ස්ත්‍රී සුරතාන්තය? මොළයේ සිදුවන්නේ කුමක්ද?
Posted by dawkinssdodo on ජනවාරි 25, 2012
මෑතකදී රට්ගර්ස් විශ්ව විද්‍යාලයේ (Rutgers University) විද්‍යාඥයින් පිරිසක් ස්ත්‍රී මොළය සුරතාන්තයට (orgasm) එළඹෙන ආකාරය, එය විඳගන්නා අවස්ථාව සහ ඉන් ඉවත්වන ආකාරය ස්ත්‍රී මොළයේ ස්කෑන් ඡයාරූප එකතුවක් පණගැන්වීමෙන් (animation) ලොව පළමු ස්ත්‍රී මොළයේ සුරතාන්ත සිතියම චිත්‍රපටයට නගන්නට සමත් වී තිබේ. fMRI තාක්ෂණය යොදාගත් මේ පර්යේෂණයට දායක වු අය අතර ප්‍රධාන තැනක් ගන්නේ ඊට සහභාගිවෙමින් පර්යේෂකයන් නීරීක්ෂනය කරද්දී MRI යන්ත්‍රයක වැතිරී සුරතාන්තයට තමාවම උත්තේජනය කරගත් කේට් සුකෙල්ය (Kayt Sukel).

කේට් සුකෙල් MRI යන්ත්‍රය අබියස.
සුරතාන්තයට පත් වන පුද්ගලයන් අධ්‍යයනය කිරීමෙන් සුරතාන්තයට පත් විය නොහැකි රෝග වලින් පීඩා විදින අයගේ මොළයේ ක්‍රියාකාරීත්වය වටහාගන්නට මහාචාර්ය බැරී කොමිසාරුක් (Barry Komisaruk) ඇතුළු විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.
සෑම තත්පර දෙකකටම වරක් ගත් ස්කෑන් ඡයාරූප ආධාරයෙන් නිමවූ විනාඩි පහක චිත්‍රපටියෙන් පෙන්වන්නේ මොළයේ ප්‍රදේශ 80 ක පමණ ක්‍රියාකාරීත්වය වෙනස්වන ආකාරයයි. තද රතු පැහැයෙන් පෙන්වන්නේ ක්‍රියාකරීත්වය අඩු අවස්ථාවන් වන අතර, කහ සුදු පැහැයෙන් පෙන්වනේ ක්‍රියාකාරීත්වය වැඩි අවස්ථාවන්ය.
සංවේදන බාහිකයේ ලිංගික ප්‍රදේශයෙන් ඇරඹෙන ස්ත්‍රී සුරතාන්තය පසුව හැඟීම් සහ දිගුකාලීන මතකය සම්බන්ද කොටස් වලට පැතිරේ. ක්‍රමයෙන් සුරතාන්තය එළඹෙත්ම, අනුමෂ්තිෂ්කයේත් පූර්ව මොළයේත් ක්‍රියාකාරීත්වය ඉහළ යනු දැකිය හැකියි. දැඩි පේශි ආතතියත් සමඟ ක්‍රියාකාරීත්වය ඉහළම අගයක් ගන්නේ හයිපොතැලමසයේය. මේ සමඟ ඔක්සිටෝසින් ස්‍රාවය නිසා සතුටුදායක හැඟීමක් සමඟ ගර්භාෂය සංකෝචනය වීම සිදුවේ. Nucleus accumbens නැමැති ප්‍රීතිය හා සම්බන්ධ ප්‍රදේශයකද ක්‍රියාකාරීත්වය ඉහළම අගයක් ගනී.
සුරතාන්තයෙන් පසු මොළයේ එම ප්‍රදේශ ක්‍රමයෙන් සන්සුන් වනු දැකිය හැක.
මේ ක්‍රමය මොළයේ එක් එක් ප්‍රදේශවල සම්බන්ධතාව අධ්‍යයනය කිරීමට සුදුසුම එකක් බව මහාචාර්ය කොමිසාරුක් පවසයි. මේ ක්‍රමය මගින් සුරතාන්තයෙන් තොර රෝගී තත්වයන් (Anorgasmia) ගැන වැටහීමක් ලබාගත හැක්කේ, එම රෝගී තත්ව වලදී මෙම අනුක්‍රමයෙන් මොළයේ සිදු වන ක්‍රියාවලිය අඩපණවන අවස්ථාවන් හඳුනා ගත හැකි බැවිනි.
වොෂින්ටනයේ පසුගිය නොවැම්බරයේ පැවැති වාර්ෂික ස්නායුවිද්‍යා සම්මන්ත්‍රණයේදී මේ පර්යේෂණ ප්‍රතිඵල හෙළිදරව් කෙරුණි.
