Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ

Richard Dawkins, Evolution, Biology and Religion|පරිණාමය, ජීව විද්‍යාව සහ ආගම

Archive for the ‘Life’ Category

විකිපීඩියාව විසි හතර පැයකට අක්‍රියයි.

Posted by dawkinssdodo on ජනවාරි 18, 2012

Imagine a World
Without Free Knowledge

For over a decade, we have spent millions of hours building the largest encyclopedia in human history. Right now, the U.S. Congress is considering legislation that could fatally damage the free and open Internet. For 24 hours, to raise awareness, we are blacking out Wikipedia
LEARN MORE

Posted in Culture, Freedom of expression, Life, Uncategorized | Tagged: , | 8 Comments »

රිචඩ් ඩෝකින්ස් ගාල්ලේදී ඔබ හමුවන වගයි !

Posted by dawkinssdodo on ජනවාරි 12, 2012

ගාලු සාහිත්‍ය උත්සවයට පැමිනෙන රිචඩ් ඩෝකින්ස් ජනවාරි 20 වැනි දින 2.30 ට තම ජීවිතය සහ තම විවාදාත්මක වෘත්තිය පිලිබඳ දේශනයක් පැවැත්වීමට නියමිතයි. වැඩිදුර විස්තර ගාලු සාහිත්‍ය උත්සව වෙබ් අඩවියෙන්.


කවුද
මේ රිචඩ් ඩෝකින්ස්?

ඩෝකින්ස් නිර්මාණය කල මීම යනු මොනවාද

Posted in Biology, Culture, Evolution, Language, Life, Philosophy, religion, Richard Dawkins, Science | Tagged: , , , , , , | 11 Comments »

ජාන විකරණය කරන ලද ආහාර පිටුපස රහස: මොන්සැන්ටෝ

Posted by dawkinssdodo on අප්‍රේල් 18, 2011



මේ සටහන තැබෙන්නේ ඊට පූර්විකාවක් වු සොඳුරු සිත විසින් කරන ලද පාඨක ප්‍රතිචාරයක් නිසාය.

ඔවුන් අත නොතබා ඇති යමක් නොමැති තරම්ය. ඔබේ කෑම මේසය මත ඇති බත්, බණ්ඩක්කා, අබ, තෙල්, මල් ගෝවා ආදී සියල්ලම ඔවුන්ගේ ග්‍රහනයට යටත්ව ඇත්තේය. යම් බීජයකට අයිතිවාසිකම් කිව හැකි බව සම්මතය වූ පසු, එම බීජ පාවිච්චි කරන හැම වරකම ඒ වෙනුවෙන් කුලියක් අයකර ගත හැක. ඔවුන් මත යැපෙමින් හැම බෝගයක්ම වවන්නට සිදු වනු ඇත. ඔවුන් මත යැපෙමින් හැම බීජයක්ම පැලකරන්නට සිදුවනු ඇත. ශාක බීජ වල අයිතිය ඔවුන් සතු නම් අවසානයේ ආහාර වල අයිතිය, පාලනය ඔවුන් සතුවේ. ඒක තුවක්කු බෝම්බ වලට වඩා බලගතු උපක්‍රමික අවියක්. ලෝකය තුල විවිධ ජන සමූහ පාලනය කල හැකි හැකි හොඳම ක්‍රමය එයයි. කතාව ඇරඹෙන්නේ ධවල මන්දිරයෙනි. මොන්සැන්ටෝ (Monsanto) නම් සමාගම විසින් ධවල මන්දිරයේ එක්සත් ජනපද ප්‍රතිපත්ති සම්පාදකයන්ට බලපෑම් කිරීමේ අරුම පුදුම හැකියාව කතාවේ ඇරඹුමයි. උදාහරණයක් ලෙස අනූ ගනන් වල එක්සත් ජනපද ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ (FDA) නියෝජ්‍ය කොමසාරිස් ලෙස පත්වන පුද්ගලයා කලින් මොන්සැන්ටෝහී නීතිඥයෙක් ලෙස රැකියාව කල කෙනෙක්. මොහු ජාන විකරණය (GM, GE) කරන ලද ආහාර සහ බෝග එක්සත් ජනපදය තුල අනුමත කිරීම සඳහා තීරණාත්මකව මැදිහත්වනවා. ඔහුගේ සේවා කාලයෙන් පසු ඔහු නැවත එම සමාගමේම උප සභාපතිවරයා ලෙස වැඩ බාරගන්නවා.

