on ජනවාරි 25, 2012
මෑතකදී රට්ගර්ස් විශ්ව විද්‍යාලයේ (Rutgers University) විද්‍යාඥයින් පිරිසක් ස්ත්‍රී මොළය සුරතාන්තයට (orgasm) එළඹෙන ආකාරය, එය විඳගන්නා අවස්ථාව සහ ඉන් ඉවත්වන ආකාරය ස්ත්‍රී මොළයේ ස්කෑන් ඡයාරූප එකතුවක් පණගැන්වීමෙන් (animation) ලොව පළමු ස්ත්‍රී මොළයේ සුරතාන්ත සිතියම චිත්‍රපටයට නගන්නට සමත් වී තිබේ. fMRI තාක්ෂණය යොදාගත් මේ පර්යේෂණයට දායක වු අය අතර ප්‍රධාන තැනක් ගන්නේ ඊට සහභාගිවෙමින් පර්යේෂකයන් නීරීක්ෂනය කරද්දී MRI යන්ත්‍රයක වැතිරී සුරතාන්තයට තමාවම උත්තේජනය කරගත් කේට් සුකෙල්ය (Kayt Sukel).

කේට් සුකෙල් MRI යන්ත්‍රය අබියස.
සුරතාන්තයට පත් වන පුද්ගලයන් අධ්‍යයනය කිරීමෙන් සුරතාන්තයට පත් විය නොහැකි රෝග වලින් පීඩා විදින අයගේ මොළයේ ක්‍රියාකාරීත්වය වටහාගන්නට මහාචාර්ය බැරී කොමිසාරුක් (Barry Komisaruk) ඇතුළු විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.
සෑම තත්පර දෙකකටම වරක් ගත් ස්කෑන් ඡයාරූප ආධාරයෙන් නිමවූ විනාඩි පහක චිත්‍රපටියෙන් පෙන්වන්නේ මොළයේ ප්‍රදේශ 80 ක පමණ ක්‍රියාකාරීත්වය වෙනස්වන ආකාරයයි. තද රතු පැහැයෙන් පෙන්වන්නේ ක්‍රියාකරීත්වය අඩු අවස්ථාවන් වන අතර, කහ සුදු පැහැයෙන් පෙන්වනේ ක්‍රියාකාරීත්වය වැඩි අවස්ථාවන්ය.
සංවේදන බාහිකයේ ලිංගික ප්‍රදේශයෙන් ඇරඹෙන ස්ත්‍රී සුරතාන්තය පසුව හැඟීම් සහ දිගුකාලීන මතකය සම්බන්ද කොටස් වලට පැතිරේ. ක්‍රමයෙන් සුරතාන්තය එළඹෙත්ම, අනුමෂ්තිෂ්කයේත් පූර්ව මොළයේත් ක්‍රියාකාරීත්වය ඉහළ යනු දැකිය හැකියි. දැඩි පේශි ආතතියත් සමඟ ක්‍රියාකාරීත්වය ඉහළම අගයක් ගන්නේ හයිපොතැලමසයේය. මේ සමඟ ඔක්සිටෝසින් ස්‍රාවය නිසා සතුටුදායක හැඟීමක් සමඟ ගර්භාෂය සංකෝචනය වීම සිදුවේ. Nucleus accumbens නැමැති ප්‍රීතිය හා සම්බන්ධ ප්‍රදේශයකද ක්‍රියාකාරීත්වය ඉහළම අගයක් ගනී.
සුරතාන්තයෙන් පසු මොළයේ එම ප්‍රදේශ ක්‍රමයෙන් සන්සුන් වනු දැකිය හැක.
මේ ක්‍රමය මොළයේ එක් එක් ප්‍රදේශවල සම්බන්ධතාව අධ්‍යයනය කිරීමට සුදුසුම එකක් බව මහාචාර්ය කොමිසාරුක් පවසයි. මේ ක්‍රමය මගින් සුරතාන්තයෙන් තොර රෝගී තත්වයන් (Anorgasmia) ගැන වැටහීමක් ලබාගත හැක්කේ, එම රෝගී තත්ව වලදී මෙම අනුක්‍රමයෙන් මොළයේ සිදු වන ක්‍රියාවලිය අඩපණවන අවස්ථාවන් හඳුනා ගත හැකි බැවිනි.
වොෂින්ටනයේ පසුගිය නොවැම්බරයේ පැවැති වාර්ෂික ස්නායුවිද්‍යා සම්මන්ත්‍රණයේදී මේ පර්යේෂණ ප්‍රතිඵල හෙළිදරව් කෙරුණි.
