Archive for the ‘Philosophy’ Category
Posted by dawkinssdodo on මාර්තු 30, 2012
විචාරයේ රැළිය පිළිබඳ සවිස්තර ලිපියක් පළකිරීම ගැන අරුණි ශපීරෝට ස්තුතිවන්ත වෙමි. පහළින් ඇත්තේ රිචඩ් ඩෝකින්ස් වොෂින්ටනයේ පැවැත්වූ කථාවේ විඩියෝවකි. ඊටත් පහළින් ඇත්තේ ලෝරන්ස් ක්‍රවුස් (Lawrence Krauss) විසින් ආගම සමග ඇමරිකානු දේශපාලනයට ඇති සමීප සබැඳියාවත්, ඩෝකින්ස්ගේ “දෙවියන් අදහන්නන්ට අවමන් කරන්න, සමච්ච්ලයට ලක්කරන්න” යනුවෙන් කල විවාදාත්මක ප්‍රකාශයත් ගැන කරන පැහැදිලි කිරීමකි. ලෝරන්ස් ක්‍රවුස් විශ්වවේදය (Cosmology) පිළිබඳ න්‍යායික භෞතික විද්‍යාඥයෙකි. ඔහුගේ A Universe from Nothing: Why There is Something Rather Than Nothing නැමැති පොත ඉමහත් ප්‍රසිද්ධියට පත් වූ අතර, ඔහු ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයෙක් ලෙස සේවය කරයි
——-
Posted in Atheism, Charles Darwin, Evolution, Freedom of expression, Philosophy, religion, Richard Dawkins, Science, Secularism | Tagged: agnostic, Atheism, Lawrence Krauss, reason rally, Richard Dawkins, secularism, Washington DC | 4 Comments »
Posted by dawkinssdodo on ජනවාරි 25, 2012
මෑතකදී රට්ගර්ස් විශ්ව විද්‍යාලයේ (Rutgers University) විද්‍යාඥයින් පිරිසක් ස්ත්‍රී මොළය සුරතාන්තයට (orgasm) එළඹෙන ආකාරය, එය විඳගන්නා අවස්ථාව සහ ඉන් ඉවත්වන ආකාරය ස්ත්‍රී මොළයේ ස්කෑන් ඡයාරූප එකතුවක් පණගැන්වීමෙන් (animation) ලොව පළමු ස්ත්‍රී මොළයේ සුරතාන්ත සිතියම චිත්‍රපටයට නගන්නට සමත් වී තිබේ. fMRI තාක්ෂණය යොදාගත් මේ පර්යේෂණයට දායක වු අය අතර ප්‍රධාන තැනක් ගන්නේ ඊට සහභාගිවෙමින් පර්යේෂකයන් නීරීක්ෂනය කරද්දී MRI යන්ත්‍රයක වැතිරී සුරතාන්තයට තමාවම උත්තේජනය කරගත් කේට් සුකෙල්ය (Kayt Sukel).

කේට් සුකෙල් MRI යන්ත්‍රය අබියස.
සුරතාන්තයට පත් වන පුද්ගලයන් අධ්‍යයනය කිරීමෙන් සුරතාන්තයට පත් විය නොහැකි රෝග වලින් පීඩා විදින අයගේ මොළයේ ක්‍රියාකාරීත්වය වටහාගන්නට මහාචාර්ය බැරී කොමිසාරුක් (Barry Komisaruk) ඇතුළු විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.
සෑම තත්පර දෙකකටම වරක් ගත් ස්කෑන් ඡයාරූප ආධාරයෙන් නිමවූ විනාඩි පහක චිත්‍රපටියෙන් පෙන්වන්නේ මොළයේ ප්‍රදේශ 80 ක පමණ ක්‍රියාකාරීත්වය වෙනස්වන ආකාරයයි. තද රතු පැහැයෙන් පෙන්වන්නේ ක්‍රියාකරීත්වය අඩු අවස්ථාවන් වන අතර, කහ සුදු පැහැයෙන් පෙන්වනේ ක්‍රියාකාරීත්වය වැඩි අවස්ථාවන්ය.
සංවේදන බාහිකයේ ලිංගික ප්‍රදේශයෙන් ඇරඹෙන ස්ත්‍රී සුරතාන්තය පසුව හැඟීම් සහ දිගුකාලීන මතකය සම්බන්ද කොටස් වලට පැතිරේ. ක්‍රමයෙන් සුරතාන්තය එළඹෙත්ම, අනුමෂ්තිෂ්කයේත් පූර්ව මොළයේත් ක්‍රියාකාරීත්වය ඉහළ යනු දැකිය හැකියි. දැඩි පේශි ආතතියත් සමඟ ක්‍රියාකාරීත්වය ඉහළම අගයක් ගන්නේ හයිපොතැලමසයේය. මේ සමඟ ඔක්සිටෝසින් ස්‍රාවය නිසා සතුටුදායක හැඟීමක් සමඟ ගර්භාෂය සංකෝචනය වීම සිදුවේ. Nucleus accumbens නැමැති ප්‍රීතිය හා සම්බන්ධ ප්‍රදේශයකද ක්‍රියාකාරීත්වය ඉහළම අගයක් ගනී.
