Archive for the ‘Language’ Category
Posted by dawkinssdodo on ජනවාරි 12, 2012


ගාලු සාහිත්‍ය උත්සවයට පැමිනෙන රිචඩ් ඩෝකින්ස් ජනවාරි 20 වැනි දින 2.30 ට තම ජීවිතය සහ තම විවාදාත්මක වෘත්තිය පිලිබඳ දේශනයක් පැවැත්වීමට නියමිතයි. වැඩිදුර විස්තර ගාලු සාහිත්‍ය උත්සව වෙබ් අඩවියෙන්.
කවුද මේ රිචඩ් ඩෝකින්ස්?
ඩෝකින්ස් නිර්මාණය කල මීම යනු මොනවාද
Posted in Biology, Culture, Evolution, Language, Life, Philosophy, religion, Richard Dawkins, Science | Tagged: Evolution, Galle Literary festival, god delusion, Lalla Ward, Magic of reality, Richard Dawkins, Sri Lanka | 11 Comments »
Posted by dawkinssdodo on දෙසැම්බර් 16, 2011

නිර්-ආගමික කඳවුරේ අති ප්‍රබලයෙකු වූද, දක්ෂ කථිකයෙක් සහ අසහාය ලේඛකයෙක් වු ක්‍රිස්ටෝෆ’ හිචන්ස් (Christopher Hitchens) සදහටම නෙතු පියා ගත්බව වැනිටි ෆෙයා (Vanity Fair) සඟරාව හෙළි කළේය. මියයන විට අවුරුදු 62 ක් වූ හිචන්ස් අන්නස්‍රෝතයේ පිළිකාවකට ප්‍රතිකාර ලබමින් සිටියේය. 1970 දී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් පිටවී පුවත්පත් කලාවේදියෙක් ලෙස තම ජීවන වෘත්තිය ඇරඹීය. පසුව නිව්යෝක් නගරයට සංක්‍රමණය වූ හිචන්ස් වැනිටි ෆෙයාර් සඟරාවේ කතෲ වරයෙක් ලෙස වැඩ ඇරඹීය.
“පත්තර පිටු මතත්, බාර් එකේදීත් එකසේ බැබළුණු, දරුණු බුද්ධිමතෙක්” ලෙස ඔහු හැදින්වුයේ වැනිටි ෆෙයා සඟරාවෙහි සගයෙකි.
සල්මන් රුෂ්ඩිගේ “සැටනික් ව’සස්” (Satanic verses) කෘතිය මුද්‍රණය වන තුරා වූ සිද්ධිදාමය පුරාවටම රුෂ්ඩි වෙනුවෙන් පෙනී සිටිමින් ඔහු තුළ වූ ලෙංගතු මිතුරා ලොවට පෙන්වීය. “සුබ ගමන් මගේ සුමිතුර! විශිෂ්ට හඬක් නිහඩ වී ඇත, විශිෂ්ට හදවතක් නැවතී ඇත්තේය “යනුවෙන් රුෂ්ඩි තම කනගාටුව පළකළේය
රිචඩ් ඩෝකින්ස් ඔහු හැඳින්වූයේ “අපේ කාලයේ සිටි හොඳම කථිකයා මෙන්ම දෙවියන් වහන්සේ ඇතුළු සියලු ප්‍රජා පිඩකයන්ට එරෙහි සටනේ වීර සටන්කරුවෙක්” ලෙසයි.
2007 දී පළවූ “ද ගෝඩ් ඉස් නොට් ග්‍රේට්” (The God is not great)කෘතිය නිසා ඔහු එක්සත් ජනපදය තුළ ඉමහත් ප්‍රසිද්ධියට පත් විය.
පිළිකාවක් ඇතිබව රෝග විනිශ්චයෙන් තහවුරු වූ පසුව ද, හිචන්ස් තම දැඩි නිර්-ආගමික ස්ථාවරය වෙනස් කළේ නැත.
BBC ඇසුරෙනි
Posted in Atheism, Freedom of expression, Language, Philosophy, religion, Richard Dawkins, Science | Tagged: Atheism, Christopher Hitchens, religion, Richard adwkins, Salman Rushdi, Satanic verses, science | 8 Comments »
Posted by dawkinssdodo on සැප්තැම්බර් 7, 2011

