Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ

Richard Dawkins, Evolution, Biology and Religion|පරිණාමය, ජීව විද්‍යාව සහ ආගම

Archive for the ‘Genetic data’ Category

තට්ටෙ රහස සොයා ගැනෙයි!

Posted by dawkinssdodo on මාර්තු 22, 2012



වයස 70 වෙන්නට පෙර පිරිමින්ගෙන් 80% කගේ කොණ්ඩය හැලී තට්ටය පෑදෙයි. පෙන්සිල්වේනියා සරසවියේ පර්යේෂකයන් පිරිසක් Microarray තාක්ෂණය මගින් තට්ටය පෑදෙන සමේ ජාන ප්‍රකාශනය (Gene Expression) හැදැරීමෙන් තට්ටය පාදන්නට මූලික වන ජානයක් (Prostaglandin D2 synthase, PTGDS) සොයාගන්නටත් එහි mRNA සහ ප්‍රෝටීන (PGD2) මට්ටම් ඉතා ඉහළ අගයකින් තට්ටය පෑදෙන සමේ තිබෙන බව පෙන්වා දෙන්නටත් සමත් විය. Science සඟරාවේ පළවු මේ පර්යේෂණ පත්‍රිකාවේ වැඩිදුරටත් කරුණු දක්වමින් ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම ජානය අක්තිරික්තයක් ලෙස ප්‍රකාශනය වන (over expression) මීයන්ගේ ලොම් සියල්ල හැලී යන බවයි. “මෙම ප්‍රෝටීනය රෝම කූපයේ ඇති සංඥා- ග්‍රාහකයකට (signaling receptor) බැඳීමෙන් රෝම/ කෙස් වර්ධනය නිෂේධනය කරනවා” මහාචාර්ය කොට්සාරෙලිස් පවසයි. රෝම කූප වර්ධනය සම්බන්ධ අණුක ජීව – සංඥා පත (Signal transduction/ Molecular signaling) ඉලක්ක කරගත් ඖෂධ දැනටමත් නිපදවීම ආරම්භ කර තිබේ.

Science සහ BBC ඇසුරිනි.

Posted in Biology, Cell biology, DNA, Gene, Genetic data, Molecular Biology, RNA, Science | Tagged: , , , , , , , | 14 Comments »

ජාන විකරණය කරන ලද ආහාර පිටුපස රහස: මොන්සැන්ටෝ

Posted by dawkinssdodo on අප්‍රේල් 18, 2011



මේ සටහන තැබෙන්නේ ඊට පූර්විකාවක් වු සොඳුරු සිත විසින් කරන ලද පාඨක ප්‍රතිචාරයක් නිසාය.

ඔවුන් අත නොතබා ඇති යමක් නොමැති තරම්ය. ඔබේ කෑම මේසය මත ඇති බත්, බණ්ඩක්කා, අබ, තෙල්, මල් ගෝවා ආදී සියල්ලම ඔවුන්ගේ ග්‍රහනයට යටත්ව ඇත්තේය. යම් බීජයකට අයිතිවාසිකම් කිව හැකි බව සම්මතය වූ පසු, එම බීජ පාවිච්චි කරන හැම වරකම ඒ වෙනුවෙන් කුලියක් අයකර ගත හැක. ඔවුන් මත යැපෙමින් හැම බෝගයක්ම වවන්නට සිදු වනු ඇත. ඔවුන් මත යැපෙමින් හැම බීජයක්ම පැලකරන්නට සිදුවනු ඇත. ශාක බීජ වල අයිතිය ඔවුන් සතු නම් අවසානයේ ආහාර වල අයිතිය, පාලනය ඔවුන් සතුවේ. ඒක තුවක්කු බෝම්බ වලට වඩා බලගතු උපක්‍රමික අවියක්. ලෝකය තුල විවිධ ජන සමූහ පාලනය කල හැකි හැකි හොඳම ක්‍රමය එයයි. කතාව ඇරඹෙන්නේ ධවල මන්දිරයෙනි. මොන්සැන්ටෝ (Monsanto) නම් සමාගම විසින් ධවල මන්දිරයේ එක්සත් ජනපද ප්‍රතිපත්ති සම්පාදකයන්ට බලපෑම් කිරීමේ අරුම පුදුම හැකියාව කතාවේ ඇරඹුමයි. උදාහරණයක් ලෙස අනූ ගනන් වල එක්සත් ජනපද ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ (FDA) නියෝජ්‍ය කොමසාරිස් ලෙස පත්වන පුද්ගලයා කලින් මොන්සැන්ටෝහී නීතිඥයෙක් ලෙස රැකියාව කල කෙනෙක්. මොහු ජාන විකරණය (GM, GE) කරන ලද ආහාර සහ බෝග එක්සත් ජනපදය තුල අනුමත කිරීම සඳහා තීරණාත්මකව මැදිහත්වනවා. ඔහුගේ සේවා කාලයෙන් පසු ඔහු නැවත එම සමාගමේම උප සභාපතිවරයා ලෙස වැඩ බාරගන්නවා.