සුරතාන්තයෙන් පසු මොළයේ එම ප්‍රදේශ ක්‍රමයෙන් සන්සුන් වනු දැකිය හැක.
මේ ක්‍රමය මොළයේ එක් එක් ප්‍රදේශවල සම්බන්ධතාව අධ්‍යයනය කිරීමට සුදුසුම එකක් බව මහාචාර්ය කොමිසාරුක් පවසයි. මේ ක්‍රමය මගින් සුරතාන්තයෙන් තොර රෝගී තත්වයන් (Anorgasmia) ගැන වැටහීමක් ලබාගත හැක්කේ, එම රෝගී තත්ව වලදී මෙම අනුක්‍රමයෙන් මොළයේ සිදු වන ක්‍රියාවලිය අඩපණවන අවස්ථාවන් හඳුනා ගත හැකි බැවිනි.
වොෂින්ටනයේ පසුගිය නොවැම්බරයේ පැවැති වාර්ෂික ස්නායුවිද්‍යා සම්මන්ත්‍රණයේදී මේ පර්යේෂණ ප්‍රතිඵල හෙළිදරව් කෙරුණි.
කේට් සුකෙල්ගේ පොත, Dirty Minds: How Our Brains Influence Love, Sex and Relationships, පෙබරවාරියේදී නිකුත් වීමට නියමිතයි.
The Guardian ඇසුරෙනි.
Posted in Biology, Philosophy, religion, Science, sex | Tagged: Barry Komisaruk, Brain activity, female orgasm, fMRI, Kayt Sukel, Nan Wise, Neuroscience | 23 Comments »
Posted by dawkinssdodo on ජනවාරි 12, 2012


ගාලු සාහිත්‍ය උත්සවයට පැමිනෙන රිචඩ් ඩෝකින්ස් ජනවාරි 20 වැනි දින 2.30 ට තම ජීවිතය සහ තම විවාදාත්මක වෘත්තිය පිලිබඳ දේශනයක් පැවැත්වීමට නියමිතයි. වැඩිදුර විස්තර ගාලු සාහිත්‍ය උත්සව වෙබ් අඩවියෙන්.
කවුද මේ රිචඩ් ඩෝකින්ස්?
ඩෝකින්ස් නිර්මාණය කල මීම යනු මොනවාද
Posted in Biology, Culture, Evolution, Language, Life, Philosophy, religion, Richard Dawkins, Science | Tagged: Evolution, Galle Literary festival, god delusion, Lalla Ward, Magic of reality, Richard Dawkins, Sri Lanka | 11 Comments »
Posted by dawkinssdodo on දෙසැම්බර් 16, 2011

නිර්-ආගමික කඳවුරේ අති ප්‍රබලයෙකු වූද, දක්ෂ කථිකයෙක් සහ අසහාය ලේඛකයෙක් වු ක්‍රිස්ටෝෆ’ හිචන්ස් (Christopher Hitchens) සදහටම නෙතු පියා ගත්බව වැනිටි ෆෙයා (Vanity Fair) සඟරාව හෙළි කළේය. මියයන විට අවුරුදු 62 ක් වූ හිචන්ස් අන්නස්‍රෝතයේ පිළිකාවකට ප්‍රතිකාර ලබමින් සිටියේය. 1970 දී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් පිටවී පුවත්පත් කලාවේදියෙක් ලෙස තම ජීවන වෘත්තිය ඇරඹීය. පසුව නිව්යෝක් නගරයට සංක්‍රමණය වූ හිචන්ස් වැනිටි ෆෙයාර් සඟරාවේ කතෲ වරයෙක් ලෙස වැඩ ඇරඹීය.
“පත්තර පිටු මතත්, බාර් එකේදීත් එකසේ බැබළුණු, දරුණු බුද්ධිමතෙක්” ලෙස ඔහු හැදින්වුයේ වැනිටි ෆෙයා සඟරාවෙහි සගයෙකි.
