Posted by dawkinssdodo on ජනවාරි 27, 2012
VIDEO
පරිසර දූෂණය අද දවසේ කතා නොකරම බැරි මාතෘකාවක්. ජාන වෙනස් කල E. coli බැක්ටීරියාවන් යොදාගෙන පරිසරයට ආසනික් එක් කල විට එසැනින් එක විට ආලෝකයක් නිකුත් කරන්නට සමත් බැක්ටීරියා සමූහයක් වර්ධනය කරන්නට කැලිෆෝනියාවේ සැන් ඩියේගෝ විශ්ව විද්‍යාලයේ (University of California San Diego ) ආතර් ප්‍රින්ඩල් (Arthur Prindle) ඇතුළු පර්යේෂකයින් පිරිසක් සමත් වී තිබේ. මේ ක්‍රමය නිසා අනාගතයේ දිනක ලාභදායි, අතේ ගෙන යා හැකි, විෂ රසායන සහ රෝග කාරක විෂ බීජ සොයා ගත හැකි පරිසර සංවේදක නිර්මාණයට මග පැදෙනු ඇත.
“බැක්ටීරියා කොලනියක් එක විට ආලෝකය දැල්වූ විට අප පුදුම වුණා” යැයි පර්යේෂකයෝ පවසති. අභියෝගය වුණේ කොලනි කිහිපයක් එක විට ප්‍රතිචාර දැක්වීමට සම මුහුර්ත (synchronize) කර ගැනීමයි. බැක්ටීරියාවන් තම අසල්වාසීන් සමඟ අහාර හෝ අනතුරක් ගැන සන්නිවේදනය කිරීමට අණු පිට කිරීම මෙහිදී උපයෝගී කරගනු ලැබීය. පර්යේෂකයින් මෙම අභියෝගය ජය ගත්තේ ජාන වෙනස් කල E.coli බැක්ටීරියාවන්ට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් (Hydrogen peroxide ) නිපදවා වාතයට මුසු කරන්නට සැලැස්වීමෙනි. බැක්ටීරිය කොලනි, තීරු සහ පේළි වලට සකස් කරමින් “ජීව පික්සල්” (Bio pixels) ක්ෂුද්‍ර-ද්‍රාව්‍ය චිපයක් තුළ නිපදවන්නටත් ඔවුන් සමත් විය. එමඟින් LCD තිරයක පික්සල් හා සමාන පෙනුමක් ලබා දීමට මේ පර්යේෂකයන්ට හැකි විය.
එක් ජීව පික්සලයක බැක්ටීරීයාවන් 5000ක පමණ කොලොනියක් වෙතැයි කියති. එක් එක් කොලනිය හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වායුව මගින් ක්ෂුද්‍ර චිපය තුළ සන්නිවේදනය කරති.
මෙමගින් ජලයේ හෝ පසේ ඇති ආසනික්, කැඩ්මියම්, බැර ලෝහ සහ රෝගකාරක ජීව විශේෂ සොයා ගැනීමට හැකිවෙනු ඇතැයි පර්යේෂකයෝ බලපොරොත්තු වෙති.
මේ පර්යේෂණ පත්‍රිකාව Nature සඟරාවේ පළවිය.
Posted in Biology , Cell biology , DNA , Molecular Biology , Science , Uncategorized | Tagged: Arthur Prindle , Bacteria , bio pixel , E.Coli , microfluidic chip | 4 Comments »
Posted by dawkinssdodo on ජනවාරි 25, 2012
VIDEO
මෑතකදී රට්ගර්ස් විශ්ව විද්‍යාලයේ (Rutgers University ) විද්‍යාඥයින් පිරිසක් ස්ත්‍රී මොළය සුරතාන්තයට (orgasm ) එළඹෙන ආකාරය, එය විඳගන්නා අවස්ථාව සහ ඉන් ඉවත්වන ආකාරය ස්ත්‍රී මොළයේ ස්කෑන් ඡයාරූප එකතුවක් පණගැන්වීමෙන් (animation) ලොව පළමු ස්ත්‍රී මොළයේ සුරතාන්ත සිතියම චිත්‍රපටයට නගන්නට සමත් වී තිබේ. fMRI තාක්ෂණය යොදාගත් මේ පර්යේෂණයට දායක වු අය අතර ප්‍රධාන තැනක් ගන්නේ ඊට සහභාගිවෙමින් පර්යේෂකයන් නීරීක්ෂනය කරද්දී MRI යන්ත්‍රයක වැතිරී සුරතාන්තයට තමාවම උත්තේජනය කරගත් කේට් සුකෙල්ය (Kayt Sukel ).
