
වයස 70 වෙන්නට පෙර පිරිමින්ගෙන් 80% කගේ කොණ්ඩය හැලී තට්ටය පෑදෙයි. පෙන්සිල්වේනියා සරසවියේ පර්යේෂකයන් පිරිසක් Microarray තාක්ෂණය මගින් තට්ටය පෑදෙන සමේ ජාන ප්‍රකාශනය (Gene Expression) හැදැරීමෙන් තට්ටය පාදන්නට මූලික වන ජානයක් (Prostaglandin D2 synthase, PTGDS) සොයාගන්නටත් එහි mRNA සහ ප්‍රෝටීන (PGD2) මට්ටම් ඉතා ඉහළ අගයකින් තට්ටය පෑදෙන සමේ තිබෙන බව පෙන්වා දෙන්නටත් සමත් විය. Science සඟරාවේ පළවු මේ පර්යේෂණ පත්‍රිකාවේ වැඩිදුරටත් කරුණු දක්වමින් ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම ජානය අක්තිරික්තයක් ලෙස ප්‍රකාශනය වන (over expression) මීයන්ගේ ලොම් සියල්ල හැලී යන බවයි. “මෙම ප්‍රෝටීනය රෝම කූපයේ ඇති සංඥා- ග්‍රාහකයකට (signaling receptor) බැඳීමෙන් රෝම/ කෙස් වර්ධනය නිෂේධනය කරනවා” මහාචාර්ය කොට්සාරෙලිස් පවසයි. රෝම කූප වර්ධනය සම්බන්ධ අණුක ජීව – සංඥා පත (Signal transduction/ Molecular signaling) ඉලක්ක කරගත් ඖෂධ දැනටමත් නිපදවීම ආරම්භ කර තිබේ.
Archive for the ‘Biology’ Category
තට්ටෙ රහස සොයා ගැනෙයි!
Posted by dawkinssdodo on මාර්තු 22, 2012
Posted in Biology, Cell biology, DNA, Gene, Genetic data, Molecular Biology, RNA, Science | Tagged: baldness, George Cotsarelis, Hair loss, Luis A. Garza, microarray, PDG2, PTGDS, receptor inhibition | 14 Comments »
ඩොලර් දහසේ ජිනෝම තරඟය
Posted by dawkinssdodo on ජනවාරි 30, 2012

ඩොලර් 1000කට අඩුවෙන් මුලු මානව ජීනෝමයම විකේතනය කිරීමේ තරඟය තවත් ත්‍රීවු කරමින් Life Technologies සමාගම Ion Proton Sequencer නමින් නව කේතන යන්ත්‍රයක් (Sequencing Machine) මේ වසරේදී වෙළඳ පොළට එක් කරන බව ප්‍රකාශ කර තිබේ. මෙමගින් දිනකට අඩු කාලයක් තුළ ඩොලර් 1000 ක් වැනි මුදලකින් එක් පුද්ගලයෙක්ගේ මුලු ජිනෝමයම විකේතනය කරන්නට හැකියැයි එම සමාගම පවසයි. මෙම යන්ත්‍රයේ පූර්වජයා ලෙස සැලකෙන, ඔවුන්ගේම සොයුරු සමාගමක් වන Ion Torrent මගින් නිෂ්පාදිත පුද්ගලික ජිනෝම යන්ත්‍රය (Personal Genome Machine) වෙළඳපොළේ ඉතා ජනප්‍රිය යන්ත්‍රයක් විය. ක්ෂේත්‍රයේ අනෙක් දැවැන්තයා වන Illumina සමාගම තම “ජීනොමය-දවසකින්” තරඟ කරුවා ලෙස HiSeq 2500 යන්ත්‍රය නම් කර තිබේ.