සල්මන් රුෂ්ඩිගේ “සැටනික් ව’සස්” (Satanic verses) කෘතිය මුද්‍රණය වන තුරා වූ සිද්ධිදාමය පුරාවටම රුෂ්ඩි වෙනුවෙන් පෙනී සිටිමින් ඔහු තුළ වූ ලෙංගතු මිතුරා ලොවට පෙන්වීය. “සුබ ගමන් මගේ සුමිතුර! විශිෂ්ට හඬක් නිහඩ වී ඇත, විශිෂ්ට හදවතක් නැවතී ඇත්තේය “යනුවෙන් රුෂ්ඩි තම කනගාටුව පළකළේය
රිචඩ් ඩෝකින්ස් ඔහු හැඳින්වූයේ “අපේ කාලයේ සිටි හොඳම කථිකයා මෙන්ම දෙවියන් වහන්සේ ඇතුළු සියලු ප්‍රජා පිඩකයන්ට එරෙහි සටනේ වීර සටන්කරුවෙක්” ලෙසයි.
2007 දී පළවූ “ද ගෝඩ් ඉස් නොට් ග්‍රේට්” (The God is not great)කෘතිය නිසා ඔහු එක්සත් ජනපදය තුළ ඉමහත් ප්‍රසිද්ධියට පත් විය.
පිළිකාවක් ඇතිබව රෝග විනිශ්චයෙන් තහවුරු වූ පසුව ද, හිචන්ස් තම දැඩි නිර්-ආගමික ස්ථාවරය වෙනස් කළේ නැත.
BBC ඇසුරෙනි
Posted in Atheism, Freedom of expression, Language, Philosophy, religion, Richard Dawkins, Science | Tagged: Atheism, Christopher Hitchens, religion, Richard adwkins, Salman Rushdi, Satanic verses, science | 8 Comments »
Posted by dawkinssdodo on මාර්තු 20, 2011

ටැබූ සබ්ජෙක්ට්ස් (Taboo Subjects) සිංහල බ්ලොග් අවකාශය තුල ජනප්‍රියම බ්ලොග් අඩවිය යනු අතිශයෝක්තියක් නොවේ. එහි ලියැවුනු බොහෝ ලිපි ලාංකීය සමාජය නිර්දයව නිරුවත් කලේය. අනිකුත් ආගම් පමණක් නොව, බුද්ධාගම ඇතුලු සියලු ආගමික විශ්වාසයන් කොන්දේසි විරහිතව විවේචනය වුයේය. බුද්ධාගමට මුවාවී විකාර කරන මහාචාර්යවරුන්ද, තමන් “මාර්ග පල” ලැබුවායි නොකියා කියන චීවරදාරීන්ද එලිදරව් කරනු ලැබුවේය. කෙසේ වෙතත් ටැබූ තම පාටක හඬට කන් දෙමින් කිහිප වාරයකදී තම යෙදුම් සහ පෝස්ට ඉදිරිපත් කරන ආකාරය වෙනස් කලේය. ඩෝඩෝ ගේ විරෝධය නොතකා එක් පෝස්ටයක් හා සබැඳුනු සිත්තම අයින් කලේ ආගමික නායකයෙක්ගේ සිත්තම් පිලිබඳ පාටක විරෝධයකට ප්‍රතිචාර වශයෙනි.
ඩෝඩෝගේ බ්ලොගය සිංහල බ්ලොග් අවකාශයේ දන්නා අය ඇත්නම් ඒ ඇඟිලිවලින් ගනින්නට හැකි ප්‍රමාණයකි. එහෙත් ටැබූ ඩෝඩෝ ගේ පෝස්ට වල ප්‍රතිචාර දැක්වූ ඒ අතලොස්සක් දෙනා අතරින් එක් අයෙකි. ඔහුගේ ප්‍රතිචාර දිරි ගැන්වීමක් වු බව නොකිවමනාය. ඉන් නොනැවතුන ටැබූ ඩෝඩෝ ගේ බ්ලොගයට ප්‍රසිද්ධියක් ලබා දෙමින් Richard Dawkins ගේ Selfish Gene හදුන්වා දීම ගැන නිරහංකාරව ඔහුගේ පෝස්ටයකය තම කෘතවේදීත්වයද පල කලේය. වේලි වේලි තිබූ ඩෝඩෝ ගේ බ්ලොගයට එක්වරම දෙතුන් සීයක පිරිසක් පැමිනීමේ ගැටලුව ඩෝඩෝ විසඳා ගත්තේ refering links වලිනි. ඒ අතරම ටැබූ මතු කල ප්‍රශ්නවලට ඩෝඩෝ සම්පූර්ණ පිලිතුරු දෙන්නට මත්තෙන් ටැබූව බ්ලොග් අවකාශයෙන් ඉවත්කරනු ලැබීය.