මේ වගේ මොන්සැන්ටෝ සහ රාජ්‍ය ආයතන අතර ඇති ඉතා සමීප සම්බන්දතා වලට පිංසිද්ද වෙන්න ජාන විකරණය කල ආහාර සහ බෝග එක්සත් ජනපදය තුල විකිනෙන්නේ නියමාකාරයේ පරීක්ෂාවකින්, පර්යේෂණයකින්, ලේබලයකින් තොරව, පරිභෝජනයට සුදුසු බව පිලිබඳ සැක මතු කරමින්. අනිත් අතට එක්සත් ජනපදයේ මුලු ජාන විකරණය කරන ලද බීජ වලින් 90% ක්ම සපයන්නේ මොන්සැන්ටෝ. මොන්සැන්ටෝගේ අදිසි හස්තය නිසාම එක්සත් ජනපද ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය තම පාලනාධිකාරියේ විද්‍යාඥයින්ගේ අවවාද, අනතුරු හැඟවීම් පවා නොසලකා හැරියා. අල්ලස් දීම, නොමඟ යවන වෙලඳ දැන්වීම් සහ විද්‍යාත්මක පර්යේෂණ වල දත්ත සැඟවීම ඔවුන්ගේ අනිකුත් උපාය මාර්ගයි.

මේ Top documentary films හි පලවූ විස්තරයක පරිවර්තනයකි.

The world According to Monsanto වාර්තා චිත්‍රපටය ඔවුන් ගැන නිපද වූවක්.

Posted in Biology, Cell biology, Culture, DNA, Freedom of expression, Gene, Genetic data, Life, Molecular Biology, RNA, Science | Tagged: , , , , , , , | 6 Comments »

පරිණාමයට සාක්ෂි: මක්කමෙන් මතුවූ සාඩානියස් හිජාසෙන්සිස්

Posted by dawkinssdodo on අප්‍රේල් 1, 2011

පරිණාමික විද්‍යාඥයින් එකඟ වනවා වානරයන් සහ මිනිසුන් අයත් වන හොමිනොයිඩෙ (Hominoidea) කුලයටත් පුරා ලෝක වඳුරන් (old world monkeys) අයත්වන ස’කොපිතිකොයිඩෙ (Cercopithecoidea) කුලයටත් පොදු පූර්වජයෙක් සිටිය යුතු බව. මේ පොදු පූර්වජයා ඇතුලු වානරයන්, මිනිසුන් සහ පූර්ව ලෝක වඳුරන් අයත්වන සුළුගෝත්‍රය (Parvorder) හඳුන්වන්නේ කටාර්හීනි (Catarrhini) යන නමින් (පහල රූපය බලන්න).

ජානමය සාක්ෂි අනුව මේ පරිණාමික බෙදීම (හොමිනොයිඩෙ සහ ස’කොපිතිකොයිඩෙ ) මීට අවුරුදු මිලියන 30-35 කට පෙර මුල් ඔලිගොසීන (Early Oligocene) සමයේ සිදුවන්නට ඇති බවයි අනුමාණ කෙරෙන්නේ.
කෙසේ වෙතත් මධ්‍ය සහ අවසාන ඔලිගොසීන සමය නිරූපනය කරන ෆොසිල සාක්ෂි වල දුලබ තාවය නිසා මේ පොදු පූර්වජයාගේ රූපාකාරය, ඔවුන් පරිණාමික උප-ශාඛා වලට බෙදී ගිය කාල වකවානුව ආදිය ගැන නිගමනය අපහසු වී තිබුනා.

සවුදි අරාබියේ මක්කමට නුදුරු “අල් හිජාස්” ප්‍රාන්තයේ “හරාට් අල් උයාජ්ෆා” ප්‍රදේශයෙන් මේ පොදු පූර්වජයාට අයත් ෆොසිලයක් සොයා ගැනුනා. ඉයාඩ් සල්මූට් Iyad Zalmout නම් පුරාවිද්‍යාඥයා විසින් පුරාණ තල්මසුන් සහ ඩයිනසෝරයන්ගේ ෆොසිල සොයද්දී අහම්බෙන් මේ පොදු පූර්වජ පාර්ශ්වික හිස් කබල ඔහුගේ නෙත ගැටුනේ 2009 දීයි. මිචිගන් සරසවිය හා සවුදි පාෂාණ විමර්ෂන මධ්‍යස්ථානය (Saudi Geological Survey) සමඟ එක්ව මේ ෆොසිලය ඉන් දින කීපයකට පසුව සුරක්ෂිත කෙරුනා. මේ සොයාගැනීම ප්‍රසිද්ධියට පත් කෙරුනේ 2010 දී Nature සඟරාවේ පර්යේෂණ පත්‍රිකාවක් පත්‍රිකාවක් ලෙසයි. මේ පොදු පූර්වජයා නම් කර තිබෙන්නේ සාඩානියස් හිජාසෙන්සිස් (Saadanius hijazensis) යන නමින්. අරාබි භාෂාවෙන් සාඩාන් (Arabic: سَعدان‎) යනු වානරයන් සහ වඳුරන්. විශේෂ නාමය හිජාසෙන්සිස්, තබා තිබෙන්නේ ෆොසිලය සොයාගත් අල් හිජාස් ප්‍රදේශය සිහිකරමින්.

Nature ඇසුරෙන් ලියවිණි.

දෙවියන්/ අල්ලා පිලිබඳ ජීව විද්‍යාත්මක විග්‍රහය??

Posted in Biology, Charles Darwin, Evolution, Fossil evidence, Genetic data, religion, Science, Transitional fossil | Tagged: , , , , , , , , , | 2 Comments »

 
Follow

Get every new post delivered to your Inbox.