කේට් සුකෙල් MRI යන්ත්‍රය අබියස.
සුරතාන්තයට පත් වන පුද්ගලයන් අධ්‍යයනය කිරීමෙන් සුරතාන්තයට පත් විය නොහැකි රෝග වලින් පීඩා විදින අයගේ මොළයේ ක්‍රියාකාරීත්වය වටහාගන්නට මහාචාර්ය බැරී කොමිසාරුක් (Barry Komisaruk ) ඇතුළු විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.
සෑම තත්පර දෙකකටම වරක් ගත් ස්කෑන් ඡයාරූප ආධාරයෙන් නිමවූ විනාඩි පහක චිත්‍රපටියෙන් පෙන්වන්නේ මොළයේ ප්‍රදේශ 80 ක පමණ ක්‍රියාකාරීත්වය වෙනස්වන ආකාරයයි. තද රතු පැහැයෙන් පෙන්වන්නේ ක්‍රියාකරීත්වය අඩු අවස්ථාවන් වන අතර, කහ සුදු පැහැයෙන් පෙන්වනේ ක්‍රියාකාරීත්වය වැඩි අවස්ථාවන්ය.
සංවේදන බාහිකයේ ලිංගික ප්‍රදේශයෙන් ඇරඹෙන ස්ත්‍රී සුරතාන්තය පසුව හැඟීම් සහ දිගුකාලීන මතකය සම්බන්ද කොටස් වලට පැතිරේ. ක්‍රමයෙන් සුරතාන්තය එළඹෙත්ම, අනුමෂ්තිෂ්කයේත් පූර්ව මොළයේත් ක්‍රියාකාරීත්වය ඉහළ යනු දැකිය හැකියි. දැඩි පේශි ආතතියත් සමඟ ක්‍රියාකාරීත්වය ඉහළම අගයක් ගන්නේ හයිපොතැලමසයේය. මේ සමඟ ඔක්සිටෝසින් ස්‍රාවය නිසා සතුටුදායක හැඟීමක් සමඟ ගර්භාෂය සංකෝචනය වීම සිදුවේ. Nucleus accumbens නැමැති ප්‍රීතිය හා සම්බන්ධ ප්‍රදේශයකද ක්‍රියාකාරීත්වය ඉහළම අගයක් ගනී.
සුරතාන්තයෙන් පසු මොළයේ එම ප්‍රදේශ ක්‍රමයෙන් සන්සුන් වනු දැකිය හැක.
මේ ක්‍රමය මොළයේ එක් එක් ප්‍රදේශවල සම්බන්ධතාව අධ්‍යයනය කිරීමට සුදුසුම එකක් බව මහාචාර්ය කොමිසාරුක් පවසයි. මේ ක්‍රමය මගින් සුරතාන්තයෙන් තොර රෝගී තත්වයන් (Anorgasmia ) ගැන වැටහීමක් ලබාගත හැක්කේ, එම රෝගී තත්ව වලදී මෙම අනුක්‍රමයෙන් මොළයේ සිදු වන ක්‍රියාවලිය අඩපණවන අවස්ථාවන් හඳුනා ගත හැකි බැවිනි.
වොෂින්ටනයේ පසුගිය නොවැම්බරයේ පැවැති වාර්ෂික ස්නායුවිද්‍යා සම්මන්ත්‍රණයේදී මේ පර්යේෂණ ප්‍රතිඵල හෙළිදරව් කෙරුණි.
කේට් සුකෙල්ගේ පොත, Dirty Minds: How Our Brains Influence Love, Sex and Relationships, පෙබරවාරියේදී නිකුත් වීමට නියමිතයි.
The Guardian ඇසුරෙනි.