ඒ මේ සියල්ල සුන්දර අතීත යට ගියාවය. අද ටැබූ සබ්ජෙක්ට්ස් අඩ්විය එහි කතුවරයාගේ අභිමතයට එරෙහිව වෙනෙකෙකුගේ පාලනයට නතුවූ බව පැහැදිලිය. දිනපතා යාවත් කාලීනවූ Beyond Frame වෙබ් අඩවියද මේ ආකාරයෙන්ම කඩාකප්පල් කරනු ලැබුනි. Beyond Frame බ්ලොග් අඩවිය දේශපාලනික බ්ලොග් අඩවියක් ලෙස අතිශය ජනප්‍රිය වූ අතර එහි පාටක ප්‍රතිචාර බොහෝවිට ඉතා උනුසුම් සංවාද බවට පෙරලුනි. ඊට අමතරව Beyond Frame බ්ලොග් අඩවියටම ආවේණික පාටක පිරිස නිසාද , ඔවුන්ටම ආවේණික ප්‍රතිචාර ඌරුව නිසාද බොහෝ විට හාස්‍ය රසයෙන්ද අනූන විය. ඒ කෙසේ වෙතත් අවසන් ප්‍රතිපලය සිංහල බ්ලොග් අවකාශයේ ජනප්‍රිය, නිතිපතා යාවත් කාලීනවන බ්ලොග් අඩවි දෙකක් අක්‍රිය වීමයි.
ඩෝඩෝ සිංහල බ්ලොග් අවකාශය තුල ප්‍රචාරකවාදී ඉස්ලාමය විවේචනය කල කිහිප දෙනාගෙන් එක් අයෙකි. ජාත්‍යන්තර ප්‍රචාරකවාදී ඉස්ලාමීය කඳවුරෙන් නිපදවන අමූලික ගල් පැලෙන බොරු සහ “විද්‍යාත්මක” යැයි කියමින් ඉදිරිපත් කරන අවිද්‍යාත්මක කරුනු අදත් හෙටත්, ඩෝඩෝ ගේ විවේචනයට ලක්වනු ඇත්තේය. එහත් ඉස්ලාමයේ අවිද්‍යාත්මක කරුනු හෙලිදරව් කරනු විනා, යමෙකුගේ අදහස් ප්‍රකාශනයේ මූලික අයිතිය නැති කරන්නට ඩෝඩෝ ගේ සහයෝගයක් නොලැබෙනු ඇත්තේය. අන්කිසිවක් නිසා නොව, ඩෝඩෝ ගේ විවෙචනයට ලක් වන ඉස්ලාමය තුල නැති නිදහස, සිංහල බ්ලොග් අවකාශය තුල නැති කරන්නට අනුබල දිය නොහැකි නිසාය. ඩෝඩෝ ගේ ප්‍රතිවාදීන් මතවාදීමයව පරාජය කිරීම ගැන හෝ, ඔවුන්ට උත්තර බැඳීමට ඇති හැකියාව ගැන ඩෝඩෝට නම් සැකයක් නැත.
මේ කඩාකප්පල්කාරී වාරණයට ආසන්නතම හේතුව ලෙස ඩෝඩෝ හඳුනා ගන්නේ බ්ලොග් අවකාශයේ පැතිර ගිය ආගමික විවේචනයි. ආගම් ගැන කියැවෙන විට ඩෝඩෝගේ සිහියට නැගෙන්නේ මෑතකදී Secular Sri Lanka වෙබ් අඩවියේ පලවූ ආතර් සී ක්ලාක් අනුස්මරණ දේශනය (Human Evolution and Future of Humanity) කල “නිරුවත් වානරයා” හෙවත් එස් එම් බන්දුසීලයන් ගේ දේශනයයි. ඩෝඩෝගේ අදහස නම් විශිෂ්ඨ පරිවර්තකයෙකු වන බන්දුසීලයන් ගේ අවධානය විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයෙන්, ජීව විද්‍යාව සහ පරිණාමයට යොමුවිය යුතු බවයි. විද්‍යා ප්‍රබන්ධ ජනප්‍රිය කිරීමෙහිලා එතුමන්ගේ දායකත්වය ඩෝඩෝ අගය කලත්, ඩෙස්මන්ඩ් මොරිස් ගේ “නිරුවත් වානරයා” (The Naked Ape) සහ “මනුසත් උයන” (The Human zoo) යන පරිවර්තන දෙකට සම කල හැකි අන්දමේ ප්‍රබන්ධ-නොවන කෘතියක් සිංහල විද්‍යා සාහිත්‍ය තුල නැති බව ඩෝඩෝ ගේ වැටහීමයි. ආගම් වෙනුවෙන් එකිනෙකා මරාගන්නට සැරසෙන යෞවන බ්ලොග් කරුවන් නිර්-ආගමිකත්වය පිලිබඳව උනන්දු නොවන්නේ ඇයි? ඒ නිරුවත් වානරයා සහ මනුසත් උයන වැනි විද්‍යාත්මක කෘති පරිශීලනය කිරීමේ අඩුව නිසාද? ඒසේත් නැතිනම් කෙතරම් ශිෂ්ට යැයි කියාගත්තද අප තුල ජීවත්වන නිරුවත් වානරයාගේ ගෝත්‍රික ලක්ෂණ සයිබර් අවකාශය නැමති අතථ්‍ය (Virtual) මනුසත් උයනේත් කූඩු වීම නිසා තව තවත් වර්ධනය වීම නිසාද??