කේට් සුකෙල්ගේ පොත, Dirty Minds: How Our Brains Influence Love, Sex and Relationships, පෙබරවාරියේදී නිකුත් වීමට නියමිතයි.
The Guardian ඇසුරෙනි.
Posted in Biology, Philosophy, religion, Science, sex | Tagged: Barry Komisaruk, Brain activity, female orgasm, fMRI, Kayt Sukel, Nan Wise, Neuroscience | 23 Comments »
Posted by dawkinssdodo on ජනවාරි 12, 2012


ගාලු සාහිත්‍ය උත්සවයට පැමිනෙන රිචඩ් ඩෝකින්ස් ජනවාරි 20 වැනි දින 2.30 ට තම ජීවිතය සහ තම විවාදාත්මක වෘත්තිය පිලිබඳ දේශනයක් පැවැත්වීමට නියමිතයි. වැඩිදුර විස්තර ගාලු සාහිත්‍ය උත්සව වෙබ් අඩවියෙන්.
කවුද මේ රිචඩ් ඩෝකින්ස්?
ඩෝකින්ස් නිර්මාණය කල මීම යනු මොනවාද
Posted in Biology, Culture, Evolution, Language, Life, Philosophy, religion, Richard Dawkins, Science | Tagged: Evolution, Galle Literary festival, god delusion, Lalla Ward, Magic of reality, Richard Dawkins, Sri Lanka | 11 Comments »
Posted by dawkinssdodo on දෙසැම්බර් 16, 2011

නිර්-ආගමික කඳවුරේ අති ප්‍රබලයෙකු වූද, දක්ෂ කථිකයෙක් සහ අසහාය ලේඛකයෙක් වු ක්‍රිස්ටෝෆ’ හිචන්ස් (Christopher Hitchens) සදහටම නෙතු පියා ගත්බව වැනිටි ෆෙයා (Vanity Fair) සඟරාව හෙළි කළේය. මියයන විට අවුරුදු 62 ක් වූ හිචන්ස් අන්නස්‍රෝතයේ පිළිකාවකට ප්‍රතිකාර ලබමින් සිටියේය. 1970 දී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් පිටවී පුවත්පත් කලාවේදියෙක් ලෙස තම ජීවන වෘත්තිය ඇරඹීය. පසුව නිව්යෝක් නගරයට සංක්‍රමණය වූ හිචන්ස් වැනිටි ෆෙයාර් සඟරාවේ කතෲ වරයෙක් ලෙස වැඩ ඇරඹීය.
“පත්තර පිටු මතත්, බාර් එකේදීත් එකසේ බැබළුණු, දරුණු බුද්ධිමතෙක්” ලෙස ඔහු හැදින්වුයේ වැනිටි ෆෙයා සඟරාවෙහි සගයෙකි.
සල්මන් රුෂ්ඩිගේ “සැටනික් ව’සස්” (Satanic verses) කෘතිය මුද්‍රණය වන තුරා වූ සිද්ධිදාමය පුරාවටම රුෂ්ඩි වෙනුවෙන් පෙනී සිටිමින් ඔහු තුළ වූ ලෙංගතු මිතුරා ලොවට පෙන්වීය. “සුබ ගමන් මගේ සුමිතුර! විශිෂ්ට හඬක් නිහඩ වී ඇත, විශිෂ්ට හදවතක් නැවතී ඇත්තේය “යනුවෙන් රුෂ්ඩි තම කනගාටුව පළකළේය
රිචඩ් ඩෝකින්ස් ඔහු හැඳින්වූයේ “අපේ කාලයේ සිටි හොඳම කථිකයා මෙන්ම දෙවියන් වහන්සේ ඇතුළු සියලු ප්‍රජා පිඩකයන්ට එරෙහි සටනේ වීර සටන්කරුවෙක්” ලෙසයි.
2007 දී පළවූ “ද ගෝඩ් ඉස් නොට් ග්‍රේට්” (The God is not great)කෘතිය නිසා ඔහු එක්සත් ජනපදය තුළ ඉමහත් ප්‍රසිද්ධියට පත් විය.
පිළිකාවක් ඇතිබව රෝග විනිශ්චයෙන් තහවුරු වූ පසුව ද, හිචන්ස් තම දැඩි නිර්-ආගමික ස්ථාවරය වෙනස් කළේ නැත.
