Archive for the ‘Evolution’ Category
Posted by dawkinssdodo on මාර්තු 30, 2012
විචාරයේ රැළිය පිළිබඳ සවිස්තර ලිපියක් පළකිරීම ගැන අරුණි ශපීරෝට ස්තුතිවන්ත වෙමි. පහළින් ඇත්තේ රිචඩ් ඩෝකින්ස් වොෂින්ටනයේ පැවැත්වූ කථාවේ විඩියෝවකි. ඊටත් පහළින් ඇත්තේ ලෝරන්ස් ක්‍රවුස් (Lawrence Krauss) විසින් ආගම සමග ඇමරිකානු දේශපාලනයට ඇති සමීප සබැඳියාවත්, ඩෝකින්ස්ගේ “දෙවියන් අදහන්නන්ට අවමන් කරන්න, සමච්ච්ලයට ලක්කරන්න” යනුවෙන් කල විවාදාත්මක ප්‍රකාශයත් ගැන කරන පැහැදිලි කිරීමකි. ලෝරන්ස් ක්‍රවුස් විශ්වවේදය (Cosmology) පිළිබඳ න්‍යායික භෞතික විද්‍යාඥයෙකි. ඔහුගේ A Universe from Nothing: Why There is Something Rather Than Nothing නැමැති පොත ඉමහත් ප්‍රසිද්ධියට පත් වූ අතර, ඔහු ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයෙක් ලෙස සේවය කරයි
——-
Posted in Atheism, Charles Darwin, Evolution, Freedom of expression, Philosophy, religion, Richard Dawkins, Science, Secularism | Tagged: agnostic, Atheism, Lawrence Krauss, reason rally, Richard Dawkins, secularism, Washington DC | 4 Comments »
Posted by dawkinssdodo on ජනවාරි 12, 2012


ගාලු සාහිත්‍ය උත්සවයට පැමිනෙන රිචඩ් ඩෝකින්ස් ජනවාරි 20 වැනි දින 2.30 ට තම ජීවිතය සහ තම විවාදාත්මක වෘත්තිය පිලිබඳ දේශනයක් පැවැත්වීමට නියමිතයි. වැඩිදුර විස්තර ගාලු සාහිත්‍ය උත්සව වෙබ් අඩවියෙන්.
කවුද මේ රිචඩ් ඩෝකින්ස්?
ඩෝකින්ස් නිර්මාණය කල මීම යනු මොනවාද
Posted in Biology, Culture, Evolution, Language, Life, Philosophy, religion, Richard Dawkins, Science | Tagged: Evolution, Galle Literary festival, god delusion, Lalla Ward, Magic of reality, Richard Dawkins, Sri Lanka | 11 Comments »
Posted by dawkinssdodo on අප්‍රේල් 13, 2011
පින්තූරය Wiki යෙන් උපුටා ගැනින.
ජීවය ආරම්භ වීමේදී ඉතාම තීරණාත්මක සාධකයක් වන්නට ඇත්තේ ආදිකල්පික RNA “ජෙනෝමය”ක් ප්‍රතිගුණනය කල හැකි RNA අණු මතුවීමයි. “DNA” සහ ප්‍රෝටීන මත පදනම් වූ ලෝකයට පෙර තිබුනා යැයි අනුමාණ කෙරෙන්නෙ “RNA ලෝකයක්”. සාමාන්‍යයෙන් RNA අණුව, DNA අණුවෙන් ප්‍රෝටීනයක් සැදීම සඳහා අනුපිටපතක් ලෙස ක්‍රියා කරනවා.
කේම්බ්‍රිජ් සරසවියේ අණුක ජීව විද්‍යාඥයින් පිරිසක් කෘතිම RNA එන්සයිමයක් (RNA පොලිමරේස් රයිබොසයිමයක්; RNA polymerase ribozyme ) නිපදවා තිබෙනවා RNA ස්වයං පිටපත් නිපදවිය හැකි. R18 නැමැති එක් එන්සයිමයක් යොදාගෙන ආරම්භ කල පරීක්ෂණය පසුව එම එන්සයිමයේම අහඹු සුලු වෙනස්කම් සහිත ක්ලෝන මිලියන 50 ක් දක්වා පුලුල් කරමින්, RNA පිටපත් කිරීමේ ශක්‍යතාව ඇති වඩා හොඳ එන්සයිම තෝරා ගැනුනා. මේ ක්‍රියාවලිය නැවත නැවත කිපවරක් සිදුකිරීමෙන් වඩ වඩා ක්‍රියාශීලි සහ පිටපත් කිරිම නිවැරදි එන්සයිම නිපදවන්නට ඔවුන් සමත් වුනා.
සියලුම ඵලදායි අහඹු විකෘති (Random mutations) තෝරා ගත් පසු, ස්වයං ප්‍රතිවලිත වීමේ කාර්යයට උදව් විය හැකි මේ සියලු විකෘති, එක් අනුවක් තුලට එකතුකිරීමයි ඔවුන් කලේ. හොලිගර් සහ වොච්නර් ඇතුලු පර්යේෂක කණ්ඩායම නිපදවූ tC19Z නැමැති එන්සයිමය RNA ස්වයං ප්‍රතිවලිත කල හැකි අනුවක්.