මේ පිටුපස ඇති පණිවිඩය නම් ජිනෝම කේතනය තව දුරටත් පර්යේෂණාගාරයට සීමාවුවක් නොවන බවයි. ජෛව තාක්ෂණික ලෝකයේ දැන් සිදුවන විශාලම සංක්‍රමණය නම් පර්යේෂණාගාරයෙන් සායනයට මේ තාක්ෂණය ඇතුළුවීමයි. පර්යේෂණ මට්ටමේ ජිනෝම කේතනයන් මිලියනයක් පමණ වසරකට සිදු කිරීමට නියමිත අතර සායනික මට්ටමේ ජිනෝම කේතනයන් බිලියනයක් පමණ සිදුකිරීමට නියමිතය.
ජෛව-තාක්ෂණ කර්මාන්තය මේ සංක්‍රාන්තියට සූදානම් වන්නේ කේතනයේ ප්‍රමිතිය, ඉන් නිපදවෙන දත්ත ක්‍රමානුකූලව සැකසීම, සහ එම දත්ත සායනික මට්ටමෙන් අර්ථ දැක්වීමට අවශ්‍ය නව මෘදුකාංග වැඩිදියුණු කිරීමෙනි.
කැලිෆෝර්නියාවේ මෙවැනි සේවා සපයන ආයතනයක ප්‍රධානියා පවසන්නේ, විශාල පර්යේෂණායතන වැනි ගනුදෙනුකරුවන්ට ඩොලර් 4000 කට මුලු ජිනෝමයම කේතනය කරදිය හැකි බවයි. දැනට පියයුරු පිළිකා සහ ඩිම්බ පිළිකා සඳහා ඇති ජානමය අවදානම මැනීමට කරන සායනික මට්ටමේ කේතනයකටද අය කරන්නේ මේ සමාන මුදලකි.
මේ සමඟ නිපදවෙන අති විශාල ප්‍රමාණයේ දත්ත ගබඩා කිරීම සහ ඒවා විශ්ලේෂණය කිරීමට සුදුසු පරිගණක-මෘදුකාංග වේදිකාවක අවශ්‍යතාවයද මතු වී තිබේ. ඇමේසන් සහ ගූගල් මගින් දැනටමත් නිපදවා ඇති Cloud Computing යටිතල පහසුකම් මේ සඳහා යොදා ගත හොත් සායනික දත්ත විශ්ලේෂණය සඳහා වෙනම පරිගණක මධ්‍යස්ථානයක අවශ්‍යතාව මඟ හරවා ගත හැකි වේයයි විශ්වාස කෙරේ.
මේ පිළිබඳව අවධානය යොමු කරන NextBio සමාගම Cloud Computing තාක්ෂණය යොදාගෙන දැනට පුද්ගලික සහ මහජන දත්ත මධ්‍යස්ථාන වල ගබඩා කර ඇති සියලුම ජිනෝම දත්ත අර්ථ විවරණය කිරීම ආරම්භ ඇත. මෙම ව්‍යාපෘතියේ එක් අරමුණක් වන්නේ රෝගින්ගෙන් ලබා ගන්න සියලු අණුක ජීව-පැතිකඩ දත්ත, මිනිස් සහ සත්ව පර්යේෂණ සමඟ සම්බන්ද කිරීමයි.
Life Technologies සමාගමෙන්ද පරිගණක දත්ත සම්බන්ධයෙන් වැදගත් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. Doctor-in-a-Box නමින් හැඳින්වෙන මෙය නිදහස් මෘදුකාංගයක් ලෙස නිපදවන බැවින් වාර්ෂික බලපත් අනවශ්‍ය වන අතර මුදලකින් තොරව පර්යේෂණ සහ සායනික කටයුතුවලට යොදාගත හැකි වෙනු ඇත. මෙමගින් බහු-ජාන බලපෑම් ඇති සංකීර්ණ රෝග පිළිබඳ නිගමනයන් කිරීමටද අපේක්ෂා කෙරේ.
Bio Techniques සහ Nature news ඇසුරෙනි.