BBC ඇසුරෙනි
Posted in Atheism, Freedom of expression, Language, Philosophy, religion, Richard Dawkins, Science | Tagged: Atheism, Christopher Hitchens, religion, Richard adwkins, Salman Rushdi, Satanic verses, science | 8 Comments »
Posted by dawkinssdodo on අප්‍රේල් 5, 2011

චීනයේ බෙයිජිං කෘෂි විශ්වවිද්‍යාලයේ ජාන තාක්ෂණ විද්‍යාඥයින් පිරිසක් විසින් පලමු වරට මිනිස් ජාන එලදෙනුන්ට හඳුන්වා දීමෙන් මිනිස් මව්කිරි නිපදවන්නට සමත් වී තිබෙනවා. මෙසේ ජාන විකරනය (genetically modified) කරන ලද එලදෙනුන් 17ක් මේ පර්යේෂණයට යොදාගෙන තිබේ. ඇත්තටම මේ එළදෙනුන් ක්ලෝනිකරනය කරන ලද ජාන විකරනය කරන ලද සතුන්. මේ පිලිබඳ පර්යේෂණ පත්‍රිකාව ප්ලොස් වන් (PLoS ONE) සඟරාවේ පලවුනා. මිනිස් ප්‍රෝටීන වන ලයිසොසයිම්, ලැක්ටොෆෙරින් සහ ලැක්ටොඇල්බියුමින් අඩංගු ” මව්කිරි” නිපදවන්නට මේ එළදෙනුන්ට හැකි වූ බවයි පර්යේෂණ පත්‍රිකාවේ සඳහන් වන්නේ. මෙම ප්‍රෝටීන අලුත උපන් දරුවන්ගේ ප්‍රතිශක්තිය දියුනු කරමින් ආසාදන වලට එරෙහිව සටන් කරන්නට උදව්වනවා. මේ “මව්කිරි” වෙලඳපොලට නිකුත් කිරීමට තවත් අවුරුදු 10ක් පමණ ගත විය හැකියි. ඒ මිනිස් පරිභෝජනයට සුදුසු දැයි පර්යේෂණ කර මේ මව්කිරි වල ආරක්ෂිත බව නිට්ටාවට නිශ්චය කර ගත යුතු නිසා.
ක්ලෝනීකරනය (cloning) කරන ලද මිනිස් ජාන හොල්ස්ටයින් කිරි එළදෙනුන්ගේ ඩී.එන්.ඒ (DNA) වලට හඳුන්වා දීමෙන් පසු, එලෙස ජාන විකරණය කරන ලද කළල, දාරක එළදෙනුන් තුල වර්ධනය කිරීමෙනුයි මේ පර්යේෂණය සිදු කෙරුනේ.
PLoS ONE සහ Daily Telegraph ඇසුරෙනි.
පින්තූරය Daily Telegraph පුවත්පතෙන් උපුටා ගැනින.
Posted in Biology, Cell biology, Culture, Gene, Life, Molecular Biology, religion, Science | Tagged: Bin Yang, breast milk, cattle, china, China Agricultural University, genetically modified, GM food, Ning Li, State Key Laboratory for Agrobiotechnology | 6 Comments »
Posted by dawkinssdodo on අප්‍රේල් 1, 2011
පරිණාමික විද්‍යාඥයින් එකඟ වනවා වානරයන් සහ මිනිසුන් අයත් වන හොමිනොයිඩෙ (Hominoidea) කුලයටත් පුරා ලෝක වඳුරන් (old world monkeys) අයත්වන ස’කොපිතිකොයිඩෙ (Cercopithecoidea) කුලයටත් පොදු පූර්වජයෙක් සිටිය යුතු බව. මේ පොදු පූර්වජයා ඇතුලු වානරයන්, මිනිසුන් සහ පූර්ව ලෝක වඳුරන් අයත්වන සුළුගෝත්‍රය (Parvorder) හඳුන්වන්නේ කටාර්හීනි (Catarrhini) යන නමින් (පහල රූපය බලන්න).
ජානමය සාක්ෂි අනුව මේ පරිණාමික බෙදීම (හොමිනොයිඩෙ සහ ස’කොපිතිකොයිඩෙ ) මීට අවුරුදු මිලියන 30-35 කට පෙර මුල් ඔලිගොසීන (Early Oligocene) සමයේ සිදුවන්නට ඇති බවයි අනුමාණ කෙරෙන්නේ.
කෙසේ වෙතත් මධ්‍ය සහ අවසාන ඔලිගොසීන සමය නිරූපනය කරන ෆොසිල සාක්ෂි වල දුලබ තාවය නිසා මේ පොදු පූර්වජයාගේ රූපාකාරය, ඔවුන් පරිණාමික උප-ශාඛා වලට බෙදී ගිය කාල වකවානුව ආදිය ගැන නිගමනය අපහසු වී තිබුනා.