R18 නැමැති RNA පොලිමරේස රයිබොසයිමයට පිටපත් කල හැකිව තිබුනේ නියුක්ලියෝටයිඩ 14 ක් පමණයි. මෙය අණුක පරිණාමිකව ගත්කල පැහැදිලි කල හැක්කක් නෙවෙයි. නව tC19Z එන්සයිමය නියුක්ලියෝටයිඩ 95 ක් පිටපත් කිරීමට සමත්. එපමණක් නොව එයට වෙනත් RNA එන්සයිමයක් පවා පිටපත් කල හැකියි. පලමු ස්ව-ප්‍රතිවලිත විය හැකි අණුව මතුවූ පසු එය වටා සහායක අණු සදාගන්නට හැකිවීම නිසා වඩා සංකීර්ණ අණු කරා පරිණාමික ක්‍රියාවලිය වේගවත් වන්නට ඇති බවයි ඔවුන්ගේ අදහස. හොලිගර් ඇතුලු කණ්ඩායම මේ සිදුකර ඇත්තේ ස්ව-ප්‍රතිවලිත විය හැකි RNA එන්සයිමයක් පර්යේෂනාගාරය තුල පරිණාමය වීමට සැලැස්වීමයි.
RNA ලෝකය නිමාවට පත්වන්නට ඇත්තේ සක්‍රිය RNA අණු, පෙප්ටයිඩ මගින් ප්‍රතිස්ථාපනය කල පරිවර්තන (Translation) ක්‍රියාවලියත් සමඟයි.
Science සහ daily galaxy ඇසුරෙනි.
Posted in Biology, Cell biology, Charles Darwin, DNA, Evolution, Gene, RNA, Science | Tagged: Aniela Wochner, Evolution, origin of life, Philipp Holliger, prebiotic, Primodial, primodial RNA world, protein, R18, replicate, RNA, RNA "genome", RNA polymerase ribozyme, science, tC19Z, transcription, translation | 2 Comments »
Posted by dawkinssdodo on අප්‍රේල් 1, 2011
පරිණාමික විද්‍යාඥයින් එකඟ වනවා වානරයන් සහ මිනිසුන් අයත් වන හොමිනොයිඩෙ (Hominoidea) කුලයටත් පුරා ලෝක වඳුරන් (old world monkeys) අයත්වන ස’කොපිතිකොයිඩෙ (Cercopithecoidea) කුලයටත් පොදු පූර්වජයෙක් සිටිය යුතු බව. මේ පොදු පූර්වජයා ඇතුලු වානරයන්, මිනිසුන් සහ පූර්ව ලෝක වඳුරන් අයත්වන සුළුගෝත්‍රය (Parvorder) හඳුන්වන්නේ කටාර්හීනි (Catarrhini) යන නමින් (පහල රූපය බලන්න).
ජානමය සාක්ෂි අනුව මේ පරිණාමික බෙදීම (හොමිනොයිඩෙ සහ ස’කොපිතිකොයිඩෙ ) මීට අවුරුදු මිලියන 30-35 කට පෙර මුල් ඔලිගොසීන (Early Oligocene) සමයේ සිදුවන්නට ඇති බවයි අනුමාණ කෙරෙන්නේ.
කෙසේ වෙතත් මධ්‍ය සහ අවසාන ඔලිගොසීන සමය නිරූපනය කරන ෆොසිල සාක්ෂි වල දුලබ තාවය නිසා මේ පොදු පූර්වජයාගේ රූපාකාරය, ඔවුන් පරිණාමික උප-ශාඛා වලට බෙදී ගිය කාල වකවානුව ආදිය ගැන නිගමනය අපහසු වී තිබුනා.
සවුදි අරාබියේ මක්කමට නුදුරු “අල් හිජාස්” ප්‍රාන්තයේ “හරාට් අල් උයාජ්ෆා” ප්‍රදේශයෙන් මේ පොදු පූර්වජයාට අයත් ෆොසිලයක් සොයා ගැනුනා. ඉයාඩ් සල්මූට් Iyad Zalmout නම් පුරාවිද්‍යාඥයා විසින් පුරාණ තල්මසුන් සහ ඩයිනසෝරයන්ගේ ෆොසිල සොයද්දී අහම්බෙන් මේ පොදු පූර්වජ පාර්ශ්වික හිස් කබල ඔහුගේ නෙත ගැටුනේ 2009 දීයි. මිචිගන් සරසවිය හා සවුදි පාෂාණ විමර්ෂන මධ්‍යස්ථානය (Saudi Geological Survey) සමඟ එක්ව මේ ෆොසිලය ඉන් දින කීපයකට පසුව සුරක්ෂිත කෙරුනා. මේ සොයාගැනීම ප්‍රසිද්ධියට පත් කෙරුනේ 2010 දී Nature සඟරාවේ පර්යේෂණ පත්‍රිකාවක් පත්‍රිකාවක් ලෙසයි. මේ පොදු පූර්වජයා නම් කර තිබෙන්නේ සාඩානියස් හිජාසෙන්සිස් (Saadanius hijazensis) යන නමින්. අරාබි භාෂාවෙන් සාඩාන් (Arabic: سَعدان) යනු වානරයන් සහ වඳුරන්. විශේෂ නාමය හිජාසෙන්සිස්, තබා තිබෙන්නේ ෆොසිලය සොයාගත් අල් හිජාස් ප්‍රදේශය සිහිකරමින්.
Nature ඇසුරෙන් ලියවිණි.

දෙවියන්/ අල්ලා පිලිබඳ ජීව විද්‍යාත්මක විග්‍රහය??