මේ වගේ මොන්සැන්ටෝ සහ රාජ්‍ය ආයතන අතර ඇති ඉතා සමීප සම්බන්දතා වලට පිංසිද්ද වෙන්න ජාන විකරණය කල ආහාර සහ බෝග එක්සත් ජනපදය තුල විකිනෙන්නේ නියමාකාරයේ පරීක්ෂාවකින්, පර්යේෂණයකින්, ලේබලයකින් තොරව, පරිභෝජනයට සුදුසු බව පිලිබඳ සැක මතු කරමින්. අනිත් අතට එක්සත් ජනපදයේ මුලු ජාන විකරණය කරන ලද බීජ වලින් 90% ක්ම සපයන්නේ මොන්සැන්ටෝ. මොන්සැන්ටෝගේ අදිසි හස්තය නිසාම එක්සත් ජනපද ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය තම පාලනාධිකාරියේ විද්‍යාඥයින්ගේ අවවාද, අනතුරු හැඟවීම් පවා නොසලකා හැරියා. අල්ලස් දීම, නොමඟ යවන වෙලඳ දැන්වීම් සහ විද්‍යාත්මක පර්යේෂණ වල දත්ත සැඟවීම ඔවුන්ගේ අනිකුත් උපාය මාර්ගයි.

මේ Top documentary films හි පලවූ විස්තරයක පරිවර්තනයකි.

The world According to Monsanto වාර්තා චිත්‍රපටය ඔවුන් ගැන නිපද වූවක්.

Posted in Biology, Cell biology, Culture, DNA, Freedom of expression, Gene, Genetic data, Life, Molecular Biology, RNA, Science | Tagged: , , , , , , , | 6 Comments »

ගොන්නුන්ට එරෙන මිනිස් මව්කිරි

Posted by dawkinssdodo on අප්‍රේල් 5, 2011

චීනයේ බෙයිජිං කෘෂි විශ්වවිද්‍යාලයේ ජාන තාක්ෂණ විද්‍යාඥයින් පිරිසක් විසින් පලමු වරට මිනිස් ජාන එලදෙනුන්ට හඳුන්වා දීමෙන් මිනිස් මව්කිරි නිපදවන්නට සමත් වී තිබෙනවා. මෙසේ ජාන විකරනය (genetically modified) කරන ලද එලදෙනුන් 17ක් මේ පර්යේෂණයට යොදාගෙන තිබේ. ඇත්තටම මේ එළදෙනුන් ක්ලෝනිකරනය කරන ලද ජාන විකරනය කරන ලද සතුන්. මේ පිලිබඳ පර්යේෂණ පත්‍රිකාව ප්ලොස් වන් (PLoS ONE) සඟරාවේ පලවුනා. මිනිස් ප්‍රෝටීන වන ලයිසොසයිම්, ලැක්ටොෆෙරින් සහ ලැක්ටොඇල්බියුමින් අඩංගු ” මව්කිරි” නිපදවන්නට මේ එළදෙනුන්ට හැකි වූ බවයි පර්යේෂණ පත්‍රිකාවේ සඳහන් වන්නේ. මෙම ප්‍රෝටීන අලුත උපන් දරුවන්ගේ ප්‍රතිශක්තිය දියුනු කරමින් ආසාදන වලට එරෙහිව සටන් කරන්නට උදව්වනවා. මේ “මව්කිරි” වෙලඳපොලට නිකුත් කිරීමට තවත් අවුරුදු 10ක් පමණ ගත විය හැකියි. ඒ මිනිස් පරිභෝජනයට සුදුසු දැයි පර්යේෂණ කර මේ මව්කිරි වල ආරක්ෂිත බව නිට්ටාවට නිශ්චය කර ගත යුතු නිසා.