පුද්ගලික ජිනෝම යන්ත්‍රය ගැන සවිස්තර සටහනක් කලකට පෙර අරුණි ශපීරෝ විසින් සිංහල බ්ලොග් අවකාශයට එක් කර තිබුණි
Posted in Biology, Cell biology, DNA, Gene, Molecular Biology, Physiology and Medicine, Science | Tagged: Doctor-in-a-Box, Genome sequencing, HiSeq 2500, Illumina, Ion Proton Sequencer, Life Technologies, NextBio, sequencing machines | 4 Comments »
දැල්වී-නිවී පරිසර අනතුරු හඟවන බැක්ටිරියා
Posted by dawkinssdodo on ජනවාරි 27, 2012
පරිසර දූෂණය අද දවසේ කතා නොකරම බැරි මාතෘකාවක්. ජාන වෙනස් කල E. coli බැක්ටීරියාවන් යොදාගෙන පරිසරයට ආසනික් එක් කල විට එසැනින් එක විට ආලෝකයක් නිකුත් කරන්නට සමත් බැක්ටීරියා සමූහයක් වර්ධනය කරන්නට කැලිෆෝනියාවේ සැන් ඩියේගෝ විශ්ව විද්‍යාලයේ (University of California San Diego) ආතර් ප්‍රින්ඩල් (Arthur Prindle) ඇතුළු පර්යේෂකයින් පිරිසක් සමත් වී තිබේ. මේ ක්‍රමය නිසා අනාගතයේ දිනක ලාභදායි, අතේ ගෙන යා හැකි, විෂ රසායන සහ රෝග කාරක විෂ බීජ සොයා ගත හැකි පරිසර සංවේදක නිර්මාණයට මග පැදෙනු ඇත.
“බැක්ටීරියා කොලනියක් එක විට ආලෝකය දැල්වූ විට අප පුදුම වුණා” යැයි පර්යේෂකයෝ පවසති. අභියෝගය වුණේ කොලනි කිහිපයක් එක විට ප්‍රතිචාර දැක්වීමට සම මුහුර්ත (synchronize) කර ගැනීමයි. බැක්ටීරියාවන් තම අසල්වාසීන් සමඟ අහාර හෝ අනතුරක් ගැන සන්නිවේදනය කිරීමට අණු පිට කිරීම මෙහිදී උපයෝගී කරගනු ලැබීය. පර්යේෂකයින් මෙම අභියෝගය ජය ගත්තේ ජාන වෙනස් කල E.coli බැක්ටීරියාවන්ට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් (Hydrogen peroxide ) නිපදවා වාතයට මුසු කරන්නට සැලැස්වීමෙනි. බැක්ටීරිය කොලනි, තීරු සහ පේළි වලට සකස් කරමින් “ජීව පික්සල්” (Bio pixels) ක්ෂුද්‍ර-ද්‍රාව්‍ය චිපයක් තුළ නිපදවන්නටත් ඔවුන් සමත් විය. එමඟින් LCD තිරයක පික්සල් හා සමාන පෙනුමක් ලබා දීමට මේ පර්යේෂකයන්ට හැකි විය.
එක් ජීව පික්සලයක බැක්ටීරීයාවන් 5000ක පමණ කොලොනියක් වෙතැයි කියති. එක් එක් කොලනිය හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වායුව මගින් ක්ෂුද්‍ර චිපය තුළ සන්නිවේදනය කරති.
මෙමගින් ජලයේ හෝ පසේ ඇති ආසනික්, කැඩ්මියම්, බැර ලෝහ සහ රෝගකාරක ජීව විශේෂ සොයා ගැනීමට හැකිවෙනු ඇතැයි පර්යේෂකයෝ බලපොරොත්තු වෙති.
මේ පර්යේෂණ පත්‍රිකාව Nature සඟරාවේ පළවිය.
Posted in Biology, Cell biology, DNA, Molecular Biology, Science, Uncategorized | Tagged: Arthur Prindle, Bacteria, bio pixel, E.Coli, microfluidic chip | 6 Comments »
රිචඩ් ඩෝකින්ස් ගාල්ලේදී ඔබ හමුවන වගයි !