Posted in Biology, Charles Darwin, Evolution, Fossil evidence, Genetic data, religion, Science, Transitional fossil | Tagged: Apes, Catarrhini, Cercopithecoidea, Evolution, Hominoidea, Iyad Zalmout, old world monkeys, Oligocene, Saadanius hijazensis, Saudi Geological Survey | 2 Comments »
Posted by dawkinssdodo on මාර්තු 20, 2011

ටැබූ සබ්ජෙක්ට්ස් (Taboo Subjects) සිංහල බ්ලොග් අවකාශය තුල ජනප්‍රියම බ්ලොග් අඩවිය යනු අතිශයෝක්තියක් නොවේ. එහි ලියැවුනු බොහෝ ලිපි ලාංකීය සමාජය නිර්දයව නිරුවත් කලේය. අනිකුත් ආගම් පමණක් නොව, බුද්ධාගම ඇතුලු සියලු ආගමික විශ්වාසයන් කොන්දේසි විරහිතව විවේචනය වුයේය. බුද්ධාගමට මුවාවී විකාර කරන මහාචාර්යවරුන්ද, තමන් “මාර්ග පල” ලැබුවායි නොකියා කියන චීවරදාරීන්ද එලිදරව් කරනු ලැබුවේය. කෙසේ වෙතත් ටැබූ තම පාටක හඬට කන් දෙමින් කිහිප වාරයකදී තම යෙදුම් සහ පෝස්ට ඉදිරිපත් කරන ආකාරය වෙනස් කලේය. ඩෝඩෝ ගේ විරෝධය නොතකා එක් පෝස්ටයක් හා සබැඳුනු සිත්තම අයින් කලේ ආගමික නායකයෙක්ගේ සිත්තම් පිලිබඳ පාටක විරෝධයකට ප්‍රතිචාර වශයෙනි.
ඩෝඩෝගේ බ්ලොගය සිංහල බ්ලොග් අවකාශයේ දන්නා අය ඇත්නම් ඒ ඇඟිලිවලින් ගනින්නට හැකි ප්‍රමාණයකි. එහෙත් ටැබූ ඩෝඩෝ ගේ පෝස්ට වල ප්‍රතිචාර දැක්වූ ඒ අතලොස්සක් දෙනා අතරින් එක් අයෙකි. ඔහුගේ ප්‍රතිචාර දිරි ගැන්වීමක් වු බව නොකිවමනාය. ඉන් නොනැවතුන ටැබූ ඩෝඩෝ ගේ බ්ලොගයට ප්‍රසිද්ධියක් ලබා දෙමින් Richard Dawkins ගේ Selfish Gene හදුන්වා දීම ගැන නිරහංකාරව ඔහුගේ පෝස්ටයකය තම කෘතවේදීත්වයද පල කලේය. වේලි වේලි තිබූ ඩෝඩෝ ගේ බ්ලොගයට එක්වරම දෙතුන් සීයක පිරිසක් පැමිනීමේ ගැටලුව ඩෝඩෝ විසඳා ගත්තේ refering links වලිනි. ඒ අතරම ටැබූ මතු කල ප්‍රශ්නවලට ඩෝඩෝ සම්පූර්ණ පිලිතුරු දෙන්නට මත්තෙන් ටැබූව බ්ලොග් අවකාශයෙන් ඉවත්කරනු ලැබීය.
ඒ මේ සියල්ල සුන්දර අතීත යට ගියාවය. අද ටැබූ සබ්ජෙක්ට්ස් අඩ්විය එහි කතුවරයාගේ අභිමතයට එරෙහිව වෙනෙකෙකුගේ පාලනයට නතුවූ බව පැහැදිලිය. දිනපතා යාවත් කාලීනවූ Beyond Frame වෙබ් අඩවියද මේ ආකාරයෙන්ම කඩාකප්පල් කරනු ලැබුනි. Beyond Frame බ්ලොග් අඩවිය දේශපාලනික බ්ලොග් අඩවියක් ලෙස අතිශය ජනප්‍රිය වූ අතර එහි පාටක ප්‍රතිචාර බොහෝවිට ඉතා උනුසුම් සංවාද බවට පෙරලුනි. ඊට අමතරව Beyond Frame බ්ලොග් අඩවියටම ආවේණික පාටක පිරිස නිසාද , ඔවුන්ටම ආවේණික ප්‍රතිචාර ඌරුව නිසාද බොහෝ විට හාස්‍ය රසයෙන්ද අනූන විය. ඒ කෙසේ වෙතත් අවසන් ප්‍රතිපලය සිංහල බ්ලොග් අවකාශයේ ජනප්‍රිය, නිතිපතා යාවත් කාලීනවන බ්ලොග් අඩවි දෙකක් අක්‍රිය වීමයි.
ඩෝඩෝ සිංහල බ්ලොග් අවකාශය තුල ප්‍රචාරකවාදී ඉස්ලාමය විවේචනය කල කිහිප දෙනාගෙන් එක් අයෙකි. ජාත්‍යන්තර ප්‍රචාරකවාදී ඉස්ලාමීය කඳවුරෙන් නිපදවන අමූලික ගල් පැලෙන බොරු සහ “විද්‍යාත්මක” යැයි කියමින් ඉදිරිපත් කරන අවිද්‍යාත්මක කරුනු අදත් හෙටත්, ඩෝඩෝ ගේ විවේචනයට ලක්වනු ඇත්තේය. එහත් ඉස්ලාමයේ අවිද්‍යාත්මක කරුනු හෙලිදරව් කරනු විනා, යමෙකුගේ අදහස් ප්‍රකාශනයේ මූලික අයිතිය නැති කරන්නට ඩෝඩෝ ගේ සහයෝගයක් නොලැබෙනු ඇත්තේය. අන්කිසිවක් නිසා නොව, ඩෝඩෝ ගේ විවෙචනයට ලක් වන ඉස්ලාමය තුල නැති නිදහස, සිංහල බ්ලොග් අවකාශය තුල නැති කරන්නට අනුබල දිය නොහැකි නිසාය. ඩෝඩෝ ගේ ප්‍රතිවාදීන් මතවාදීමයව පරාජය කිරීම ගැන හෝ, ඔවුන්ට උත්තර බැඳීමට ඇති හැකියාව ගැන ඩෝඩෝට නම් සැකයක් නැත.