කේට් සුකෙල්ගේ පොත, Dirty Minds: How Our Brains Influence Love, Sex and Relationships, පෙබරවාරියේදී නිකුත් වීමට නියමිතයි.
The Guardian ඇසුරෙනි.
This entry was posted on ජනවාරි 25, 2012 at 6:31 පෙ.ව. and is filed under Biology, Philosophy, religion, Science, sex. Tagged: Barry Komisaruk, Brain activity, female orgasm, fMRI, Kayt Sukel, Nan Wise, Neuroscience. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.


෴ සොඳුරු සිත ෴ said
හ්ම්…………….. මට මතක් උනේ අපේ කොන්වකේශන් දවසෙ දි මහාචාර්ය කොල්වින් ගුණරත්න කළ කතාවේ කොටසක්. බටහිර වෛද්‍ය විද්‍යාව කොයි තරම් දියුණු ද කීවොත් ලෙඩ රෝග හොයාගෙන අමුතුවෙන් ලෙඩ රෝග හදාගෙන ඒවටත් බෙහෙත් සොයනවා. විද්‍යාත්මක පර්යේෂණ කරනවා.වරදක් නැහැ. අද රෝග වලට ඖෂධ නිපදවීම දෙවෙනි වෙලා තියෙන්නෙ , මිනිමරන ආයුධ නිපදවන ජාවාරමට විතරයි. බහු ජාතික සමාගම් නොයෙකුත් ආකාරයේ රෝග සොයාන ,ඒවට බෙහෙතුත් සොයා ගන්නවා.
පිළීකා වගේ දරුණු වේදනාවක් ගෙන දෙන රෝග වලට ඖෂධ වගේම , මේවත් ඉතින් කෙරෛන්න ඕනි පර්යේෂණ තමයි.
dawkinssdodo said
එකඟයි!
maathalan said
මේ දේවල් සිංහලෙන් වැදගත් විදියට ලියලා සමාජය දැණුවත් කරන එක ඉතාමත් වටිනා සමාජ අවශ්‍යතාවයක්. පොරවල් යැයි සිතා සිටින සමහර පුරුෂයන් පවා මේ ගැන කිසිම දෙයක් නොදන්නා බව මා හොඳටම දන්නා දෙයක්. කාන්තාවක් මේ තත්වයට ළඟා වෙන්න කල් ගත වෙනවා වැඩියි. ඒත් අළුතෙන් සොයාගෙන තියෙනවා. මොන්ගෝලීයනූ සම්බවයක් සහිත ආසියානූ කාන්තාවන් ඉතා ඉක්මනින් සුරතාන්තයට පත් වන බව. අපේ අය නෙමේ. ඔය ජපන්, චීන, පිලිපීන, තායිවාන් වගේ කතුන්.
dawkinssdodo said
මාතලන්,
ගොඩක් ස්තුතියි ප්‍රතිචාරයට සහ දිරිගැන්වීමට. පුලුවන් නම් ඒ ආසියානු කාන්තාවන් ගැන ලිපිය පරිවර්තනය කර දාන්න ඔබේ බ්ලොග් එකේ.
indika27 said
වැදගත් දෙයැකි…
dawkinssdodo said
ස්තුතියි.
hare :-) said
සුරතාන්තයට පත්වෙන්න බැරි ලෙඩකුත් තියෙනව කියල දැන් තමයි දැනගත්තෙ. ඒක එහෙම වෙන්නම බැරි දෙයක් කියලයි මම හිතාගෙන හිටියෙ. මොකද සත්ත්වයාගෙ පැවැත්ම වෙනුවෙන් හැමදේම සකස් වෙලා තියෙද්දි සුරතාන්තය කියන්නෙ ඒ ක්‍රියාවලියෙ අත්‍යවශ්‍යම අංගයක්නෙ. නමුත් මේ කියන විධියට සුරතාන්තයට පත් වෙන්න බැරි කම ලිංගිකත්වයට සම්බන්ධ නැති වෙනත් ලෙඩ රෝග නිසා ඇති වෙන්නත් පුළුවන් නේ…
arunishapiro said
Hare
,
නැහැ නැහැ කොල්ලොන්ට විතරයි පැවැත්ම බෝ කරන්න ඒ ක්‍රියාවලිය අත්‍යවශ්‍යම අංගයක් වෙන්නෙ. දරුවෝ හත් අට දෙනා හදන කාන්තාවෝ ඉන්නවා එකම අවස්ථාවක දී හෝ ජීවිතයේ දී එය අත්විඳි නැති.