Posted by dawkinssdodo on ජනවාරි 12, 2012
ගාලු සාහිත්‍ය උත්සවයට පැමිනෙන රිචඩ් ඩෝකින්ස් ජනවාරි 20 වැනි දින 2.30 ට තම ජීවිතය සහ තම විවාදාත්මක වෘත්තිය පිලිබඳ දේශනයක් පැවැත්වීමට නියමිතයි. වැඩිදුර විස්තර ගාලු සාහිත්‍ය උත්සව වෙබ් අඩවියෙන්.
කවුද මේ රිචඩ් ඩෝකින්ස්?
ඩෝකින්ස් නිර්මාණය කල මීම යනු මොනවාද
Posted in Biology, Culture, Evolution, Language, Life, Philosophy, religion, Richard Dawkins, Science | Tagged: Evolution, Galle Literary festival, god delusion, Lalla Ward, Magic of reality, Richard Dawkins, Sri Lanka | 11 Comments »
නොබෙල් ත්‍යාගලාභීහු තම අත්දැකීම් සමඟ..
Posted by dawkinssdodo on ජනවාරි 8, 2012
වසර 2011 දී නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබූ විද්‍යාඥයන්, සම්මානයෙන් ලැබුණු කීර්තිය, ප්‍රසිද්ධිය, පිළිබඳ තම හැඟීම් එකිනෙකා හා බෙදා හදා ගත් අවස්ථාවකි මේ. ඔවුන්ට නව නිර්මාණාත්මක අදහස් පහළවන්නේ කුමන ආකාරයක පරිසරයකද, සමූහ සාකච්ඡාවන් සහ අනෙකුත් පුද්ගලයන් සමඟ කෙරෙන අදහස් හුවමාරුව වැදගත්ද, ඔවුන් කිසිවෙක් නොබෙල් ත්‍යාගය ඉලක්ක කර තම පර්යේෂණ මෙහෙයවූවාද වැනි රසවත් තොරතුරු මේ සංවාදයේ පළමු විනාඩි දහයට ඇතුළත්.
මුලු සංවාදයම ස්වීඩනයේ ජාතික රූපවාහිනි වෙබ් අඩවියෙන් ජනවාරි 18 දක්වා නැරඹිය හැකියි.
පසු ගිය වසරේ නොබෙල් ත්‍යාගලාභීන් ගැන සම්පූර්ණ විස්තර, විඩියෝ ආදිය නොබෙල් කමිටු වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.
විඩියෝ උපුටාගැනීම ස්වීඩනයේ ජාතික රූපවාහිනී සේවයෙනි.
සියලු කතෘ හිමිකම් ස්වීඩනයේ ජාතික රූපවාහිනිය සතුය.
Posted in Biology, Economics, Physics, Physiology and Medicine, Science, Uncategorized | Tagged: Nobel minds, Nobel prize, round table discussion, SVT | 4 Comments »
පළමු කෘතිම අවයවය රෝගියෙකුට සාර්ථකව බද්ධ කෙරේ
Posted by dawkinssdodo on සැප්තැම්බර් 9, 2011
ස්වීඩනයේ කැරොලින්ස්කා වෛද්‍ය විද්‍යාලයේදී පිළිකාවක් නිසා ශ්වසන මාර්ගය පලුදු වූ පුද්ගලයෙකුට ලොව පළමු කෘතිම අවයවය බද්ධ කෙරුණි. ඒ කෘතිම ශ්වාස නාලයකි. මරණයට නියම වී සිටි පිළිකා රෝගියාට මේ නවතම තාක්ෂණය නිසා තම ජීවිතය බේරාගන්නට හැකිවුණි.