මේ කඩාකප්පල්කාරී වාරණයට ආසන්නතම හේතුව ලෙස ඩෝඩෝ හඳුනා ගන්නේ බ්ලොග් අවකාශයේ පැතිර ගිය ආගමික විවේචනයි. ආගම් ගැන කියැවෙන විට ඩෝඩෝගේ සිහියට නැගෙන්නේ මෑතකදී Secular Sri Lanka වෙබ් අඩවියේ පලවූ ආතර් සී ක්ලාක් අනුස්මරණ දේශනය (Human Evolution and Future of Humanity) කල “නිරුවත් වානරයා” හෙවත් එස් එම් බන්දුසීලයන් ගේ දේශනයයි. ඩෝඩෝගේ අදහස නම් විශිෂ්ඨ පරිවර්තකයෙකු වන බන්දුසීලයන් ගේ අවධානය විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයෙන්, ජීව විද්‍යාව සහ පරිණාමයට යොමුවිය යුතු බවයි. විද්‍යා ප්‍රබන්ධ ජනප්‍රිය කිරීමෙහිලා එතුමන්ගේ දායකත්වය ඩෝඩෝ අගය කලත්, ඩෙස්මන්ඩ් මොරිස් ගේ “නිරුවත් වානරයා” (The Naked Ape) සහ “මනුසත් උයන” (The Human zoo) යන පරිවර්තන දෙකට සම කල හැකි අන්දමේ ප්‍රබන්ධ-නොවන කෘතියක් සිංහල විද්‍යා සාහිත්‍ය තුල නැති බව ඩෝඩෝ ගේ වැටහීමයි. ආගම් වෙනුවෙන් එකිනෙකා මරාගන්නට සැරසෙන යෞවන බ්ලොග් කරුවන් නිර්-ආගමිකත්වය පිලිබඳව උනන්දු නොවන්නේ ඇයි? ඒ නිරුවත් වානරයා සහ මනුසත් උයන වැනි විද්‍යාත්මක කෘති පරිශීලනය කිරීමේ අඩුව නිසාද? ඒසේත් නැතිනම් කෙතරම් ශිෂ්ට යැයි කියාගත්තද අප තුල ජීවත්වන නිරුවත් වානරයාගේ ගෝත්‍රික ලක්ෂණ සයිබර් අවකාශය නැමති අතථ්‍ය (Virtual) මනුසත් උයනේත් කූඩු වීම නිසා තව තවත් වර්ධනය වීම නිසාද??
Posted in Biology, Culture, Evolution, Freedom of expression, Philosophy, religion, Science | Tagged: Atheism, Beyond Frame, Blog censorship, blog hacking, Desmond Morris, freedom of expression, Human Zoo, Islamic propaganda, Naked Ape, Richard Dawkins, right to express, S.M. Banduseela, Secular Sri Lanka, selfish gene, sinhala blog sphere, Sri Lanka, Taboo subjects | 13 Comments »
Posted by dawkinssdodo on මාර්තු 16, 2011
ප්ලොස් වන් (PLoS ONE) සඟරාවේ පර්යේෂණ පත්‍රිකාවක අපූරු සොයාගැනීමක් වාර්තා වුනා. මුඛ සංසර්ගය (Fellatio) මිනිසුන් විසින් පූර්ව-සංසර්ග උත්තේජනයක් (Fore play) ලෙස නිතරම යොදාගැනුනත් අනික් සතුන් මුඛ සංසර්ගයේ යෙදෙන බව වාර්තාවන්නේ කලාතුරකින්. බොන්බෝවන් (Bonbo) හෙවත් පිග්මි චිම්පන්සින් අතර මුඛ සංසර්ගය වාර්තා වුවත් එය දක්නට ලැබෙන්නේ යෞවන පිරිමි චිම්පන්සින් අතර පමණයි. බහු-භාර්යා සේවනයේ යෙදෙන පලතුරු වවුලන් (Cynopterus sphinx) අතර ලිංගික ක්‍රියාවේදී මුඛ සංසර්ගය භාවිතාවන බව දැන් වාර්තාවනවා.
පෘෂ්ඨොදරීය (dorsoventral) සංසර්ගයේදී ගැහැනු වවුලන් නිතරම ශිශ්නය ලෙවකන බව පර්යේෂකයන් නිරීක්ෂනය කලා. නමුත් ගැහැනු සතා ශිශ්න දණ්ඩ ලෙවකෑවත්, තම යෝනිය තුල ඇති ශිශ්න හිස ලෙවකෑමෙන් වැලකුනා. ශිශ්නය මෙසේ ලෙවකන විට එය යෝනිමාර්ගයෙන් ඉවතට ගැනීමෙන් පිරිමි වවුලන් වැලකුනා. සංසර්ගයේ යෙදීමට ගතවූ මුලු කාලයත් ශිශ්නය ලෙවකන කාලයත් අතර සහ-සම්බන්ධතාවයක් තිබෙන බව පර්යේෂකයන්ට පෙනුනා. ගැහැනු සතා ශිශ්නය ලෙවකන්නේ නම් සංසර්ගයට ගතවන මුලු කාලය සුවිශේෂි අයුරින් වැඩි බව ඔවුන් නිගමනය කලා.