FOXP2 ජානය හඳුනාගනු ලැබුවේ වසර 2001 දී ය. ඒ වචන උච්චාරණය සහ තේරුම්ගැනීමේ දුබලතාවය පෙන්වු පවුලක් අධ්‍යනය කිරීමේදීය. මේ ජානය මිනිස් භාෂාව පරිණාමය වීමේදී විශේෂ භූමිකාවක් රඟ දක්වන්නට ඇතිබව විද්‍යාඥයෝ අනුමාන කළහ. සමහර සත්ව විශේෂ වල “සන්නිවේදනය” හෝ “භාෂණය” ට පවා මේ ජානය වැදගත් බව පෙන්වා දී තිබේ. සීබ්‍රා ෆින්චයන් අතර මේ ජානය විසින් නිපදවන ප්‍රෝටීනය, සාපේක්ෂව අඩු කුරුල්ලන් ට “කුරුලු ගීත” ඉගෙනීමට නොහැකි බව වෙනත් පර්යේෂකයන් පිරිසක් පෙන්වා දී තිබේ.
නෙදර්ලන්තයේ මැක්ස් ප්ලෑන්ක් පර්යේෂණාගාරයේ ස්නායූ-ජාන විශේෂඥයින් පිරිසක් මීයන්ගේ කළල මොළ, අධි සාන්ද්‍ර FOXP2 ප්‍රෝටීන ද්‍රාවනයක ගිල්වමින් එමගින් සක්‍රීය වන සහ අක්‍රීය වන අනෙකුත් ජාන ගැන නිරීක්ෂණය කළහ. තවත් ජාන 160 ක් මෙමගින් සක්‍රීය වූ අතර 180ක් අක්‍රීය විය. මේ ජානය අණුක ජීව-සඥා පත (Molecular signaling pathways) වල කේන්ද්‍රීය ප්‍රෝටීනයක් බවට අනුමාන කරන්නට මෙනිසා හැකිවී තිබේ.
නියුරෝනයක් තවත් නියුරෝනයක් සමඟ සම්බන්ධ වන උපාංග වර්ධනය, මේ ප්‍රෝටීනය අඩුවුවහොත්, සැලකිය යුතු ලෙස අඩාල වන බවත් පෙන්වා දී තිබේ. මේ නියුරෝනික උපාංග මොළය වර්ධනයේදී සහ ඉගෙනීමේදී විශාල කාර්‍යභාරයක් ඉටුකරයි. එහෙත් තවමත් FOXP2 ජානය මිනිස් භාෂණයට දායක වන අයුරු පැහැදිලි නැත. FOXP2 ජානය රහිත මීයන් මූලික චාලක හැකියාවන්ගේ දුර්වලතා පෙන්වන බැවින් මේ ජානය භාෂා හැකියාවට වඩා චාලක අංශයට බලපාන්නක් විය හැකියි.
කතා කිරීම යනු ඉතාම සංකීර්ණ තොල් සහ දිව චලනය කිරීම් වලින් අනූන ඉතාම අභියෝගාත්මක ක්‍රියාදාමයක්!
සයිමන් ෆිෂර් (Simon Fisher) ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමේ මේ සොයාගැනීම කීර්තිමත් PLoS Genetics සඟරාවේ පළවිය.
Science ඇසුරෙනි.
ඡායාරූපය Simons Foundation Autism Research Initiative න් උපුටා ගැනින.
Posted in Biology, Cell biology, DNA, Gene, Language, Molecular Biology, Science | Tagged: embryonic brain, Foxp2, Language evolution, Max Planck Institute for Psycholinguistics in Nijmegen, molecular cell biology, Netherlands, Plos Genetics, signal transduction, Simon Fisher | 3 Comments »