සවුදි අරාබියේ මක්කමට නුදුරු “අල් හිජාස්” ප්‍රාන්තයේ “හරාට් අල් උයාජ්ෆා” ප්‍රදේශයෙන් මේ පොදු පූර්වජයාට අයත් ෆොසිලයක් සොයා ගැනුනා. ඉයාඩ් සල්මූට් Iyad Zalmout නම් පුරාවිද්‍යාඥයා විසින් පුරාණ තල්මසුන් සහ ඩයිනසෝරයන්ගේ ෆොසිල සොයද්දී අහම්බෙන් මේ පොදු පූර්වජ පාර්ශ්වික හිස් කබල ඔහුගේ නෙත ගැටුනේ 2009 දීයි. මිචිගන් සරසවිය හා සවුදි පාෂාණ විමර්ෂන මධ්‍යස්ථානය (Saudi Geological Survey) සමඟ එක්ව මේ ෆොසිලය ඉන් දින කීපයකට පසුව සුරක්ෂිත කෙරුනා. මේ සොයාගැනීම ප්‍රසිද්ධියට පත් කෙරුනේ 2010 දී Nature සඟරාවේ පර්යේෂණ පත්‍රිකාවක් පත්‍රිකාවක් ලෙසයි. මේ පොදු පූර්වජයා නම් කර තිබෙන්නේ සාඩානියස් හිජාසෙන්සිස් (Saadanius hijazensis) යන නමින්. අරාබි භාෂාවෙන් සාඩාන් (Arabic: سَعدان) යනු වානරයන් සහ වඳුරන්. විශේෂ නාමය හිජාසෙන්සිස්, තබා තිබෙන්නේ ෆොසිලය සොයාගත් අල් හිජාස් ප්‍රදේශය සිහිකරමින්.
Nature ඇසුරෙන් ලියවිණි.

දෙවියන්/ අල්ලා පිලිබඳ ජීව විද්‍යාත්මක විග්‍රහය??
Posted in Biology, Charles Darwin, Evolution, Fossil evidence, Genetic data, religion, Science, Transitional fossil | Tagged: Apes, Catarrhini, Cercopithecoidea, Evolution, Hominoidea, Iyad Zalmout, old world monkeys, Oligocene, Saadanius hijazensis, Saudi Geological Survey | 2 Comments »
Posted by dawkinssdodo on මාර්තු 20, 2011

ටැබූ සබ්ජෙක්ට්ස් (Taboo Subjects) සිංහල බ්ලොග් අවකාශය තුල ජනප්‍රියම බ්ලොග් අඩවිය යනු අතිශයෝක්තියක් නොවේ. එහි ලියැවුනු බොහෝ ලිපි ලාංකීය සමාජය නිර්දයව නිරුවත් කලේය. අනිකුත් ආගම් පමණක් නොව, බුද්ධාගම ඇතුලු සියලු ආගමික විශ්වාසයන් කොන්දේසි විරහිතව විවේචනය වුයේය. බුද්ධාගමට මුවාවී විකාර කරන මහාචාර්යවරුන්ද, තමන් “මාර්ග පල” ලැබුවායි නොකියා කියන චීවරදාරීන්ද එලිදරව් කරනු ලැබුවේය. කෙසේ වෙතත් ටැබූ තම පාටක හඬට කන් දෙමින් කිහිප වාරයකදී තම යෙදුම් සහ පෝස්ට ඉදිරිපත් කරන ආකාරය වෙනස් කලේය. ඩෝඩෝ ගේ විරෝධය නොතකා එක් පෝස්ටයක් හා සබැඳුනු සිත්තම අයින් කලේ ආගමික නායකයෙක්ගේ සිත්තම් පිලිබඳ පාටක විරෝධයකට ප්‍රතිචාර වශයෙනි.