Posted in Biology , Philosophy , religion , Science , sex | Tagged: Barry Komisaruk , Brain activity , female orgasm , fMRI , Kayt Sukel , Nan Wise , Neuroscience | 23 Comments »
Posted by dawkinssdodo on ජනවාරි 18, 2012
Imagine a World
Without Free Knowledge
For over a decade, we have spent millions of hours building the largest encyclopedia in human history. Right now, the U.S. Congress is considering legislation that could fatally damage the free and open Internet. For 24 hours, to raise awareness, we are blacking out Wikipedia
LEARN MORE
Posted in Culture , Freedom of expression , Life , Uncategorized | Tagged: blackout , wikipedia | 8 Comments »
Posted by dawkinssdodo on ජනවාරි 12, 2012
ගාලු සාහිත්‍ය උත්සවයට පැමිනෙන රිචඩ් ඩෝකින්ස් ජනවාරි 20 වැනි දින 2.30 ට තම ජීවිතය සහ තම විවාදාත්මක වෘත්තිය පිලිබඳ දේශනයක් පැවැත්වීමට නියමිතයි. වැඩිදුර විස්තර ගාලු සාහිත්‍ය උත්සව වෙබ් අඩවියෙන්.
කවුද මේ රිචඩ් ඩෝකින්ස් ?
ඩෝකින්ස් නිර්මාණය කල මීම යනු මොනවාද
Posted in Biology , Culture , Evolution , Language , Life , Philosophy , religion , Richard Dawkins , Science | Tagged: Evolution , Galle Literary festival , god delusion , Lalla Ward , Magic of reality , Richard Dawkins , Sri Lanka | 11 Comments »
Posted by dawkinssdodo on ජනවාරි 8, 2012
වසර 2011 දී නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබූ විද්‍යාඥයන්, සම්මානයෙන් ලැබුණු කීර්තිය, ප්‍රසිද්ධිය, පිළිබඳ තම හැඟීම් එකිනෙකා හා බෙදා හදා ගත් අවස්ථාවකි මේ. ඔවුන්ට නව නිර්මාණාත්මක අදහස් පහළවන්නේ කුමන ආකාරයක පරිසරයකද, සමූහ සාකච්ඡාවන් සහ අනෙකුත් පුද්ගලයන් සමඟ කෙරෙන අදහස් හුවමාරුව වැදගත්ද, ඔවුන් කිසිවෙක් නොබෙල් ත්‍යාගය ඉලක්ක කර තම පර්යේෂණ මෙහෙයවූවාද වැනි රසවත් තොරතුරු මේ සංවාදයේ පළමු විනාඩි දහයට ඇතුළත්.
මුලු සංවාදයම ස්වීඩනයේ ජාතික රූපවාහිනි වෙබ් අඩවියෙන් ජනවාරි 18 දක්වා නැරඹිය හැකියි.
VIDEO
පසු ගිය වසරේ නොබෙල් ත්‍යාගලාභීන් ගැන සම්පූර්ණ විස්තර, විඩියෝ ආදිය නොබෙල් කමිටු වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.
විඩියෝ උපුටාගැනීම ස්වීඩනයේ ජාතික රූපවාහිනී සේවයෙනි.
සියලු කතෘ හිමිකම් ස්වීඩනයේ ජාතික රූපවාහිනිය සතුය.
Posted in Biology , Economics , Physics , Physiology and Medicine , Science , Uncategorized | Tagged: Nobel minds , Nobel prize , round table discussion , SVT | 4 Comments »
Posted by dawkinssdodo on දෙසැම්බර් 16, 2011
නිර්-ආගමික කඳවුරේ අති ප්‍රබලයෙකු වූද, දක්ෂ කථිකයෙක් සහ අසහාය ලේඛකයෙක් වු ක්‍රිස්ටෝෆ’ හිචන්ස් (Christopher Hitchens ) සදහටම නෙතු පියා ගත්බව වැනිටි ෆෙයා (Vanity Fair ) සඟරාව හෙළි කළේය. මියයන විට අවුරුදු 62 ක් වූ හිචන්ස් අන්නස්‍රෝතයේ පිළිකාවකට ප්‍රතිකාර ලබමින් සිටියේය. 1970 දී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් පිටවී පුවත්පත් කලාවේදියෙක් ලෙස තම ජීවන වෘත්තිය ඇරඹීය. පසුව නිව්යෝක් නගරයට සංක්‍රමණය වූ හිචන්ස් වැනිටි ෆෙයාර් සඟරාවේ කතෲ වරයෙක් ලෙස වැඩ ඇරඹීය.