arunishapiro said
කාන්තාවන්ට විතරක් නෙමෙයි පිරිමින්ගේ වුවත් නිතර මොළය එහෙම සතුටින් පිරිලා යන අයට ලැබෙන වාසි හැටියට දක්වන්නෙ මේවා: හෘදයාබාධ අවදානම අඩු වීම, එවැනි එක අවස්ථාවක දී කැලරි 200 ක් පුච්චන්නට හැකියාව!, නිදන්ගත වේදනා සමනය කරන එන්ඩෝෆින් නිෂ්පාදනය, විෂාදයෙන් පෙළීම අවම කිරීම, කාංසාව සංසුන් කිරීම, රෝග බෝවීම වළකන පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීම, පියයුරු පිළිකා හැදීම වළක්වන oxytocin සහ DHEA මොළයෙන් නිපදවා විසුරුවා හැරීම, දිගු කාලයක් ජීවත්වන හැකියාව වැඩි කිරීම.
19 වැනි සහ 20 වැනි ශ. ව. වල දී බටහිර රටවල විවාහ වූවන් අතර මෙවැනි සතුටක් ලබන්නට නොහැකි වූ අයගේ රෝග ලක්ෂණ වලට වැටිච්ච නම තමයි හිස්ටීරියාව. වැඩියෙන් ම තිබිලා තියෙන්නෙ කාන්තාවන්ට. ඒ කාන්තාවන් දැනගෙන සිටියා රෝග කාරකය කුමක් දැයි කියලත්!! ඉතින් ඒ අය වෛද්‍යවරු හමුවෙලා නර්ස් කෙනෙක් නැත්නම් වින්නඹුවකු වෙතින් සහාය ලබාගන්න බෙහෙත් සීට්ටුවක් ලියා ගන්නවා. 20 වැනි සියවසේ මැද වෙන කොට මේකට හිස්ටීරියාව කියන එකත් “වෛද්‍ය ප්‍රතිකාර” කියන එකත් නැතිවෙලා යනවා. මොකද එතකොට ලිංගික විප්ලවයෙන් ස්වයං වින්දනය, vibrators සහ නිදහස් ලිංගිකත්වයට නීති රීති වලින් තහනමක් නැතිවෙන නිසා.
සමහර විට මහවෙදනාට ඇති අතීත ආසියානු විස්තරයකුත් මේ දේවල් ගැනම කියන්න.
ඒත් තාමත් ආසියාවේ විතරක් නෙමෙයි ඉංග්‍රීසි කතා කරන රටවලත් කාන්තවගේ මොළය මෙහෙම සතුටින් පුරවන ශාරීරික අවයවය ගැන දන්න අය බොහොම අඩුයි කියලා කියන්නෙ, මේ බලන්න: http://www.youtube.com/watch?v=OI5uekd517s
dawkinssdodo said
ස්තුතියි අරුණි.
ඇත්තටම පොඩි නිදහසක් හම්බවෙල මම කියවමින් සිටියේ ඔය හෙල්ත් බෙනිෆිට්ස් ගැන තමයි.
මේ ටික තව ලිපියකට ලියන්නත් තිබුන.
arunishapiro said
සමාවෙන්න … මම දාන ප්‍රතිචාරත් පෝස්ට් එකක් තරම්ම දීර්ඝ වෙන එක අඩු කරගන්න උත්සාහ ගන්නම්.
dawkinssdodo said
සීරියස් ගන්න එපා විහිලුවක් කලේ
:)
තනි අලියා said
කවදත් වැදගත් යමක් ලියන කෙනෙක්ගෙන් තවත් වැදගත් යමක්.
Mol Biol, Chemical Biology, BioChemistry වලට අාසා වෙලා ඉපදුනේ වැරදිලාද මන්ද.
සත්ව විද්‍යාව ශෝක් කියලත් හිතෙනව
dawkinssdodo said
එහෙම කියන්න එපා. යුරොපේ මම දන්න හොඳම විශ්ව විද්‍යාලයක නියුරෝ ඩිපාට්මන්ට් හෙඩ් පී එච් ඩී එකට කරල් තියෙන්නෙ සත්ත්ව විද්‍යාව. එතුමා පසුව Molecular biology, Neurochemistry ක්ශේත්‍රයට ආපු කෙනෙක්. ඊටත් වඩා හොඳම දේ එතුමාට මෙඩිකල් ඩිග්‍රියක් නොමැති කෙනෙක් වීම.