ලංඩනයේ යුනිවසිටි කොලේජ් හි මහාචාර්ය ඇලෙක්ස් සෙෆාලියන් (Alex Seifalian) ඇතුළු පර්යේෂකයන් පිරිසක් මේ කෘතිම ශ්වාස නාලය නිමවීමට දායකවූ නැනෝ-සංයෝග ද්‍රව්‍යයට පේටන්ට් පතක් ලබාගැනීමට සමත් වී තිබේ. මේ විශේෂ ද්‍රව්‍යයෙන් නිමවන ලද ශ්වාසනාල ආකෘතියේ ඉතා කුඩා සිදුරු මිලියන ගණනක් තිබීම එය සාර්ථකවීමට අත්‍යාවශ්‍ය සාධකයකි.
මෙහිදී පළමුව රෝගියාගේ ඇට මිදුළු වලින් ලබාගන්නා වෘද්ධ මූලික ජනක සෛල (Adult stem cells) ජීව ප්‍රතික්‍රියාකාරකයක් තුළ වර්ධනය කරවයි. ඉහත කී නැනෝ-සංරචිත ද්‍රව්‍යයෙන් නිමවුණු ශ්වාසනාල අකෘතිය ජීව ප්‍රතික්‍රියාකාරකය තුළට ඇතුල් කර දින දෙකක් තබනු ලැබේ. සිදුරු සහිත ආකෘතිය තුළත්, ඒ වටාත් රෝගියාගේ ජනක සෛල වර්ධනය වී අවසානයේ රෝගියාගේ සෛල වලින්ම නිපදවෙන ශ්වාසනාලයක් බවට පත්වේ.
දායකයෙකු අනවශ්‍ය නිසා මෙම ක්‍රමය භාවිතා කරන්නන්ට දායකයෙකු ලැබෙනතුරු බලා සිටිය යුතු නැත. ඒ නිසාම රෝගියාගේ ශරීරය මගින් ප්‍රතික්ෂේප කිරීමේ අවදානමක්ද නැත. මේ නිසා ප්‍රතිදේහ නාශක (Immuno-suppressants) ඖෂධ භාවිතා කිරීම අනවශ්‍යයි.
මේ ක්‍රමය මගින් විනාඩි 20ක් තුළ ගැහෙන ධමනියක් නිර්මාණය කල හැකියි. ධමනි ශිරා පමණක් නොව කන්, නාස් සහ සම ආදියද මේ මගින් නිර්මාණය කල හැකි බව පැවසේ.
Posted in Biology, Cell biology, Gene, Molecular Biology, Science, Stem cells | Tagged: Alex Seifalian, bio reactor, cancer, karolinska University Hospital, nanocomposite material, stem cells, trachea, university college london | 5 Comments »
භාෂා ජානය මොළය වර්ධනයට උපකාරී වේද ?
Posted by dawkinssdodo on සැප්තැම්බර් 7, 2011
FOXP2 ජානය හඳුනාගනු ලැබුවේ වසර 2001 දී ය. ඒ වචන උච්චාරණය සහ තේරුම්ගැනීමේ දුබලතාවය පෙන්වු පවුලක් අධ්‍යනය කිරීමේදීය. මේ ජානය මිනිස් භාෂාව පරිණාමය වීමේදී විශේෂ භූමිකාවක් රඟ දක්වන්නට ඇතිබව විද්‍යාඥයෝ අනුමාන කළහ. සමහර සත්ව විශේෂ වල “සන්නිවේදනය” හෝ “භාෂණය” ට පවා මේ ජානය වැදගත් බව පෙන්වා දී තිබේ. සීබ්‍රා ෆින්චයන් අතර මේ ජානය විසින් නිපදවන ප්‍රෝටීනය, සාපේක්ෂව අඩු කුරුල්ලන් ට “කුරුලු ගීත” ඉගෙනීමට නොහැකි බව වෙනත් පර්යේෂකයන් පිරිසක් පෙන්වා දී තිබේ.