Posted in Biology, Culture, Evolution, Freedom of expression, Life, religion, Science, sex | Tagged: copulation, Cynopterus sphinx, Fellatio, Fore play, oral sex, PLos ONE, sex, short-nosed fruit bat | Leave a Comment »
Posted by dawkinssdodo on ජනවාරි 19, 2011
පැය සිය-දහස් ගනනක් තිස්සේ උභය ලිංගික පනුවන්ගේ ලිංගික ක්‍රියා ඇතුලත් විඩීයෝ බැලීමෙන් පසු ස්විට්සර්ලන්තයේ බේසල් සරසවියේ පරිණාමික ජීව විද්‍යාඥයින් යුවලක්, අපට අවුරුදු 100 කින් පමණ පරීක්ෂා කිරීමට අතපසු වූ න්‍යායක් ඔප්පු කරන්නට සමත් සාක්ෂි සොයාගෙන.
න්‍යාය මොකක්ද? – ලිංගික ක්‍රියා ශුක්‍රානු හැඩගසන්නේය, ශුක්‍රාණු වල රූපාකාරය තීන්දු කරන්නේය යන්නයි. (Sex shapes sperms)
ඔවුන්ගේ සොයාගැනීම් ජනවාරි 10 වැනිදා PNAS සඟරාවේ පලවුනා.
ශුක්‍රාණු යනු සත්ව සෛල අතුරින් වැඩිම විවිධත්වයක් පෙන්වන සෛල වර්ගයක්. වලිග, කේශ, කොකු, කෙඳි ආදීන්ගෙන් සැරසුනු ශුක්‍රානු අපමණයි, එහෙත් ඒවායේ කාර්යය කුමක්දැයි හරියටම අපි දන්නේ නෑ. ශුක්‍රාණු-ඩිම්බ සංසේචනය නිරීක්ශනය කිරීම පහසු කටයුත්තක් නෙවෙයි, විවිධ ශුක්‍රාණු “මොඩල” වල කෘත්‍ය, ක්‍රියාකාරීත්වය ගැන අනාවැකි කීම ඊටත් අපහසුයි.
ඕනෑම ඒකලිංගික සත්ත්ව ගහනයක ගැහැනු සත්වයා සුපිරි සහකරුවෙක් තෝරා ගැනීමටත්, පිරිමි සත්වයා හැකි තරම් ලිංගිකව එක් වීමටත් වෙර දරනවා. එහෙත් උභය ලිංගික Macrostomum පනුවන් මේ අශාවන් දෙකටම එකවර මුහුණදෙනවා. ඔවුන් මේ ප්‍රතිවිරෝධය මඟ හරවා ගන්නේ පලමුව ලිංගික ලොල් බවටත්, දෙවනුව තෝරාගැනීමටත් අනුපිලිවලින් ඉඩ දෙමින්.
ඔවුන් පැයකට හතලිස් පාරකට වඩ ලිංගිකව එක්වෙනවන බව විද්‍යාඥයින් පුදුමයෙන් නිරීක්ෂණය කල අතර “සී” හැඩති කොකු දෙකක් මෙන් එක්වී වලිග අසල ඇති උලක් බඳු ශිෂ්නයයෙන් අනෙකාගෙ ස්ත්‍රී සිදුර (Antrum) තුලට ශුක්‍ර මෝචනය කිරීමෙනුයි ඔවුන් ලිංගික ක්‍රියාව සිදු කරන්නේ. හොඳම හරිය වන්නේ මින් පසුයි. ලිංගික එක් වීමෙන් පසුව පනුවා නැවී තම ස්ත්‍රී සිදුර උරා බොනවා.
මෙලෙස නිතර ලිංගිකව එක්වී පසුව ස්ත්‍රී ලිංගය උරා බොන පනු විශේෂ වල ශුක්‍රානු වල මැද කෙඳි දෙකකින්ද අග වල්ගය බුරුසුවක් වැන්නකින්ද සමන්විතයි. මේ උප-ශුක්‍ර උපාංග ස්ත්‍රී ලිංගික කුහරය තුල කාවැදී , ඇමිනී, උරාබීම මගින් ශුක්‍රාණු ඉවත් කිරීමට එරෙහිව සටනක් දීමට උපකාර වෙනවා.
මෙසේ නිතර නිතර ලිංගිකව එක් නොවන, ශුක්‍රානු උරා නොබොන පනු විශේෂ වල ශිෂ්නය වඩා තියුනු උලකින් යුක්ත බවත් ඔවුන් අනෙක් පනුවාගෙ ශරීරයේ ඕනෑම තැනකට ඇනීමෙන් පසු ශුක්‍රාණු “විදින” බවත් විද්‍යාඥයින් නිරීක්ශනය කලා. මෙවැනි පනුවන්ගේ ශුක්‍රානු පරිණාමය වී තිබුනේ තරමින් වඩා කුඩා, කෙඳි, බුරුසු ආදී උප-ශුක්‍ර උපාංග වලින් තොර චාම් අයුරින්.
Nature News ඇසුරෙනි.