Posted in Biology, Culture, Evolution, Freedom of expression, Philosophy, religion, Science | Tagged: Atheism, Beyond Frame, Blog censorship, blog hacking, Desmond Morris, freedom of expression, Human Zoo, Islamic propaganda, Naked Ape, Richard Dawkins, right to express, S.M. Banduseela, Secular Sri Lanka, selfish gene, sinhala blog sphere, Sri Lanka, Taboo subjects | 13 Comments »
Posted by dawkinssdodo on ජනවාරි 26, 2011
මෙතෙක් කල් මෙලොව නිපදවුනු හැම යන්ත්‍රයක්ම නිව්ටෝනියානු චලිත නියම වලට අනුව ක්‍රියාමත්මක වු ඒවායි. පසුගිය වසරේ නිපදවුනු ඉතාම කුඩා යන්ත්‍රයක් ක්‍රියාකරන්නේ විකාර රූපී කොන්ටම් භෞතික විද්‍යා නියමයන්ට අනුව බවයි කියවෙන්නේ. සාමාන්‍යයෙන් කොන්ටම් භෞතික විද්‍යා නියමයන්ට අනුගතව ක්‍රියාකරන්නේ අණු, පරමාණු සහ උපපරමාණුක අංශු පමණයි. මේ ප්‍රාක්-කොන්ටම් යන්ත්‍රය නොයෙකුත් පර්යේෂන උපකරණ ගනනාවකට දොර විවර කරන අතරම සමහර විට “යතාර්ථය” පිලිබඳ අපේ දැකීම ප්‍රශ්න කරන්නට සමත් වනු ඇති.
එහෙත් මේ පලමු වතාවට මිනිසුන් සෑදු වස්තුවක චලිතය තුල කොන්ටම් යාන්ත්‍රනයට අනුගත වූ අවස්තාවක්.
ඉතා කුඩා නැනෝමීටර් ප්‍රමාණයේ පලලකින් සහ මයික්‍රෝමීටර් දිගකින් යුත් අර්ධසන්නායකයක් යොදාගෙනයි මීට කලින් පර්යේශණ කෙරුනේ. මෙවැනි දණ්ඩකට (ද්‍යෝලකය ) නියත සංඛ්‍යාතයක කම්පනය විය හැකියි, හරියට ගිටාරයක තතක් වගේ. කොන්ටම් යාන්ත්‍රනයට අනුව මෙවැනි දණ්ඩකට ශක්තිය කුට්ටි වශයෙන් උරාගැනීම හෝ පිටකිරීම කලහැකියි. ශක්ති කුට්ටි වල ප්‍රමාණය එහි සංඛ්‍යාතයට සමානුපාතිකයි. එහෙත් මේ වගේ කොන්ටම් චලිතයක් නිරීක්ෂනය කිරීමට නම් පලමුව මේ දණ්ඩ එහි ශක්තියේ අවම අගයට (ground state) ගෙන ආ යුතුයි. ඒ සඳහා මේ දණ්ඩ නිරපේක්ෂ උෂ්ණත්වය දක්වා සීත කල යුතුයි. එවිට දන්ඩේ දෝලන සංඛ්‍යාතය මැනීමට අපහසු වන තරම් කුඩා අගයක් ගන්නවා.
මීට විසඳුමක් ලෙස දණ්ඩක් වෙනුවට කිමිදුම් තට්ටුවකට සමාන ඉතා කුඩා උපකරනයක් ඇලුමිනියම් නයිට්‍රයිට් වලින් නිමවා ඒ උඩ ඇලුමිනියම් ආලේපනය කර නිපදවාගන්නට සමත් වුනා ඇමරිකානු පර්යේශණ කණ්ඩායමක්. එය කම්පනය වන්නේ එහි ගනකම වෙනස් කරමින් “හීනි” හෝ “මහත්” වෙමින්. තත්පරයට චක්‍ර හය බිලියනයක වේගයෙන් කම්පනය වෙද්දී ඇතිවන විද්‍යුත් ක්ශේත්‍රය මැනීම වඩා පහසුයි. ඉතාම වැදගත් දේ තමයි මේ විද්‍යුත් ක්ශේත්‍රය උපයෝගී කරගෙන මේ යාන්ත්‍රික උපකරණය ඉලෙක්ට්‍රොනික උපකරණයක් වන “ෆේස් කියුබිට්” (phase kubit) හා බද්ධ කිරීම. ෆේස් කියුබිට් යනු එක් අධි-ශක්ති අවස්තාවකත් එක් අඩු-ශක්ති අවස්තාවකත් පැවතිය හැකි අධිසන්නායක වලල්ලක්.