ඩෝඩෝගේ බ්ලොගය සිංහල බ්ලොග් අවකාශයේ දන්නා අය ඇත්නම් ඒ ඇඟිලිවලින් ගනින්නට හැකි ප්‍රමාණයකි. එහෙත් ටැබූ ඩෝඩෝ ගේ පෝස්ට වල ප්‍රතිචාර දැක්වූ ඒ අතලොස්සක් දෙනා අතරින් එක් අයෙකි. ඔහුගේ ප්‍රතිචාර දිරි ගැන්වීමක් වු බව නොකිවමනාය. ඉන් නොනැවතුන ටැබූ ඩෝඩෝ ගේ බ්ලොගයට ප්‍රසිද්ධියක් ලබා දෙමින් Richard Dawkins ගේ Selfish Gene හදුන්වා දීම ගැන නිරහංකාරව ඔහුගේ පෝස්ටයකය තම කෘතවේදීත්වයද පල කලේය. වේලි වේලි තිබූ ඩෝඩෝ ගේ බ්ලොගයට එක්වරම දෙතුන් සීයක පිරිසක් පැමිනීමේ ගැටලුව ඩෝඩෝ විසඳා ගත්තේ refering links වලිනි. ඒ අතරම ටැබූ මතු කල ප්‍රශ්නවලට ඩෝඩෝ සම්පූර්ණ පිලිතුරු දෙන්නට මත්තෙන් ටැබූව බ්ලොග් අවකාශයෙන් ඉවත්කරනු ලැබීය.
ඒ මේ සියල්ල සුන්දර අතීත යට ගියාවය. අද ටැබූ සබ්ජෙක්ට්ස් අඩ්විය එහි කතුවරයාගේ අභිමතයට එරෙහිව වෙනෙකෙකුගේ පාලනයට නතුවූ බව පැහැදිලිය. දිනපතා යාවත් කාලීනවූ Beyond Frame වෙබ් අඩවියද මේ ආකාරයෙන්ම කඩාකප්පල් කරනු ලැබුනි. Beyond Frame බ්ලොග් අඩවිය දේශපාලනික බ්ලොග් අඩවියක් ලෙස අතිශය ජනප්‍රිය වූ අතර එහි පාටක ප්‍රතිචාර බොහෝවිට ඉතා උනුසුම් සංවාද බවට පෙරලුනි. ඊට අමතරව Beyond Frame බ්ලොග් අඩවියටම ආවේණික පාටක පිරිස නිසාද , ඔවුන්ටම ආවේණික ප්‍රතිචාර ඌරුව නිසාද බොහෝ විට හාස්‍ය රසයෙන්ද අනූන විය. ඒ කෙසේ වෙතත් අවසන් ප්‍රතිපලය සිංහල බ්ලොග් අවකාශයේ ජනප්‍රිය, නිතිපතා යාවත් කාලීනවන බ්ලොග් අඩවි දෙකක් අක්‍රිය වීමයි.
ඩෝඩෝ සිංහල බ්ලොග් අවකාශය තුල ප්‍රචාරකවාදී ඉස්ලාමය විවේචනය කල කිහිප දෙනාගෙන් එක් අයෙකි. ජාත්‍යන්තර ප්‍රචාරකවාදී ඉස්ලාමීය කඳවුරෙන් නිපදවන අමූලික ගල් පැලෙන බොරු සහ “විද්‍යාත්මක” යැයි කියමින් ඉදිරිපත් කරන අවිද්‍යාත්මක කරුනු අදත් හෙටත්, ඩෝඩෝ ගේ විවේචනයට ලක්වනු ඇත්තේය. එහත් ඉස්ලාමයේ අවිද්‍යාත්මක කරුනු හෙලිදරව් කරනු විනා, යමෙකුගේ අදහස් ප්‍රකාශනයේ මූලික අයිතිය නැති කරන්නට ඩෝඩෝ ගේ සහයෝගයක් නොලැබෙනු ඇත්තේය. අන්කිසිවක් නිසා නොව, ඩෝඩෝ ගේ විවෙචනයට ලක් වන ඉස්ලාමය තුල නැති නිදහස, සිංහල බ්ලොග් අවකාශය තුල නැති කරන්නට අනුබල දිය නොහැකි නිසාය. ඩෝඩෝ ගේ ප්‍රතිවාදීන් මතවාදීමයව පරාජය කිරීම ගැන හෝ, ඔවුන්ට උත්තර බැඳීමට ඇති හැකියාව ගැන ඩෝඩෝට නම් සැකයක් නැත.