“පත්තර පිටු මතත්, බාර් එකේදීත් එකසේ බැබළුණු, දරුණු බුද්ධිමතෙක්” ලෙස ඔහු හැදින්වුයේ වැනිටි ෆෙයා සඟරාවෙහි සගයෙකි.
සල්මන් රුෂ්ඩිගේ “සැටනික් ව’සස්” (Satanic verses ) කෘතිය මුද්‍රණය වන තුරා වූ සිද්ධිදාමය පුරාවටම රුෂ්ඩි වෙනුවෙන් පෙනී සිටිමින් ඔහු තුළ වූ ලෙංගතු මිතුරා ලොවට පෙන්වීය. “සුබ ගමන් මගේ සුමිතුර! විශිෂ්ට හඬක් නිහඩ වී ඇත, විශිෂ්ට හදවතක් නැවතී ඇත්තේය “යනුවෙන් රුෂ්ඩි තම කනගාටුව පළකළේය
රිචඩ් ඩෝකින්ස් ඔහු හැඳින්වූයේ “අපේ කාලයේ සිටි හොඳම කථිකයා මෙන්ම දෙවියන් වහන්සේ ඇතුළු සියලු ප්‍රජා පිඩකයන්ට එරෙහි සටනේ වීර සටන්කරුවෙක්” ලෙසයි.
2007 දී පළවූ “ද ගෝඩ් ඉස් නොට් ග්‍රේට්” (The God is not great )කෘතිය නිසා ඔහු එක්සත් ජනපදය තුළ ඉමහත් ප්‍රසිද්ධියට පත් විය.
පිළිකාවක් ඇතිබව රෝග විනිශ්චයෙන් තහවුරු වූ පසුව ද, හිචන්ස් තම දැඩි නිර්-ආගමික ස්ථාවරය වෙනස් කළේ නැත.
BBC ඇසුරෙනි
Posted in Atheism , Freedom of expression , Language , Philosophy , religion , Richard Dawkins , Science | Tagged: Atheism , Christopher Hitchens , religion , Richard adwkins , Salman Rushdi , Satanic verses , science | 8 Comments »
Posted by dawkinssdodo on නොවැම්බර් 10, 2011
තේරුමක් රහිත ආගමික මතවාද නිරුවත් කරමින්, ප්‍රශ්න කරමින් සහ නිර්දය ලෙස විවේචනය කරමින් අලංකාර සරල සුගම බසකින්, ඔබට මට සමීප ශෛලියකින් ලියවෙන, පරිණාමවාදය සහ විද්‍යාත්මක විධික්‍රමය ගැන සිංහල පාඨකයා දැනුවත් කරන බ්ලොග් එකක් බ්ලොග් අවකාශයට එකතු වෙලා.
Voice of Thambu නමින් ලියැවෙන මේ බ්ලොග් එක ඔබ තාමත් කියවා නැත්නම් හඳුන්වා දීමටයි මේ කෙටි සටහන. ඩෝකින්ස්ගේ ඩෝඩෝ මෙන් අවාරෙට වැටන පොල් මෙන් යාවත්කාලීන වන බ්ලොග් එකක් නොවන, ඩෝඩෝ ගේ රළු රචනා විලාසයෙන් බැහැරවූ, නිර්මාණාත්මක බසකින් ලියවෙන Voice of Thambu බ්ලොග් එකට උණුසුම් සුබ පැතුම්.
කිසිම ආගමික මතවාදයකට, දර්ශනයකට පක්ෂග්‍රාහී නොවී, පරිණාමවාදය, දැනුම නිර්මාණය, ඥානවිභාගය, සුසමාදර්ශ ආදී නොයෙකුත් දේ සම්බන්ධයෙන් බ්ලොග් අවකාශය ආලෝකමත් කරන්නට තාඹුට හැකිවේවා යන්න ඩෝ ඩෝ ගේ අවංක පැතුමයි.
