Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ

Richard Dawkins, Evolution, Biology and Religion|පරිණාමය, ජීව විද්‍යාව සහ ආගම

Archive for the ‘Culture’ Category

විකිපීඩියාව විසි හතර පැයකට අක්‍රියයි.

Posted by dawkinssdodo on ජනවාරි 18, 2012

Imagine a World
Without Free Knowledge

For over a decade, we have spent millions of hours building the largest encyclopedia in human history. Right now, the U.S. Congress is considering legislation that could fatally damage the free and open Internet. For 24 hours, to raise awareness, we are blacking out Wikipedia
LEARN MORE

Posted in Culture, Freedom of expression, Life, Uncategorized | Tagged: , | 8 Comments »

රිචඩ් ඩෝකින්ස් ගාල්ලේදී ඔබ හමුවන වගයි !

Posted by dawkinssdodo on ජනවාරි 12, 2012

ගාලු සාහිත්‍ය උත්සවයට පැමිනෙන රිචඩ් ඩෝකින්ස් ජනවාරි 20 වැනි දින 2.30 ට තම ජීවිතය සහ තම විවාදාත්මක වෘත්තිය පිලිබඳ දේශනයක් පැවැත්වීමට නියමිතයි. වැඩිදුර විස්තර ගාලු සාහිත්‍ය උත්සව වෙබ් අඩවියෙන්.


කවුද
මේ රිචඩ් ඩෝකින්ස්?

ඩෝකින්ස් නිර්මාණය කල මීම යනු මොනවාද

Posted in Biology, Culture, Evolution, Language, Life, Philosophy, religion, Richard Dawkins, Science | Tagged: , , , , , , | 11 Comments »

අප්‍රිකානු සිහිනය මරා දැමීම සහ පෘතුවි තාපන කෙප්පය? | Killing the African dream and Global warming swindle ?

Posted by dawkinssdodo on සැප්තැම්බර් 13, 2011


චැනල් ෆෝ (Channel four) යනු ශ්‍රී ලාංකිකයන්ට ආගන්තුක චැනලයක් නොවෙයි. The Great Global Warming Swindle යනු චැනල් ෆෝ හි මාටින් ඩ’කින් (Martin Durkin) විසින් 2007 දී පෘතුවි තාපනය (Global Warming) පිළිබඳ නිපදවූ විවාදාත්මක රූපවාහිනි වැඩසටහනක්. දේශගුණික විපර්යාසය (Climate Change) පිළිබඳ විද්‍යාත්මක මතය, පර්යේෂණ සඳහා ලැබෙන අරමුදල්, දේශපාලන කරුණු, ආදිය මගින් අනියම් බලපෑමකට ලක්වන බව මේ වාර්තා චිත්‍රපටයෙන් ඉදිරිපත් කරන එක් අදහසක්. එලෙසම මානව-මූලික පෘතුවි තාපනය (anthropogenic global warming/ man-made global warming) පිළිබඳ විද්‍යාත්මක ප්‍රජාවේ සම්මුතියක්, එකඟත්වයක් තිබේද යන්නත් දැඩිව ප්‍රශ්න කෙරෙන චිත්‍රපටයක්.


පෘතුවි තාපනය සැක කරන්නන් අතර මෙය ජනප්‍රිය වුවද දේශගුණික විද්‍යාඥයින් ගෙන් දැඩි විරෝධයක් එල්ල විය. චැනල් ෆෝ වාර්තා චිත්‍රපටි අංශයේ ප්‍රධානියාට අනුව ” මානව මූලික කාබන් ඩයොක්සයිඩ් නිසා පෘතුවි තාපනය සිදු වන බව නොපිළිගන්නා විද්‍යාඥයින් අති-සුළුතරයකගේ මතය ප්‍රකාශ කිරීම වෙනුවෙන්” නිපදවූ විවාදාත්මක චිත්‍රපටයකි. චිත්‍රපටයේ විවේචකයින් ගේ තර්ක වුයේ “දත්ත වැරදි ලෙස අර්ථ දැක්වීම, දත්ත ප්‍රබන්ධ කිරීම, සහ IPCC (Intergovernmental Pannel on Climate Change) හි මතය වැරදි ලෙස අර්ථ දැක්වීම” යි. මාටින් ඩ’කින් චිත්‍රපටයේ එන වැරදි තුනක් පසු විකාශන වල නිවැරදි කල මුත් ඉන් චිත්‍රපටයේ මූලික අදහසට බලපෑමක් නොවු බව ප්‍රකාශ කළේය.


කුමන විවාද තිබුණද මේ චිත්‍රපටයේ නගන සමහර ප්‍රශ්න ඉතාම සිත්ගන්නා අයුරින් තාර්කිකව ඉදිරිපත් කර තිබේ. උදාහරණයක් ලෙස චිත්‍රපටයේ එන James Shikwati නැමති ආර්ථික විද්‍යඥයා ගේ අදහස වන්නේ අප්‍රිකාවේ ෆොසිල ඉන්ධන භාවිතයට විරුද්ධ වීම අප්‍රිකානු සිහිනය මරාදැමීමක් බවයි. අපිට කියනව “ඔබේ සම්පත් වලට අත තියන්න එපා, ඔබේ තෙල් වලට අත තියන්න එපා, ඔබේ ගල් අඟුරු වලට අත තියන්න එපා කියල” ඒක සිය දිවි නසා ගැනීමක්, ඔහු පවසයි.