Science සඟරාව ඇසුරෙනි.
වැඩිදුර විස්තර
Posted in Philosophy, Physics, Science | Tagged: beam, electronics, ground state, machine, nature, phase kubit, quantum machine, science, semiconductor, superconductor | Leave a Comment »
Posted by dawkinssdodo on ජනවාරි 16, 2011
අවුරුදු සියයකට හමාරකට පෙර “නිර්-ආගමිකයන්” යනු සුලුතරයක් පමනක් නෙවෙයි, ප්‍රධාන සමාජ දහරාවෙන් පිටමන් කරනු ලැබු කොන් කරනු ලැබූ පිරිසක්. සමහර විට නිර්-ආගමිකයන් වීම නිසා ජීවිතයෙන් වන්දිගෙවීමට පවා සිදු වුනා. වර්තමානයේදී නිර්-ආගමිකත්වය එතරම් ප්‍රති විරෝධයක් ඇති නොකරන, ඇතැම් ජනසමූහ වල ප්‍රධාන දැක්ම බවට පත්වු එකක්.
නව සහශ්‍රයේ නම් නිර්-ආගමිකයන් අති බහුල සමාජ සංරචකයක්. කොටින්ම එක් වෙබ් අඩවියක් ජනප්‍රිය, ප්‍රසිද්ධ, කීර්තිමත් නිර්-ආගමිකයන් වෙනුවෙන්ම තැනූවක්. කීර්තිමත් නිර්-ආගමිකයන් විවිධ ක්ශේත්‍ර වල විස්කම් දස්කම් දැක්වූ මාක් සුකර්බර්ග් (Facebook), ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් (ප්‍රංශ පාපැදි සවාරිය පිට පිට සත් අවස්ථාවක් ජයග්‍රහණය කර ඇත ) සහ ජෝඩි ෆොස්ට’(සුප්‍රසිද්ධ නිළිය) වැනි පුළුල් පරාසයක් නියෝජනය කරනවා. එහෙත් මින් බොහෝ දෙනෙක් යම් බලපෑමක් කල හැකි නිර්-ආගමිකයන් අතරට නොවැටෙන්නේ, බොහෝ නිර්-ආගමිකයන් මෙන් ඔවුන් තම නිර්-ආගමිකත්වය මහ ලොකු “බක්කක්” ලෙස නොසැලකීම නිසායි. දෙවියන්ගෙන් තොර ඔවුන්ගේ ජීවිත ඔවුන් සතුටින් ගෙවා දමන්නේ දෙවියන් සමඟ ජීවත් වන අයට ඔවුන්ගේ සතුට විඳගන්නට ඉඩදෙමින්.
තාමත් අප අතර සිටින, බලපුලුවන්කාර නිර්-ආගමිකයන්ගේ සුපිරි-ප්‍රාඥ ලැයිස්තුවට ඇතුලත් වීමට නම් දෙවියන් ප්‍රතික්ශේප කිරීම පමණක් ප්‍රමානවත් නැහැ, සක්‍රීයව මැදිහත් වී අන් අයත් දෙවියන් ඇදහීමෙන් ගලවා ගත යුතුයි. උදාහරණයක් ලෙස “බුල්ශිට්” රූපවාහිනී වැඩසටහන ඉදිරිපත් කරන පෙන් සහ ටෙලර් නිර්-ආගමිකත්වය ප්‍රචලිත කිරීමට යොදාගන්නේ ඔවුන්ගේ විනෝදාත්මක බවයි. එය “ජනප්‍රිය” ක්‍රමවේදයක් විනා උගත්, තර්කානුකූල මතවාදයක් දෙවියන්ට එරෙහිව, නිර්-ආගමිකත්වය වෙනුවෙන් ගොඩනැගීමක් නොවේ.
සැබෑ සක්‍රීය නිර්-ආගමිකයන්ගේ ලැයිස්තුවට ඇතුලත්වීමට නම් නිර්-ආගමිකත්වය ප්‍රචලිත කිරීමෙන් නොනැවතී උගත් මතවාද ඇසුරින් විද්වත් ලෙස නිර්-ආගමිකත්වය වෙනුවෙන් මතයක් ගොඩනැගීමට දායක විය යුතුයි. අන්න එවැන්නෙක් නිර්-ආගමික සුපිරි ප්‍රාඥයෙක් ලෙස හැඳින්විය හැකියි. ඔවුන් තම තම ක්ශේත්‍ර වල කැපී පෙනෙන උගතුන්. ඒ විද්වත් බව නිශ්චිතවම නිර්-ආගමිකත්වය ප්‍රචලිත කරන්නට හෝ දෙවියන් යනු තවුරු කල නොහැකි මනඃකල්පිතයක් බව පෙන්වන්නට යොදාගත් කීර්තිමත් පුද්ගලයින්.