Posted in Uncategorized | 11 Comments »
Posted by dawkinssdodo on සැප්තැම්බර් 13, 2011
චැනල් ෆෝ (Channel four ) යනු ශ්‍රී ලාංකිකයන්ට ආගන්තුක චැනලයක් නොවෙයි. The Great Global Warming Swindle යනු චැනල් ෆෝ හි මාටින් ඩ’කින් (Martin Durkin ) විසින් 2007 දී පෘතුවි තාපනය (Global Warming ) පිළිබඳ නිපදවූ විවාදාත්මක රූපවාහිනි වැඩසටහනක්. දේශගුණික විපර්යාසය (Climate Change ) පිළිබඳ විද්‍යාත්මක මතය, පර්යේෂණ සඳහා ලැබෙන අරමුදල්, දේශපාලන කරුණු, ආදිය මගින් අනියම් බලපෑමකට ලක්වන බව මේ වාර්තා චිත්‍රපටයෙන් ඉදිරිපත් කරන එක් අදහසක්. එලෙසම මානව-මූලික පෘතුවි තාපනය (anthropogenic global warming/ man-made global warming) පිළිබඳ විද්‍යාත්මක ප්‍රජාවේ සම්මුතියක්, එකඟත්වයක් තිබේද යන්නත් දැඩිව ප්‍රශ්න කෙරෙන චිත්‍රපටයක්.
පෘතුවි තාපනය සැක කරන්නන් අතර මෙය ජනප්‍රිය වුවද දේශගුණික විද්‍යාඥයින් ගෙන් දැඩි විරෝධයක් එල්ල විය. චැනල් ෆෝ වාර්තා චිත්‍රපටි අංශයේ ප්‍රධානියාට අනුව ” මානව මූලික කාබන් ඩයොක්සයිඩ් නිසා පෘතුවි තාපනය සිදු වන බව නොපිළිගන්නා විද්‍යාඥයින් අති-සුළුතරයකගේ මතය ප්‍රකාශ කිරීම වෙනුවෙන්” නිපදවූ විවාදාත්මක චිත්‍රපටයකි. චිත්‍රපටයේ විවේචකයින් ගේ තර්ක වුයේ “දත්ත වැරදි ලෙස අර්ථ දැක්වීම, දත්ත ප්‍රබන්ධ කිරීම, සහ IPCC (Intergovernmental Pannel on Climate Change ) හි මතය වැරදි ලෙස අර්ථ දැක්වීම” යි. මාටින් ඩ’කින් චිත්‍රපටයේ එන වැරදි තුනක් පසු විකාශන වල නිවැරදි කල මුත් ඉන් චිත්‍රපටයේ මූලික අදහසට බලපෑමක් නොවු බව ප්‍රකාශ කළේය.
කුමන විවාද තිබුණද මේ චිත්‍රපටයේ නගන සමහර ප්‍රශ්න ඉතාම සිත්ගන්නා අයුරින් තාර්කිකව ඉදිරිපත් කර තිබේ. උදාහරණයක් ලෙස චිත්‍රපටයේ එන James Shikwati නැමති ආර්ථික විද්‍යඥයා ගේ අදහස වන්නේ අප්‍රිකාවේ ෆොසිල ඉන්ධන භාවිතයට විරුද්ධ වීම අප්‍රිකානු සිහිනය මරාදැමීමක් බවයි. අපිට කියනව “ඔබේ සම්පත් වලට අත තියන්න එපා, ඔබේ තෙල් වලට අත තියන්න එපා, ඔබේ ගල් අඟුරු වලට අත තියන්න එපා කියල” ඒක සිය දිවි නසා ගැනීමක්, ඔහු පවසයි.
තවත් අවධානය දිනාගන්නා කරුණක් නම්, පෘතුවි තාපනය සහ දේශගුණික විපර්යාස පිළිබඳ පර්යේෂණ සඳහා ලැබෙන ආධාර ක්‍රමයෙන් වැඩිවී අද හොඳින්ම මූල්‍ය ආධාර ලැබෙන පර්යේෂණ අංශ බවට මේවා පත්ව ඇති බවයි. එනිසා ඒ වටා දහස් ගණනකගේ ජීවන වෘත්තීන් ගොඩනැගී තිබේ. මෙනිසාම මේ මතයට විරුද්ධ මත දරන විද්‍යාඥයින් මර්දනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව චිත්‍රපටයෙන් කියවේ.
