ඩෝකින්සියා
Posted by dawkinssdodo on ජූලි 16, 2012

Dawkinsia Singhala විශේෂයේ ඡායාරූපයක්
ශ්‍රී ලාංකීය විද්‍යාඥයෝ නව මත්ස්‍ය ගණයකට ලෝක ප්‍රසිද්ධ පරිණාම විද්‍යාඥයෙකු සහ නිර්-ආගමික ව්‍යාපාරයේ ප්‍රබලයෙක් වන රිචඩ් ඩෝකින්ස්ගේ නම තබා තිබේ. අවුරුදු 8 ක කාලයක් තුළ කෙරුණු පර්යේෂණය තුළ මේ නැවත-වර්ගී කරණයට DNA, සැකිලි පද්ධතිය සහ ව්‍යුහ විද්‍යාව උපයෝගී කරගනු ලැබීය. මෙම මත්ස්‍ය ගණයට විශේෂ 9 ක් අයත්වේ.
“ඩෝකින්සියා” (Dawkinsia) යනුවෙන් නම් කල මේ ගණය මීට පෙර වර්ගීකරණය තිබුණේ මත්ස්‍ය විශේෂ 120ක් පමණ අයත් වන පුන්ටියස් (Puntius) ගණයටය. පර්යේෂක කණඩායමේ ප්‍රධාන පර්යේෂක රොහාන් පෙතියාගොඩ ඉන්දියාව සහ ලංකාවේ තුළ කෙරුණු පුළුල් ගවේශණයකින් පෙන්වා දෙන්නේ, මේ මත්ස්‍යයින් අතර විවිධත්වය කලින් සිතුවාට වඩා විශාල බවයි.
“ඩෝකින්ස් ගේ රචනා නිසා විශ්වය කොතරම් ලස්සන විස්මිත තැනක්ද යන්න කිසිම ආගමකට නොහැකි අයුරින් විස්තර කිරීම ඩෝකින්ස් ගේ නම මෙම මත්ස්‍ය ගණයට තැබීමට හේතු වූ එක කරුණක්” යැයි පෙතියාගොඩ පවසයි.
“ඩෝකින්සියා ගණය හැමටම කරන මතක් කිරීමක් වෙයි පරිණාමයේ අලංකාරය සහ සරලත්වය පිළිබඳව. පරිණාමය පමණයි සිතාගත නොහැකි තරම් වූ ජීවයේ විවිධත්වයට ඇති එකම සහේතුක පැහැදිලි කිරීම.” පෙතියාගොඩ තව දුරටත් පැවසුවේය.
SOURCE
Research Article
පින්තූරය – The Telegraph


සොඳුරු සිත said
හොඳ දෙයක්………….
සොඳුරු සිත said
මාළුවා දැක්කම නම් බුලත් හපයා මතක් වුනා.
dawkinssdodo said
ඔබ හරි, බුලත් හපයාත් (puntius nigrofasciatus) අයත් වන්නේ පෙර කී පුන්ටියස් ගණයට
http://en.wikipedia.org/wiki/Black_ruby_barb
arunishapiro said
මදැයි සිංහලයන්ට යැයි කිසිත් මෙහෙයක් නොකරපු ඩාව්කින්ස්ට මාළු ගණයක නමක්, ඒත් කැරීබියන් ලෝකයට මහත් දායාදයක් කරපු බොබ් මාර්ලෙ ට පිදුවේ මාළු පරපෝෂිතයෙක්ට දාපු නම, Gnathia marleyi.
dawkinssdodo said
ඔව් මාත් දැක්කා. !
raigamahandiya said
කොහොමද ඩොඩෝ? මා අදයි ඔබගේ සටහන් කියවුවේ. මේකයි එහෙනම් දෙය්යෝ එපා.රිචර්ඩ් දැනට මාස දෙකකට විතර කලින් ඕස්ට්‍රේලියා ආවා. රිචර්ඩ් හා මෙහෙ පල්ලියක ලොකු පාදිලි කෙනෙක් සමග සංවාද වැඩසටහනක් තිබුනා ඒ බී සී රුපවාහිනියේ. ඒක හරිම සිත් ගන්නා සුළු වැඩසටහනක් උනා.
dawkinssdodo said
ස්තුතියි මෙහි පැමිණියාට.
මේක නිරතුරු යාවත්කාලීන වන බ්ලොග් එකක් නෙවෙයි- ලියන්න කාලය නැති නිසා.
මම දැක්කා ඔය කියන වාදය ගැන විස්තරයක් ගියා ඩෝකින්ගේ වෙබ් අඩවියේ.