මේ කඩාකප්පල්කාරී වාරණයට ආසන්නතම හේතුව ලෙස ඩෝඩෝ හඳුනා ගන්නේ බ්ලොග් අවකාශයේ පැතිර ගිය ආගමික විවේචනයි. ආගම් ගැන කියැවෙන විට ඩෝඩෝගේ සිහියට නැගෙන්නේ මෑතකදී Secular Sri Lanka වෙබ් අඩවියේ පලවූ ආතර් සී ක්ලාක් අනුස්මරණ දේශනය (Human Evolution and Future of Humanity) කල “නිරුවත් වානරයා” හෙවත් එස් එම් බන්දුසීලයන් ගේ දේශනයයි. ඩෝඩෝගේ අදහස නම් විශිෂ්ඨ පරිවර්තකයෙකු වන බන්දුසීලයන් ගේ අවධානය විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයෙන්, ජීව විද්‍යාව සහ පරිණාමයට යොමුවිය යුතු බවයි. විද්‍යා ප්‍රබන්ධ ජනප්‍රිය කිරීමෙහිලා එතුමන්ගේ දායකත්වය ඩෝඩෝ අගය කලත්, ඩෙස්මන්ඩ් මොරිස් ගේ “නිරුවත් වානරයා” (The Naked Ape) සහ “මනුසත් උයන” (The Human zoo) යන පරිවර්තන දෙකට සම කල හැකි අන්දමේ ප්‍රබන්ධ-නොවන කෘතියක් සිංහල විද්‍යා සාහිත්‍ය තුල නැති බව ඩෝඩෝ ගේ වැටහීමයි. ආගම් වෙනුවෙන් එකිනෙකා මරාගන්නට සැරසෙන යෞවන බ්ලොග් කරුවන් නිර්-ආගමිකත්වය පිලිබඳව උනන්දු නොවන්නේ ඇයි? ඒ නිරුවත් වානරයා සහ මනුසත් උයන වැනි විද්‍යාත්මක කෘති පරිශීලනය කිරීමේ අඩුව නිසාද? ඒසේත් නැතිනම් කෙතරම් ශිෂ්ට යැයි කියාගත්තද අප තුල ජීවත්වන නිරුවත් වානරයාගේ ගෝත්‍රික ලක්ෂණ සයිබර් අවකාශය නැමති අතථ්‍ය (Virtual) මනුසත් උයනේත් කූඩු වීම නිසා තව තවත් වර්ධනය වීම නිසාද??
Posted in Biology, Culture, Evolution, Freedom of expression, Philosophy, religion, Science | Tagged: Atheism, Beyond Frame, Blog censorship, blog hacking, Desmond Morris, freedom of expression, Human Zoo, Islamic propaganda, Naked Ape, Richard Dawkins, right to express, S.M. Banduseela, Secular Sri Lanka, selfish gene, sinhala blog sphere, Sri Lanka, Taboo subjects | 13 Comments »
Posted by dawkinssdodo on මාර්තු 16, 2011
ප්ලොස් වන් (PLoS ONE) සඟරාවේ පර්යේෂණ පත්‍රිකාවක අපූරු සොයාගැනීමක් වාර්තා වුනා. මුඛ සංසර්ගය (Fellatio) මිනිසුන් විසින් පූර්ව-සංසර්ග උත්තේජනයක් (Fore play) ලෙස නිතරම යොදාගැනුනත් අනික් සතුන් මුඛ සංසර්ගයේ යෙදෙන බව වාර්තාවන්නේ කලාතුරකින්. බොන්බෝවන් (Bonbo) හෙවත් පිග්මි චිම්පන්සින් අතර මුඛ සංසර්ගය වාර්තා වුවත් එය දක්නට ලැබෙන්නේ යෞවන පිරිමි චිම්පන්සින් අතර පමණයි. බහු-භාර්යා සේවනයේ යෙදෙන පලතුරු වවුලන් (Cynopterus sphinx) අතර ලිංගික ක්‍රියාවේදී මුඛ සංසර්ගය භාවිතාවන බව දැන් වාර්තාවනවා.
පෘෂ්ඨොදරීය (dorsoventral) සංසර්ගයේදී ගැහැනු වවුලන් නිතරම ශිශ්නය ලෙවකන බව පර්යේෂකයන් නිරීක්ෂනය කලා. නමුත් ගැහැනු සතා ශිශ්න දණ්ඩ ලෙවකෑවත්, තම යෝනිය තුල ඇති ශිශ්න හිස ලෙවකෑමෙන් වැලකුනා. ශිශ්නය මෙසේ ලෙවකන විට එය යෝනිමාර්ගයෙන් ඉවතට ගැනීමෙන් පිරිමි වවුලන් වැලකුනා. සංසර්ගයේ යෙදීමට ගතවූ මුලු කාලයත් ශිශ්නය ලෙවකන කාලයත් අතර සහ-සම්බන්ධතාවයක් තිබෙන බව පර්යේෂකයන්ට පෙනුනා. ගැහැනු සතා ශිශ්නය ලෙවකන්නේ නම් සංසර්ගයට ගතවන මුලු කාලය සුවිශේෂි අයුරින් වැඩි බව ඔවුන් නිගමනය කලා.