බ්‍රිතාන්‍ය විකාශන පාලනාධිකාරියට (Office of Communication (Ofcom) ) මේ වාර්තා චිත්‍රපටය සම්බන්දයෙන් පැමිණිලි 265ක් ලැබුණි. අපක්ෂපාතීත්වය පිළිබඳ විකාශන නීති කඩ කෙරී ඇති බව පාලනාධිකාරිය තීන්දු කළද ඉන් එහා ක්‍රියාමාර්ගයක් නොගැනුණි. පාලනාධිකාරියේ මතය වූයේ “චිත්‍රපටයේ අන්තර්ගතය සැලකිය යුතු මට්ටමකින් ප්‍රේක්ෂකයන් නොමඟ යවා ඔවුන්ට හානියක් සිදුකර නැති” බවයි.
Wikipedia ඇසුරෙනි.
VIDEO
Posted in Climate change , Culture , Global Warming , Physics , Science | Tagged: Channel four , Climate change , global warming , IPCC , Martin Durkin , ofcom , The Great Global Warming Swindle | 6 Comments »
Posted by dawkinssdodo on සැප්තැම්බර් 9, 2011
VIDEO
ස්වීඩනයේ කැරොලින්ස්කා වෛද්‍ය විද්‍යාලයේදී පිළිකාවක් නිසා ශ්වසන මාර්ගය පලුදු වූ පුද්ගලයෙකුට ලොව පළමු කෘතිම අවයවය බද්ධ කෙරුණි. ඒ කෘතිම ශ්වාස නාලයකි. මරණයට නියම වී සිටි පිළිකා රෝගියාට මේ නවතම තාක්ෂණය නිසා තම ජීවිතය බේරාගන්නට හැකිවුණි.
ලංඩනයේ යුනිවසිටි කොලේජ් හි මහාචාර්ය ඇලෙක්ස් සෙෆාලියන් (Alex Seifalian) ඇතුළු පර්යේෂකයන් පිරිසක් මේ කෘතිම ශ්වාස නාලය නිමවීමට දායකවූ නැනෝ-සංයෝග ද්‍රව්‍යයට පේටන්ට් පතක් ලබාගැනීමට සමත් වී තිබේ. මේ විශේෂ ද්‍රව්‍යයෙන් නිමවන ලද ශ්වාසනාල ආකෘතියේ ඉතා කුඩා සිදුරු මිලියන ගණනක් තිබීම එය සාර්ථකවීමට අත්‍යාවශ්‍ය සාධකයකි.
මෙහිදී පළමුව රෝගියාගේ ඇට මිදුළු වලින් ලබාගන්නා වෘද්ධ මූලික ජනක සෛල (Adult stem cells ) ජීව ප්‍රතික්‍රියාකාරකයක් තුළ වර්ධනය කරවයි. ඉහත කී නැනෝ-සංරචිත ද්‍රව්‍යයෙන් නිමවුණු ශ්වාසනාල අකෘතිය ජීව ප්‍රතික්‍රියාකාරකය තුළට ඇතුල් කර දින දෙකක් තබනු ලැබේ. සිදුරු සහිත ආකෘතිය තුළත්, ඒ වටාත් රෝගියාගේ ජනක සෛල වර්ධනය වී අවසානයේ රෝගියාගේ සෛල වලින්ම නිපදවෙන ශ්වාසනාලයක් බවට පත්වේ.
දායකයෙකු අනවශ්‍ය නිසා මෙම ක්‍රමය භාවිතා කරන්නන්ට දායකයෙකු ලැබෙනතුරු බලා සිටිය යුතු නැත. ඒ නිසාම රෝගියාගේ ශරීරය මගින් ප්‍රතික්ෂේප කිරීමේ අවදානමක්ද නැත. මේ නිසා ප්‍රතිදේහ නාශක (Immuno-suppressants ) ඖෂධ භාවිතා කිරීම අනවශ්‍යයි.
මේ ක්‍රමය මගින් විනාඩි 20ක් තුළ ගැහෙන ධමනියක් නිර්මාණය කල හැකියි. ධමනි ශිරා පමණක් නොව කන්, නාස් සහ සම ආදියද මේ මගින් නිර්මාණය කල හැකි බව පැවසේ.