නෙදර්ලන්තයේ මැක්ස් ප්ලෑන්ක් පර්යේෂණාගාරයේ ස්නායූ-ජාන විශේෂඥයින් පිරිසක් මීයන්ගේ කළල මොළ, අධි සාන්ද්‍ර FOXP2 ප්‍රෝටීන ද්‍රාවනයක ගිල්වමින් එමගින් සක්‍රීය වන සහ අක්‍රීය වන අනෙකුත් ජාන ගැන නිරීක්ෂණය කළහ. තවත් ජාන 160 ක් මෙමගින් සක්‍රීය වූ අතර 180ක් අක්‍රීය විය. මේ ජානය අණුක ජීව-සඥා පත (Molecular signaling pathways) වල කේන්ද්‍රීය ප්‍රෝටීනයක් බවට අනුමාන කරන්නට මෙනිසා හැකිවී තිබේ.
නියුරෝනයක් තවත් නියුරෝනයක් සමඟ සම්බන්ධ වන උපාංග වර්ධනය, මේ ප්‍රෝටීනය අඩුවුවහොත්, සැලකිය යුතු ලෙස අඩාල වන බවත් පෙන්වා දී තිබේ. මේ නියුරෝනික උපාංග මොළය වර්ධනයේදී සහ ඉගෙනීමේදී විශාල කාර්‍යභාරයක් ඉටුකරයි. එහෙත් තවමත් FOXP2 ජානය මිනිස් භාෂණයට දායක වන අයුරු පැහැදිලි නැත. FOXP2 ජානය රහිත මීයන් මූලික චාලක හැකියාවන්ගේ දුර්වලතා පෙන්වන බැවින් මේ ජානය භාෂා හැකියාවට වඩා චාලක අංශයට බලපාන්නක් විය හැකියි.
කතා කිරීම යනු ඉතාම සංකීර්ණ තොල් සහ දිව චලනය කිරීම් වලින් අනූන ඉතාම අභියෝගාත්මක ක්‍රියාදාමයක්!
සයිමන් ෆිෂර් (Simon Fisher) ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමේ මේ සොයාගැනීම කීර්තිමත් PLoS Genetics සඟරාවේ පළවිය.
Science ඇසුරෙනි.
ඡායාරූපය Simons Foundation Autism Research Initiative න් උපුටා ගැනින.
Posted in Biology, Cell biology, DNA, Gene, Language, Molecular Biology, Science | Tagged: embryonic brain, Foxp2, Language evolution, Max Planck Institute for Psycholinguistics in Nijmegen, molecular cell biology, Netherlands, Plos Genetics, signal transduction, Simon Fisher | 3 Comments »
ජාන විකරණය කරන ලද ආහාර පිටුපස රහස: මොන්සැන්ටෝ
Posted by dawkinssdodo on අප්‍රේල් 18, 2011

මේ සටහන තැබෙන්නේ ඊට පූර්විකාවක් වු සොඳුරු සිත විසින් කරන ලද පාඨක ප්‍රතිචාරයක් නිසාය.