Posted in Biology, Culture, Evolution, Freedom of expression, Life, religion, Science, sex | Tagged: copulation, Cynopterus sphinx, Fellatio, Fore play, oral sex, PLos ONE, sex, short-nosed fruit bat | Leave a Comment »
Posted by dawkinssdodo on ජනවාරි 16, 2011
අවුරුදු සියයකට හමාරකට පෙර “නිර්-ආගමිකයන්” යනු සුලුතරයක් පමනක් නෙවෙයි, ප්‍රධාන සමාජ දහරාවෙන් පිටමන් කරනු ලැබු කොන් කරනු ලැබූ පිරිසක්. සමහර විට නිර්-ආගමිකයන් වීම නිසා ජීවිතයෙන් වන්දිගෙවීමට පවා සිදු වුනා. වර්තමානයේදී නිර්-ආගමිකත්වය එතරම් ප්‍රති විරෝධයක් ඇති නොකරන, ඇතැම් ජනසමූහ වල ප්‍රධාන දැක්ම බවට පත්වු එකක්.
නව සහශ්‍රයේ නම් නිර්-ආගමිකයන් අති බහුල සමාජ සංරචකයක්. කොටින්ම එක් වෙබ් අඩවියක් ජනප්‍රිය, ප්‍රසිද්ධ, කීර්තිමත් නිර්-ආගමිකයන් වෙනුවෙන්ම තැනූවක්. කීර්තිමත් නිර්-ආගමිකයන් විවිධ ක්ශේත්‍ර වල විස්කම් දස්කම් දැක්වූ මාක් සුකර්බර්ග් (Facebook), ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් (ප්‍රංශ පාපැදි සවාරිය පිට පිට සත් අවස්ථාවක් ජයග්‍රහණය කර ඇත ) සහ ජෝඩි ෆොස්ට’(සුප්‍රසිද්ධ නිළිය) වැනි පුළුල් පරාසයක් නියෝජනය කරනවා. එහෙත් මින් බොහෝ දෙනෙක් යම් බලපෑමක් කල හැකි නිර්-ආගමිකයන් අතරට නොවැටෙන්නේ, බොහෝ නිර්-ආගමිකයන් මෙන් ඔවුන් තම නිර්-ආගමිකත්වය මහ ලොකු “බක්කක්” ලෙස නොසැලකීම නිසායි. දෙවියන්ගෙන් තොර ඔවුන්ගේ ජීවිත ඔවුන් සතුටින් ගෙවා දමන්නේ දෙවියන් සමඟ ජීවත් වන අයට ඔවුන්ගේ සතුට විඳගන්නට ඉඩදෙමින්.
තාමත් අප අතර සිටින, බලපුලුවන්කාර නිර්-ආගමිකයන්ගේ සුපිරි-ප්‍රාඥ ලැයිස්තුවට ඇතුලත් වීමට නම් දෙවියන් ප්‍රතික්ශේප කිරීම පමණක් ප්‍රමානවත් නැහැ, සක්‍රීයව මැදිහත් වී අන් අයත් දෙවියන් ඇදහීමෙන් ගලවා ගත යුතුයි. උදාහරණයක් ලෙස “බුල්ශිට්” රූපවාහිනී වැඩසටහන ඉදිරිපත් කරන පෙන් සහ ටෙලර් නිර්-ආගමිකත්වය ප්‍රචලිත කිරීමට යොදාගන්නේ ඔවුන්ගේ විනෝදාත්මක බවයි. එය “ජනප්‍රිය” ක්‍රමවේදයක් විනා උගත්, තර්කානුකූල මතවාදයක් දෙවියන්ට එරෙහිව, නිර්-ආගමිකත්වය වෙනුවෙන් ගොඩනැගීමක් නොවේ.
සැබෑ සක්‍රීය නිර්-ආගමිකයන්ගේ ලැයිස්තුවට ඇතුලත්වීමට නම් නිර්-ආගමිකත්වය ප්‍රචලිත කිරීමෙන් නොනැවතී උගත් මතවාද ඇසුරින් විද්වත් ලෙස නිර්-ආගමිකත්වය වෙනුවෙන් මතයක් ගොඩනැගීමට දායක විය යුතුයි. අන්න එවැන්නෙක් නිර්-ආගමික සුපිරි ප්‍රාඥයෙක් ලෙස හැඳින්විය හැකියි. ඔවුන් තම තම ක්ශේත්‍ර වල කැපී පෙනෙන උගතුන්. ඒ විද්වත් බව නිශ්චිතවම නිර්-ආගමිකත්වය ප්‍රචලිත කරන්නට හෝ දෙවියන් යනු තවුරු කල නොහැකි මනඃකල්පිතයක් බව පෙන්වන්නට යොදාගත් කීර්තිමත් පුද්ගලයින්.