එවැනි පුද්ගලයින් 25 දෙනෙකු superscholar.org ජාලය විසින් නම් කර තිබෙනවා. ඉදිරියේදී ඔවුන් පිලිබඳ විස්තර ගෙන එන්නයි ඩෝඩෝ ගේ අදිටන.
The 25 Most Influential Living Atheists- From Richard dawkins.net
Posted in Atheism, Freedom of expression, Life, Philosophy, Physics, religion, Richard Dawkins, Science | 6 Comments »
Posted by dawkinssdodo on ජූලි 30, 2010

මීම් (Meme) යනු ඩෝකින්ස් හැදු වචනයක්, ඔහුගේ Selfish Gene කෘතියෙදී පලමු වරට මුද්‍රනය වුනු. මීම් (Meme) යනු ජීන් (Gene) හා සමගාමී වීමට තැනූවක්. වචනය හැදුනේ ඉංග්‍රීසි -Imitation- අනුකරනය සහ ග්‍රීක මූලය වන -Mimeme- යන්නෙන්. ජානයකට ප්‍රතිවලිතවෙමින් (Replicate-දෙගුන වෙමින් මුල් ජානය ආකාරයේ ම අනු පිටපතක් නිර්මාණය ) ඊලඟ පරම්පරාවට ගමන් කරන්නට පුලුවන් බව අප හැම දන්නවා. එසේ ප්‍රතිවලිත වීමෙදී DNA අනුව විකෘති වීම නිසා තමයි නව එහෙත් සුලුවෙනස් කම් ඇතිවන්නෙ. මෙලෙස ජානයක් නොනැසී එක් පරම්පරාවකින් තව පරම්පරාවකට යනවා, සමහර විට වෙනස්කම් නිසා නව වඩා හොඳ ලක්ෂන (ඒ අවස්තාවේ පරිසරයට සාපේක්ශව ) ලැබෙනවා. නරක ලක්ෂනයක් (ආයිත් ඒ අවස්තාවේ බාහිර පරිසරය තමයි පෙරහනය!) නම් ප්‍රතික්ශේප වෙනවා. ඩෝකින් මේ ජානයක් වරණය වීම හා නැවත ප්‍රතිවලිත, හෝ ප්‍රගුනණය වීමට ඇති හැකියාව තමයි සුවිෂේශීම ලක්ෂනය විදියට දැක්කෙ.
මේ විශ්වයේ කොතැනක ජීවය තිබුනත් ඒ සඳහා අවශ්‍ය වන මූලිකම ලක්ෂනය නම් ප්‍රතිවලිත විය හැකි ඒකකයක් තිබීමයි. ජානය හෝ DNA අණුව තමයි අපේ ලෝකය සම්බන්දයෙන් මේ ප්‍රතිවලිත විය හැකි අණුව.
තවත් මේ විදියට ප්‍රතිවලිත විය හැකි ප්‍රතිගුනකයන් වර්ගයක් අපේ ඇස් ඉදිරිපිටම සිටින බව ඩෝකින්ස් නිරීක්ෂනය කලා. ඒ අන් කිසිවක් නොව මිනිස් සංස්කෘතිය තුල නිපදවෙන සංගීත කන්ඩ, විලාසිතා, අදහස්. එසේත් නැතිනම් මල්පෝච්චි වල හෝ ගොඩනැගිලි ආරුක්කු වල හැඩය. මිනිස් සංස්කෘතිය තුල බිහිවෙන මේ නව ප්‍රතිගුණකය සංස්කෘතික දැනුම සම්ප්‍රේශනය කරන ඒකකයක්. අනුකාරකයක්. ඒ අනුකාරකය , නව ප්‍රති ගුනකය තමා මීමය (MEME).