ඔවුන් අත නොතබා ඇති යමක් නොමැති තරම්ය. ඔබේ කෑම මේසය මත ඇති බත්, බණ්ඩක්කා, අබ, තෙල්, මල් ගෝවා ආදී සියල්ලම ඔවුන්ගේ ග්‍රහනයට යටත්ව ඇත්තේය. යම් බීජයකට අයිතිවාසිකම් කිව හැකි බව සම්මතය වූ පසු, එම බීජ පාවිච්චි කරන හැම වරකම ඒ වෙනුවෙන් කුලියක් අයකර ගත හැක. ඔවුන් මත යැපෙමින් හැම බෝගයක්ම වවන්නට සිදු වනු ඇත. ඔවුන් මත යැපෙමින් හැම බීජයක්ම පැලකරන්නට සිදුවනු ඇත. ශාක බීජ වල අයිතිය ඔවුන් සතු නම් අවසානයේ ආහාර වල අයිතිය, පාලනය ඔවුන් සතුවේ. ඒක තුවක්කු බෝම්බ වලට වඩා බලගතු උපක්‍රමික අවියක්. ලෝකය තුල විවිධ ජන සමූහ පාලනය කල හැකි හැකි හොඳම ක්‍රමය එයයි. කතාව ඇරඹෙන්නේ ධවල මන්දිරයෙනි. මොන්සැන්ටෝ (Monsanto) නම් සමාගම විසින් ධවල මන්දිරයේ එක්සත් ජනපද ප්‍රතිපත්ති සම්පාදකයන්ට බලපෑම් කිරීමේ අරුම පුදුම හැකියාව කතාවේ ඇරඹුමයි. උදාහරණයක් ලෙස අනූ ගනන් වල එක්සත් ජනපද ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ (FDA) නියෝජ්‍ය කොමසාරිස් ලෙස පත්වන පුද්ගලයා කලින් මොන්සැන්ටෝහී නීතිඥයෙක් ලෙස රැකියාව කල කෙනෙක්. මොහු ජාන විකරණය (GM, GE) කරන ලද ආහාර සහ බෝග එක්සත් ජනපදය තුල අනුමත කිරීම සඳහා තීරණාත්මකව මැදිහත්වනවා. ඔහුගේ සේවා කාලයෙන් පසු ඔහු නැවත එම සමාගමේම උප සභාපතිවරයා ලෙස වැඩ බාරගන්නවා.
මේ වගේ මොන්සැන්ටෝ සහ රාජ්‍ය ආයතන අතර ඇති ඉතා සමීප සම්බන්දතා වලට පිංසිද්ද වෙන්න ජාන විකරණය කල ආහාර සහ බෝග එක්සත් ජනපදය තුල විකිනෙන්නේ නියමාකාරයේ පරීක්ෂාවකින්, පර්යේෂණයකින්, ලේබලයකින් තොරව, පරිභෝජනයට සුදුසු බව පිලිබඳ සැක මතු කරමින්. අනිත් අතට එක්සත් ජනපදයේ මුලු ජාන විකරණය කරන ලද බීජ වලින් 90% ක්ම සපයන්නේ මොන්සැන්ටෝ. මොන්සැන්ටෝගේ අදිසි හස්තය නිසාම එක්සත් ජනපද ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය තම පාලනාධිකාරියේ විද්‍යාඥයින්ගේ අවවාද, අනතුරු හැඟවීම් පවා නොසලකා හැරියා. අල්ලස් දීම, නොමඟ යවන වෙලඳ දැන්වීම් සහ විද්‍යාත්මක පර්යේෂණ වල දත්ත සැඟවීම ඔවුන්ගේ අනිකුත් උපාය මාර්ගයි.
මේ Top documentary films හි පලවූ විස්තරයක පරිවර්තනයකි.
The world According to Monsanto වාර්තා චිත්‍රපටය ඔවුන් ගැන නිපද වූවක්.
Posted in Biology, Cell biology, Culture, DNA, Freedom of expression, Gene, Genetic data, Life, Molecular Biology, RNA, Science | Tagged: agent orange, bovine growth hormone, GE food, GM food, Marie-Monique Robin, Monsanto, PCB, the world according to monsanto | 6 Comments »
ජීවයේ ආරම්භය : ස්ව ප්‍රතිවලිත RNA අණු?
Posted by dawkinssdodo on අප්‍රේල් 13, 2011
පින්තූරය Wiki යෙන් උපුටා ගැනින.