තවත් අවධානය දිනාගන්නා කරුණක් නම්, පෘතුවි තාපනය සහ දේශගුණික විපර්යාස පිළිබඳ පර්යේෂණ සඳහා ලැබෙන ආධාර ක්‍රමයෙන් වැඩිවී අද හොඳින්ම මූල්‍ය ආධාර ලැබෙන පර්යේෂණ අංශ බවට මේවා පත්ව ඇති බවයි. එනිසා ඒ වටා දහස් ගණනකගේ ජීවන වෘත්තීන් ගොඩනැගී තිබේ. මෙනිසාම මේ මතයට විරුද්ධ මත දරන විද්‍යාඥයින් මර්දනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව චිත්‍රපටයෙන් කියවේ.


බ්‍රිතාන්‍ය විකාශන පාලනාධිකාරියට (Office of Communication (Ofcom)) මේ වාර්තා චිත්‍රපටය සම්බන්දයෙන් පැමිණිලි 265ක් ලැබුණි. අපක්ෂපාතීත්වය පිළිබඳ විකාශන නීති කඩ කෙරී ඇති බව පාලනාධිකාරිය තීන්දු කළද ඉන් එහා ක්‍රියාමාර්ගයක් නොගැනුණි. පාලනාධිකාරියේ මතය වූයේ “චිත්‍රපටයේ අන්තර්ගතය සැලකිය යුතු මට්ටමකින් ප්‍රේක්ෂකයන් නොමඟ යවා ඔවුන්ට හානියක් සිදුකර නැති” බවයි.


Wikipedia ඇසුරෙනි.

Posted in Climate change, Culture, Global Warming, Physics, Science | Tagged: , , , , , , | 6 Comments »

ජාන විකරණය කරන ලද ආහාර පිටුපස රහස: මොන්සැන්ටෝ

Posted by dawkinssdodo on අප්‍රේල් 18, 2011



මේ සටහන තැබෙන්නේ ඊට පූර්විකාවක් වු සොඳුරු සිත විසින් කරන ලද පාඨක ප්‍රතිචාරයක් නිසාය.

ඔවුන් අත නොතබා ඇති යමක් නොමැති තරම්ය. ඔබේ කෑම මේසය මත ඇති බත්, බණ්ඩක්කා, අබ, තෙල්, මල් ගෝවා ආදී සියල්ලම ඔවුන්ගේ ග්‍රහනයට යටත්ව ඇත්තේය. යම් බීජයකට අයිතිවාසිකම් කිව හැකි බව සම්මතය වූ පසු, එම බීජ පාවිච්චි කරන හැම වරකම ඒ වෙනුවෙන් කුලියක් අයකර ගත හැක. ඔවුන් මත යැපෙමින් හැම බෝගයක්ම වවන්නට සිදු වනු ඇත. ඔවුන් මත යැපෙමින් හැම බීජයක්ම පැලකරන්නට සිදුවනු ඇත. ශාක බීජ වල අයිතිය ඔවුන් සතු නම් අවසානයේ ආහාර වල අයිතිය, පාලනය ඔවුන් සතුවේ. ඒක තුවක්කු බෝම්බ වලට වඩා බලගතු උපක්‍රමික අවියක්. ලෝකය තුල විවිධ ජන සමූහ පාලනය කල හැකි හැකි හොඳම ක්‍රමය එයයි. කතාව ඇරඹෙන්නේ ධවල මන්දිරයෙනි. මොන්සැන්ටෝ (Monsanto) නම් සමාගම විසින් ධවල මන්දිරයේ එක්සත් ජනපද ප්‍රතිපත්ති සම්පාදකයන්ට බලපෑම් කිරීමේ අරුම පුදුම හැකියාව කතාවේ ඇරඹුමයි. උදාහරණයක් ලෙස අනූ ගනන් වල එක්සත් ජනපද ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ (FDA) නියෝජ්‍ය කොමසාරිස් ලෙස පත්වන පුද්ගලයා කලින් මොන්සැන්ටෝහී නීතිඥයෙක් ලෙස රැකියාව කල කෙනෙක්. මොහු ජාන විකරණය (GM, GE) කරන ලද ආහාර සහ බෝග එක්සත් ජනපදය තුල අනුමත කිරීම සඳහා තීරණාත්මකව මැදිහත්වනවා. ඔහුගේ සේවා කාලයෙන් පසු ඔහු නැවත එම සමාගමේම උප සභාපතිවරයා ලෙස වැඩ බාරගන්නවා.