Ferdy said
why a woman can’t get the climax at each and every intercourse whaere the male parner can get.
dawkinssdodo said
How do you mean??
arunishapiro said
Ferdy අහන්නෙ ඇත්තෙ නොදන්නකමට මිසක් විහිළුවට නෙමෙයි හිතන නිසා මෙහෙම ලියන්නම්. ලිංගික උත්සාහයක දී පිරිමියෙක් සුරතාන්තයට එළඹෙන අවස්ථා වැඩි, ඒ පිරිමි ලිංගික අවයවය අනිත් ක්ෂීරපායී සත්වයින්ගේ සේ එකම විදියට පිහිටා ඇති නිසා. මුත්‍රා පහ කරන්නටත්, ලිංගික ප්‍රීතිය ලබන්නටත්, දරුවන් හදන ශුක්‍රාණු පිට කරන්නටත් පිරිමියාට ඇත්තේ එකම අවයවයක්.
ඒත් ක්ෂීරපායී සතුන් අතර මිනිස් කාන්තාවගේ ලිංගික අවයවය පිහිටන්නේ වෙනස් වූ ආකාරයකට. කාන්තාවගේ වඩාත්ම ලිංගික ප්‍රීතිය උපදවන ප්‍රධාන අවයවය පිහිටන්නේ යෝනි මාර්ගයට (ලිංගික ක්‍රියාවට සහ දරුවන් බිහි කරන) හා මුත්‍රා මාර්ගයට ඩිංගක් ඉහළින්.
ක්ෂීරපායී සතුන් අතර තිත් හයිනා වර්ගයේ ගෑණු සතා ව්‍යතිරේකයක් වෙනවා; මුත්‍රා පහ කරන්නටත්, ලිංගික කටයුත්තටත්, දරු උප්පත්තියටත් ගැහැණු තිත් හයිනා පාවිච්චි කරන්නේ එකම අවයවයක්. ඒක නිසා එයට සූඩෝ පීනස් කියා ද කියනවා!!!
ලිංගික එකතු වීමේ දී මිනිස් පුරුෂ අවයවය මිනිස් ස්ත්‍රී යෝනි මාර්ගයට පිවිසි පමණනින් ඇය සුරතාන්තයට එළඹීම ඉතා දුර්ලභ වූවක්. ගැහැණු මොළය හැදී තියෙන්නේ වෙනත් අවයවයක, එනම් යෝනි මාර්ගයට හා මුත්‍රා මාර්ගයට මඳක් ඉහළින් වූ භගමණියට ලැබෙන උත්තේජනයෙන් සුරතාන්තයට එළඹීමට.
Dawkinssdodo ඔයා උත්තරේ දායි කියල ඇවිත් බැලුවා. ඒත් නැති නිසයි ඔන්න ලිව්වෙ … කමක් නෑ නේද?
dawkinssdodo said
ස්තුතියි අරුණි!
මට තේරුනේ නැහැ ferdy අහන එක. ඒකයි පැහැදිලි කිරීමක් ඉල්ලුවෙ.
නැවතත් ස්තුතියි පැහැදිලි කිරීමට. කිසිම ප්‍රශ්නයක් නැහ ඔබේ මැදිහත් වීම අගේ කරනවා.
ඒත් ගැහැනුන්ට බහු සුරතාන්ත ඇති වනවා නේද?? (multiple orgasms)
සාබිත් said
මේ ලිපිය නම් ගොඩක් අගෙයි! සබ්ජෙක්ට් එක ගැන අවබෝධයක් තියෙන කෙනෙකුට ගොඩක් වටිනවා~
dawkinssdodo said
සාබිත්,
ස්තුතියි ප්‍රතිචාරයට.
arunishapiro said
Dawkinssdodo,
//ඒත් ගැහැනුන්ට බහු සුරතාන්ත ඇති වනවා නේද??//
ඔව් ලේසියෙන් ම. හැබැයි පිරිමින්ටත් ඇති වෙනවානේ ටිකක් දුෂ්කර ක්‍රියා කළාම!!!! ඔන්න මේතැනින් ඉවරයි හොඳේ මේ කතාව
Ferdy said
Arunishapiro, Thanks a lot. I was not joking, I asked that question very seriously. And now I understood what is the truth. I feel sorry about my wife, because I think it is un just when I am having climax at evevry time and she get the same once in two or three weeks. Any remedy for this?
dawkinssdodo said
As Aruni explained, it is not an uncommon situation. I suppose a specialist doctor can advise you two on this.
http://en.wikipedia.org/wiki/Clitoris
http://en.wikipedia.org/wiki/G-Spot
Dushan Fernando said
wow.ela articale eka
dawkinssdodo said
welcome!