ක්ලෝනීකරනය (cloning) කරන ලද මිනිස් ජාන හොල්ස්ටයින් කිරි එළදෙනුන්ගේ ඩී.එන්.ඒ (DNA) වලට හඳුන්වා දීමෙන් පසු, එලෙස ජාන විකරණය කරන ලද කළල, දාරක එළදෙනුන් තුල වර්ධනය කිරීමෙනුයි මේ පර්යේෂණය සිදු කෙරුනේ.

PLoS ONE සහ Daily Telegraph ඇසුරෙනි.

පින්තූරය Daily Telegraph පුවත්පතෙන් උපුටා ගැනින.

Posted in Biology, Cell biology, Culture, Gene, Life, Molecular Biology, religion, Science | Tagged: , , , , , , , , | 6 Comments »

රමණය දීර්ග කරගැනීමට මෞඛ සංසර්ගය ??

Posted by dawkinssdodo on මාර්තු 16, 2011


ප්ලොස් වන් (PLoS ONE) සඟරාවේ පර්යේෂණ පත්‍රිකාවක අපූරු සොයාගැනීමක් වාර්තා වුනා. මුඛ සංසර්ගය (Fellatio) මිනිසුන් විසින් පූර්ව-සංසර්ග උත්තේජනයක් (Fore play) ලෙස නිතරම යොදාගැනුනත් අනික් සතුන් මුඛ සංසර්ගයේ යෙදෙන බව වාර්තාවන්නේ කලාතුරකින්. බොන්බෝවන් (Bonbo) හෙවත් පිග්මි චිම්පන්සින් අතර මුඛ සංසර්ගය වාර්තා වුවත් එය දක්නට ලැබෙන්නේ යෞවන පිරිමි චිම්පන්සින් අතර පමණයි. බහු-භාර්යා සේවනයේ යෙදෙන පලතුරු වවුලන් (Cynopterus sphinx) අතර ලිංගික ක්‍රියාවේදී මුඛ සංසර්ගය භාවිතාවන බව දැන් වාර්තාවනවා.

පෘෂ්ඨොදරීය (dorsoventral) සංසර්ගයේදී ගැහැනු වවුලන් නිතරම ශිශ්නය ලෙවකන බව පර්යේෂකයන් නිරීක්ෂනය කලා. නමුත් ගැහැනු සතා ශිශ්න දණ්ඩ ලෙවකෑවත්, තම යෝනිය තුල ඇති ශිශ්න හිස ලෙවකෑමෙන් වැලකුනා. ශිශ්නය මෙසේ ලෙවකන විට එය යෝනිමාර්ගයෙන් ඉවතට ගැනීමෙන් පිරිමි වවුලන් වැලකුනා. සංසර්ගයේ යෙදීමට ගතවූ මුලු කාලයත් ශිශ්නය ලෙවකන කාලයත් අතර සහ-සම්බන්ධතාවයක් තිබෙන බව පර්යේෂකයන්ට පෙනුනා. ගැහැනු සතා ශිශ්නය ලෙවකන්නේ නම් සංසර්ගයට ගතවන මුලු කාලය සුවිශේෂි අයුරින් වැඩි බව ඔවුන් නිගමනය කලා.

Posted in Biology, Culture, Evolution, Freedom of expression, Life, religion, Science, sex | Tagged: , , , , , , , | Leave a Comment »

නිර්-ආගමිකයන් පොර වීම.

Posted by dawkinssdodo on ජනවාරි 16, 2011


අවුරුදු සියයකට හමාරකට පෙර “නිර්-ආගමිකයන්” යනු සුලුතරයක් පමනක් නෙවෙයි, ප්‍රධාන සමාජ දහරාවෙන් පිටමන් කරනු ලැබු කොන් කරනු ලැබූ පිරිසක්. සමහර විට නිර්-ආගමිකයන් වීම නිසා ජීවිතයෙන් වන්දිගෙවීමට පවා සිදු වුනා. වර්තමානයේදී නිර්-ආගමිකත්වය එතරම් ප්‍රති විරෝධයක් ඇති නොකරන, ඇතැම් ජනසමූහ වල ප්‍රධාන දැක්ම බවට පත්වු එකක්.