එවැනි පුද්ගලයින් 25 දෙනෙකු superscholar.org ජාලය විසින් නම් කර තිබෙනවා. ඉදිරියේදී ඔවුන් පිලිබඳ විස්තර ගෙන එන්නයි ඩෝඩෝ ගේ අදිටන.
The 25 Most Influential Living Atheists- From Richard dawkins.net
Posted in Atheism, Freedom of expression, Life, Philosophy, Physics, religion, Richard Dawkins, Science | 6 Comments »
Posted by dawkinssdodo on අගෝස්තු 6, 2010

“ප්‍රබෝධමත් සහ සාමකාමී” නිර් ආගමික (Atheist) පණිවිඩය මහාබ්‍රිතාන්‍යයේ බස් රථ දැන්වීම් හරහා ජනතාව අතරට “ගෙන යෑමේ ව්‍යායාමයයි- Atheist Bus Campaign/ නිර් ආගමික බස් ව්‍යාපාරය. මෙය ක්‍රියාවට නැගුනේ බ්‍රිතාන්‍ය ප්‍රහසන ලේඛිකා Ariane Sherine සමඟ බ්‍රිතාන්‍යය මානවවාදී ව්‍යාපාරය (British Humanist Association) සහ රිචඩ් ඩෝකින්ස් ගේ නිල සහයෝගය ඇතුව 2008 ඔක්තෝබර් 21. එහි පලමු ඉලක්කය වුනේ “There’s probably no God. Now stop worrying and enjoy your life/ දෙවියෙක් නැත, දැන් බිය නොවී ජීවිතය සතුටින් විඳින්න” යන පාඨය රැගත් බස් රථ 30ක් ලංඩනය තුල සති හතරක් ධාවනය කිරීමට පවුම් 5500ක මුදලක් රැස්කිරීමයි. මුදල් එකතු වුනේ මහ ජනතාවගේ පරිත්‍යාග වලින්. 2008 ඔක්තෝබර් 24 වන විට පවුම් ලක්ෂයක් මහජනතාව විසින් පරිත්‍යාග කර හමාරයි.
2009 ජනවාරියේ පලමු බස් දැන්වීම් ප්‍රදර්ශනය වුනා. බස් 800ක් පමණ මුලු බ්‍රිතාන්‍යය පුරා ධාවනය වෙනවා මේ දැන්වීම් සමඟ. ඊට අමතරව මේ වගේ දැන්වීම් 1000ක් ලංඩනයේ උමං දුම්රිය ස්තාන වල ප්‍රදර්ශනය කරන්නට සැලසුම් කර තියෙනවා.
වොෂින්ටනයේ මෙවැනිම බස් රථ දැන්වීම් ව්‍යාපාරයක් ඇරඹුනා, බ්‍රිතාන්‍යය ව්‍යාපාරයෙන් ආභාෂය ලබමින්. එහි පාඨය වුනේ “Why believe in a God? Just be good for goodness’ sake ” ඔස්ට්‍රේලියාවේ මීට සමගාමී ව්‍යාපාරයක් ඇති කිරීමට කටයුතු යොදා තිබුනත් මතභේදකාරී කරුණු ප්‍රදර්ශනයට බස් සමාගම් කැමැති වී නැහැ. ඉතාලියේත්, ස්පාඤ්ඤයේත්, ජ’මනියේත්, කැනඩාවේත්, නවසීලන්තයේත්, ස්වීඩනයේත් මීට සමගාමී ව්‍යාපාර ඇරඹුනා.
මේ බස් රථ එකක්වත් කිසිම අනතුරකට ලක් නොවී ධාවනය වූ බවයි කියවෙන්නේ.
මේ වොෂින්ටනයේ දැන්වීම

මේ ඉතාලියේ දැන්වීම

මේ ජ’මනියේ දැන්වීම

දෙවියන්/ අල්ලා පිලිබඳ ජීව විද්‍යාත්මක විග්‍රහය??
Posted in Atheism, Evolution, Freedom of expression, religion, Richard Dawkins | Tagged: Allah, Ariane Sherine, Atheism, atheist bus campaign, british humanist association, Buddhism, christianity, God, Hinduism, Islam, Jesus, Muhammed, religion, Richard Dawkins | 8 Comments »