මේ වගේ මොන්සැන්ටෝ සහ රාජ්‍ය ආයතන අතර ඇති ඉතා සමීප සම්බන්දතා වලට පිංසිද්ද වෙන්න ජාන විකරණය කල ආහාර සහ බෝග එක්සත් ජනපදය තුල විකිනෙන්නේ නියමාකාරයේ පරීක්ෂාවකින්, පර්යේෂණයකින්, ලේබලයකින් තොරව, පරිභෝජනයට සුදුසු බව පිලිබඳ සැක මතු කරමින්. අනිත් අතට එක්සත් ජනපදයේ මුලු ජාන විකරණය කරන ලද බීජ වලින් 90% ක්ම සපයන්නේ මොන්සැන්ටෝ. මොන්සැන්ටෝගේ අදිසි හස්තය නිසාම එක්සත් ජනපද ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය තම පාලනාධිකාරියේ විද්‍යාඥයින්ගේ අවවාද, අනතුරු හැඟවීම් පවා නොසලකා හැරියා. අල්ලස් දීම, නොමඟ යවන වෙලඳ දැන්වීම් සහ විද්‍යාත්මක පර්යේෂණ වල දත්ත සැඟවීම ඔවුන්ගේ අනිකුත් උපාය මාර්ගයි.

මේ Top documentary films හි පලවූ විස්තරයක පරිවර්තනයකි.

The world According to Monsanto වාර්තා චිත්‍රපටය ඔවුන් ගැන නිපද වූවක්.

Posted in Biology, Cell biology, Culture, DNA, Freedom of expression, Gene, Genetic data, Life, Molecular Biology, RNA, Science | Tagged: , , , , , , , | 6 Comments »

ගොන්නුන්ට එරෙන මිනිස් මව්කිරි

Posted by dawkinssdodo on අප්‍රේල් 5, 2011

චීනයේ බෙයිජිං කෘෂි විශ්වවිද්‍යාලයේ ජාන තාක්ෂණ විද්‍යාඥයින් පිරිසක් විසින් පලමු වරට මිනිස් ජාන එලදෙනුන්ට හඳුන්වා දීමෙන් මිනිස් මව්කිරි නිපදවන්නට සමත් වී තිබෙනවා. මෙසේ ජාන විකරනය (genetically modified) කරන ලද එලදෙනුන් 17ක් මේ පර්යේෂණයට යොදාගෙන තිබේ. ඇත්තටම මේ එළදෙනුන් ක්ලෝනිකරනය කරන ලද ජාන විකරනය කරන ලද සතුන්. මේ පිලිබඳ පර්යේෂණ පත්‍රිකාව ප්ලොස් වන් (PLoS ONE) සඟරාවේ පලවුනා. මිනිස් ප්‍රෝටීන වන ලයිසොසයිම්, ලැක්ටොෆෙරින් සහ ලැක්ටොඇල්බියුමින් අඩංගු ” මව්කිරි” නිපදවන්නට මේ එළදෙනුන්ට හැකි වූ බවයි පර්යේෂණ පත්‍රිකාවේ සඳහන් වන්නේ. මෙම ප්‍රෝටීන අලුත උපන් දරුවන්ගේ ප්‍රතිශක්තිය දියුනු කරමින් ආසාදන වලට එරෙහිව සටන් කරන්නට උදව්වනවා. මේ “මව්කිරි” වෙලඳපොලට නිකුත් කිරීමට තවත් අවුරුදු 10ක් පමණ ගත විය හැකියි. ඒ මිනිස් පරිභෝජනයට සුදුසු දැයි පර්යේෂණ කර මේ මව්කිරි වල ආරක්ෂිත බව නිට්ටාවට නිශ්චය කර ගත යුතු නිසා.

ක්ලෝනීකරනය (cloning) කරන ලද මිනිස් ජාන හොල්ස්ටයින් කිරි එළදෙනුන්ගේ ඩී.එන්.ඒ (DNA) වලට හඳුන්වා දීමෙන් පසු, එලෙස ජාන විකරණය කරන ලද කළල, දාරක එළදෙනුන් තුල වර්ධනය කිරීමෙනුයි මේ පර්යේෂණය සිදු කෙරුනේ.

PLoS ONE සහ Daily Telegraph ඇසුරෙනි.

පින්තූරය Daily Telegraph පුවත්පතෙන් උපුටා ගැනින.

Posted in Biology, Cell biology, Culture, Gene, Life, Molecular Biology, religion, Science | Tagged: , , , , , , , , | 6 Comments »

ටැබූ, Beyond Frame සහ නිරුවත් වානරයා

Posted by dawkinssdodo on මාර්තු 20, 2011


ටැබූ සබ්ජෙක්ට්ස් (Taboo Subjects) සිංහල බ්ලොග් අවකාශය තුල ජනප්‍රියම බ්ලොග් අඩවිය යනු අතිශයෝක්තියක් නොවේ. එහි ලියැවුනු බොහෝ ලිපි ලාංකීය සමාජය නිර්දයව නිරුවත් කලේය. අනිකුත් ආගම් පමණක් නොව, බුද්ධාගම ඇතුලු සියලු ආගමික විශ්වාසයන් කොන්දේසි විරහිතව විවේචනය වුයේය. බුද්ධාගමට මුවාවී විකාර කරන මහාචාර්යවරුන්ද, තමන් “මාර්ග පල” ලැබුවායි නොකියා කියන චීවරදාරීන්ද එලිදරව් කරනු ලැබුවේය. කෙසේ වෙතත් ටැබූ තම පාටක හඬට කන් දෙමින් කිහිප වාරයකදී තම යෙදුම් සහ පෝස්ට ඉදිරිපත් කරන ආකාරය වෙනස් කලේය. ඩෝඩෝ ගේ විරෝධය නොතකා එක් පෝස්ටයක් හා සබැඳුනු සිත්තම අයින් කලේ ආගමික නායකයෙක්ගේ සිත්තම් පිලිබඳ පාටක විරෝධයකට ප්‍රතිචාර වශයෙනි.