(මතක තබාගන්න- පරිණාමය වන්නේ සත්ත්ව ගහන මිස එක් එක් සත්වයන් නොවේ)
Posted in Antrum, Biology, Cell biology, Charles Darwin, Evolution, hermaphrodite, Macrostomum, penis, Science | Tagged: Dita B. Vizosoa, http://www.pnas.org/, Lukas Schärer | 3 Comments »
Posted by dawkinssdodo on අගෝස්තු 6, 2010

“ප්‍රබෝධමත් සහ සාමකාමී” නිර් ආගමික (Atheist) පණිවිඩය මහාබ්‍රිතාන්‍යයේ බස් රථ දැන්වීම් හරහා ජනතාව අතරට “ගෙන යෑමේ ව්‍යායාමයයි- Atheist Bus Campaign/ නිර් ආගමික බස් ව්‍යාපාරය. මෙය ක්‍රියාවට නැගුනේ බ්‍රිතාන්‍ය ප්‍රහසන ලේඛිකා Ariane Sherine සමඟ බ්‍රිතාන්‍යය මානවවාදී ව්‍යාපාරය (British Humanist Association) සහ රිචඩ් ඩෝකින්ස් ගේ නිල සහයෝගය ඇතුව 2008 ඔක්තෝබර් 21. එහි පලමු ඉලක්කය වුනේ “There’s probably no God. Now stop worrying and enjoy your life/ දෙවියෙක් නැත, දැන් බිය නොවී ජීවිතය සතුටින් විඳින්න” යන පාඨය රැගත් බස් රථ 30ක් ලංඩනය තුල සති හතරක් ධාවනය කිරීමට පවුම් 5500ක මුදලක් රැස්කිරීමයි. මුදල් එකතු වුනේ මහ ජනතාවගේ පරිත්‍යාග වලින්. 2008 ඔක්තෝබර් 24 වන විට පවුම් ලක්ෂයක් මහජනතාව විසින් පරිත්‍යාග කර හමාරයි.
2009 ජනවාරියේ පලමු බස් දැන්වීම් ප්‍රදර්ශනය වුනා. බස් 800ක් පමණ මුලු බ්‍රිතාන්‍යය පුරා ධාවනය වෙනවා මේ දැන්වීම් සමඟ. ඊට අමතරව මේ වගේ දැන්වීම් 1000ක් ලංඩනයේ උමං දුම්රිය ස්තාන වල ප්‍රදර්ශනය කරන්නට සැලසුම් කර තියෙනවා.
වොෂින්ටනයේ මෙවැනිම බස් රථ දැන්වීම් ව්‍යාපාරයක් ඇරඹුනා, බ්‍රිතාන්‍යය ව්‍යාපාරයෙන් ආභාෂය ලබමින්. එහි පාඨය වුනේ “Why believe in a God? Just be good for goodness’ sake ” ඔස්ට්‍රේලියාවේ මීට සමගාමී ව්‍යාපාරයක් ඇති කිරීමට කටයුතු යොදා තිබුනත් මතභේදකාරී කරුණු ප්‍රදර්ශනයට බස් සමාගම් කැමැති වී නැහැ. ඉතාලියේත්, ස්පාඤ්ඤයේත්, ජ’මනියේත්, කැනඩාවේත්, නවසීලන්තයේත්, ස්වීඩනයේත් මීට සමගාමී ව්‍යාපාර ඇරඹුනා.
මේ බස් රථ එකක්වත් කිසිම අනතුරකට ලක් නොවී ධාවනය වූ බවයි කියවෙන්නේ.
මේ වොෂින්ටනයේ දැන්වීම

මේ ඉතාලියේ දැන්වීම

මේ ජ’මනියේ දැන්වීම

දෙවියන්/ අල්ලා පිලිබඳ ජීව විද්‍යාත්මක විග්‍රහය??
Posted in Atheism, Evolution, Freedom of expression, religion, Richard Dawkins | Tagged: Allah, Ariane Sherine, Atheism, atheist bus campaign, british humanist association, Buddhism, christianity, God, Hinduism, Islam, Jesus, Muhammed, religion, Richard Dawkins | 8 Comments »
Posted by dawkinssdodo on ජූලි 31, 2010
පරිණාමයට විරුද්ධව ගෙන එන එක ජනප්‍රිය තර්කයක් තමයි, අතරමැදි ජීවී කාණ්ඩ එහෙමත් නැත්නම් අන්තර් කාණ්ඩ (intermediate fossil) නියෝජනය කරන ෆොසිල හෝ සත්වයන් දක්නට නොමැති කම. මේවාට සංක්‍රමණික , නැත්නම් සංක්‍රාන්ති ෆොසිල (transitional fossil) කියලත් කියන්න පුලුවන්. පරිණාමය වීමේදී එක් ජීවී කාණ්ඩයකින් තව කාණ්ඩයක් පැන නගින විට, එහෙමත් නැත්නම් අතු බෙදෙන විට මේ ජීවී කාණ්ඩ දෙකට අතරමැදි ලක්ෂන පෙන්වන සත්වයින් සිටිය බවට සාක්ෂි නැත්තේ ඇයි කියන ප්‍රශ්නය. සංක්‍රාන්ති ෆොසිල නැත්තේ ඇයි කියන එක නොදන්න කම නිසා පැන නගින ප්‍රශ්නයක්. සංක්‍රාන්ති ෆොසිල තියෙනව, හැබැයි සුළු ප්‍රමාණයක් පමනයි සොයාගෙන තියෙන්නේ. හැම සංක්‍රාන්ති අවස්තාවක්ම ෆොසිලයක් වෙලා සංරක්ෂිත සාක්ෂියක් බවට පත් වෙන්නෙත් නැහැ. ඒ නිසා තමයි මේවා නැතිවුනු පුරුක් (missing link) කියා හඳුන්වන්නෙත්.