ජීවය ආරම්භ වීමේදී ඉතාම තීරණාත්මක සාධකයක් වන්නට ඇත්තේ ආදිකල්පික RNA “ජෙනෝමය”ක් ප්‍රතිගුණනය කල හැකි RNA අණු මතුවීමයි. “DNA” සහ ප්‍රෝටීන මත පදනම් වූ ලෝකයට පෙර තිබුනා යැයි අනුමාණ කෙරෙන්නෙ “RNA ලෝකයක්”. සාමාන්‍යයෙන් RNA අණුව, DNA අණුවෙන් ප්‍රෝටීනයක් සැදීම සඳහා අනුපිටපතක් ලෙස ක්‍රියා කරනවා. කේම්බ්‍රිජ් සරසවියේ අණුක ජීව විද්‍යාඥයින් පිරිසක් කෘතිම RNA එන්සයිමයක් (RNA පොලිමරේස් රයිබොසයිමයක්; RNA polymerase ribozyme ) නිපදවා තිබෙනවා RNA ස්වයං පිටපත් නිපදවිය හැකි. R18 නැමැති එක් එන්සයිමයක් යොදාගෙන ආරම්භ කල පරීක්ෂණය පසුව එම එන්සයිමයේම අහඹු සුලු වෙනස්කම් සහිත ක්ලෝන මිලියන 50 ක් දක්වා පුලුල් කරමින්, RNA පිටපත් කිරීමේ ශක්‍යතාව ඇති වඩා හොඳ එන්සයිම තෝරා ගැනුනා. මේ ක්‍රියාවලිය නැවත නැවත කිපවරක් සිදුකිරීමෙන් වඩ වඩා ක්‍රියාශීලි සහ පිටපත් කිරිම නිවැරදි එන්සයිම නිපදවන්නට ඔවුන් සමත් වුනා. සියලුම ඵලදායි අහඹු විකෘති (Random mutations) තෝරා ගත් පසු, ස්වයං ප්‍රතිවලිත වීමේ කාර්යයට උදව් විය හැකි මේ සියලු විකෘති, එක් අනුවක් තුලට එකතුකිරීමයි ඔවුන් කලේ. හොලිගර් සහ වොච්නර් ඇතුලු පර්යේෂක කණ්ඩායම නිපදවූ tC19Z නැමැති එන්සයිමය RNA ස්වයං ප්‍රතිවලිත කල හැකි අනුවක්. R18 නැමැති RNA පොලිමරේස රයිබොසයිමයට පිටපත් කල හැකිව තිබුනේ නියුක්ලියෝටයිඩ 14 ක් පමණයි. මෙය අණුක පරිණාමිකව ගත්කල පැහැදිලි කල හැක්කක් නෙවෙයි. නව tC19Z එන්සයිමය නියුක්ලියෝටයිඩ 95 ක් පිටපත් කිරීමට සමත්. එපමණක් නොව එයට වෙනත් RNA එන්සයිමයක් පවා පිටපත් කල හැකියි. පලමු ස්ව-ප්‍රතිවලිත විය හැකි අණුව මතුවූ පසු එය වටා සහායක අණු සදාගන්නට හැකිවීම නිසා වඩා සංකීර්ණ අණු කරා පරිණාමික ක්‍රියාවලිය වේගවත් වන්නට ඇති බවයි ඔවුන්ගේ අදහස. හොලිගර් ඇතුලු කණ්ඩායම මේ සිදුකර ඇත්තේ ස්ව-ප්‍රතිවලිත විය හැකි RNA එන්සයිමයක් පර්යේෂනාගාරය තුල පරිණාමය වීමට සැලැස්වීමයි. RNA ලෝකය නිමාවට පත්වන්නට ඇත්තේ සක්‍රිය RNA අණු, පෙප්ටයිඩ මගින් ප්‍රතිස්ථාපනය කල පරිවර්තන (Translation) ක්‍රියාවලියත් සමඟයි. Science සහ daily galaxy ඇසුරෙනි.
Posted in Biology, Cell biology, Charles Darwin, DNA, Evolution, Gene, RNA, Science | Tagged: Aniela Wochner, Evolution, origin of life, Philipp Holliger, prebiotic, Primodial, primodial RNA world, protein, R18, replicate, RNA, RNA "genome", RNA polymerase ribozyme, science, tC19Z, transcription, translation | 2 Comments »



