Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ

Richard Dawkins, Evolution, Biology and Religion|පරිණාමය, ජීව විද්‍යාව සහ ආගම

රිච්ඩ් ඩෝකින්ස්, මැවුම්වාදය සහ පරිණාමය

Posted by dawkinssdodo on මැයි 8, 2009

රිච්ඩ් ඩෝකින්ස්  (Richard Dawkins) යනු සුප්‍රසිද්ධ පරිණාම ජීව විද්‍යාඥයෙක් පමනක් නෙවෙයි, ජනප්‍රිය විද්‍යා ගත් කතුවරයෙක්.  බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වන ඩෝකින්ස් උපත ලැබුවේ කෙන්යාවේ නයිරෝබිහිදි. ඔහුගේ (Selfish gene ) සුවිශේෂි අවධානයක් දිනාගන්නට සමත් වන කෘතියක්. Extended phenotype මේ ආකාරයේම නොමද පැසසුමට ලක් වූ තවත් නිර්මානයක්.

ඩෝකින්ස් නිමැවූ අපුර්ව සංකල්පයක් තමයි “මීම”  ( Meme ) . මෙයින් ඔහු ඩාවින්ගේ න්‍යායන් යොදගෙන මිනිස් විශ්වාස, සිතුවිලි ආදිය සහ සංස්කෘතික ඇදහිලි වල පැවැත්ම හෝ පැතිරීම පැහැදිලි කරනවා. ඔහුගෙ අදහස වන්නේ ඔනෑම සංස්කෘතික ලක්ශනයක් හෝ විශ්වාසයක් ( මැවුම්වාදී දෙවියන් සංකල්පය ඇතුලුව )  සමාජයක පවතින්නේ ඊට ජානයක් ආකාරයෙන් ප්‍රතිගුනනය විය හැකි නිසා.  ( පසුව “මීම” ගැන අපි තව දුරටත් කතා කරමු )

ඩෝකින්ස් අපට වැදගත් වන්නේ 1986 දී ඔහු විසින්  මැවුම්වාදයට එරෙහිව එලිදක්වනු ලැබූ Blind watchmaker නිසා. ඉන් පසු දිගින් දිගටම ඔහු විසින් නිර්මාණවාදයට, මැවුම්වාදයට සහ සියලු සුපිරි-දේවවාදීන්ට පහර එල්ල කලා. නිර්-ආගමිකයෙක් වන ඩෝකින්ස්ගේ විවාදාත්මකම පොත මෑතකදී නිකුත් කෙරුනු  God delusion.

අද ඩෝකින්ස් යනු මැවුම්වාදයට සහ සියලු දේවවාදීන්ට එරෙහි නොසැලෙන බලකනුවක්. 1995 දී ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් ඔහු “විද්‍යාව ප්‍රචලිත කිරීමේ මහාචාර්ය” තනතුරකට පත් කලේත්, ඔහු සතු විශේෂ හැකියාවන් හදුනාගත් නිසායි. ඩෝකින්ස් ඩෝඩෝ  යනුවෙන් මේ බ්ලොග් එක ලියවෙන්නේ ලාංකීය, සිංහල වෙබ් අඩවි, ෆෝරම් බ්ලොග් වල වැඩි වැඩියෙන් මැවුම්වාදය විද්‍යාත්මකව පිලිගත් සංකල්පයක් යන මතය ප්‍රවාරය කරන නිසායි. ඒ ආකාරයෙන්ම පරිණාමවාදය ගැන වැරදි මත, අමූලික බොරු සහ අතාර්කික, අවිද්‍යාත්මක අදහස් සිතාමතාම ප්‍රචාරය කිරීමේ සංවිධානාත්මක වෑයමක් තිබෙන බැව් පෙනෙන නිසායි.

කවුද මේ ඩෝඩෝ

4 Responses to “රිච්ඩ් ඩෝකින්ස්, මැවුම්වාදය සහ පරිණාමය”

  1. හොඳයි!

  2. හොද ලිපියක් කියා හිතෙනවා. . . පසුව වෙලාව අරගෙන කියවන්න ඕන. . .

  3. ජීව විද්‍යාව පැත්තකින් තියලා අපි උත්සාහ කරලා බලමු ගණිතානුකූලව මැවුම් වාදය බොරු කියලා ඔප්පු කරන්න.එදාට තමයි කට්ටිය හිර වෙන්නෙ.
    සාපේක්ශතාවාදය සහ ක්වොන්ටම් වාදය දෙකෙන්ම අන්තිමට ඇවිල්ලා නතර වෙන්නෙ නිරපේක්ශ අවකාශයක.එතනින් එහාට කියන්න දෙයක් නැහැනේ.

  4. [...] මේ රිචඩ් ඩෝකින්ස්? ඩෝකින්ස් නිර්මාණය කල මීම යනු මොනවාද [...]

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

 
Follow

Get every new post delivered to your Inbox.