2004 දී නීල් ශූබින් (Neil Shubin)ඇතුලු පර්යේශක පිරිස කැනඩාවේදී කල කැනීම් වලින් මතු වුණා මේකට නොසැලෙන අපූර්ව උත්තරයක්. ඒක අවුරුදු මිලියන 375 ක් පැරණි ෆොසිලයක්. ඩෙවෝනියන් යුගයේ අවසාන කාලයේ සිටි සත්ව කණ්ඩායමක්. මේ ෆොසිලය මාලුන් සහ උභය ජීවීන් අතර අතරමැදි අවස්තාවක් නියෝජනය කරනව.
ටික්ටාලික් රොසියේ (Tiktaalik roseae) නමින් හඳුන් වන මේ සත්ව කාණ්ඩය “මත්ස්‍යපාදිකයන්” (Fishapod) යනුවෙන් මුලින් හැඳින්වුයේත් මේ සතරපාදිකයන් (Tetrapod) සහ මත්ස්‍යයින් (Fish) අතර අතර මැදි අවස්තාවට කදිම උදාහරනයක් නිසායි.
ටික්ටාලික්ගේ වරල් මූලික මැණික් කටු අස්ථි සහ ඇඟිලි වලින් යුක්ත නිසා ඒවා බර දැරීමට පරිණාමය වූ එවා බව පැහැදිලියි. මේ වගේ ලක්ෂනයක් වෙනත් කිසිම මත්ස්‍ය ආකාර ෆොසිලයක තිබූ ලක්ෂනයක් නෙවේ.
ඊට අමතරව මේ මත්ස්‍ය ආකාර සත්වයා – ටික්ටාලික් ට ආදි ආකාර පෙනහලුත් කරමල් වලට අමතරව තිබුන බව කියැවෙනවා. අනිත් මත්ස්‍යයන්ට නොමැති විශේෂම ලක්ෂණය, පැහැදිලි බෙල්ලක් ටික්ටාලික්ට තිබීමයි.
වැඩිදුර විස්තර සඳහා කියවන්න-
http://en.wikipedia.org/wiki/Tiktaalik
http://en.wikipedia.org/wiki/Transitional_fossil
නීල් ශූබින්ගේ කතාව බලන්න-
දෙවියන්/ අල්ලා පිලිබඳ ජීව විද්‍යාත්මක විග්‍රහය??
Posted in Evolution, Fossil evidence, Richard Dawkins, Transitional fossil | Tagged: amphibians, devonian, fish, fishapod, intermediate fossil, missing link, Neil shubin, tetrapod, Tiktaalik rosea, transitional fossil | 16 Comments »
Posted by dawkinssdodo on ජූලි 30, 2010

මීම් (Meme) යනු ඩෝකින්ස් හැදු වචනයක්, ඔහුගේ Selfish Gene කෘතියෙදී පලමු වරට මුද්‍රනය වුනු. මීම් (Meme) යනු ජීන් (Gene) හා සමගාමී වීමට තැනූවක්. වචනය හැදුනේ ඉංග්‍රීසි -Imitation- අනුකරනය සහ ග්‍රීක මූලය වන -Mimeme- යන්නෙන්. ජානයකට ප්‍රතිවලිතවෙමින් (Replicate-දෙගුන වෙමින් මුල් ජානය ආකාරයේ ම අනු පිටපතක් නිර්මාණය ) ඊලඟ පරම්පරාවට ගමන් කරන්නට පුලුවන් බව අප හැම දන්නවා. එසේ ප්‍රතිවලිත වීමෙදී DNA අනුව විකෘති වීම නිසා තමයි නව එහෙත් සුලුවෙනස් කම් ඇතිවන්නෙ. මෙලෙස ජානයක් නොනැසී එක් පරම්පරාවකින් තව පරම්පරාවකට යනවා, සමහර විට වෙනස්කම් නිසා නව වඩා හොඳ ලක්ෂන (ඒ අවස්තාවේ පරිසරයට සාපේක්ශව ) ලැබෙනවා. නරක ලක්ෂනයක් (ආයිත් ඒ අවස්තාවේ බාහිර පරිසරය තමයි පෙරහනය!) නම් ප්‍රතික්ශේප වෙනවා. ඩෝකින් මේ ජානයක් වරණය වීම හා නැවත ප්‍රතිවලිත, හෝ ප්‍රගුනණය වීමට ඇති හැකියාව තමයි සුවිෂේශීම ලක්ෂනය විදියට දැක්කෙ.
මේ විශ්වයේ කොතැනක ජීවය තිබුනත් ඒ සඳහා අවශ්‍ය වන මූලිකම ලක්ෂනය නම් ප්‍රතිවලිත විය හැකි ඒකකයක් තිබීමයි. ජානය හෝ DNA අණුව තමයි අපේ ලෝකය සම්බන්දයෙන් මේ ප්‍රතිවලිත විය හැකි අණුව.
තවත් මේ විදියට ප්‍රතිවලිත විය හැකි ප්‍රතිගුනකයන් වර්ගයක් අපේ ඇස් ඉදිරිපිටම සිටින බව ඩෝකින්ස් නිරීක්ෂනය කලා. ඒ අන් කිසිවක් නොව මිනිස් සංස්කෘතිය තුල නිපදවෙන සංගීත කන්ඩ, විලාසිතා, අදහස්. එසේත් නැතිනම් මල්පෝච්චි වල හෝ ගොඩනැගිලි ආරුක්කු වල හැඩය. මිනිස් සංස්කෘතිය තුල බිහිවෙන මේ නව ප්‍රතිගුණකය සංස්කෘතික දැනුම සම්ප්‍රේශනය කරන ඒකකයක්. අනුකාරකයක්. ඒ අනුකාරකය , නව ප්‍රති ගුනකය තමා මීමය (MEME).