ඩෝඩෝගේ බ්ලොගය සිංහල බ්ලොග් අවකාශයේ දන්නා අය ඇත්නම් ඒ ඇඟිලිවලින් ගනින්නට හැකි ප්‍රමාණයකි. එහෙත් ටැබූ ඩෝඩෝ ගේ පෝස්ට වල ප්‍රතිචාර දැක්වූ ඒ අතලොස්සක් දෙනා අතරින් එක් අයෙකි. ඔහුගේ ප්‍රතිචාර දිරි ගැන්වීමක් වු බව නොකිවමනාය. ඉන් නොනැවතුන ටැබූ ඩෝඩෝ ගේ බ්ලොගයට ප්‍රසිද්ධියක් ලබා දෙමින් Richard Dawkins ගේ Selfish Gene හදුන්වා දීම ගැන නිරහංකාරව ඔහුගේ පෝස්ටයකය තම කෘතවේදීත්වයද පල කලේය. වේලි වේලි තිබූ ඩෝඩෝ ගේ බ්ලොගයට එක්වරම දෙතුන් සීයක පිරිසක් පැමිනීමේ ගැටලුව ඩෝඩෝ විසඳා ගත්තේ refering links වලිනි. ඒ අතරම ටැබූ මතු කල ප්‍රශ්නවලට ඩෝඩෝ සම්පූර්ණ පිලිතුරු දෙන්නට මත්තෙන් ටැබූව බ්ලොග් අවකාශයෙන් ඉවත්කරනු ලැබීය.

ඒ මේ සියල්ල සුන්දර අතීත යට ගියාවය. අද ටැබූ සබ්ජෙක්ට්ස් අඩ්විය එහි කතුවරයාගේ අභිමතයට එරෙහිව වෙනෙකෙකුගේ පාලනයට නතුවූ බව පැහැදිලිය. දිනපතා යාවත් කාලීනවූ Beyond Frame වෙබ් අඩවියද මේ ආකාරයෙන්ම කඩාකප්පල් කරනු ලැබුනි. Beyond Frame බ්ලොග් අඩවිය දේශපාලනික බ්ලොග් අඩවියක් ලෙස අතිශය ජනප්‍රිය වූ අතර එහි පාටක ප්‍රතිචාර බොහෝවිට ඉතා උනුසුම් සංවාද බවට පෙරලුනි. ඊට අමතරව Beyond Frame බ්ලොග් අඩවියටම ආවේණික පාටක පිරිස නිසාද , ඔවුන්ටම ආවේණික ප්‍රතිචාර ඌරුව නිසාද බොහෝ විට හාස්‍ය රසයෙන්ද අනූන විය. ඒ කෙසේ වෙතත් අවසන් ප්‍රතිපලය සිංහල බ්ලොග් අවකාශයේ ජනප්‍රිය, නිතිපතා යාවත් කාලීනවන බ්ලොග් අඩවි දෙකක් අක්‍රිය වීමයි.

ඩෝඩෝ සිංහල බ්ලොග් අවකාශය තුල ප්‍රචාරකවාදී ඉස්ලාමය විවේචනය කල කිහිප දෙනාගෙන් එක් අයෙකි. ජාත්‍යන්තර ප්‍රචාරකවාදී ඉස්ලාමීය කඳවුරෙන් නිපදවන අමූලික ගල් පැලෙන බොරු සහ “විද්‍යාත්මක” යැයි කියමින් ඉදිරිපත් කරන අවිද්‍යාත්මක කරුනු අදත් හෙටත්, ඩෝඩෝ ගේ විවේචනයට ලක්වනු ඇත්තේය. එහත් ඉස්ලාමයේ අවිද්‍යාත්මක කරුනු හෙලිදරව් කරනු විනා, යමෙකුගේ අදහස් ප්‍රකාශනයේ මූලික අයිතිය නැති කරන්නට ඩෝඩෝ ගේ සහයෝගයක් නොලැබෙනු ඇත්තේය. අන්කිසිවක් නිසා නොව, ඩෝඩෝ ගේ විවෙචනයට ලක් වන ඉස්ලාමය තුල නැති නිදහස, සිංහල බ්ලොග් අවකාශය තුල නැති කරන්නට අනුබල දිය නොහැකි නිසාය. ඩෝඩෝ ගේ ප්‍රතිවාදීන් මතවාදීමයව පරාජය කිරීම ගැන හෝ, ඔවුන්ට උත්තර බැඳීමට ඇති හැකියාව ගැන ඩෝඩෝට නම් සැකයක් නැත.