නව සහශ්‍රයේ නම් නිර්-ආගමිකයන් අති බහුල සමාජ සංරචකයක්. කොටින්ම එක් වෙබ් අඩවියක් ජනප්‍රිය, ප්‍රසිද්ධ, කීර්තිමත් නිර්-ආගමිකයන් වෙනුවෙන්ම තැනූවක්. කීර්තිමත් නිර්-ආගමිකයන් විවිධ ක්ශේත්‍ර වල විස්කම් දස්කම් දැක්වූ මාක් සුකර්බර්ග් (Facebook), ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් (ප්‍රංශ පාපැදි සවාරිය පිට පිට සත් අවස්ථාවක් ජයග්‍රහණය කර ඇත ) සහ ජෝඩි ෆොස්ට’(සුප්‍රසිද්ධ නිළිය) වැනි පුළුල් පරාසයක් නියෝජනය කරනවා. එහෙත් මින් බොහෝ දෙනෙක් යම් බලපෑමක් කල හැකි නිර්-ආගමිකයන් අතරට නොවැටෙන්නේ, බොහෝ නිර්-ආගමිකයන් මෙන් ඔවුන් තම නිර්-ආගමිකත්වය මහ ලොකු “බක්කක්” ලෙස නොසැලකීම නිසායි. දෙවියන්ගෙන් තොර ඔවුන්ගේ ජීවිත ඔවුන් සතුටින් ගෙවා දමන්නේ දෙවියන් සමඟ ජීවත් වන අයට ඔවුන්ගේ සතුට විඳගන්නට ඉඩදෙමින්.


තාමත් අප අතර සිටින, බලපුලුවන්කාර නිර්-ආගමිකයන්ගේ සුපිරි-ප්‍රාඥ ලැයිස්තුවට ඇතුලත් වීමට නම් දෙවියන් ප්‍රතික්ශේප කිරීම පමණක් ප්‍රමානවත් නැහැ, සක්‍රීයව මැදිහත් වී අන් අයත් දෙවියන් ඇදහීමෙන් ගලවා ගත යුතුයි. උදාහරණයක් ලෙස “බුල්ශිට්” රූපවාහිනී වැඩසටහන ඉදිරිපත් කරන පෙන් සහ ටෙලර් නිර්-ආගමිකත්වය ප්‍රචලිත කිරීමට යොදාගන්නේ ඔවුන්ගේ විනෝදාත්මක බවයි. එය “ජනප්‍රිය” ක්‍රමවේදයක් විනා උගත්, තර්කානුකූල මතවාදයක් දෙවියන්ට එරෙහිව, නිර්-ආගමිකත්වය වෙනුවෙන් ගොඩනැගීමක් නොවේ.


සැබෑ සක්‍රීය නිර්-ආගමිකයන්ගේ ලැයිස්තුවට ඇතුලත්වීමට නම් නිර්-ආගමිකත්වය ප්‍රචලිත කිරීමෙන් නොනැවතී උගත් මතවාද ඇසුරින් විද්වත් ලෙස නිර්-ආගමිකත්වය වෙනුවෙන් මතයක් ගොඩනැගීමට දායක විය යුතුයි. අන්න එවැන්නෙක් නිර්-ආගමික සුපිරි ප්‍රාඥයෙක් ලෙස හැඳින්විය හැකියි. ඔවුන් තම තම ක්ශේත්‍ර වල කැපී පෙනෙන උගතුන්. ඒ විද්වත් බව නිශ්චිතවම නිර්-ආගමිකත්වය ප්‍රචලිත කරන්නට හෝ දෙවියන් යනු තවුරු කල නොහැකි මනඃකල්පිතයක් බව පෙන්වන්නට යොදාගත් කීර්තිමත් පුද්ගලයින්.


එවැනි පුද්ගලයින් 25 දෙනෙකු superscholar.org ජාලය විසින් නම් කර තිබෙනවා. ඉදිරියේදී ඔවුන් පිලිබඳ විස්තර ගෙන එන්නයි ඩෝඩෝ ගේ අදිටන.

The 25 Most Influential Living Atheists- From Richard dawkins.net

Posted in Atheism, Freedom of expression, Life, Philosophy, Physics, religion, Richard Dawkins, Science | 6 Comments »

 
Follow

Get every new post delivered to your Inbox.