ජානයක් ශුක්‍රානු සහ ඩිම්බ හරහා සිරුරෙන් සිරුරට පනිමින් ජාන සංචිතය (Gene pool-ජාන එකතුව) තුල ව්‍යාප්ත වෙනවා මෙන්, මීමය ත් මීම් සංචිතය (Meme pool) තුල ව්‍යාප්ත වෙනවා මිනිස් මොලයෙන් මොලයට පනිමින්. ඉතා පුලුල් ලෙස සැලකුවොත් මේ මොලයෙන් මොලයට පැනීම සඳහා උදව් වෙන්නෙ අනුකරනය. උදාහරනයක් විදියට විද්‍යාඥයෙක් නව විද්‍යාත්මක න්‍යායක් ගැන කියෙව්වොත් හෝ ඇසුවොත්, ඔහු ඒක බෙදා හදා ගන්නවා තම සිසුන් සහ මිතුරන් සමග. මේ අදහස ගැන ඔහුගේ දේශන සහ පර්යේශන පත්‍රිකා වල සදහන් කරනවා. ඇත්තටම මේ අදහස පිලිගැනීමකට ලක්වුනොත් එය ව්‍යාප්ත වෙනවා මොලයෙන් මොලයට පනිමින්. ඇත්තටම සාරවත් මීමයක් ඔබ මගේ සිතේ තුල තැන්පත්කිරීම මගින් වෙන්නේ මගේ මොලය තුල මීම-අසාදනයක් (Meme infection) ඇති කිරීම, එසේත් නැතිනම් මීම-පරපොෂිතයෙක් ඇතුලු කිරීමයි. මෙසේ සිත් ඇදගන්නා, සමාජීයව අනුමත වන සියලු සංස්කෘතික දැනුම, හරියට වෛරසයක් වගේ එකිනකාගෙන් අනිකාට පැතිරෙනවා. බොබ් මාලිගේ සිංදුවක් ගත්තත්, මොසාට් ගේ හරි බීතොවන් ගේ හරි සංගීත කණ්ඩයක් ගත්තත් ඒක අප අතර පැතිරෙන්නෙ ඒක සාර්තක මීමයක් නිසා.
දෙවියන් වහන්සේ \ අල්ලාහ් ත් මේ වගේ මීමයක්. ඒක මීම පොකුනේ මතු වුනේ කොහොමද කියල හරියටම කියන්න බැරි වුනාට ඒක ඉතාම පැරණි මීමයක්. ඒක ප්‍රතිවලිත වෙන්නේ කොහොමද? කටින් කට පැතිරෙනවා වගේම ශුද්ධවූ පොත්පත්, ලේඛන, විශිෂ්ඨ සංගීතය සහ විශිෂ්ඨ සිත්තම් නිසා. ඒ මීමයට අනෙක් මීමයන්ට වඩා වැඩි පැවැත්මක් (උන්නති වටිනාකමක් -Survival Value) ලැබෙන්නේ ඇයි? වෙනත් වචන වලින් කිව්වොත් දෙවියන්\අල්ලාහ් කියන අදහසට මිනිස් සංස්කෘතිය තුල වැඩි ස්ථායි තාවයක් , ලැදියාවක් ලැබෙන්නේ ඇයි?? ඒ අඛණ්ඩ පැවැත්මට ඇති හැකියාව (උන්නති වටිනාකම) දෙවියන් \ අල්ලාහ් කියන මීමයට ලැබෙන්නෙ එහි ඇති සුවිශාල මනෝවිද්‍යාත්මක ආකර්ෂනය නිසා.
දෙවියන් වහන්සේ \ අල්ලාහ් කියන මීමය මෙලොව ඇති අසාධාරන කම්, අයුක්තිසහගත ක්‍රියා එලොවදී නැති කරන්නට පොරොන්දු දෙනවා. වැරදි කාරයන්ට දඩුවම් දෙන්න පොරොන්දු වෙනවා. අපේ පැවැත්ම සහ මරණය ගැන නැගෙන අති සංකීර්ණ ගැඹුරු ප්‍රශ්න වලට නොගැඹුරු, අවිචක්ෂණ, සීනිබෝල- උත්තර දෙනවා. ජීවිතයේ නොයෙක් අවිනිශ්චිත අමිහිරි අවස්තාවලදී අදිසි හස්තයක් අප ආරක්ෂා කරන බව මවාගන්නට උදව්වෙනවා. මේ නිසා තමයි අවුරුදු දහස් ගනණක් තිස්සේ මේ මීමය ඉතා සාර්තකව එකිනෙකාගේ මොල ආක්‍රමනය කරමින් පරම්පරා සිය දහස් ගනණක් තිස්සේ පැතිරෙන්නේ. දෙවියන් \ අල්ලාහ් කියන මීමය මේ තරම් හොඳින් පිටපත් වෙන්නෙත් ඒ නිසා. දෙවියන් \ අල්ලාහ් පවතින්නේ මීමයක් ලෙස , එහි ඉහල ආසාදන අගය, උන්නති අගය හේතුවෙන් මිනිස් සංස්කෘතිය තුල පමණයි.
මෙය ඩෝකින්ස් ගේ Selfish Gene කෘතියේ එන Memes: The new replicators පරිච්ඡේදය ඇසුරෙන් ලියවිණි.
Posted in Biology, Culture, Evolution, Meme, Philosophy, religion, Richard Dawkins, Science | Tagged: Allah, Buddhism, christianity, Culture, Daniel Dennett, DNA, gene, God, Hinduism, Islam, Jesus, Meme, meme pool, mutation, Natural selection, Virus | 11 Comments »