මේ කඩාකප්පල්කාරී වාරණයට ආසන්නතම හේතුව ලෙස ඩෝඩෝ හඳුනා ගන්නේ බ්ලොග් අවකාශයේ පැතිර ගිය ආගමික විවේචනයි. ආගම් ගැන කියැවෙන විට ඩෝඩෝගේ සිහියට නැගෙන්නේ මෑතකදී Secular Sri Lanka වෙබ් අඩවියේ පලවූ ආතර් සී ක්ලාක් අනුස්මරණ දේශනය (Human Evolution and Future of Humanity) කල “නිරුවත් වානරයා” හෙවත් එස් එම් බන්දුසීලයන් ගේ දේශනයයි. ඩෝඩෝගේ අදහස නම් විශිෂ්ඨ පරිවර්තකයෙකු වන බන්දුසීලයන් ගේ අවධානය විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයෙන්, ජීව විද්‍යාව සහ පරිණාමයට යොමුවිය යුතු බවයි. විද්‍යා ප්‍රබන්ධ ජනප්‍රිය කිරීමෙහිලා එතුමන්ගේ දායකත්වය ඩෝඩෝ අගය කලත්, ඩෙස්මන්ඩ් මොරිස් ගේ “නිරුවත් වානරයා” (The Naked Ape) සහ “මනුසත් උයන” (The Human zoo) යන පරිවර්තන දෙකට සම කල හැකි අන්දමේ ප්‍රබන්ධ-නොවන කෘතියක් සිංහල විද්‍යා සාහිත්‍ය තුල නැති බව ඩෝඩෝ ගේ වැටහීමයි. ආගම් වෙනුවෙන් එකිනෙකා මරාගන්නට සැරසෙන යෞවන බ්ලොග් කරුවන් නිර්-ආගමිකත්වය පිලිබඳව උනන්දු නොවන්නේ ඇයි? ඒ නිරුවත් වානරයා සහ මනුසත් උයන වැනි විද්‍යාත්මක කෘති පරිශීලනය කිරීමේ අඩුව නිසාද? ඒසේත් නැතිනම් කෙතරම් ශිෂ්ට යැයි කියාගත්තද අප තුල ජීවත්වන නිරුවත් වානරයාගේ ගෝත්‍රික ලක්ෂණ සයිබර් අවකාශය නැමති අතථ්‍ය (Virtual) මනුසත් උයනේත් කූඩු වීම නිසා තව තවත් වර්ධනය වීම නිසාද??

Posted in Biology, Culture, Evolution, Freedom of expression, Philosophy, religion, Science | Tagged: , , , , , , , , , , , , , , , , | 13 Comments »

රමණය දීර්ග කරගැනීමට මෞඛ සංසර්ගය ??

Posted by dawkinssdodo on මාර්තු 16, 2011


ප්ලොස් වන් (PLoS ONE) සඟරාවේ පර්යේෂණ පත්‍රිකාවක අපූරු සොයාගැනීමක් වාර්තා වුනා. මුඛ සංසර්ගය (Fellatio) මිනිසුන් විසින් පූර්ව-සංසර්ග උත්තේජනයක් (Fore play) ලෙස නිතරම යොදාගැනුනත් අනික් සතුන් මුඛ සංසර්ගයේ යෙදෙන බව වාර්තාවන්නේ කලාතුරකින්. බොන්බෝවන් (Bonbo) හෙවත් පිග්මි චිම්පන්සින් අතර මුඛ සංසර්ගය වාර්තා වුවත් එය දක්නට ලැබෙන්නේ යෞවන පිරිමි චිම්පන්සින් අතර පමණයි. බහු-භාර්යා සේවනයේ යෙදෙන පලතුරු වවුලන් (Cynopterus sphinx) අතර ලිංගික ක්‍රියාවේදී මුඛ සංසර්ගය භාවිතාවන බව දැන් වාර්තාවනවා.

පෘෂ්ඨොදරීය (dorsoventral) සංසර්ගයේදී ගැහැනු වවුලන් නිතරම ශිශ්නය ලෙවකන බව පර්යේෂකයන් නිරීක්ෂනය කලා. නමුත් ගැහැනු සතා ශිශ්න දණ්ඩ ලෙවකෑවත්, තම යෝනිය තුල ඇති ශිශ්න හිස ලෙවකෑමෙන් වැලකුනා. ශිශ්නය මෙසේ ලෙවකන විට එය යෝනිමාර්ගයෙන් ඉවතට ගැනීමෙන් පිරිමි වවුලන් වැලකුනා. සංසර්ගයේ යෙදීමට ගතවූ මුලු කාලයත් ශිශ්නය ලෙවකන කාලයත් අතර සහ-සම්බන්ධතාවයක් තිබෙන බව පර්යේෂකයන්ට පෙනුනා. ගැහැනු සතා ශිශ්නය ලෙවකන්නේ නම් සංසර්ගයට ගතවන මුලු කාලය සුවිශේෂි අයුරින් වැඩි බව ඔවුන් නිගමනය කලා.