ජානයක් ශුක්‍රානු සහ ඩිම්බ හරහා සිරුරෙන් සිරුරට පනිමින් ජාන සංචිතය (Gene pool-ජාන එකතුව) තුල ව්‍යාප්ත වෙනවා මෙන්, මීමය ත් මීම් සංචිතය (Meme pool) තුල ව්‍යාප්ත වෙනවා මිනිස් මොලයෙන් මොලයට පනිමින්. ඉතා පුලුල් ලෙස සැලකුවොත් මේ මොලයෙන් මොලයට පැනීම සඳහා උදව් වෙන්නෙ අනුකරනය. උදාහරනයක් විදියට විද්‍යාඥයෙක් නව විද්‍යාත්මක න්‍යායක් ගැන කියෙව්වොත් හෝ ඇසුවොත්, ඔහු ඒක බෙදා හදා ගන්නවා තම සිසුන් සහ මිතුරන් සමග. මේ අදහස ගැන ඔහුගේ දේශන සහ පර්යේශන පත්‍රිකා වල සදහන් කරනවා. ඇත්තටම මේ අදහස පිලිගැනීමකට ලක්වුනොත් එය ව්‍යාප්ත වෙනවා මොලයෙන් මොලයට පනිමින්. ඇත්තටම සාරවත් මීමයක් ඔබ මගේ සිතේ තුල තැන්පත්කිරීම මගින් වෙන්නේ මගේ මොලය තුල මීම-අසාදනයක් (Meme infection) ඇති කිරීම, එසේත් නැතිනම් මීම-පරපොෂිතයෙක් ඇතුලු කිරීමයි. මෙසේ සිත් ඇදගන්නා, සමාජීයව අනුමත වන සියලු සංස්කෘතික දැනුම, හරියට වෛරසයක් වගේ එකිනකාගෙන් අනිකාට පැතිරෙනවා. බොබ් මාලිගේ සිංදුවක් ගත්තත්, මොසාට් ගේ හරි බීතොවන් ගේ හරි සංගීත කණ්ඩයක් ගත්තත් ඒක අප අතර පැතිරෙන්නෙ ඒක සාර්තක මීමයක් නිසා.
දෙවියන් වහන්සේ \ අල්ලාහ් ත් මේ වගේ මීමයක්. ඒක මීම පොකුනේ මතු වුනේ කොහොමද කියල හරියටම කියන්න බැරි වුනාට ඒක ඉතාම පැරණි මීමයක්. ඒක ප්‍රතිවලිත වෙන්නේ කොහොමද? කටින් කට පැතිරෙනවා වගේම ශුද්ධවූ පොත්පත්, ලේඛන, විශිෂ්ඨ සංගීතය සහ විශිෂ්ඨ සිත්තම් නිසා. ඒ මීමයට අනෙක් මීමයන්ට වඩා වැඩි පැවැත්මක් (උන්නති වටිනාකමක් -Survival Value) ලැබෙන්නේ ඇයි? වෙනත් වචන වලින් කිව්වොත් දෙවියන්\අල්ලාහ් කියන අදහසට මිනිස් සංස්කෘතිය තුල වැඩි ස්ථායි තාවයක් , ලැදියාවක් ලැබෙන්නේ ඇයි?? ඒ අඛණ්ඩ පැවැත්මට ඇති හැකියාව (උන්නති වටිනාකම) දෙවියන් \ අල්ලාහ් කියන මීමයට ලැබෙන්නෙ එහි ඇති සුවිශාල මනෝවිද්‍යාත්මක ආකර්ෂනය නිසා.
දෙවියන් වහන්සේ \ අල්ලාහ් කියන මීමය මෙලොව ඇති අසාධාරන කම්, අයුක්තිසහගත ක්‍රියා එලොවදී නැති කරන්නට පොරොන්දු දෙනවා. වැරදි කාරයන්ට දඩුවම් දෙන්න පොරොන්දු වෙනවා. අපේ පැවැත්ම සහ මරණය ගැන නැගෙන අති සංකීර්ණ ගැඹුරු ප්‍රශ්න වලට නොගැඹුරු, අවිචක්ෂණ, සීනිබෝල- උත්තර දෙනවා. ජීවිතයේ නොයෙක් අවිනිශ්චිත අමිහිරි අවස්තාවලදී අදිසි හස්තයක් අප ආරක්ෂා කරන බව මවාගන්නට උදව්වෙනවා. මේ නිසා තමයි අවුරුදු දහස් ගනණක් තිස්සේ මේ මීමය ඉතා සාර්තකව එකිනෙකාගේ මොල ආක්‍රමනය කරමින් පරම්පරා සිය දහස් ගනණක් තිස්සේ පැතිරෙන්නේ. දෙවියන් \ අල්ලාහ් කියන මීමය මේ තරම් හොඳින් පිටපත් වෙන්නෙත් ඒ නිසා. දෙවියන් \ අල්ලාහ් පවතින්නේ මීමයක් ලෙස , එහි ඉහල ආසාදන අගය, උන්නති අගය හේතුවෙන් මිනිස් සංස්කෘතිය තුල පමණයි.
මෙය ඩෝකින්ස් ගේ Selfish Gene කෘතියේ එන Memes: The new replicators පරිච්ඡේදය ඇසුරෙන් ලියවිණි.
Posted in Biology, Culture, Evolution, Meme, Philosophy, religion, Richard Dawkins, Science | Tagged: Allah, Buddhism, christianity, Culture, Daniel Dennett, DNA, gene, God, Hinduism, Islam, Jesus, Meme, meme pool, mutation, Natural selection, Virus | 11 Comments »