BBC ඇසුරෙනි .
Posted in Biology , Cell biology , Gene , Molecular Biology , Science , Stem cells | Tagged: Alex Seifalian , bio reactor , cancer , karolinska University Hospital , nanocomposite material , stem cells , trachea , university college london | 5 Comments »
Posted by dawkinssdodo on සැප්තැම්බර් 7, 2011
FOXP2 ජානය හඳුනාගනු ලැබුවේ වසර 2001 දී ය. ඒ වචන උච්චාරණය සහ තේරුම්ගැනීමේ දුබලතාවය පෙන්වු පවුලක් අධ්‍යනය කිරීමේදීය. මේ ජානය මිනිස් භාෂාව පරිණාමය වීමේදී විශේෂ භූමිකාවක් රඟ දක්වන්නට ඇතිබව විද්‍යාඥයෝ අනුමාන කළහ. සමහර සත්ව විශේෂ වල “සන්නිවේදනය” හෝ “භාෂණය” ට පවා මේ ජානය වැදගත් බව පෙන්වා දී තිබේ. සීබ්‍රා ෆින්චයන් අතර මේ ජානය විසින් නිපදවන ප්‍රෝටීනය, සාපේක්ෂව අඩු කුරුල්ලන් ට “කුරුලු ගීත” ඉගෙනීමට නොහැකි බව වෙනත් පර්යේෂකයන් පිරිසක් පෙන්වා දී තිබේ.
නෙදර්ලන්තයේ මැක්ස් ප්ලෑන්ක් පර්යේෂණාගාරයේ ස්නායූ-ජාන විශේෂඥයින් පිරිසක් මීයන්ගේ කළල මොළ, අධි සාන්ද්‍ර FOXP2 ප්‍රෝටීන ද්‍රාවනයක ගිල්වමින් එමගින් සක්‍රීය වන සහ අක්‍රීය වන අනෙකුත් ජාන ගැන නිරීක්ෂණය කළහ. තවත් ජාන 160 ක් මෙමගින් සක්‍රීය වූ අතර 180ක් අක්‍රීය විය. මේ ජානය අණුක ජීව-සඥා පත (Molecular signaling pathways) වල කේන්ද්‍රීය ප්‍රෝටීනයක් බවට අනුමාන කරන්නට මෙනිසා හැකිවී තිබේ.
නියුරෝනයක් තවත් නියුරෝනයක් සමඟ සම්බන්ධ වන උපාංග වර්ධනය, මේ ප්‍රෝටීනය අඩුවුවහොත්, සැලකිය යුතු ලෙස අඩාල වන බවත් පෙන්වා දී තිබේ. මේ නියුරෝනික උපාංග මොළය වර්ධනයේදී සහ ඉගෙනීමේදී විශාල කාර්‍යභාරයක් ඉටුකරයි. එහෙත් තවමත් FOXP2 ජානය මිනිස් භාෂණයට දායක වන අයුරු පැහැදිලි නැත. FOXP2 ජානය රහිත මීයන් මූලික චාලක හැකියාවන්ගේ දුර්වලතා පෙන්වන බැවින් මේ ජානය භාෂා හැකියාවට වඩා චාලක අංශයට බලපාන්නක් විය හැකියි.
කතා කිරීම යනු ඉතාම සංකීර්ණ තොල් සහ දිව චලනය කිරීම් වලින් අනූන ඉතාම අභියෝගාත්මක ක්‍රියාදාමයක්!
සයිමන් ෆිෂර් (Simon Fisher) ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමේ මේ සොයාගැනීම කීර්තිමත් PLoS Genetics සඟරාවේ පළවිය.
Science ඇසුරෙනි.
ඡායාරූපය Simons Foundation Autism Research Initiative න් උපුටා ගැනින.
Posted in Biology , Cell biology , DNA , Gene , Language , Molecular Biology , Science | Tagged: embryonic brain , Foxp2 , Language evolution , Max Planck Institute for Psycholinguistics in Nijmegen , molecular cell biology , Netherlands , Plos Genetics , signal transduction , Simon Fisher | 3 Comments »