Posted in Biology, Culture, Evolution, Freedom of expression, Life, religion, Science, sex | Tagged: , , , , , , , | Leave a Comment »

ගෝඩ් මීමය හෙවත් දෙවියන් වහන්සේ \ අල්ලාහ් විස්තර කිරීම

Posted by dawkinssdodo on ජූලි 30, 2010



මීම් (Meme)  යනු ඩෝකින්ස් හැදු වචනයක්, ඔහුගේ  Selfish Gene කෘතියෙදී පලමු වරට මුද්‍රනය වුනු. මීම් (Meme) යනු ජීන් (Gene)  හා සමගාමී වීමට තැනූවක්. වචනය හැදුනේ ඉංග්‍රීසි -Imitation- අනුකරනය සහ ග්‍රීක මූලය වන -Mimeme- යන්නෙන්. ජානයකට ප්‍රතිවලිතවෙමින් (Replicate-දෙගුන වෙමින් මුල් ජානය ආකාරයේ ම අනු පිටපතක් නිර්මාණය )  ඊලඟ පරම්පරාවට ගමන් කරන්නට පුලුවන් බව අප හැම දන්නවා. එසේ ප්‍රතිවලිත වීමෙදී DNA අනුව විකෘති වීම නිසා තමයි නව එහෙත් සුලුවෙනස් කම් ඇතිවන්නෙ. මෙලෙස ජානයක් නොනැසී එක් පරම්පරාවකින් තව පරම්පරාවකට යනවා, සමහර විට වෙනස්කම් නිසා නව වඩා හොඳ ලක්ෂන (ඒ අවස්තාවේ පරිසරයට සාපේක්ශව ) ලැබෙනවා. නරක ලක්ෂනයක් (ආයිත් ඒ අවස්තාවේ බාහිර පරිසරය තමයි පෙරහනය!) නම් ප්‍රතික්ශේප වෙනවා. ඩෝකින් මේ ජානයක් වරණය වීම හා නැවත ප්‍රතිවලිත, හෝ ප්‍රගුනණය වීමට ඇති හැකියාව තමයි සුවිෂේශීම ලක්ෂනය විදියට දැක්කෙ.

මේ විශ්වයේ කොතැනක ජීවය තිබුනත් ඒ සඳහා අවශ්‍ය වන මූලිකම ලක්ෂනය නම් ප්‍රතිවලිත විය හැකි ඒකකයක් තිබීමයි. ජානය හෝ DNA අණුව තමයි අපේ ලෝකය සම්බන්දයෙන් මේ ප්‍රතිවලිත විය හැකි අණුව.

තවත් මේ විදියට ප්‍රතිවලිත විය හැකි ප්‍රතිගුනකයන් වර්ගයක් අපේ ඇස් ඉදිරිපිටම සිටින බව ඩෝකින්ස් නිරීක්ෂනය කලා. ඒ අන් කිසිවක් නොව මිනිස් සංස්කෘතිය තුල නිපදවෙන සංගීත කන්ඩ, විලාසිතා, අදහස්. එසේත් නැතිනම් මල්පෝච්චි වල හෝ ගොඩනැගිලි ආරුක්කු වල හැඩය.  මිනිස් සංස්කෘතිය තුල බිහිවෙන මේ නව ප්‍රතිගුණකය සංස්කෘතික දැනුම සම්ප්‍රේශනය කරන ඒකකයක්. අනුකාරකයක්. ඒ අනුකාරකය , නව ප්‍රති ගුනකය තමා මීමය (MEME).

ජානයක් ශුක්‍රානු සහ ඩිම්බ හරහා සිරුරෙන් සිරුරට පනිමින් ජාන සංචිතය (Gene pool-ජාන එකතුව) තුල ව්‍යාප්ත වෙනවා මෙන්, මීමය ත් මීම් සංචිතය (Meme pool)  තුල ව්‍යාප්ත වෙනවා මිනිස් මොලයෙන් මොලයට පනිමින්. ඉතා පුලුල් ලෙස සැලකුවොත් මේ මොලයෙන් මොලයට පැනීම සඳහා උදව් වෙන්නෙ අනුකරනය. උදාහරනයක් විදියට විද්‍යාඥයෙක් නව විද්‍යාත්මක න්‍යායක් ගැන කියෙව්වොත් හෝ ඇසුවොත්, ඔහු ඒක බෙදා හදා ගන්නවා තම සිසුන් සහ මිතුරන් සමග. මේ අදහස ගැන ඔහුගේ දේශන සහ පර්යේශන පත්‍රිකා වල සදහන් කරනවා. ඇත්තටම මේ අදහස පිලිගැනීමකට ලක්වුනොත් එය ව්‍යාප්ත වෙනවා මොලයෙන් මොලයට පනිමින්. ඇත්තටම සාරවත් මීමයක් ඔබ මගේ සිතේ තුල තැන්පත්කිරීම මගින් වෙන්නේ මගේ මොලය තුල මීම-අසාදනයක් (Meme infection) ඇති කිරීම, එසේත් නැතිනම් මීම-පරපොෂිතයෙක් ඇතුලු කිරීමයි. මෙසේ සිත් ඇදගන්නා, සමාජීයව අනුමත වන සියලු සංස්කෘතික දැනුම, හරියට වෛරසයක් වගේ එකිනකාගෙන් අනිකාට පැතිරෙනවා. බොබ් මාලිගේ සිංදුවක් ගත්තත්, මොසාට් ගේ හරි බීතොවන් ගේ හරි සංගීත කණ්ඩයක් ගත්තත් ඒක අප අතර පැතිරෙන්නෙ ඒක සාර්තක මීමයක් නිසා.

දෙවියන් වහන්සේ \ අල්ලාහ් ත් මේ වගේ මීමයක්. ඒක මීම පොකුනේ මතු වුනේ කොහොමද කියල හරියටම කියන්න බැරි වුනාට ඒක ඉතාම පැරණි මීමයක්. ඒක ප්‍රතිවලිත වෙන්නේ කොහොමද? කටින් කට පැතිරෙනවා වගේම ශුද්ධවූ පොත්පත්, ලේඛන, විශිෂ්ඨ සංගීතය සහ විශිෂ්ඨ සිත්තම් නිසා.  ඒ මීමයට අනෙක් මීමයන්ට වඩා වැඩි පැවැත්මක් (උන්නති  වටිනාකමක් -Survival Value) ලැබෙන්නේ ඇයි? වෙනත් වචන වලින් කිව්වොත් දෙවියන්\අල්ලාහ් කියන අදහසට මිනිස් සංස්කෘතිය තුල වැඩි ස්ථායි තාවයක් , ලැදියාවක් ලැබෙන්නේ ඇයි?? ඒ අඛණ්ඩ පැවැත්මට ඇති හැකියාව (උන්නති වටිනාකම) දෙවියන් \ අල්ලාහ් කියන මීමයට ලැබෙන්නෙ එහි ඇති සුවිශාල මනෝවිද්‍යාත්මක ආකර්ෂනය නිසා.

දෙවියන් වහන්සේ \ අල්ලාහ් කියන මීමය මෙලොව ඇති අසාධාරන කම්, අයුක්තිසහගත ක්‍රියා එලොවදී නැති කරන්නට පොරොන්දු දෙනවා. වැරදි කාරයන්ට දඩුවම් දෙන්න පොරොන්දු වෙනවා. අපේ පැවැත්ම සහ මරණය ගැන නැගෙන අති සංකීර්ණ ගැඹුරු ප්‍රශ්න වලට නොගැඹුරු, අවිචක්ෂණ, සීනිබෝල- උත්තර දෙනවා. ජීවිතයේ නොයෙක් අවිනිශ්චිත අමිහිරි අවස්තාවලදී අදිසි හස්තයක් අප ආරක්ෂා කරන බව මවාගන්නට උදව්වෙනවා. මේ නිසා තමයි අවුරුදු දහස් ගනණක් තිස්සේ මේ මීමය ඉතා සාර්තකව එකිනෙකාගේ මොල ආක්‍රමනය කරමින් පරම්පරා සිය දහස් ගනණක් තිස්සේ පැතිරෙන්නේ. දෙවියන් \ අල්ලාහ් කියන මීමය මේ තරම් හොඳින් පිටපත් වෙන්නෙත් ඒ නිසා. දෙවියන් \ අල්ලාහ් පවතින්නේ මීමයක් ලෙස , එහි ඉහල ආසාදන අගය, උන්නති අගය හේතුවෙන් මිනිස් සංස්කෘතිය තුල පමණයි.

මෙය ඩෝකින්ස් ගේ Selfish Gene කෘතියේ එන Memes: The new replicators පරිච්ඡේදය ඇසුරෙන් ලියවිණි.


Posted in Biology, Culture, Evolution, Meme, Philosophy, religion, Richard Dawkins, Science | Tagged: , , , , , , , , , , , , , , , | 11 Comments »

පැට් කොන්ඩෙල් – The trouble with Islam

Posted by dawkinssdodo on මැයි 28, 2010

පැට් කොන්ඩෙල් (Pat Condell) ලන්ඩනයේ ප්‍රහසන වේදිකාවේ නමක් තියෙන චරිතයක්, ලේඛකයෙක් විතරක් නෙවෙයි, අන්තර්ජාලයේත්, යු ටියුබ් වලත් අතිශයින් ප්‍රසිද්ධියට පත් පුද්ගලයෙක්. ඔහු සියලු ආගම් විහිලුවට ලක්කරන්නෙක්. දෙවියන් වහන්සේ, බයිබලය, මැවුම්වාදය, දේව විශ්වාසය නිරතුරුව ඔහුගේ උපහාසයට ලක් වෙනවා. 2007 දී ඔහු යූ ටියුබ් හි මහබ්‍රිතාන්‍යයේ වැඩිම දායකත්වයක් ඇති අය අතරට එක්වුනා. කොන්ඩෙල්ගේ විඩියෝ වල අනෙක් ලක්ෂනය නම් කිසිම කරුනක් නිසා ප්‍රකාශනයේ නිදහස, විවේචනයට ඇති අයිතිය පාවාදීමට සූදනම් නැති , ඒවෙනුවන් හැම විටම හඬක් නඟන ප්‍රහසන කලාකරුවෙක් වීමයි.

කොන්ඩෙල්ගෙ ඒක පුද්ගල ප්‍රහසනාත්මක විඩියෝ වල එකතුවක් රිචඩ් ඩෝකින්ස් ජාලය (Richard Dawkins.net) විසින් ඩීවීඩී තැටියක් ලෙස නිකුත් කලා 2008 දී. ශරියා නීතිය මහාබ්‍රිතාන්‍යයට හඳුන්වා දීමට එරෙහිව නිර්මිත ඔහුගේ විඩියෝවක් (Welcome to Saudi Briton) යූ ටියුබ් බලදාරීන් විසින් ඉවත් කලත් රසිකයින් විසින් දහස් ගනනින් එහි ඡායා-විඩියෝ යු ටියුබ් හි ප්‍රදර්ශනය කිරීම නිසා ඉතා කෙටි කලක් තුල තම තීරණය වෙනස් කරමින් එම විඩියෝව නැවත ඇතුලත් කිරීමට යූ ටියුබ් බලදාරීන්ට සිදුවුනා.

යුරෝපයේ සිදුවන ඉස්ලාම්කරනයට, හිජාබ්කරනයට සහ යුරෝපීය වටිනාකම් අභිබවා ඉස්ලාමයට තැනක්, ගෞරවයක් ලැබිය යුතු යැයි නිරන්තරයෙන් ප්‍රචාරකවාදී ඉස්ලාම්යෙන් නැගෙන කන්කෙඳිරියට දුන් අපූරු උත්තරයක් මේ – The trouble with Islam.

http://store.richarddawkins.net/products/pat-condell-anthology

http://richarddawkins.net/

Posted in Atheism, Culture, Evolution, Freedom of expression, religion | Tagged: , , , , , , , , , | 3 Comments »

ඉස්ලාමයේ අවිද්‍යාත්මක අභියෝගය

Posted by dawkinssdodo on මැයි 27, 2010

ඉස්ලාමය ආගමක් පමනක් නොවේ. එය ජීවන අචාර දර්ම පද්දතියක්, එදිනෙදා ජීවත්වන ක්‍රමයක් බව මුස්ලිම්මු අපට කියනව. නොකියන දේකුත් තියෙනව. ඉස්ලාමය දේශපාලනමය ඉලක්ක සහිත දර්ශනයක්.
ජීව විද්‍යාව, පරිණාමය සාකච්චා කරන මෙහි ඉස්ලාමය වෙනුවන් ඉඩක් වෙන් කරන්නේ නොකරම බැරි නිසයි.  ඉස්ලාමය, කුරානය සහ හඩිත් ඉතාම විද්‍යාත්මක හරබර, සමහර විට විද්‍යාවෙන් සොයා නොගත් කරුනු පවා අන්තර්ගත මහා විශ්වකර්ම ආගමක් සහ ආගමික පොතක් බවට ලෝකය පුරා මතයක් පැතිරෙනවා.  ඒ අතරම ඩාවින් සහ පරිණාමවාදය “වාදයක්” පමනයි, එය ඔප්පුකරල නැහැ, එය “විද්‍යාත්මක සාධකයක් නොවේ” වගේ  මත පතුරුවන අය අතර පෙරමුනේ ඉන්නෙත් ඉස්ලාමය, කුරානය සහ හඩිත් වල තියෙන අවිද්‍යාත්මක, සාමාන්‍ය දැනුමටමත් නොගැලපෙන කරුනු විද්‍යාවට ඈඳන්න ගිහිල්ල වැඩේ අනා ගත්ත අය. මේ ප්‍රචාරකවාදී ඉස්ලාමය බොහෝ අවිද්‍යාත්මක කරුනු විද්‍යාත්මක කරමින් සිටින යුගයක්. මේ ලිපිය ලියවෙන්නේ ආගමකට පහර ගැසීමට වඩා වැරදි, අවිද්‍යාත්මක මත ප්‍රචරය කරන ප්‍රචාරකවාදී ආගම් සියල්ල ගැන සිංහල පාඨකයා දැනුවත් කිරීමටයි. ඒවගේම ප්‍රකාශනයේ නිදහස පමනක් නොවෙයි, මූලික මිනිස් අයිතිවාසිකම්, විවේචනය කිරීම, ආදිය එක් ආගමික මතවාදයක්ට යට කරන්නට හෝ එක් ආගමික මතවාදයක් සුවිශේෂි යයි සලකා ඊට වෙනස් ආකාරයකට සලකන්නට බැහැ. එය සැබැවින්ම අභියෝගයක් නම් එහිදී නොපැකිලව පැත්තක් ගන්න අපි සූදානම්.


පහල විඩියෝවෙන් පෙන්වන්නේ රිචඩ් ඩෝකින්ස් ඉස්ලාමයේ ශරියා නීතිය යටතේ ඉස්ලාමය හැරයන්නෙකුට දෙන දඬුවම ප්‍රශ්නකල අවස්තාවක්.
බලන්න විනාඩි 6- තත්පර 44 සිට

Posted in Atheism, Culture, Evolution, Freedom of expression, religion, Science | Tagged: , , , , , , | 1 Comment »

 
Follow

Get every new post delivered to your Inbox.